වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නට සිදුවූ සිංහලයා!!
Posted on July 30th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

ඉල්ලන් කෑම

ඉහතින් ඇත්තේ, සිංහලයාට, විශේෂයෙන් සිංහල බෞද්‌ධයාට, සිංහල දේශපාලකයින් විසින් 1923/24 කාලයේ සිටම කල හානිය කෙටියෙන් හැඳින්‌විය හැකි කිට්ටුම ප්‍රස්ථාව පිරුළ යයි මට සිතේ. ඉල්ලන් කෑම යයි දැන් කාලයේ කියන්නේද මේ අදහසටමය. සිංහල බෞද්‌ධයාට තඩිබෑම 1551 දොන් ජුවන් ධ‌ර්‍මපාල කෝට්ටේ ක්‍රිස්තියානි රජු වීමේ සිට 1948 ද‌ක්‌වාම සිදුවිය. සුද්දා කල හානිය අවම කර ගැනීම පන්සලේ කාරිය විය. බුද්‌ධාගම දශක දෙක තුනකින් ලංකාවෙන් නැතිවී යනවායයි ජේම්ස් ද අල්විස් 1840 දශකයේදී ප්‍රකාශ කලේය! මීට විරුද්‌ධව පහත රට පන්සල් කල සටන 1873 පානදුරා මහා වාදයෙන් කෙළවර විය. ඉන් පසුව පවා සිංහල කළු සුද්දන් බෞද්‌ධයින්ට ද්‍රෝහී විය. උදාහරණයක් වශයෙන් 1880 න් පසු වෙසක් පෝය දිනය රජයේ නිවාඩු දිනටක් කිරීමට විරුද්‌ධවූයේ බණ්ඩාරනායක-ඔබේසේකර-ද සේරම් ක්‍රිස්තියානි පරපුරෙන් පත්‌වුණ සිංහල නියෝජිතයාය! මේ කළු සුද්දන් පිරිස් 1915 දී සිංහල බෞද්‌ධයින් මැරීමේදී සුද්දාගේ පැත්ත ගත්තේය.

එහෙත් 1948 න් පසු සිදුවූයේ මේ අක් මුල් සිඳුන කළු සුද්දන් විසින්, ඕල්කොට් බෞද්‌ධයින්, ඩොනමෝර් බෞද්‌ධයින්, ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් විසින්, බුදු අම්මෝ නොව ඕ මයි ගෝඩ් බෞද්‌ධයින් ලෙස හඳුන්වන අය විසින්, සිංහල ජාතිය පාවා දීමය. 1815 න් පසු සිංහලයාට නැතිවූ අයිතිය ක්‍රමයෙන් ආපසු ලබා දෙනවා වෙනුවට, සිංහල ජාතියේ අඬු එකින් එක කඩා දැමීම මොවුන් විසින් කලේ, සිංහල පොකුණට එහි ඉස්මත්තේ සිට බට දමා එය හිස්කර ගැනීමට ඉඩ සළසා දීමය. ඩොනමෝර් හා සෝල්බරි කොමිෂම් වාර්‌තා වල පේලි අතරින් සිංහලයාට වන මේ අනතුර අඟවා තිබුණත්, පවතින ක්‍රමය යටතේ <නෝ බොඩීස් සම්බොඩීස්> වූ මේ පිරිස්, රබර්, තේ, පොල්, මිනිරන්, දැව, වානිජ කොන්ත්‍රාත්, ආණ්ඩුවේ රස්සා යනාදිය රැක ගණිමින්, සුළු ජනවර්‌ග වල අසාධාරණ ඉල්ලීම් ලබාදෙමින් සිංහලයා හිත හොඳ ගෑණුන්සේ සැළකුවේය. ව්‍යාජ එක්සත් ජාතියක් ගැන කතාකරමින්, පෙත්සම් ගසා ඩී. ඇස්ලා විසින් කොළඹ කළු සුද්දන්ට බලය මාරු කර ගත්තේය. අයිවර් ජෙනින්ස් ඔහුගේ දෙවියා විය. මුල්ම ඉල්ලන් කෑම වූයේ, 1947 ව්‍යවස්ථාවේ 29 වගන්තියය. එය 1815 කූට ගිවිසුම අළුත් කරවා ගැනීමක් විය. මේ නිසා පසු කලෙක, 1972 දී සිංහලේ (සිලෝන්) ශ්‍රී ලංකා කලා මෙන් ලංකාව සිංහලයාගේ නිජ බිම නොවේය යන මතයක් සඳහා අවකාශයක් (සිඳුරක්, ලූප් හෝල්) පොන්නම්බලම්ලාට-චෙල්වනායගම්ලාට පාදා දුන්නේය.

ඉතිහාසය කන්නද!

ලංකාවේ මෑත ඉතිහාසය මෙවැනි ඇස්සට දත නියවීමේ සිදුවීම් පිළිඹඳ කතාන්තරයකි. උදාහරණයක් වශයෙන්, බදි උද්දීන් මොහමඩ් විසින් සිරිමාවෝ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති වශයෙන් පාසැල් ජනසතු කරණ අස්සේම, උගත් මෝඩ, සිංහල, අධ්‍යාපන විශාරදයින් හරහා පාසැල්වල ඉතිහාසය ඉගැන්‌වීම ඉවත් කර සමාජ අධ්‍යයනය යයි මඟුලක් අටවන ලද්දේ 1960, 1970 දශක වලය. භූගෝල විද්‍යාවටද මේ ඉරණම අත්‌වුණාද යන්න මම නොදනිමි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට ලංකාවේ ඉන්නේ දුටුගැමුණු යනු කවුදැයි නොදන්නා, සමනල කන්‌දෙන් ගලා බහින ගංඟා හතරේ නම් නොදන්නා හිස් ගොඩවල්‌ය. මාක්ස්වාදීන් නම් හැමදාම රුසියාවේ, චීනයේ ඉතිහාසය හොයා ගිය අය විය. 1978 න් පසු පාලක කළු සුද්දන් හිරි ඔත්තප්ප නැතිවම ඇසුවේ ඉතිහාසය කන්නද කියාය. ඒ ජේ ආර් ද, ප්‍රේමදාසද කියා මට මතක නැත.

සිංහලයින් හැර, මෙසේ තමන්ගේ ජාතියට වල කපාගන්නා වෙනත් ජාතියක් ලෝකයේ සිටිනවාද කියා සිතෙන්නේ දැන් අළුතින්ම, ගොන් නිලධාරියෙක් විසින් හැමෝටම හොරෙන් උප්පැන්න සහතිකයෙන් ජාතිය ඉවත් කරන්නට ගත් තීරණයය. මේ ගොනා වනාහි ඉතිහාසය පාසැලෙන් ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් නොවේද? මෙම තීරණය නිවැරදි පාරේ යාමක් යයි පොහොට්ටුවට එක්‌වී ඉන්නා අලි සබ්‍රි විසින් කියා සිටී. බුදු පිළිම අරහං රෝසි සේනානායක හා නිර්‍වස්ත්‍රම් පරමං සුඛං චන්ද්‍රිකාලා අතුළු පරම්පරා දෙකක්ම, මේ ඉතිහාසය කන්නද මතයට යටවුණු අයය.

සිලෝන්, ශ්‍රී ලංකා කලේ කවුද?

එය කොල්වින් ලා, ෆිලික්ස් ඩයස් ලා, පොත පතේ එතරම් දැණුමක් නොතිබුණු අගමැතිනියක් රවටා කල, ඉතිහාසය පාසැල් වලින් ඉවත් කලා වැනිම දෙයක්ද? රාමායනයේ, මහා භාරතයේ ඇති රාවණාගේ ලංකා පාර තෝරා ගැනීම ඩී. ඇස් විසින් 29 වගන්තිය ගත්තා වැනිමය. මේවා තමන්ගේ පුද්ගලික දේශපාලන වාසි සඳහා ගත් හිතුවක්කාර තීරණ මිස ජාත්‍යාලයක් ගැන තැකීමකින් කල දේ නොවේ. අදටත් ලෝකයේ ජනයාට මතක සිලෝන් යන සුද්දගෙ නමය. එය සේලාන්, සෙරන්ඩිබ් යන ආදි ව්‍යවහාර වලින් බිඳී ආ නමකි. සිංහල කතා කල සිංහලයාගේ රට සිංහලේ හෙවත් සිලෝන් විය. මේ වන විට සිංහලයා, ශ්‍රී ලාංකික කිරීමේ ව්‍යාපාරය දෙමළ බෙදුම් වාදයේ හා හා මුස්ලිම් ශාරියා වාදයේ ආයුධයක් වී ඇත. මෙම උපක්‍රමය යටතේ සිංහලයින් දවල් හා රෑ දෙකේම ශ්‍රී ලාංකිකය. එහෙත් දෙමළ ඊළම්කාරයින් හා ඉස්ලාම් ශාරියාකාරයින් බොරුවට හෝ දවල්ට ශ්‍රී ලාංකික යයි කිව්වත්, රෑට දෙමළ හා මුස්ලිම්‌ය. එය හරියට රනිල්ගේ 2002 සටන් විරාම යේදී හමුදා භටයින් කඳවුරු ඇතුලේ කොටුකර සිටිද්දී, දෙමළ ත්‍රස්තයින්ට මුළු රටම ඇර දුන්නා වැනිය!

සිංහලයින්ට ලෝකයේ වෙන රටක් නැත. එසේ නම් උප්පැන්නෙන් සිංහල ජාතිය යන්න ඉවත් කර, සිංහලයා දූපතේ ජනව‌ර්‌ග තුන හතරෙන් එකක් කල විට, පරම්පරා දෙක තුනකින්, ලෝක සිතියමෙන් සිංහල ජාතිය යන නම මැකී යනු ඇත. ඉන්‌දියන්, ඇමෙරිකන් සමඟ ශ්‍රී ලන්කන් යන්න පෑස්සීමට සැදීම මොන තරම් මුග්‌ධ ක්‍රියාවක්ද? මෙය ජාතික ගීය දෙමළෙන් ගයනවා වැනිම ඉල්ලන් කෑමකි. මේ නිසා එක අඟලකින් වත් සංහිඳියාව වැඩි වුනා යයි ජනාධිපති සිරිසේනට කියන්න පුළුවන්ද? ඉන් වුනේ බෙදුම තවත ත්‍රීව්‍ර වීමය. දකුණේ දෙකෙන්ම කිව්වත්, උතුරේ ඇහුණේ දෙමළ සිංදුව පමණය! ඊළම් දේශපාලකයින්ට එය තවත් එක ඊළම් ජයග්‍රහණයක් මිස සංහිඳියා බම්බුවක් නොවීය. උප්පැන්න වැඩේද එසේමය.

අළුත් බෝතල් වල අළුත් වයින්

මුන් 225 ම එපා යනු, 1948 සිට රට විනාශකල දේශපාලක කළු සුද්දන්ට විරුද්‌ධව 2015 සිට ඇතිවු ව්‍යාපාරයකි. 1971 හා 1988/9 සිදුවූයේ ඉතිහාසය නොදන්නා නැණ විකල් පිරිස් විසින් කල විනාශයකි. 1956 අප්‍රේල් චන්ද ප්‍රතිපල අසද්දී සර් ජෝන් විසින් රේඩියෝ එකට පයින් ගැසීම, හා පසුව එම් එස් තේමිස්ට පාර්ලිමේන්තු පඩිපෙලේදී හතර ගාතේ දාලා වැටෙන්නට පයින් ගැසීම, අපේ ආණ්ඩුවක ආරම්භය යයි ගම්බද ජනයා සිතුවත් එය අසාර්‍ථක විය. ඊට හේතුව අගමැති බණ්ඩාරනායක සිංහල ජාතියේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව හරියට නොදැන සිටීමය. ඕල්කොට් තෙම්පරාදු බෞද්‌ධයින්ට, ඩොනමෝර් බෞද්‌ධයින් පසුපස්සේ යාමට සිදුවීමය. ක්‍රිස්තියානි මවක් සිටි ඩඩ්ලි ලඟට මුලින් ගිය ඕල්කොට් බෞද්‌ධයින්ව, ක්‍රිස්තියානි පවුලේ බණ්ඩාරනායක වෙත යොමු කලේ ඩඩ්ලිය. බෞද්‌ධ බලවේගයේ ඇල්. එච්. මෙත්තානන්ද මහතා චන්දය දිණා මාස දෙක තුනකින්ම බණ්ඩාරනායකගෙන් වෙන්‌විය.

ප්‍රජාතන්ත්‍රවාදය නම් ළිඳේ කටෙන්ම ගොඩ ආයුතුය!

2019 දී සිදුවූයේ 1956 දී පංචමහා බලවේගයකට පැවරූ දේ තනි පංචස්කන්‌ධයකට භාර දීමය. හාමුදුරුවරු ඉදිරියට ආවේ රට-ජාතිය-ආගම මිණී වලෙන් බේරා ගැනීමටය. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් කියන අන්දමට චන්ද ව්‍යාපාරය කලේ හාමුදුරුවරුන්, තමන්ගේම වියදමින්‌ය! ගහට පොලු ගසා ගෙඩි වැටුණ විට ඒවා ඇහිද ගන්නට බොහෝ අය පැමිණ සිටී. 2020 චන්දයේදී, 225 න් බොහෝ අයට නැවත නාමයෝජනා දී ඇතත් ඒ අය දමණය කිරීමට හැකි තරමට අළුත් නම් ඉදිරිපත්‌ කර තිබේ. පවතින ක්‍රමය යටතේ, බොරු ප්‍රජාතනත්‍රවාදය යටතේ, පරණ පිරිස් තරහ කරගෙන චන්ද දිණිය නොහැකිය. එහෙත් සිදුවිය යුත්තේ වල් අලියා හීලෑ කරන්නට හීලෑ අලියෙක් යොදවා ගන්නවා මෙන්, පවතින දූෂිත පාලන ක්‍රමවේදය (දේශපාලකයා-නිලධාරියා-එන්.ජී.ඕ. කාරයා යන දුෂ්ට ත්‍රිකෝණය)‌ ක්‍රමය තුලින්ම දියකර හැරීමය. බෞද්‌ධ ක්‍රමයද එයය.

මේ සඳහා 20-30 ක අළුත් පිරිසක් මන්ත්‍රීන් ලෙස තේරීමට නියමිතය. වියත් මඟෙන් එන නම් 16 ක් ඇත. හාමුදුරුවැරුන්ගේ අපේ ජන බලවේගය පක්‍ෂය, මහසෝන් බලකායේ සුමිත් වීරසිංහලා හැරුණු විට නායකයින්ට එහෙයියන් නොවන තරුණ අයද පොහොට්ටුව පක්‍ෂයේම සිටී (රනිල්ගේ හා සජිත්ගේ පක්‍ෂ වල ඉන්නා අය ගැන කිසි විශ්වාසයක් තැබිය නොහැක, මාක්ස්වාදයට ගෑවුණ කෙනෙක්වත් වැඩක් නැත). මේ ලිපිය ලිවීමට සිතුනේ පොහොට්ටු පක්‍ෂයේ ඉන්නා එවැනි එක් අයෙකුවන ධනසිරි අමරතුංග සමඟ හරී ටීවි, ස්ටෑන්ඩ් බයි විත් ලහිරු- විසින් කල සාකච්චාවක් දුටු පසුය (ජූලි 22).

ධනසිරිගේ ඉතිහාසය හා ජාතියේ ඉතිහාසය

අවුරුදු 70 කට පෙර විල්බට් නම් තම පියා දකුණු පලාතේ දුර ගමක සිට බස් එකෙන් පැමිණ, පත්තර පිටු දෙකක් දමා නුගේගොඩ හන්දියේ බෝගහ යට රෑ නිදාගෙන, උත්සාහයෙන් දියුණුවී ඔහුව රෝයල් කොලේජ් යවා උගන්වා, ඇමෙරිකාවට ගොස් ඉගෙනගෙන, ඉන් පසු දෙහිවල-ගල්කිස්ස නගරාධිපතිවූයේය. මේ වන විට ඔහු මහින්ද රාජපක්‍ෂගේ සමීපතම සගයෙකි. ඔහුගේ පුද්ගලික ඉතිහාස කතාව මුල සිට අගටම අවංක වාර්‌තාවකි. එහෙත් රටේ ඉතිහාසයට එන විට, ඔහුට මිස් වන බරපතල කාරණයක් ඇති බව මට පෙනීගියේය. මට ඇති බය නම් මේ මිසින් ලින්ක් එකට අනිත් අළුතෙන් පාර්ලිමේන්තුවට එන තරුණ 20-30 ද අසුවී තිබෙනවාද යන සැකයය.

ඔහු ධර්මි‌ෂ්ට පංචස්කන්‌ධයකි. නගරාධිපතිවූ විට ප්‍රථම වරට, දෙහිවල, වේල් කරත්තයක් ගෙනයාමට දෙමළ ජනයාට ඉඩ සළසා දුන් අන්දම අගනේය. පාන්දර සිට රෑ 10-11 වෙනතුරුම වේල් කරත්තයේ ආරක්‍ෂාවට එය ඉදිරියෙන් ගමන් කල ඔහුට කකුල් ඉදිමී දවස් දෙක තුනක්ම ඇඳේ ඉන්නට සිදුවිය. ඒ ප්‍රදේශයේ මුස්ලිම් 30,000 ක් පමණ ජිවත්‌වන බවත්, බෞද්‌ධ දර්‍ශණය අනුගමනය කරන්නෙක් වශයෙන් ඒ හැමෝගේම ආරක්‍ෂාව හා අයිතීන් රැකදීම තම වගකීම බවත් ඔහු කියයි. මේ අදහසට විරුද්‌ධ වෙන බෞද්‌ධයෙක් නැත.

එහෙත් මෙහිදී මට ඇති ප්‍රශ්ණය නම්, බුද්‌ධාගමට, ඉන්දියාවේදී, ඇෆ්ගනිස්ථානයේදී, පකිස්ථානයේදී, ඉන්දුනීසියාවේදී, කොරියාවේදී, මාලදිවයිනේදී, පිලිපීනයේදී සිදුවූ දේ ගැන ඉතිහාසය හා අදටත් පැරණි බුදු පිළිම කුඩු කිරීම, අරාබි රටවලට බුද්‌ධ රූපයක් වත් ගෙනයාමට නොදෙන බව ධනසිරි දන්නවාද යන්නය. ගර්‍භාෂ යුද්‌ධය යනු බොදු බල සේනාවේ ඥානසාර හිමියන්ගේ ප්‍රභන්‌ධයක් නොව, යසාර් අර්ෆත් හා කර්‌නල් ගඩාෆි විසින් නිලවශයෙන් ලොවට එලිකල යුද්‌ධොපකරණයකි. කළුබෝවිල රෝහල ඉදිරිපිට පාරක ඇති සිංහල ගෙයකට යද්දී මට ඇතිවූ හැඟීම නම්, එම පාර කුඩා මුස්ලිම් බලකොටුවක් නොවේද යන්නය. පාරේ වාහනයකට යන්නට බැරි තරමින් කාර් හා මෝටර් බයිකල් නවතාය. කොටින්ම කියනවා නම් එය ජනාකීර්‌ණ මුස්ලිම් මුඩුක්කුවකි. සිංහල නිවැසියා කියා සිටියේ තාප්පය හා ගේට්ටුව උස්කරනවා හැරතම දුක කියන්නට කෙනෙක් නැති බවය. මෙය වෙනත් පාරවලද සිදුවනවා යයි වයසක ඔහු කියා සිටියේය.

මුස්ලිම් ආක්‍රමණය

වැල්ලවත්ත හෝ දෙහිවල දෙමළ ජනයා රංචු ගැසී පදිංචී සිටීම දෙමළ ආක්‍රමණයක් ලෙස සිංහල ජනයා සළකන්නේ නැත. එහෙත් මුස්ලිම් ජන ආක්‍රමණයක් මුළු රටේම පවතින්නේ ශාරියා-ඉහ්වාන් ව්‍යාප්තවාදයේ අංගයක් වශයෙනි. තමන් සුළු පිරිසක්‌ව සිටින විට ස්වයංවම හීලෑ වුණ හෙමිජ්ජන් සේ සිටීමත්, සංඛ්‍යාවෙන් කරට කර ආවිට අයිතිවාසිකම් කීමත්, බහුතරයවූ විට සෙසු ජන කොටස් වලට හිරිහැර කර එලවා ගැනීමට ක්‍රියාකිරීමත් ඉස්ලාම් න්‍යායවී තිබේ. මීට උදාහරණ අනන්ත අප්‍රමාණය. සිංහල ගම් මැද කුඩා කුඩා මුස්ලිම් බලකොටු පිහිටුවීමේ භයානක කම රාජ්‍ය මැදිහත්‌වීමෙන් පාලනය කලයුතු වන්නේ අධික මිලට ඉඩම් ගැනීමට ඩොලර් බලය එන්නේ අරාබි රටවල සිට වීමය. හිස්බුල්ලා විසින් කාත්තන්කුඩියේ අරාබි සෙල්ලම කරගෙන ගියේ ධනසිරිලාට වඩා බොහෝ ඉහළින් සිටි පක්‍ෂ දේශපාලකයින්ගේ ඇස්‌වලට වැලි ගසාය. මේ දේශපාලකයින් ජාතියට වල කපමින් සිටියේය. කාන්තන්කුඩිය ඇමෙරිකන් නාවික හමුදාවට තිප්පොලක් වෙන්නටද ඉඩ ඇත. මේ සෙල්ලම් 2019 න් පසු නතරවේයයි සිංහල ජනයා බලාපොරොත්තුවේ.

නියම බෞද්‌ධයෙක් වන්නේ කෙසේද?

ඒ කාලයේ සර්‌වෝදයේ ආරියරත්නගේ කොළඹ සාම පෙලපාලි වලට සිංහල බෞද්‌ධ විරෝධයක් ආවේ ඔහු ඒවා යාපනේ හෝ වවුනියාවේද නොකල නිසාය. සාමය සඳහා එක අතකින් අත්පුඩි ගසන්නට යෑමය. මංගල සමරවීරලා කලේත් එයය. ඉන් වූයේ හමුදා භටයින් උදාසීන කරවීමය. මේ අනුව සිතන විට, ගුරු කන්ද රජමහා විහාරයේ ආදාහන ප්‍රශ්ණය, කින්නායි බෞද්‌ධ නටබුන්, මුහුදු මහා විහාර ඉඩම් කොල්ලය, දෙවනගල, කුරගල, දීඝවාපී ප්‍රශ්ණවලදී ධනසිරි කලේ කුමක්ද? මඩකලපුවේ මංගලාරාමයට හා සිංහල ගැමියන්ට මුස්ලිම් හා දෙමළ ග්‍රාම සේවා නිලධාරීගේ සිට ඉහළ නිලධාරීන් හා පොලිසිය කරණ හිරිහැර ගැන ධනසිරිලා වැන්නන් නිහඬව සිටිනවා නම් ඊට හේතුව කුමක්ද? නියම බෞද්‌ධයෙක් වන්නේ දෙමළ හෝ මුස්ලිම් පැත්ත අරගෙන සිංහල බෞද්‌ධයින්ට අවාසි වෙන අසාධාරණ තීරණ ගැනීමෙන්ද?

හැම පැත්තෙන්ම සිංහල බෞද්‌ධයාට, ක්‍රියාකාරී හාමුදුරුවරුන්ට, බැට දීම අළුත් ෆැෂන් එකක්ද? මෙම වටකරගෙන දෙන ආක්‍රමණය හිතා ගන්නට බැරි තරම් ගැඹුරුය. සෝවාන් සහතික විකිණීම සිහි කරන්නේ මාටින් ලූතර් කාලයේ (1483-1546) යුරෝපයේ පූජකවරු මිනිසුන්ට ස්වර්‍ගයට යාම සඳහා ඉන්ඩල්ජන්ස් නම් ටිකට් විකුණුවාටය. ඒ හැර රහත්‌වූ අය, බුදුහාමුදුරුවන් ලංකාවේ උපන්නා කියන අයට අමතරව, සංඝයාට ගරහන රංජන් රාමනායකලා, මංගලලා සිටිති. රෝසි සේනානායකලාට, විග්නේෂ්වරන්ලාට බුදු පිළිම අරහංය. කොටින්ම කියනවානම් එකමුතුවීම එකම ගැලවීම බව දැන දැනත් රටේ හාමුදුරුවරු, පක්‍ෂ පාට වලට අනුව අන්‌ධ ලෙස බෙදී කොසොල් රජතුමාගේ සීන දාසැයේ ඔවුන්ගේ කොටස් රඟපාමින් සිටී. දයාන් ජයතිලක වැනි හීතල හොරුන් හා ජෙහාන් පෙරේරලා වැනි එන්.ජී.ඕ.ඩොලර්‌ කාක්කන් දියයටින් ගින්දර ගිනියමින් සිටී.

සිංහලයා, දේශපාලකයා මොඩ් (මොඩර්න්) වන්නට හදන්නේ කෙසේද?

පොල් අතු හෝ සිංහල උළු වහලට ඇස්බැස්ටෝස් ෂීට් දමා ඇමෙරිකන් ස්ටයිල් වහලක් දමා ගැනීම ගමේ තැනක් ගැනීමට අඩිතාලමක් වූ කාලයක් විය. ඉන් පිළිකා හැදෙන්නට හේතුවිය හැකි බව දැනගත්තේ බොහෝ කාලයකට පසුවය. අද කාලයේ මැක්ඩොනල්ඩ්ස්, කෙන්ටකි ෆ්රයිඩ් චිකන් කන්නට යන්නේද උජාරුවෙනි. කරත්තය ගොනා පස්සෙන් එනවා මෙන දියවැඩියා, කොලොස්ටරල්, තරබාරු ශරීර එන්නේ නොදැනමය. මේ වාගේ දේශපාලකයින්ට තිබෙන රුදාවක් නම් මොඩනයිස් වීමය. ලංකාව සිංහල බෞද්‌ධයින්ගේ රටය කියන්නේ ගෝත්‍රිකයෝය. ලංකාව බහු ආගමික රටක් යයි නොකියන්නේ බුද්‌ධාගම හරි හැටි නොදන්නා අයය. ලෙබ්බේ ලා සමඟ එකට මේසේ ඉඳගෙන කෑම නොකන්නේ ඉන්ටර්ෆේත් මතයේ අගය නොදන්නා භික්‍ෂූ‌න්‌ය. මදර්ස්ඩේ, වැලන්ටයින්ස්ඩේ, සමරිසි විවාහ, කසාද නොබැඳ දරුවන් ලැබීම හා ඇබෝශන්, බල්ලෙක් ලිවින් රූම් එකේ සිටීම, යන මේවා නූතන වීමේ ලක්‍ෂණ නොවේද? චන්දය ඉල්ලන මිනිසුන්ගෙන් මේ ප්‍රශ්ණ ඇසූ විට කෙළින්ම උත්තර දෙන්නේ මධු මාධව පමණය. මේ නිසා මේ අයට යම් සත්‍ය කාරණා පෙන්‌වා දීමේ යුතුකමක් අපට ඇත. උදාහරණයක් වශයෙන් නිදහස් අධ්‍යාපනය දුන්නේ ඩී. ඇස් හා යූ.එන්.පී. එක යයි කියන තරුණ මන්ත්‍රීලා සිටිති. 1931 සර්‍ව ජන චන්ද බලය දීමට පක්‍ෂව සිටියේ කම්කරු පක්‍ෂයේ ඒ. ඊ. ගුණසිංහ පමණක් බව මොවුන් නොදනී.

මහල්ලන් ඉවත් කිරීම

හැම හොඳ අදහසක්ම තම පටු වාසියට නොපිටට හරවා ගන්නා දේශපාලකයින් ඉන්නා රටක, මහල්ලන් දේශපාලනයෙන් ඉවත් කල යුතුය යන්න පිට පොට පැනීමකි. අවුරුදු 65 පැන්නාට, ඇඟ දුර්‍වල වුවත්, යමෙක් එකතු කරගත් අත්දැකීම් සම්භාරය අති විශාලය. රෝද පුටුවේ යමින් අගමැති කම් දැරීම තන්‌හාවය. මෙය පොතෙන් ලබාගන්නා දැණුමට වැඩි දැණුමකි. මොළය මිය යන්නේ එය භාවිතාවෙන් අඩුවූ විටය. තරුණයින් වඩා අ‌වංක හා එඩිතර වන්නේ අත්දැකීමෙන් ඔවුන් වංකවී නැති නිසා බව සැබෑය. එහෙත් 1971 ජේවීපී කැරැල්ලේදී මා දුටු දෙයක් නම් ඕ.එල් වත් නැති හා ඒ. එල් ඇති හෝ නැති අවංක, නිර්භීත තරුණයින් ජීවිත පූජා කරන්නට එඩිතර වූ බවත්, උපාධිධාරීන් වැනි අය ෂේප්වී ගිය බවත්‌ය. නිර්භීත පිරිස් ලෝකය ගැන දැණුමින් අඩු, අත්දැකීම් නැති පිරිසක් විය. එන්ජිමේ ශබ්දයෙන් එන්ජිමේ දෝෂය කියන්නට තරම් දැණුමක් රම්පාල මහතාට තිබුණේ අත්දැකීම නිසාය. ඔහු වැන් කෙනෙකුට අවුරුදු 65 න් විශ්‍රාම ගන්නට කීම ජාතික අපරාධයකි. ඇත්තවශයෙන් ගෝඨාභය ආණ්ඩුව කල යුත්තේ රිටයර්ඩ් ටැලන්ට් යනුවෙන් රෙජිස්ටර් එකක් සදා, ඒ ඒ ජන සභා වලට එම සේවා ලබාගැනීමට ජාතික ආයතනයක් සැදීමය.

තරුණ වුනත්, මැදිවියේ වුනත් හොරා හොරාමය. මේ නිසා ජාත්‍යාලය ඇති පංචස්කන්‌ධය වයසට ගියා කියා වෙනස් නොවේ. සම්බන්‌ධන් 85 ක් වෙලාත් ඊළම අතහැර නැත. ගුණදාස අමරසේකර එහි අනිත් පැත්තය. මාක්ස්වාදය අත්‌හල නලින් ද සිල්වා වෙන්ස්වී නැත. අනිත් වු ඇන්.ඇම් අදහයි. මේ නිසා යමෙකුට වයසක් සීමාවක් නැති එකම රක්‍ෂාව දේශපාලනයයි. ඇමෙරිකාවේ පාලකයින් විශ්‍රාම ගිය දේශපාලකයින්ගෙන් උපදෙස් ලබාගැනීම නිරන්තරයෙන්ම කරන්නේය. යම් ප්‍රශ්ණයක් ගැන එලිසබෙත් රැජිනට ඇති දැණුම මාළිගාවට එන-යන අගමැතිලාට නැත.

මන්ත්‍රීලා වීමට සිතන තරුණයින්ට ඉතිහාසය මතක් කරදීම

  1. 1948 වන විට රටේ නැවත ලියලමින් තිබුණ කතෝලික-බෞද්‌ධ ගැටුම, සිංහල-දෙමළ භාෂා ගැටුමකට හැරවීම පිටුපස සිටියේ මොන බලවේගයක්ද? ඇල්ලේ ගුණවංශ හිමියන් පෙන්වා දෙන අන්දමට මේ වනවිට රට පුරා ක්‍රිස්තියානී මූලධර්‌ම වාදීන් විසින් සියුම් හා විවෘත ආක්‍රමණයක් කර ඇත. සෑම රාජ්‍ය ආයතනයකම, අධිකරණය, පුවත් පත්, ව්‍යාපාර යන අස්සක් මුල්ලක් පුරාම මේ අය විසිරී කෙන්ද්‍ර ගතව සිටී. ලලිත් කොතලාවලට සිදුවූ පරිදි ස්ත්‍රීන් ගාවා බෞද්‌ධ පවුල් ව්‍යාපාර දියාරු කර ගිපගනිමින් සිටී. වැඩිහිටියන් විසින් ජලනිව මුණගැස්වූ විට, සජිත් ප්‍රේමදාසට ලව් ඊස් බ්ලයින්ඩ් වූ හැටි ධනසිරි ඉහත සඳහන් කල වීඩියෝවේ කියා සිටියේය. මෙවැනි දේ සංවිධානාත්මක ලෙස කෙරෙනවාද විය හැකිය. මේ නිසා යම් මිශ්‍ර ප්‍රභූ විවාහයකදී එය පිරිසිදු ආලයද නැද්ද යන සැකය සාධාරණය. ගින්දර හා පුළුන් එකතු කරන්න අමාරු නැත. ඩී. ඇස් ට හා බණ්ඩාරනායකට තිබූ දේශපාලන ප්‍රශ්ණයක් නම් උඩරටින් කසාදයක් බැඳ ගැනීමය. යුටිලිටේරියනිසම් ජෙරමි බෙන්තම්ට අනුව කසාදයක් යනු කඩෙන් භාණ්ඩයක් ගන්නවා වැනි ගණුදෙණුවකි.
  2. බොදු බල සේනාවේ ඥානසාර හිමියන් පෙන්වා දෙන්නේ මේ දෙය ඉහ්වාන් මුස්ලිම්කාරයින් හරහා දැන් රටේ සිදුවන බවය. බීබීසි ඒජන්ට් අමීන් නම් කොල්ලා, රංජන් රාමනායක හා අප්ප්ච්චි මළෝ සොයිසා සමඟ කර අසුවූ කුමණ්ත්‍රනය හොඳම නිදසුණය. නීතිපති දෙපාර්තමේන්තුවේ කොල්ලෙක්ද මෙසේ හැසුරුණු හැටි යහපාලන පාස්කු බොරු පාර්ලිමේන්තු කොමිටියේදී එලිවිය.
    දැන් අළුතින්ම රාජ්‍ය බුද්‌ධි අංශ අධ්‍යක්‍ෂකව සිටි නිලන්ත ජයවර්‌ධනගේ ශාක්‍ෂියෙන් එලිවන්නේ, නීති විද්‍යාලයේ මුස්ලිම් සිසුන් 2003 දී 6 දෙනෙකුගේ සිට 2012 දී 78 දක්වා වැඩිවීම (මුළු සංඛ්‍යාවෙන් 25%) අස්වාභාවික බව 2015 ජූලි 20 දා ඔහු වාර්‌තා කල බවය. එවිට ඇමතිවූයේ රාවුෆ් හකීම් ය. ඊට අමතරව හලාල් සහතික දීම මඟින් 2013 දී (නිෂ්පාදන 4,500 කට වඩා, කොම්පැනි 204 ක් විසින්) මසකට මිලියන් 1.5 ක ආදායමක් ඕල් සිලෝන් ජමියතුල් උලෙමා ව සභාව ලබාගත් බව ඔහු කියා සිටියේය (අයිලන්ඩ්, ජූලි 30). මේවා නීති විද්‍යාල සිද්‌ධිය 2012 දීම ඥානසාර හිමියන් විසින් පෙන්වා දුන් විට. උන්වහන්සේ ජාතිවාදය අවුස්සනවා යයි ඒ කාලයේ සිංහල ඇමතිලා චෝදනා කලේය! මේ අනුව මහින්ද-සිරිසේන යන දෙන්නාගේම කිල්ලෝට වල කුණු පිරී ඇත. රනිල් ගැන කියන්නට දෙයක් නැත.
  3. දුශ්ශීල භික්‍ෂූන් දෙන්නෙක් ඇමට ගෙන 1959 දී අගමැති බණ්ඩාරනායක ඝාතනය හා 1962 කුමණ්ත්‍රනය ක්‍රිස්තියානි කුමන්ත්‍රණ විය. ඉන් කරන්නේ පන්සලට පහර දීමය. රංජන් රාමනායක 2019 දී හාමුදුරුවරුන්ගේ සාමනේර දූෂණ කතාවේ අරමුණ වූයේද කෙහෙල්මල් සද්භාවයක් නොව කාගේ හෝ කොන්ත්‍රාත් එකක්‌ය.
  4. තිස්ස ජනනායක ටියුෂන් සර් කියන අන්දමට සමහර අයගේ ඩී. එන්. ඒ. වල ජාත්‍යාලය අඩුවීමේ දෝෂයක් තිබේ නම් ජේ. ආර් ට මුස්ලිම් හා බණ්ඩාරනායකට දෙමළ සම්භවයක් ඇත.
  5. සිංහල බෞද්‌ධයා සුළු ජන වර්‌ගවලට හානී කරණවා යන අදහස වැරදිය. සිදුවූයේ ඔවුන්ගේ හිත හොඳ කමින් සෙසු අය ප්‍රයෝජන ගැනීමය. අන්තිමේදී දැන් සිදුවී ඇත්තේ, ඊළම හා ශාරියා ගර්‍භාෂ ආක්‍රමණයට අසුවී යාමය. පාදිලිවරු බද්දේගම පැත්තේ මිනිස් බැටළු පැටවුන් දඩයමේ යද්දී රෑට නැවතුනේ ගමේ පන්සලේය. හාමුදුරුවෝ රෑට කෑමද පිස දුන්නේය. ලංකාවේ එකම් කතෝලික ශාන්තුවරයා වූ ජුසේ වාස් ව ඕලන්දකාරයින්ගෙන් ආරක්‍ෂාකලේ පන්සල් වලිනි.
  6. මම බුද්‌ධ දර්‍ශණය අනුව යනවා කියමින් ධනසිරිලා වැනි අය හිස වැල්ලේ ගසාගත් පැස්බරුන් නොවිය යුතුය. බුද්‌ධාගම (පන්සල) නොරැකී දර්‍ශණය කරන්නට දේශයක් ඉතුරු නොවේ. කරුණා-මෙත්තා-මුදිතා-උපෙක්ඛා- ගැන සිතසිතා සිටියා නම් මෙලහට රට ප්‍රභාකරන් යටතේය. හාමුදුරුවරු දේශ-පාලනයට නොා යුතුය කියන අය නොදන්නා දෙයක් නම් ලංකාවේ හාමුදුරුවරු ජාතියේ මුරදේවතාවුන් මිස ඇල්ලේ ගුණවංශ හිමිඳුන් කියන පරිදි ඔවුන් සෙකියුරිටි ගාඩ් ලා නොවූ බවය.
  7. නා නා මාදිලියේ ගමට ආවඩන (ගම නැඟුම, සමෘධිය, ගම්පෙරලිය, දිවි නැඟුම, ගම් උදාව) ව්‍යාපාර වලින් ගමේ ජනයා දිළිඳු බවේ නාහයට උඩින් වතුර ගලන-නොගලන මට්ටමේ තැබීමේ මන්ත්‍රී උපක්‍රමය මෙන් නොව 1940 ස් ගණන් වලදී ග්‍රාම සංවර්‌ධන හා අපරාධ මර්‌දන නමින් දීප ව්‍යාපව්‍යාපාරයක් කළුකොඳයාවේ ප්‍රග්ඥාශේඛර නාහිමියන් විසින් සාර්‍ථක ලෙස දියත් කල විට ඩොනමෝර් සභානායක ඩී. බී. ජයතිලක හා ඇමති ඩී. ඇස්. සේනානායක යන දෙන්නාම එය කඩාකප්පල් කරන්නට නිලධාරීන් සමඟ එකතු වුණේය. ගම් සභා භාර ඇමති, බණ්ඩාරනායකද කර ඇරියේය. අළුත් මන්ත්‍රීලා උන්වහන්සේගේ පොත කියවා මේ විස්තර දැනගෙන එහි ඇති කරුණු 99 අධ්‍යයනය කල යුතුය.
  8. මෙම අළුත් මන්ත්‍රීන් තේරුම් ගත යුතු දෙයක් නම් මහජාතියට 1551 සිටම රාජ්‍ය බලය විසින් කල වෙනස්කම් හා අසාධාරණකම්, බෞද්‌ධ මධ්‍යම ප්‍රතිපදාව (රීසනබල්/කොම්ප්‍රොමයිස්) අනුව යමින් ඉවත් කිරීම, සුළු ජනව‌ර්‍ගවල අයිතිවාසිකම් නැති කිරීමක් නොවන බවය. ඉන්දියාවේ, ඇමෙරිකාවේ හා මැලේසියාවේ උදහරණ දක්වමින් දැන් ඕස්ට්‍රේලියාවේ වසන දේවනේසන් නේසයියා විසින් ලියා ඇත්තේ (2004) ඩිස්ක්‍රිමිනේෂන් විත් රීසන් පිළිගතයුතු බවය. ටුට්සි සුළු ජාතියට වරප්‍රසාද දී සුද්දන් රට හැර ගිය විට හුතු මහජාතිය දින 100 ක් ඇතුලත ලක්‍ෂ 8 ක් ටුට්සින් මරා දැම්මේය. ලංකාවේ වෙනස සිංහල බෞද්‌ධයා සතා-සිව්පාවා, ගස්-ගල් වලට පවා සුවපත් වේවායයි කියන ජාතියක් වීමය.
  9. බොදු බල සේනාව විසින් 2012 මැයි සිට පෙන්වා දුන්නේ පක්‍ෂ දේශපාලකයින් සිංහල බෞද්‌ධයාට සළකන්නේ, සමහර පිරිමි හිත හොඳ ගෑණුන්ට සළකනවා මෙන් බවය. මේ නිසා සමස්ත පක්‍ෂ දේශපාලක ක්‍රමයම දෙදරා ගියේය. ඥානසාර හිමියන්ගේ හිස ඉල්ලා කෑගැසුවේය. එහෙත් අද වන විට සත්‍යය අනාවරණයවී ඇත. ජනාධිපති ගෝඨාභය කෙරෙහි සිංහලයින් තබා ඇති බලාපොරොත්තුව එයය.
  10. මොන ෂේප් වීම් තැත්කලත්, 13 සංශොධනය මර උඟුලක්මය. මිලේනියම් හිඟමනද එසේ මය. ශාරීයා ව්‍යාපාරයේ ප්‍රතිපලයද කාත්තන්කුඩියේ ඇමෙරිකන් නාවික අඩියක් ගසා ගැනීමය. මේවා උදුරා දැමීම පවතින ව්‍යවස්ථාව යටතේ කල හැකිය. අවශ්‍ය යම් යම් සංශොධන පමණය.
  11. උතුරේ දෙමළ ජනයා වෙල්ලාලයින්ගේ වහල් කුලවාදයෙන් බේරා ගන්නට සිංහල රජය ක්‍රියා නොකිරීම, නිවට ක්‍රියාවක් නොවේදැයි දැන් ඔප්පුවේ. මේ ජනයා ආදි සිංහලයින් කියාද මතයක් ඇත. දෙමළ ජනයා රැවටීමට, කොළඹ සිට ක්‍රිස්තියානි වෙල්ලාලයින් ගෙන ගිය ව්‍යාපාරය දැන් අවසාන වෙමින් පවතී. හින්දු-බෞද්‌ධ එකතුව, උතුරේ කුලහීන යයි සැළකූ ජනයා යුද හමුදාවට සිය කෘතඥතාවය පල කිරීම යනාදිය ඉදිරියේ හාමුදුරුවරු යුරෝපයට නොව උතුරු පලාතට වැඩිය යුතුය. උතුරේ ආණ්ඩුකාරයාවූ රඝුවාන් චෝදනා කලේද හාමුදුරුවරු දෙමළ ජනයා අමතක කර ඇති බවය. විග්නේෂ්වරන් හා සම්බන්‌ධන් කියන්නේත් දෙමළ බෞද්‌ධයාගේ ඉතිහාසය ගැනය. විෂ්ණු දෙවියන් බුදුන්ගේ අවතාරයක් ලෙස හින්දූන් සළකයි. එසේ නම් දෙමළ හින්දූන් නොව, ක්‍රිස්තියානි දමිළයින් සිංහලයා හතුරෙක් සේ දෙමළ ජනයා රවටමින් සිටියේය. ක්‍රිස්තියානි ස්ටැන්ලි තම්බයියා 1962 දී තායිලන්තයට ගොස් බුද්‌ධාගම හදාරා, අන්තිමේදී බුඩිසම් බිට්‍රේඩ් යයි අසත්‍ය තොරතුරු සහිත පොතක් ලිව්වේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මාරාවේශ වූවා වැනි පිටකවරය්ක්ද දමාය. ඔහුට පින්තූරය සැපයූවේ කුමාරි ජයවර්‌ධනය. පොතට ඩොලර් සැපයූවේ ඇගේ සැමියා ලාල් ජයවර්‍ධනය. යාපනේ කුල භේදය වෙනුවට තායිලන්තයේ බුද්‌ධාගම ගැන තම්බයියා සෙව්වේ ඇයි? මේවා ශුක්‍ෂම වැඩය. මේවා තෝරා බේරා ගෙන සිංහලයා වැඩකලයුතු කාලය පැමිණ තිබේ.
  12. ලංකාව ඒකිය රාජ්‍යයක් නොවේ. 13 සංශොධනය තිබෙන තාක් ලංකාව පෙඩරල්මය. එක නීතියක්, එක රටක් යනු බොරු මන්ත්‍රය. දැනට අවශ්‍ය මූලිකම දේ නම් ජන සභා ක්‍රමයක් යටතේ, පක්‍ෂ දේශපාලකයාගෙන් තොරව මහජනයාට තමන්ගේ එදිනෙදා බොහෝ කටයුතු කර ගැනීමට ඉඩ ලබා දීමය. මේ මඟින් නියම බලය බෙදීමක් (මීනින්ෆුල් ඩෙවොලූෂන්) ජනතාවට ලැබේ. හොර, දෙමළ හා සිංහල, මුස්ලිම් දේශපාලකයින් ඉවත් කල විට මේ ජන සභා දක්‍ෂ ලෙස ක්‍රියා කරණ අන්දම බොහෝ දෙනා නොදන්නා ගැමි දිරිය වැඩ සටහන යටතේ සිදුවිය. එය දේශපාලකයින් විසින් කඩාකප්පල් කර දැම්මේය. ඒ වෙනුවට එය යාපනයටත් ගෙන ගියා නම් මේ වන විට මොන තරම් වෙනසක් රටේ ඇති වන්නේද? 1940 ස් ගණන් වල ප්‍රඥාශේඛර හිමියන්ගේ ව්‍යාපාරයට කල දේම නැවත සිදුවිය. බිම් මට්ටමේ ජන සභා වලට පක්‍ෂ දේශපාලකයින්ට ගෑවීමට ඉඩදීම එහි විනාශයය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress