සටන් කොහෙද අප හට ජය ගන්න බැරි.
Posted on July 11th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

මැතිවරණ උණුසුමින් ශ්‍රී ලංකා භූමි තලය , උණුසුම්ව ඇත. වර්ෂ 1815 න් අවුරුදු 200 කට පසුව,එනම් 2015දීද සතුරා යලිත් මේ බිම ජයගත්හ. එදා උන් ලද ජයග්රහණයද, වර්ෂ 1815 යටත්විමට සමානවූ ක්‍රියාවලියකි.ඔවුන් ජයපැන් බොමින් මුළු රටම අගාධයකට තල්ලු කර දැමුහ. ඒ යුගයට අපි “යහපාලනය”.යයි කියමු. යහපාලනය ගොඩනැංවීමට දායකවූ සියල්ලන්ම ජාතික සතුරන්ය, අපි එදා සිට මෙදා දක්වා අඛණ්ඩව මෙරට ජනතාව සමග හිදිමින් ඔවුන්ව දැනුවත් කරමින් මේ පරගැති සතුරු බලකායට එරෙහිව සටන් කළහ. ඒ,මෙරට ජීවත්වෙන සියලුම දේශප්‍රේමී බලමුළු සමග අතිනත ගනිමින් කල සටනකි.   

ජාතික බලවේගය නම්වූ ජීවමාන මහා සත්වයාගේ ශරීරයේ කුඩා ශෙෙල වන අපට කලහැකි කාර්යභාරය අල්ප වුවත්, එය ඉතා නිවැරදිව කරන විට ඇතිවන්නේ මහා බලයකි. එය එකාබද්ධවූ විට ඇතිවන්නේ යෝධ බලයකි. එසේ නිර්මාණය වූ යෝධයා, 2019 නොවැම්බර මස 18 වෙනිදා උදෑසනින් අවදිව, චන්ද මධ්යස්ථානයට ගොස් සිය යුතු කම මනාව ඉටු කර ගෝඨාභය රාජපක්ෂයන්ව මෙරට ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගත්හ. 2015 ජනවාරි මස 8 වෙනිදා චන්දය භාවිතා කල ලක්ෂ 57කට තවත් ලක්ෂ 12ක් එකතු වෙමින් ලද මේ මහා ජයග්‍රහණය, අපි තව තවත් ශක්තිමත් කල යුතුය. ඒ ලබන අගෝස්තු මස 5 වෙනිදාට පැවැත්වීමට නියමිතව ඇති මහා මැතිවරණය තුලිනි.

මෙරට ජනතාව දැන් සිදුකල යුත්තේ, රටේ සිදුවෙමින් පවතින ක්‍රියාවන් පෙළගස්වා, එම  සිද්ධිදාමයන් ඉතා විමසිලිමත්ව බලා යතාර්ථය අවබෝධකර ගැනීමයි. ජනතාව සිටගත යුත්තේ කා වෙනුවෙන්වත් නොව තමන් වෙනුවෙන්ය. වඩාත් පැහැදිලි ලෙස කියනවා නම් අප මියගිය පසුවද පවතින මේ රට වෙනුවෙන්ය, එහි ජීවත්වීමට සිටින අපේ අනාගත පරපුර වෙනුවෙන්ය. ඒ අධිෂ්ඨානයෙන්, මේ තරඟ වදින කණ්ඩායම් සම්බන්ධව පුර්ණ ගවේෂණයක් කල යුතුය.එසේ ගවේෂණය කරන විට අපිට පෙනෙන්නේ මොනවාදැයි අපි විමසා බැලිය යුතුය..

එක්සත් ජාතික පක්ෂය දෙකඩව ඇත. ඒ,
1, රනිල් පිල
2. සජිත් පිල වශයෙනි.
3, සියලුම මුස්ලිම් බලවේග, ද්‍රවිඩ අන්තවාදී කොටස්ද සජිත් සමග එක පිලක සිටගෙන ඇත.
4.සජිත් හිතවාදී මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවෙන් තරඟ වදී.
5. ජනතා විමුක්ති පෙරමුණ වෙනම තරඟ වදී
6 තවද,.ඉතිහාසයේ දුෂිතම මැතිවරණ කොමිසම යටතේ මේ මැතිවරණය පැවැත්වීමට සිදුව තිබේ.
7. 2015 මහා මැතිවරණයේදී ජනතාව විසින් පරාජය කර පලවා හැරියද මෛත්‍රිපාල විසින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තුගත කල කණ්ඩායමද, යලිත් පොහොට්ටුවෙන් තරඟ වැදීමද අතිවිශේෂිත කරුණකි.
8.වතුකරයේ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ

මේ අපි දකින්නේ සතුරු පිලේ ක්‍රීඩකයින් හෙවත් යහපාලනයේ ක්‍රීඩකයින් මෙදා ස්ථානගතකර ඇති ආකාරයයි.

ජාතික බලවේග කණ්ඩායම,

1. පොහොට්ටුවේ ආරම්භක බලවේගය
2. ජාතික නිදහස් පෙරමුණ
3.මහජන එක්සත් පෙරමුණ.
4.පිවිතුරු හෙළ උරුමය
5.යුතුකම සංවාදය,
6,වියත්මග
7. එළිය සංවිධානය

ආදී වශයෙන් පෙළ ගැසී ඇත.
 
ජාතික බලවේගයට සදාකාලික සතුරෙක් සිටි. එබැවින් සතුරාගේ ක්‍රීඩකයින් කොතැනක සිටියද, අප සිදුකල යුත්තේ ඔවුන්ව පරාදය කිරීමයි. මේ පණිවුඩය අපිට කියා දෙන්නේ, “භගවත් ගීතාවයි”. අපි අනුකම්පා විරහිතව සතුරාව විනාශ නොකොළොත්, ඒ සතුරා විසින් අනිවාර්යෙන්ම අපිව විනාශ කරන බව භගවත් ගීතාවත්, අපේ ඉතිහාසයත් අපට යලි යලිත් කියා දෙයි. අපි, සතුරාට නොනගිටිනසේ, ප්‍රභාකරන්ට දුන් ආකාරයේ ප්‍රහාරයක් දිය යුතුය.

දැන් අපි අධ්‍යනය කල යුත්තේ මේ ප්‍රහාරය සිදුකල යුත්තේ කෙසේද යන්නයි.

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිල හා රනිල් පිල වශයෙන් බෙදා ඇත්තේ, රනිල්වත් සජිත්වත් නොවන බව පළමුව තේරුම් ගත යුතුය. මේ බෙදීම සිදුකරන්නේ අපි නොදකින ඔවුන්ගේ හාම්පුතාලා විසිනි. මේ හාම්පුතාලා එක්සත් ජාතික පක්ෂයට සිදුකර ඇති විනාශය අතිප්‍රබලය. ඔවුන් ප්‍රේමදාස ජනාධිපතිව ඝාතනය කිරීමේ පටන් ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි ඇතුළු ප්‍රබලයින් රැසක් ඝාතනය කර රනිල් වික්‍රමසිංහයන්ට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්කර ගත්තේ මුළු රටම ඔවුනට ලබාදීමට සුදානම් එකම නායකයා ඔහු බව අවබෝධ කරගෙන සිටි නිසාය. එතෙක් පටන් මේ දක්වා රනිල්, තමන් දන්නා, තමන් හොදින්  දකිනා කිසිදු දෙයක් නොකළ අතර, අප නොදකින ඒ හාම්පුතා කියන දෙය පමණක්, ඉටුකරන නායකයෙක් බවට පත්විය. ඒ අනුව ඔහුට, 2002 අගමැති ධුරය ගත් විගසම, සිදුවුයේ, රටේ ජනතාවට දුන් පොරොන්දු සම්බන්ධව ක්‍රියා කිරීමට නොව සිය හාම්පුතුන්ගේ ඕනා එපාකම් ඉටුකිරීමය.

1. බලය ගත විගසම ඔහුකලේ, කොටි සමග සාම ගිවිසුම අත්සන් කිරීම.
2. මිලේනියම් සිටි පාවාදීම හරහා සියලුම බුද්ධි අංශ ක්‍රියාකාරීන් නිරාවරණය කොට කොටින්ට ඔවුන්ව ඝාතනය කිරීමට මන් විවර කරදීමටයි.
3.අද පාර්ලිමේන්තුවේ අගය කතාකරන ඔහු එදා ඔහුගේ බලය යටතේ තිබු පාර්ලිමේන්තුවටවත් සාම ගිවිසුම් යෝජනාවලිය ඉදිරිපත් නොකළේ, සිය හාම්පුතුන්ගේ බලපෑම් මතය. හාම්පුතුන්ගේ මේ බලපෑම් ක්‍රියාවලියට ඔහු අකමැති වුවත් එසේ කිරීමට ඔහුගේ නොකැමැත්ත කියා පාවෙ, එම ගිවිසුම අත්සන්කර ඒ පර සුද්දා අතට පත්කරන අවස්ථාවේදී, සුද්දා අතට අත දුන්නද එය නොදැක්කා සේ අතට අත දීමෙන් වැලකි සිටීම තුලිනි.
4.එදා සියලු ආරක්ෂක කටයුතු බාරව සිටියේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග වුවද ඇය දන්නේ නැතිව මේ සියලු කටයුතුවිම කියා පාන්නේ රනිල්ට රටේ නීතියවත්, ව්යාවස්තාවවත් මේ කිසිවක් කිරීමට බල පාන්නේ නැති බවයි. එදා මේ මහා බලයක් ඇති විධායක ජනාධිපති සිටියේද අධිරාජ්‍යවාදීන්ගේ කුණු බක්කියේ බව අපට ඉතා පැහැදිලිව දක්වයි.
5. නමුත් විධායක ජනාධිපතිකම අහෝසිකිරිම යන කතිකාව ජනතා විමුක්ති පෙරමුණ, තුලින්, සමාජ ගතකලේ, රටට ආදරය කරන ජනාධිපතිවරයෙක් බලයේ සිටින විට එදා කල සෙල්ලම් කිරීමට ඉඩ නොලැබෙන බව දන්නා බැවිනි.

6. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය යනු මේ රටේ ජනතාවට විශාල සෙතක් ඉටුකළ දේශප්‍රේමීන්ගෙන් බලකදවුරක් වූ බැවින්, අද එම පක්ෂයට චන්දය දෙන අය සිදුකල යුත්තේ, ඒ පක්ෂය තුල සිටින වඩාත් ජාතිකවාදී ප්‍රතිරුප බලයට ගෙන ඒමයි. නමක් සඳහන් කරනවා නම්, රුවන් විජේවර්ධන වැනි පුද්ගලයින් බල ගැන්වීමයි.

7. කිසිදු සිංහල මිනිහෙක් එක්සත් ජාතික පක්ෂයෙන් චන්ද ඉල්ලන කිසිදු මුස්ලිම් ජාතිකයෙකුට චන්දය නොදිය යුතුමය. ඒ අන්තවාදය එක්සත් ජාතික පක්ෂයත් රටත් ජනතාවත් විනාශ කර ඇති බැවින්, එයට  පාඩමක් ඉගැන්වීම සඳහා ජාතික බලය ඔවුනට පෙන්වාදීම කලයුතු බැවිනි. එය එක්සත් ජාතික පක්ෂයට චන්දය දෙන සිංහල මිනිසුන් කලයුතු කටයුත්තකි.

දැන් පොහොට්ටුව තුල සිටින සතුරන් සම්බන්ධව කතාකරමු. අපේ චන්ද දායකයෝ කාගේවත් සාක්කුවේ සිටින චන්ද දායක පරපුරක් නොවේ. එබැවින් මෛත්‍රීපාල සිරිසේන, පොහොට්ටුව සමග සම්බන්ධවී ඇත්තේ, පැමිණ චන්ද ලක්ෂ 14ක් සමග යන මිත්‍යාවෙන් අප කණ්ඩායම මිදිය යුතුය. අපේ විශ්වාසය වන්නේ මෙවර ජනාධිපතිවරණයේදී ඔහුගේ චන්ද ගෝඨාභය රාජපක්ෂයන්ට නොව සජිත් ප්රෙමදාසයන්ට හිමිවූ බවයි. මේ මැතිවරණය තුලින් මෛත්‍රිපාල කණ්ඩායම ඔවුන් සතු සැබෑ ශක්තිය එලි දක්වනු ඇත. කෙසේ නමුත් මෙරට ජනතාව සතුරන්ට ප්‍රභල දඬුවමක් ලබාදෙන බව අපි විශ්වාස කරමු. එය කල හැක්කේ 2015 පරාජයේ සිට ජාතික බලවේගය සමග මේ දක්වා සිටින මිනිසුන්ව පාර්ලිමේන්තුවට යැවීම තුලින් පමණි.

එසේ කලද නොකලද මහින්ද රාජපක්ෂ බල කදවුර මෙවර මැතිවරණය ජයගන්නා අතර දැන් සතුරන්ගේ එකම අභිප්‍රාය වී ඇත්තේ, 2/3 බලයක් ලබා නොදීමය. එසේ ලැබුනද නොලැබුනද ව්යාවස්තාවෙන් ජනාධිපතිවරයාට ජනතාව හා බද්ධවී කටයුතු කිරීම සඳහා ජනමත විචාරණයක් කැඳවීමට ඉඩ කඩ විවරව ඇත. රුසියාවේ පුටින් කලාමෙන් මෙරට ජනමත විචාරණයක් මගින් ඉදිරිකටයුතු මෙහෙය වීමට ඇති බව සටහන් කරමු.

ජනතා සටනට ජයවේවා!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress