කුරුණෑගල දිස්ත්‍රික් තරුණ මුස්ලිම් සම්මේලනය
Posted on July 16th, 2020

A.J.M. Muzammil Media Unit 

දේශපාලනික වශයෙන් අස්ථාවර නායකයෝ දේශපාලනයට ගෙනැවිත් තමන්ට අවශ්‍ය විදියට මේ රට පාලනය කරන්න පුළුවන් කියලා සමහර රටවල නායකයෝ විශ්වාස කරනවා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

කුරුණෑගල දිස්ත්‍රික් තරුණ මුස්ලිම් සම්මේලනයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ අදහස් ප්‍රකාශ කළේය. 

කුරුණෑගල බ්‍රයිට් බ්‍රාවෝ හෝටලයේදී පැවති මෙම සම්මේලනය කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් තරුණ සම්මේලනය විසින් සංවිධානය කර තිබුණි. මෙම සම්මේලනයට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව, ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිෆාල්, ‘කාන්තා සවිය’ සංවිධානයේ සභාපතිනි ෆෙරෝසා මුසම්මිල්, සබීර් මන්සූර්, වයඹ පළාත් රැකියා විරහිත උපාධිධාරීන් සංගමයේ නියෝජිතයින්, තරුණ ව්‍යාපාරිකයින්, සිවිල් සංවිධානයේ තරුණ නියෝජිතයන් ඇතුළු අති විශාල පිරිසක් සහභාගි වූහ.

එහිදී වැඩ දුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද පැවසීය;
මේ රටේ ජනවාර්ගික දේශපාලන පක්ෂ එක් කාලයකදී ඉස්මතු වුණා. දකුණේ ආගම කේන්ද්‍ර කරගෙන දේශපාලන පක්ෂ ඉස්මතු වුණා. උතුරේ ජාතිය කේන්ද්‍ර කරගෙන දේශපාලන පක්ෂ ඉස්මතු වුණා. එතැනින් තමයි අපි අතර බෙදීම පටන් ගත්තේ. ඇයි එහෙම දේශපාලන පක්ෂ හැදුවේ කියලා තරුණයෝ විදියට ඔබ පොඩ්ඩක් හොයලා බලන්න.

එහෙම දේශපාලන පක්ෂ හදන්න තිබුණ බලවේග මොනවාද ? කවුද මේ රටේ තරුණයා දේශපාලනිි වශයෙන් බෙදන්න තීන්දු කළේ ? 

මේ ළඟදී මේ වගේම රැස්වීමකදී මාධ්‍යවේදී සහෝදරයෙක් මගෙන් ඇහුවා මාත් එක්ක රනිල් වික්‍රමසිංහගේ ඩීල් එකක් තියෙනවද කියලා. එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාසයි මායි අතර ඩීල් එකක් තියෙනවාද කියලා ඇහුවා. මම කීවා එහෙම ඩීල් එකක් නැහැ කියලා. මම ඔහුට කීවා දේශපාලනික වශයෙන් අපි අතර ඩීල් එකක් නැහැ . රනිල් මාව තුන් පාරක් හිරේ දැම්මා. අපේ ආච්චිව ගෙනිච්චා. අම්මා සීඅයිඩී එකට ගෙනිච්චා තාජුඩීන් ඝාතනය කළා කියලා. එහෙම ඩීල් එකක් අපි අතරේ තිබුණානම් මගේ අම්මා සීඅයිඩී එකට ගෙනියයිද ?

 සජිත් ප්‍රේමදාසත් එහෙමයි. එළිමහනේදී බැන්නාට පාර්ලිමේන්තුවේදී බොහෝම හොඳට හිනා වෙලා කතා බස් කරනවා. එහෙම වුණා කියලා අපි අතර ඩීල් එකක් නැහැ. හැබැයි එක කාරණයක් තියෙනවා. සජිතුයි රනිලුයි තරහා වුණාට රනිල් වික්‍රමසිංහයි සජිත්ගේ තාත්තා රණසිංහ ප්‍රේමදාසයි එකතු වෙලා තමයි මේ රටේ හැට දාහක් තරුණ තරුණියෝ මැරුවේ. එදා එහෙම කරනකොට ඒකට ඒ දෙන්නාටම විරුද්ධව කතා කළේ මගේ තාත්තා මහින්ද රාජපක්ෂ විතරයි.

පලස්තීන මිත්‍රත්ව සංවිධානය හැදුවේ මගේ පියා. ඒ සංවිධානයේ මාත් ඉන්නවා. මාත් විශ්වාස කරන දේශපාලනයක් තියෙනවා. අපි හැමෝම නොබැඳි දේශපාලන ප්‍රතිපත්තිය අනුගමනය කරනවා. අපි විශ්වාස කරනවා රටක අභ්‍යන්තර කාරණා වලට වෙනත් රටවල් ඇඟිලි නොගැසිය යුතුයි කියලා. එහෙමනම් පලස්තීනය වගේ රටකට තමන්ගේ අයිතිය ලබා දෙන්න ඕනෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නමින් පමණයි ඒ රටේ විදේශකයෙකුගේ නමින් පාරක් නම් කරලා තියෙන්නේ. 

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලනය සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාව සහ දමිළ ජනතාව අතර ගැටළු  තත්ත්වයක්. ඒක මේ අපේ රටෙන් නිර්මාණය වූ දෙයක් නොවන බවයි මානම් දකින්නේ. ගෝලීය දේශපාලනය තුළ අපේ රටේ බල කඳවුරු තිබෙන ආකාරයක් තිබෙනවා. ශක්තිමත් දේශපාලන පෞරුෂයක් තියෙන නායකයන් වට්ටන ක්‍රමවේදයක් තියෙනවා. 

අපේ රටේ වගේම ලෝකයේ දෙවැනි පෙළ දේශපාලන නායකත්වය හසුරුවන්නේ වෙනත් හස්තයන්. අද මැද පෙරදිගට වෙලා තියෙන තත්ත්වය බැලුවාම මේ ලෝකයේ වැඩියෙන්ම මුදල් උපයන පිරිස ඉන්නේ මැද පෙරදිග. ලිබියාව ඉරානය වගේ රටවල් ඩොලර්වලින් ඉවත් වෙන්න හදනකොට ඒ රටවල්වල නායකයෝ එක පාරටම ත්‍රස්තවාදන් බවට පත් වුණා. ඒ රටවල නායකයෝ එක පාරටම අතුරුදහන් වුණා. ප්‍රජාතන්ත්‍රවාදය නැහැයි කියලා ඇවිත් බලෙන් ඒ රටවල් අල්ලා ගත්තා.

ඉස්සර රටවල් අල්ලා ගත්තේ ගහලා විනාශ කරලා. නමුත් අද රටවල් අල්ලා ගන්නේ ඒ රටවල ආර්ථිකය විනාශ කරලා. නැත්නම් ආගම දහම විනාශ කරලා. ලිබියාවට මේ දෙකම පාවිච්චි කරලා විනාශ කරලා දැම්මා. මම දකින්නේ දෙදහස් පහළොවට පෙර අපේ රටෙත් වෙන්න ගියේ ඒ දේයි. 

එල්ටීටීඊ එක ඇති වුණේ කොහොමද. රනිල් වික්‍රමසිංහයි රණසිංහ ප්‍රේමදාසයි එකතු වෙලා දකුණේ මැරුවේ දමිළ තරුණයෝ නොවෙයි. බටලන්දේ වධකාගාරයේ මැරුවේ දමිළ තරුණයෝ නොවෙයි. සිංහල තරුණයෝ තමයි මැරුවේ . හැබැයි  උතුරේ ත්‍රස්තවාදය පරාජය කළේ දකුණේ සිංහල මුස්ලිම් දමිළ තරුණයෝ එකතු වෙලායි. ඒක තමයි ඇත්ත කතාව. 

අපි එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කළාම ඒකට පණ පොවපු අය අලුතින් ක්‍රමවේද හොයනවා නැවත මේ රට බෙදන්න. ඒකේ ආරම්භය තමයි අන්තවාදය ජාතිවාදය සමාජය තුළ වපුරවපු එක. ඒකේ ප්‍රතිඵලය තමයි එල්ටීටීඊ එකේ බෝම්බෙන් පතරොමෙන් ඝාතනය කරන්න බැරි වුණු මහින්ද රාජපක්ෂව මැතිවරණයෙන් පරාජය කිරීම. ඊට පස්සේ මහින්ද රාජපක්ෂව හිරේ දාන්න උත්සාහ කළා. 

ඊට පස්සේ සිදු වුණු සිදුවීම් රාශියක් වගේම පාස්කු ප්‍රහාරයත් ගත්තාම මේ සියල්ලම දිහා බැලුවාම අපේ රටේ ජාතීන් අතර අර්බුදයක් ඇති කරන්න අසමගියක් ඇති කරන්න බටහිර රටවල අයිතිය තහවුරු කරන්න ගත්ත කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක කොටසක් විදියටයි මා දකින්නේ. පාස්කු ප්‍රහාරය ගත්තාම සිංහල දමිළ මුස්ලිම් අයගේ ජීවිත අහිමි වුණා. මේ සියල්ලෙන්ම අපි තේරුම් ගත යුතු කරුණ තමයි අපි ඉදිරියට අභියෝග රාශියක් තිබෙන බව. මේ රටේ ස්ථාවර දේශපාලනය අස්ථාවර කරන්න පුළුවන් නායකයෝ දේශපාලනයට ගේන්න ඕනෑ කියලා සමහර රටවල නායකයෝ විශ්වාස කරනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී මුස්ලිම් තරුණ තරුණියන් ඉදිරිපත් කළ ප්‍රශ්න වලටද නාමල් රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය. කාන්තා සවිය සංවිධානයේ සභාපතිනි ෆෙරෝසා මුසම්මිල් මහත්මියද මේ අවස්ථාවට සහභාගි වූවාය.

2 Responses to “කුරුණෑගල දිස්ත්‍රික් තරුණ මුස්ලිම් සම්මේලනය”

  1. Ancient Sinhalaya Says:

    Family planning never discussed? All the problems the world facing today are due to population explosion and
    religions of conveniences which do not regard sins as sins and encourage people to do wrong.

    All the crimes (sins) any two legged creature can do anywhere under the sun:
    1 killing (animals included? only in Buddhism of course)
    2 stealing
    3 sexual misconduct
    4 lying
    5 drug/alcohol abuse

    The above five are the basis for penal codes in every country under sun while refraining from them is Buddhism’s
    Five Precepts. The Buddha preached how to conduct their lives for the two legged creatures and make the next
    one even better. The Buddha preached, people who sin pay for their sins in the animal kingdom for 100s of 1000s
    lifetimes before being ‘promoted’ to be two legged creatures again (Darwin’s Theory of Evolution?) He also
    preached, health is wealth. How appropriate for Covid19-scared world?

    We have seen the damage muslim only tamil only parties/school done to the country. Only thing they do is they
    become exclusively them only organisations and become secretive. When secretive, they have secret agendas!
    This pave way for segregation and destroys social fabric of the country. What mussies done to old Buddhist
    iran, afganisthan, pakisthan, bangladesh, malaysia and indonesia they trying in Sri Lanka now at break neck
    speed thanks to Sinhalese deshapaluwas who goes after their votes. The dirty, disgusting, subhuman trick of
    multiply, multiply and outnumber (murder) worked in the olden days since the natives didn’t know until they turn
    up to murder them. Today, in this tv, internet age it won’t work and going to end up in eternal blood baths as we
    saw recently in Buddhist Myanmar.

    It should’ve been KurunagalaYouth Association or something along the lines representing all the youth. So it won’t
    promote segregation only harmony! But in today’s money ruling world, what matter is the greed, selfishness,
    not being content etc. etc. World needs Buddhism, the only true religion on the planet, more than ever!

  2. Vaisrawana Says:

    What does Namal mean by this?

    “ඉස්සර රටවල් අල්ලා ගත්තේ ගහලා විනාශ කරලා. නමුත් අද රටවල් අල්ලා ගන්නේ ඒ රටවල ආර්ථිකය විනාශ කරලා. නැත්නම් ආගම දහම විනාශ කරලා. ලිබියාවට මේ දෙකම පාවිච්චි කරලා විනාශ කරලා දැම්මා. මම දකින්නේ දෙදහස් පහළොවට පෙර අපේ රටෙත් වෙන්න ගියේ ඒ දේයි”{Translation:- In the past, (imperialists) captured countries through destructive military means, but today they do that by ruining the economy of those countries or by destroying their religion and culture. Libya was destroyed by in both ways. In my opinion, this was what was happening in our country before 2015.}

    Here Namal implies that what happened in Libya was happening in Sri Lanka during his father Mahinda Rajapaksa’s period. Then, is he saying that the regime change in 2015 was engineered by the US and allies to rescue the country from that aggression? Or did he make a slip of the tongue when he used ‘pera’/before for ‘pasu’/after which he probably wanted to say?

    Or is this deliberate misreporting?

    In any case, MR’s and Namal’s bending over backwards to please the Muslim voters will cost them many Buddhist votes. Mahinda (the country, actually) has already paid a heavy price for his hypocritical policy of political correctness.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress