විජේවීර මිනීමරුවා දෙවියෙක් කරනු එපා.
Posted on August 4th, 2020

බි‍්‍රතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් සිට ලියයි.

මැතිවරණට ඇත්තේ තව දිනකටත් නොඅඩු කාලයකි. ප‍්‍රධාන පක්ෂ දෙකකට අමතරව මේ රටේ මීළඟ ජනාධිපතිවරයා වීමට අර අදින මුල් තුනේ අපේක්ෂකයා වන්නේ ජනබල පෙරමුණ යටතේ තරඟ කරන ජ.වි.පෙ නායක අනුර කුමාරය.

සෑම වසරකම නොවැම්බර් මාසයේ අනුර කුමාර හා ජවිපය කරන ඇදහිය නොහැකි දෙයක් වන්නේ 87රැු88 කැරැුල්ලෙන් මිය ගිය රෝහණ විජේවීර, ගමනායක ලයනල් මුණසිංහ වෙනුවෙන් උපහාර උත්සවය පවත්වා පහන් පත්තු කිරීමයි. ශෝක විලාප නැගීමයි.

අවාසනාවකට සෑම නොවැම්බර් මාසයේම ශී‍්‍ර ලංකාවේ බොහොමයක්ද ඉරිදා පත්තර හා සමහර ඔඪ නාළිකා විජේවීර සමඟ බිහිසුණු ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල යෙදුනු සාමාජිකයන්ට තම පුවත්පත් හා මාධ්‍ය විවෘත කරති. ජවිපයේ මිනිමරු අතීතයට සුදු හුනු ගාන්නට ඉඩ දෙතිග මෙවැනි ත‍්‍රස්තයන් විජේවීර බරපතළ අපරාධකාරයෙක් කියා ලියාවිද?

ශ‍්‍රී ලංකාවේ ඇතැම් ඉරිදා පුවත්පත්ද ඇතැම් විද්්‍යුත් මාධ්‍යද මේ ඊනියා උපහාර සෙල්ලමට එකතු වන්නේ රෝහණ විජේවීරගේ අන්තිම දවස දුටු කාට හෝ කුලිය ගෙවා ඔහු වර්ණනා කරන ලිපියක් ලියවා ගැනීමෙන් යග විජේවීරගේ ඊනියා අන්තිම පැය ගැන පුවත් පත් වලට කුලියට ලිවීමේ මුල් තැන සිටින්නේ ජ.වි.පෙ ඔත්තු කාරයෙකු ලෙස ්හා හමුදාවේ ඡුයාරූප ශිල්පියෙකු වශයෙන් කටයුතු කළ සාමාන්‍ය සෙබලෙකි. ඔහු හැම පත්තරයටම වරින් වර එකම ලිපිය ලියමින් ජීවිකාව සපයා ගන්නෙකි. මීට වසර විස්සකට පෙර දිවයින පුවත් පතට ලියමින් ඔහු කීවේ කනත්තට හමුදාව විසින් රැුගෙන ආවේ වෙඩි තබා මරණ ලද විජයවීරගේ දේහය බවයි. නමුත් එහෙම ලීවාම කියවන්නා එතරම් දුක් නොවන නිසාදෝ මෙයට වසර පහකට පෙර ඔහු තම කථාව වෙනස් කළේය. දැන් ඔහු ලියන්නේ විජේවීර කෙඳිරි ගාද්දී ඔහුව උස්සා ගිනි පෝරණුවට දැමු බවයි. ද්‍රෝහියකු බව හෙළිවී හමුදාවේ අත් අඩංගුවට පත්ව මාස ගණනක් හිර බත් කෑ මේ ඡුයාරූප ශිල්පියා දුන් ඔත්තු නිසා හමුදාවේ නිළධාරින් කිහිප ගණනක් න්‍ඪඡුය මඟින් ඝාතනය කළහ. නමුත් හමුදාවේ විනය කොයිතරම් ඉහළ තත්වයක තිබුණාද කියනවා නම් මේ සෙබළා හමුදා අත් අ ඩංගුවේ මාස ගණනක් හිටියත් ඔහුට කිසිම හිරිහැරයක් නොකිරීමට හමුදාව  වගබලා ගත්හ. එයට කළගුණ සැලකීමක් වශයෙන් දැන් ඔහු කරන්නේ හමුදා භටයින් විජේවීර පණපිටින් පුව්චා මැරුවායි කියමින් පත්තර වලට කුළියට ලියමින් තමන් සේවය කළ යුධ අනුඛණ්ඩය හෙළා දැකීමය.

නමුත් ඊයේ පෙරේදා ඉරිදා පුවත් පතකට ලිපියක් ලියමින් කනත්තේ සොහොන් පල්ලා නියත වශයෙන් කියා සිටියේ කනත්තට විජේවීර පණ පිටින් ගෙනාවේ නැති බවත් ආදාහනය කළේ විජේවීරගේ නිසල දේහය බවත්ය. නමුත් දැන් රටේ සමහර මාධ්‍ය පවා මේ සෙබළාගේ බොරු කථා නැවත නැවත මුද්‍රණය කරමින් පණ පිටින් පුච්චන ලද බෝධිසත්ව විජේවීර ගැන හඬති වැළපෙති.

හමුදා මූලස්ථානයට ගෙන ආ විජේවීර එහි රැුස් වුණු ඉහළ පෙළේ නිලධාරීන් අමතා පැයක් පමණ දේශනයක් පවත්වමින් ඔවුන් බලවත් සංවේගයට පත් කළා කියමින් මොහු ලියන කතාව ද අමූලික බොරුවක් බව ජානක පෙරේරා වරක් ප‍්‍රකාශ කර සිටියේය.

”විජේවීර හරිම බයගුල්ලෙක්. හමුදාවෙන් ප‍්‍රශ්න කරන කොට බයෙන් ගැහි ගැහි ඔහු හැමදේම වැමෑරුවා”යි කියා මේ නිලධාරියා කීවේය. නමුත් විජේවීර බෝධිසත්වයෙකු බව හුවා දක්වමින් කැමරාකරු තවමත් පත්තර වලට බොරු ලියමින් තම බඩ වියත රැුක ගනියි.

විජේවීර සුදනෙක් කිරිමට පත්තර වලට බොරු ලියන්නේ ඔහු පමණක් නෙවේ. විසිවන සියවසේ දරුණුතම ගහලයා විජේවීරට නොතිබුණ වීරත්වයක් ගැන වර්ණනා කරමින් ජ.වි.පෙ මිනිමරු ඉතිහාසයට සුදු හුණු ගාමින් හිටපු ත‍්‍රස්තවාදියෙකු ප‍්‍රධාන ඉරිදා පුවත්පතකට වසර ගානක් තිස්සේ ලියනලද ලිපි පෙළ අතිශයින්ම පිළිකුළ් සහගතය. විජේවීර විසින් මරවන ලද දහසක් සිවිල් වැසියන්ගේ නමට මෙම ලිපි පෙළෙන් කෙරුනේ දරුණු අපහාසයකි. නින්දාවකි. ඒ තීරු ලිපි කියවූ ඝාතනය කරන ලද අහිංසකයන්ගේ ¥ දරුවන් හා දෙමව්පියන්ට මේ ලේඛකයා ලියන අමූලික බොරු කියවන විට ඇතිවන දුක වේදනාව අතිමහත් බව එම පත‍්‍රයේ කතෘතුමාට නොවැටහුනි .

විජේවීරගේ අන්තිම මොහොත ගැන පත්තර වල පළවන මනඃකල්පිත කථා කියවන මේ රටේ දස දහසක් දෙමව්පියන් ”ඇයි න්‍ගඪගඡු ය ගෙදරට ඇවිත් දරුණු ලෙස වධ දී මැරූ පුතා ගැන පත්තර වල වචනයක්වත් ලියන්නේ නැත්තේ ” යි කියමින් තවමත් හඬා වැළපෙන බව මේ මාධ්‍යවේදීන්ට වැටහෙන්නේ නැද්ද?

අනුර කුමාරගේ වත්මන් ජවිපය මෙන්ම මේ මාධ්‍ය වලටත් අවශ්‍ය වී තිබෙන්නේ විජේවීර 20 වන සියවසේ අසියාවේ පහළ වු මහා සාන්තුවරයෙක් බව එදා උපත ලබා නොසිටි වත්මන් තරුණ පරපුරට ඒත්තු ගන්වා ඔවුන් මුලා කිරීමයි. යනු ශී‍්‍ර ලංකා හමුදාව මඟින් නිරපරාදේ මරා දමන ලද අහිංසකයකු ලෙස හිතන එදා ඉපදී නොසිටී දැන් තරුණ පරපුරෙන් මා ඉතා ආදරයෙන් කියා සිටින්නේ 20 වැනි ශතවර්ෂයේ ආසියාවේ සිටි දුෂ්ඨතම ගහලයා විජේවීර  කළ පොළව නුහුලන අපරාධ ගැන පොතපත කියවා දැනුවත් වන ලෙසයි.

රෝහණ විජේවීර කියන පුද්ගලයා විප්ලවවාදියකු ජනහිතකාමියකු හෝ සමාජවාදියකු නොවේ. ඔහු මේ රටේ ජනතාවගේ රන් භාණ්ඩ මුදල් ප‍්‍රසිද්ධියේ පැහැරගෙන ගොස් සුඛිත මුදිත ජීවිතයක් ගත කරන්නට උත්සහ කළ වංචනියෙකි. පල්හොරෙකි. වේලූ පිල්ලේ ප‍්‍රභාකරන්ටත් වඩා දරුණු ලේ පිපාසයෙන් පිරුණු මහා මිනිමරුවකි. වසර හතරක් තිස්සේ මුළු රටට භීතියට පත් කරමින් අසරණ සිංහල දෙමව්පියන් ¥ දරුවන් 40ල000ක් මරා දැමීමට නියෝග කළ තුච්ච වධකයෙකි.

විජේවීරගේ මරණයෙන් පසු රන්ජන් විජේරත්න ඇමතිවරයා පුවත්පත් කලා වේදීන් අමතා කීවේ ” විජේවීර කියන්නේ සමාජ වාදියෙක්වත් කොමියුනිට් වාදියෙක්වත් නෙවෙයි. ඒ ¥ෂ්ටයා සරසවි ජීවිතය කඩාකප්පල් කරගත් නිසා හීනමානයෙන් පෙළුණ දුෂ්ටයෙක්. ඒකයි මිනිහා මේ රටේ උපකුලපතිවරු, මහාචාර්්‍යවරු, වි¥හල්පතිවරු මරා දැම්මේ ඔහුට තිබුණේ පංති වෛරය මිසක් දුප්පතාට සේවය කිරීමක් නෙවී. අපේ බුද්ධි අංශයේ දක්ෂකම නිසා මිනිහා අල්ල නොගත්තා නම් මේ මිනිමරු රැුල මේ රටේ තව ලක්ෂ ගණනක් ඝාතනය කරන එක ෂුවර්”. එතුමාගේ එම ප‍්‍රකාශය වැරදියයි කාටවත් අද කිව හැකිද

88 න්‍ගඪගඡු භීෂණය මැඩපැවැත්වීමට සඳහා එවකට හමුදාව හා පොලීසිය සිදු කළ බරපතළ මිනිස් ඝාතන ගැන පමණක් ලියන ඇතැම් පුවත්පත් හා ග‍්‍රන්ථ කතෘවරු 40000කට වඩා අහිංසක සිංහල පිරිසක් අමු අමුවේ ඝාතනය කළ මිනිීමරු විජේවීර හා සගයන්ගේ පොළව නුහුලන අපරාධ ගැන වචනයක් නොලියන්නේ ඇයි ඒ ගැනත් ලියන්නට ඔවුන් පෙළෙ ඕ නම් විජේවීරගේ ඝාතන නිසා අනාථ වී තවමත් හඩන වැලපෙන පවුල් විසි තිස් දහකට එය තරමක හෝ සිතට සැනසුමක් විය හැකිය.  

නමුත් මා දන්නා තරමට ජ.වි.පෙ භීෂණය ගැන අභීතව මෑතකදී ලිවේ හා ලියන්නේ අරුණ පත්තරේ රෝහිත මුණසිංහ හා රිවිරට ”භීෂණයේ සෙවනැලි” ලිපි පෙළ ලියු ගාල්ලේ සුගත පාල මෙන්ඩිස් මහතා පමණි.

නොවැම්බර් මාසයේ ලංකාවේ ඉරිදා පත්තර වල නොවරදවාම පළවෙන ”අහිංසක” විජේවීරගේ අන්තිම දවස ගැන විවිධ කථා කියවා විජේවීර මේ රටේ පළමු අති උත්තර බෝධිසත්වයකු බවට සිතන වත්මන්  සරසවි සිසුන් හා වයස 35ට අඩු තරුණයින් මේ ගහලයාගේ මිනිස් ඝාතන ගැන හරියට කියවා නැත.

දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් තමන්ගේ අතින් එකම පුද්ගලයකු ඝාතනය නොකල බව ඇත්තය. නමුත් ලක්ෂ 20ක අහිංසක යුදෙව් දෙමාපියන් ¥ දරුවන් ගෑස් උ¥න්වලට දක්කා බිහිසුණු මරණයකට ලක් කිරීමට අණ¥න්නේ ඒ දුෂ්ඨ නායකයාය. එනිසා ඒ සෑම මිිනීමැරුමකම පවෙන් ගැලවෙන්නට හිට්ලර්ට බැරි විය. 40000ක අහිංසක සිවිල් ජනතාව ගෙවල්වලදී, මහමඟදී, කන්තෝරුවේදී, ඡුන්ද රුස්වීම්වලදී බිහිසුණු ලෙස ඝාතනය කරන්නට අණ¥න් විජේවීර , ගමනායකටද ඒ වගකීමෙන් මිදෙන්නට බැරි විය. ඔවුන් ඒ පාපයට තම ජිවිත වලින් වන්දි ගෙවීය. මේ පාපතරයන් දෙදෙනා හා අනෙකුත් 88 යුගයේ වධකයන් සෑම නොවැම්බර් මාසයකම ඉහළින් සමරන්නට දඟලන  වත්මන් ජ.වි.පෙ. නායක අනුර කුමාර, ටිල්වින් වැන්නාවුන් දඩු කඳේ ගැසිය යුතුයැයි එදා මරා දමන ලද අහිංසක දෙමාව්පියන්ගේ ¥ දරුවන් අද කීවොත් එය වැරැුද්දක් යැයි අපට කිව හැකිද

1987 වන විට ජේ. ආර්. ගේ රජය යටතේ රටේ රැුකිරක්ෂා ප‍්‍රශ්නය ඉතා උග‍්‍රර විය. සෑම ගමකම උසස් පෙළ සමත් වූ හෝ උපාධි ලැබු උපාධිලාභී රැුකියා විරහිත තරුණ තරුණියන් විස්සක් තිහක් පමණ සිටියහ. තමන් කොතරම් අසහනයෙන් සිටියද ඔවුන් ගමේ ධනවත් මුදලාලි, කුඹුරු හිමියා හෝ වතු පාලකයා කෙරෙහි ක්‍රෝධයෙන් පසු වුයේ නැත. කොටින්ම කියනවා නම් මොවුන් දඩාවතේ යන වල් බල්ලෙකුට දුවපිය කියා ගල් පහරක් වත් එල්ල නොකල පවට අකමැති වූ අහිංසක තරුණයන් වූහ.

නමුත් දුෂ්ඨ විජේවීර හා ගමනායක වැනි ජවිප නායකයො මේ තරුණ තරුණයින් තම සංවිධානයට බඳවා ගෙන දේශපාලන පංති පහ පවත්වමින් ඔවුන්ගේ  නිදහස් චින්තනය හා නීති ගරුක භාවය සම්පූර්ණයෙන්ම විනාශ කළෝය. දේශපාලකයින්ට හා ධනපතියන්ට වෛර කිරීමට ඔවුනට ඉගැන්නුවෝය. මේ තරුනයන්ගේ විරකියවට අසහනයට හා දුප්පත් කමට වගකිවයුත්තේ ගමේ මුදලාලිල වතුකරයා හා කුබුරු හිමිය බවට විජේවීරගේ පන්ති පහ ඔවුන්ට ඒත්තු කලෝය

මද්යම පන්තියේ දනපතියන්ට එරෙහිව ඔවුන්ගේ හිතට දරුනු වයිරය බද්ද් කලේ විජේවීරයග අතීතයේ කූඹියෙක් තලන්නටවත් බය වූ ගමේ හිටි අහින්සක තරුණයන්ව මුලූමනින්ම  නොමඟ යවා මුලා කොට ඔවුන් සමූල ඝාතකයින් බවට පත් කිරීමට ලේ පිපාසිත විජේවීර සමත් වුයේ සිංහල ජාතියේ කරුමයට නොවේයිද

පාසැල් අධ්‍යාපනය කඩාකප්පල් කොට ගෙන කොමියුනිස්ට් පක්ෂයෙන් පිනට ලැබුණ ශිෂ්‍යත්වයකින් ලූමුම්බා සරසවියට ගොස් එතනින් අසමත් වු විජේවීර තම රටේ උගත් පරපුරට නිතැතින්ම වෛර කළේය. තමන්ට ලබා ගැනීමට බැරි වු අධ්‍යාපනයෙන් පෝෂණය වී රටේ දුප්පත් ¥ දරුවන් තමාට වැඩි ඉහළ උගතකු වීම විජේවීර රිස්සුවේ නැත. එනිසාම තම සංවිධානයට පාසල් දරුවන් බඳවා ගෙන ඔවුන්ගේ වැඩිදුර  අධ්‍යාපනය විනාශ කිරීමට ඔහු තම අනුගාමිකයන්ට අණ කළේය. එපමණක් නොව රටට විශිෂ්ඨ උගතුන් බිහි කිරීමට ඇපකැපවු කොළඹ සරසවි උපකුලපති  ස්ටැන්ලි විජේසුන්දර ඇතුළු පාසැල් විදුහල්පතිවරු 69ක් අමු අමුවේ මරා දැමීය. 

 ඕනෑම පක්ෂයකට ආධාර කිරීම, තම පක්ෂයට ඡුන්දය දීම සෑම මිනිසෙකුගේම ප‍්‍රජාතන්ත‍්‍රිය අයිතිවාසිකමකි. නමුත් 1987/88 යුගයේදී අනුර කුමාර නායකතුමාගේ ජ.වි.පෙයෙ , ප‍්‍රධාන පෙළේ පක්ෂවල අනුගාමිකයන් මහා මඟ මරා දැම්මේ දස වධ දීමෙන් පසු ය ගඑවැනි මහා බරපතල පාපකර්ම කළ ජ.වි.පේ වත්මන් නායකයා අද වේදිකාවට නැග ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැුකීමට පොරොන්දු  දෙන විට එදා භීෂණයට යට වී තම දෙමාව්පියන් හා ¥ දරුවන් අහිමි වී දහස් ගණන් ශ‍්‍රී ලංකාවට ඇති වෙන්නේ මහා කෝපයකි, දරුණු පිළිකුළකි.

අමානුෂික ලෙස දේශපාලන විරුද්ධවාදීන් මරා දැමීමෙන් විජේවීර කෲර සතුටක් ලැබුවේය. පසු කලක සුප‍්‍රසිද්ධ වෛද්‍ය මහාචාර්්‍යවරයකු කීවේ මේ බිහිිසුණු මිනීමරුවා ඡුදිඑ ඔර්මප්එසජ ෑපඉසඑඑැරපැබඑ ෘසිදරාැර නමැති බරපතළ මානසික රෝගයෙන් පෙළුණු දුෂ්ඨයෙකු බවයි. මෙවැනි පිස්සන් තුළ අවිඥානික වෛරය, ක‍්‍රම විරෝධි බව, ලෝකය කෙරෙහි එදිරිය, පළිගැනීමේ කුරිරු ආශාව, දුක්මුසු මනෝභාවය නිතැතින්ම ඇති වේග තමන්ගේ අණ දේවත්වයෙන් සැළකු මොට්ට අනුගාමිකයන් ලවා මේ රටේ උගත් පරපුරේ විශාල සංඛ්‍යාවක් අමු අමුවේ මරා දැමීමට විජේවීර අණ දුන්නේ මේ පිස්සුව නිසාය.

රෝහණ විජේවීර රහසිගතව සැගවී සිටිමින් තම සගයන්ට අණ කළේ එජාපයේ පමණක් නොව ශී‍්‍රලනිප, කොප, න.ල.ස.ස.ප වැනි පක්ෂ වල ඉහළ නිලධාරීන් නිකම්ම මරා නොදමා බිහිසුණු වද බන්ධන වලට ලක් කොට මරා දැමිය යුතු බවයි.

ජවිපෙ සාහසිකයන් විසින් බිහිසුණු ලෙස මරා දමන ලද මැති ඇමතිවරු හා දේශපාලකයන් ගණන හතළිහකට වඩා අධිකය. එවකට බෙලිඅත්ත මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ද ජීවිතාරක්‍ෂාව පතා සිය පවුල සමඟ සැඟවී සිටියේ කලකට පෙර දකුණේ මහ ඇමතිව සිටි එච්. ඞී. සිරිසේන මහතාගේ මාතර නිවසේය.

ජනාධිපතිවරණයේ ජන්ද මධ්‍යස්ථානවලට ඡුන්දය දෙන්නට එන මුල් පස් දෙනා මරා දමන ලෙස මෙම ගහලයා නිකුත් කළ අණ ඔවුන්ගේ සහචරයන් අකුරටම කි‍්‍රයාත්මක කළේය. ඡුන්ද දවසේදී ඡුන්ද නිලධාරීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැුකීමට ඡුන්දය දුන් 300කට අධික අහිංසක ඡුන්ද දායකයන් අමු අමුවේ මරා දැමු රෝහණ විජේවීරගේ පක්ෂයේ වත්මන් නායක තුමා ඒ දුෂ්ඨ අතීතය ප‍්‍රසිද්ධියේ හෙළා දකින තුරු ප‍්‍රජාතන්ත‍්‍ර වාදය ගැන අද වේදිකා හොල්ලමින් කථා කිරීමට එතුමාට අයිතියක් නැත.

විජේවීරගේ කැලෑ නීතියට සතුරා මිතුරා කියා භේදයක් තිබුණේ නැත. එජාප, ශ‍්‍රී.ල.නි.ප ප‍්‍රධාන ආධාර කරුවන් පමණක් නොව  1971  න්‍ඪඡු  කැරැුල්ලේ මුල් පෙලේ සිට පසුව විජේවීර ගේ ප‍්‍රතිපත්ති ගැන කළකිරී පක්ෂයෙන් ඉවත්ව නිහඬ ජීවිතයක් ගතකළ පරණ සමාජිකයන් පසු පස හඹා ගොස් ඔවුන් මරා දමන ලෙස ඔහු අණ කළේය. 71 කැරැුල්ලේ නායකය කු වු නන්දන මාරසිංහ ඇතුළු බොහෝ දෙනෙකු ඔහුගේ අණින් බිහිසුණු ලෙස ඝාතනය වීය.

භීෂණ සමයේ දී හමුදා ඝාතකයන්ගේ වෙඩි පහරට ලක් වී මිනී වලට දැමූ පසු ඉන් නැඟිට ”අනේ අයියේ මේ කරාබුු දෙක අපේ අම්මාට ගිහින් දෙන්න” කියා වල කැපූ දුප්පතා අතට දී තවත් වෙඩි පහරවල් වැදී කෲර මරණයට ලක් වූ කතරගම ප්‍රේමවතී මනම්පේරි ගැන පොත් දුසිම් ගණනාවක් ලියවී ඇත. නමුත් රජයේ නියෝගයට බයේ ජ.වි.පෙ අණ නොතකා වැඩට ගිය පවට විජේවීරගේ අණින් ගෙදරින් එළියට ඇද ගෙන යද්දී තමන්ගේ තම කරාබු ු ජෝඩුව ගළවා අම්මා අතට දී ”අම්මේ මම මේ අයියලා එක්ක ගිහින් එන්නම්” ඇයට දණ ගසා වැඳ තමා මේ යන්නේ තම අවසන් ගමන බව දැන දැනම මරණය කරා ගිය රූපවාහිනි නිවේදිකා සාගරිකා ගෝමස් ගැන පුවත්පත් කිසිවක් නොලියන්නේ ශෝක නොවන්නේ ඇයි?

විජේවිරගේ මිනීමරු ත‍්‍රස්ථ හමුදාව විසින් අමු අමුවේ ඝාතනය කරන ලද කලාකරුවන්ද විශාල ගණනකි. සුප‍්‍රකට ගීත රචක පේ‍්‍රමකීර්තීද අල්විස් ප‍්‍රශ්න කිරීමටය කියා මහා ? ගෙදරින් එළියට ගෙන ගොස් බෝක්කුවක් ළග අමු අමුවේ මරා දැමීමට විජේවීර අණ දුන්නේය.රටේ වැදගත් කලා කරුවන්ටද ඝාතකයන් ගෙන් බේරීම සඳහා සැගවී සිටින්නට විය. නැතිනම් බොරුවට හෝ ජවිපේ ත‍්‍රස්ථවාදීන්ට සහයෝගය දෙන බව හඟවන්නට සිදු වීය. නන්දා මාලිනියට සිදු වූයේත් එයයි. තම පණ බේරා ගැනීම සඳහා ඇයට

යදමින් බැඳි විලංගුලා – මගේ පුතා ගෙන යන්නටල ඉඳිකටු ඇන ඇඟිලි තලා – දෙතිස් වදේ පමුණුවන්න විප්ලව රණ ගී ගායනා කරන්නට සිදු වීය. තමන්ගේ අණ නොතකා වැඩට ගිය නිසා විජේවීර විසින් ඒ දිනවල මරා දමන ලද අහිංසක බස් රිය¥රන්, කම්කරුවන්, රෝහල් සේවකයන් ගුරුවරුන් වෙනුවෙන් එදා ඇය විරහ ගීයක් ගැයුවා නම් ඇයටත් වන්නේ පේ‍්‍රම කීර්ති  ට සි¥වූ දෙයමය.අවාසනාවට නන්දා මාලිනී අකමැත්තෙන් ගැයු මේ ගීය පසුව මිනීමරු ජ.විි.පෙරමුණේ නිල ගීතය විය.  

න්‍ගඪගඡු එක විසින් ඝාතනය කළ සාගරිකා ගෝමස් , පේ‍්‍රමකීර්ථ ද අල්විස් ගැන ලියන්නට පිටුවක අඟලක් වෙන් කිරීමට අකමැති ඉරිදා පුවත්පත් කතෘවරු මේ රටේ 40000ක් සිංහල අහිංසකයන් අමු අමුවේ මැරූ විජේවීරගේ ඊනියා ශෝකජනක අවසානය ගැන ලියමින් පිටු පුරවන්නේ ඇයි? අලි මදිවට හරක් කිව්වා සේ ශ‍්‍රී ලංකාවේ සමහර නිශ්පාදකවරු මේ ගහලයා වීරයකු සේ හුවා චිත‍්‍රපටි නිපදවා නුතන තරුණ පරපුර නොමග යවමින් කෝටි පතියන් වෙමින් සිටිති. කෘර ලෙස මරා දමන ලද දසදහස් ගනනක අහින්සක සිවිල් ජනතාවගේ මිනි වලවල් තුලින් මේ සිනමා කාරයෝ  සල්ලි ගැරීම කොතරම් නිහීන වැඩක්දග

පේ‍්‍රම කීර්තිද අල්විස් හා තේමිස් ගුරුගේ වැනි රටක් වටින කලාකරුවන් මහම`ග අමු අමුවේ මරා දැමු න්‍ඪඡු ඝාතකයන් තවමත් නිදැල්ලේය.උපකුලපතිවරුන් ස්ටැන්ලි ජයසුන්දර හා චන්ද්‍රා පටුවතවිතාන වැනි උගතුන් බිහිසුණු ලෙස ඝාතනය කළ වධකයන් තවම නීතියට හසු වුයේ නැත.  එදා කොල්ලන් වු මේ නිහීන අපරාධකරයෝ අද වයස 50, 55 වැඩිහිටියන්ය.  ඔබේ කන්තෝරුවේ ලොක්කා පාසැලේ විදුහල්පතිවරයා ද 88/89 වෙස්මුහුණු බැඳගෙන මහ ? ගෙවල්වලට පැන පුංචි පුතාලා දුලා ඉදිරියේ පියා හා මව මැරූ දරුණු මිනීමරුවන් විය හැකිය. අද දරු මල්ලන් ඇති ඔවුන්ට හෘදය සාක්ෂියට අනුව සුවසේ ජිවත්විය හැකිද?  තවමත් වෙඩිතබා මරා දැමු අහිංසකයන්ගේ මුහුණු ඔවුනට තවමත් නින්දේදී පෙනේනේ නැද්ද?

විජේවීර, ගමනායක, සමන් පියසිරිලා වැනි නායකයෝ හමුදා භටයන් දෙසීයක් පමණ මැරෙව්වා පමණක් නොව හමුදා පවුල් 23ක අම්මලා තාත්තලා ¥ පුතුන් සමූල වශයෙන් ඝාතනය කළෝය. මේ පොළව නුහුලන අපරාධ ගැන කවුරුත් නොලියන්නේ ඇයි?

1971 කැරැුල්ලේදී ජයසේකර නැමැති ග‍්‍රාම නිළධාරියෙකු සැඟවි සිටි ත‍්‍රස්ථවාදියෙකු පොලීසියට අල්ලා දුන්නේය. 1987දී මේ නිළධාරියාගෙන් පළිගැනීමට විජේවීර ත‍්‍රස්ථවාදීන් කිහිප දෙනෙකු ඔහුගේ නිවසට යැවු නමුත් ඒ වන විට නිළධාරියා මැරී වසර දෙකක් ගත වී තිබුණි. ඉන් අධෛර්යයට පත් නොවු මේ සහසිකයින් තාත්තාගේ ක‍්‍රියාවට පළිගත්තේ ඔහුගේ පුතුන් දෙදෙනාම එළියට ඇද ගොස් බිහිසුණු ලෙස ඝාතනය කරමින්ය. ලොකු පුතාගේ 41 පලකට පිහියෙන් ඇනීමට තරම් අනුර කුමාර දිසානායකගේ පක්ෂයේ මී මුත්තෝ දරුණු වීය.

ලවුඞ්ස්පීකර් එකක් කාර් එකේ බැඳ ගෙන පේ‍්‍රමදාස ජනාධිපති තුමාගේ ගාලූ රැුලිය පිළිබඳ ප‍්‍රචාරක කටයුතු කළ මා දන්නා ගාලූ කලහේ තරුණයෙකු සොයා න්‍ගඪගඡු ඝාතකයන් පැමිණියේ ? 8ට ය. නිරුවත් කොට ගේ පිටිපස්සේ පොල් ගහක මේ අසරණයා බැඳ දැමු ඝාතකයෝ ඔහුට නානාප‍්‍රකාර වධ හිංසා පැමිණ වීය. ගිනි පෙනල්ලකින් මුලූ ඇඟ පුරා 135ස් තැනක් පුචිචද්දී ඔහු නැඟු විලාප හඩින් මුළු ගමම දෙදුරුම් කෑ නමුත් පරාණ භය නිසා කිසිවෙකුත් ඔහුගේ උදව්වට ආවේ නැත. පැය 10ක් තිස්සේ තිරස්ශීන වධ බන්ධන වලට ලක් වූ මේ අහිංසකයාගේ හිස කඳින් වෙන් කොට ගෙදර දොරකඩ තබා යන්නට තරම් විජේවීරගේ අපරාධකාරයෝ දරුණු විය  

.ජ.වි.පෙරමුණේ නඩු වලට පෙනී සිටීම, මානව හිතවාදියෙකු වීම යන කරුණු ජ.වි.පේ ඝාතකයන්ගෙන් අභයදානය ලැබීමට හේතුවක් නොවීය. මහින්දයේ දක්ෂ ආදි ශිෂ්‍යයකු වු හා හිර භාරයට ගත් ජ.වි.පෙ ත‍්‍රස්ථවාදීන් වෙනුවෙන් පෙනී සිටි දක්ෂ නීතිඥවරයෙකු වු සේපාල රත්නායක 1989 මැතිවරණයේ ශ‍්‍රී.ල.නි.ප.ය වෙනුවෙන් නාම යෝජනා දීමට සැරසී සිටියේය. විජේවීර හා ගමනායකට මොහුව මරා දැමීමට අණ කිරීමට එම කාරණාව ප‍්‍රමාණවත් විය.

මහා ? සේපාලගේ ගෙදරට කඩා වැදුණු දාමරිකයෝ ඔහු හා ඔහුගේ ශ‍්‍රී.ල.නි.ප අනුගාමිකයන් බිහිසුණු ලෙස මරා දමා ගෙදර වත්තේ පේර ගස් වල එල්ලූවේ අනිත් අපේක්ෂකයන් බිය වැද්දීමටය.

දකුණේ භීෂණය මර්දනය කිරීමට දැඩි වෙහෙසක් ගත් උප පොලිස්පති උඩුගම‘පල මහතාගේ ගාල්ලේ මහ ගෙදරට විජේවීරගේ අණින් කඩා වැදුන න්‍ඪඡු මෘගයෝ ඒ මහතාගේ මව හා මල්ලී හා බිරිඳ පමණක් නොව ඔවුන්ගේ අවුරුදු 8” 10ක් වු අහිංසක කිරි සප්පයන් දෙදෙනාද කපා කොටා ඝාතනය කොට පුඵ’ස්සා දැමීය’ විජේවීරගේ ඊනියා මාක්ස් වාදය පිළි නොගැනිමේ වරද නිසා ඔහුගේ අණින් සුප‍්‍රසිද්ධ ධර්ම කථික කොටිකා වත්තේ සද්ධාතිස්ස,  වැල්ලේතොට පඤ්ඤාදස්සි හිමිවරු ඇතුළු බෞද්ධ භික්ෂුහු 24ක් අමු අමුවේ ඝාතනය විය. වැල්ලේතොට හිමියන් දානයකට වැඩ ආපසු තේ වත්තේ මැදින් එද්දී ඇබිත්තියා සමඟ උන්වහන්සේ මැරූ අනුර කුමාර මහතාගේ පක්ෂයේ අතීත ත‍්‍රස්ථවාදීයෝ උන්වහන්සේගේ බෙල්ල කඳින් වෙන්කොට ගිනි තැබුවේය. කතරගම දී කතෝලික පියවරුන් අමු අමුවේ ඝාතනය කෙරෙව්වේත් විජේවීරය.

විජේවීර මිනීමරුවාගේ නියෝගය පරිදි ජ.වි.පයේ ප‍්‍රාදේශිය නායකයකු මහ ? වගා නිළධාරියකුගේ ගෙදරට කඩා වැදී ඔහුට වෙඩි තිබ්බේය. ඒ නිළධාරියාගේ නිසල දේහය බදාගෙන බිරිඳ හා කුඩා දරුවන් විලාප දෙමින් හඩද්දි මිනීමරුවාට තමන් කළ පාපයේ තරම අවබෝධ විය. තමා කළ අපරාධය ගැන හද සසලවු මේ ඝාතකයාට තම සංවිධානය සම්පූර්ණයේම එපා විය. ඊට පසුදාම තුවක්කුව රැුගෙන හමුදා මූලස්ථානයට ගිය ඔහු අණ දෙන නිළධාරී ආනන්ද වීරසේකර ඉදිරියේ පාපෝච්චාරණය කරමින් හමුදාවට භාරවිය. මේ ආරංචිය ඇසු අද අනුර කුමාර හා ටිල්වින්ලා නායකත්වය දෙන න්‍ගඪගඡුය කළේ කුමක්ද. ඉන් දින දෙකකට පසු මේ බාර වූ න්‍ගඪගඡු ප‍්‍රාදේශිය නායකයා ගෙදරට කඩා වැදුනු විජේවීර විසින් එවනලද ඝාතකයෝ  ර්‍ණඅපේ සංවිධානයට ද්‍රෝහී වන එවුන්ට දෙන දඩුවම මෙයයි” කියමින් ඔහුගේ 14 හැවිරිදි අහිංසක පුංචි මල්ලීගේ පපුවට වෙඩිතබා ඝාතනය කළෝ ය.

ඒ අඳුරු සමයේ දී ජවිපයේ අණ නොතකා එක් නිර්භීත කොස්තාපල්වරයෙකු හක්මන පොලීසියේ දි දිගටම සේවය කළේය. කෲර විජේවීර ඔහුගෙන් පළි ගත්තේ තම සගයින් ලවා ඔහුගෙ 70 හැවිරිදි අසරණ පියා හක්මන මහා වීදියේ ලයිට් කණුවක ගැටගසා පෙට‍්‍රල් වත්කොට ගිනි තබා පුළුස්සා මරවා දැමීමෙනි. මෙවැනි අති දුෂ්ට හා පොල්පොට්ටත් වඩා කෲර නායකයෙකු වූ විජේවීරගේ මරණය ගැන සමහර මාධ්‍යවේදීන් තවමත් පොළවේ හැපෙමින් අඬන්නේ ඇයි? ඒ වෙනුවට ඔහු විසින් බිහිසුණු ලෙස මරා දැමවූ අහිංසක හාමුදුරුවන්, ගුරුවරු, රජයේ සේවකයන් හා කම්කරුවන් ගැන මේ තිස්වැනි සංවත්සර මාසයේදීවත් ලියන්නට බැරි ඇයි?

2018 ජුලි මාසයේදී  මා හා මගේ බිරිඳ ට කතරගම කිරිවෙහෙරදී හක්මණ සිට පැමිණි වැන්දඹු මවක් හා දියණියන් දෙදෙනකු හමුවිය. ඔවුන් පැමිණ සිටියේ න්‍ඪඡුය මඟින් මරා දමන ලද තම ආදරවන්තයන්ට වාර්ෂිකව පිං පැමිණ වීමටය.ඇයගේ පවුලේ දුක් බර කථාව ඇය සිය කැමැත්තෙන්ම මට කීවේ ඇයගේ හදවත තුළ වසර 30ක් තිස්සේ බුරා බුරා නැගෙමින් පැවති ශෝකය තරමක් දුරට හෝ අඩු කර ගැනීම සඳහා බව මට වැටුහුණි. මේ අසරණ වැන්දඹු කාන්තාව අප සමඟ පැය භාගයක් කතා කරමින් හැඬුවාය. ”88 ජුලි  මාසෙ මහා ? අපේ ගෙදරට කඩා වැදුන න්‍ගඪගඡු කාරයෝ විදුලි කාර්මිකයෙක් වු මගේ මහත්තයාව හෙව්වා. මහත්තයා එදා රැු වැඩට ගිහින් කිව්වාම උන් එහෙනම් උඹ වරෙන්” කියලා මගේ අවු. 20 කොල්ලා අරන් ගියා. අදටත් මගේ රත්තරං සුදු පුතා අතුරුදහන්. ඊට සතියකට පස්සේ මගේ මහත්තයා උදේ හයට වැඩ ඉවර වෙලා ගෙදර එනකන් හැංගිලා හිටි උන් මහත්තයා ඇද ගෙන ගේ ඇතුළට ඇවිත් එයාව සාලේ දණ ගස්සවලා අපි තුන් දෙනාගේ ඇස් ඉදිරියේ එයාගේ ඔළුවට වෙඩි තියලා මැරුවා.

ඒ දවස් වල ඉස්කොලේ ගිය මේ ¥ලාට  එයාලා ඉස්සරහ තාත්තා මරපු එකෙන් විශාල මානසික පීඩනයක් ඇති වෙලා අවුරුදු ගාණනක් වෙදකම් කරන්න උනා. මට උනත් තවමත් ?ට නිදා ගන්න ගියාම ඒ භයානක දර්ශනය මැවිලා පේනවා. අපිට ඹභඡු ආණ්ඩුවෙන් සතයක වන්දියක් ලැබුනේ නැහැ. මම බොහොම දුක් විදලා රස්සාවල් දෙක තුනක් කරලා මේ දරුවෝ දෙන්නට ඉගැන්නුවා. ඔවුන් අද නීතිඥවරු හැම නොවැම්බර් මාසයේම අනුර කුමාරලා නින්දිත මිනිමරුවා විජේවීරට උපහාර උත්සව පවත්වන කොට මහත්තයෝ අපිට උන් ගැන ඇති වෛරය දෙතුන් ගුණයකින් වැඩි වෙනවා.

මේ දරුවෝ තවමත් මගෙන් අහන්නේ ඇයි අම්මේ උන් අපේ අයියයි තාත්තයි මරා දැම්මේ කියා. මේවට දෙන්න උත්තර මං ගාව නැහැ මහත්තයෝ ඹභඡු ආණ්ඩුවෙන්වත් මහින්ද මහත්තයලාගෙන්වත් අපිට සාධාරණයක් ඉටු උනේ නැහැ. සතයක වන්දියක් ලැබුනේ නැහැු. පත්තර කාරයෝ උනත් පේ‍්‍රමදාස භීෂණය ගැන කථා කරනවා මිසක් අදටත් න්‍ගඪගඡු භීෂණය ගැන කථා කරන්නේ නැහැ. මට දුක මහත්තයෝ 89න් පස්සේ ඉපදුණ අපේ තරුණ පරම්පරාව න්‍ඪඡුය නිසා, එදා අපි වින්ද දුක් කරදර දන්නේ නැති එකයි. ඒ ළමයි මේ මිනිමරුව පක්ෂේ නැතිනම් පෙරටු ගාමියෝ පස්සේ ගිහිින් වරද්ද ගන්නවා මහත්තයෝ” යනුවෙන් ඇය දීර්ඝ කථාවක් අපට කියමින් නොනවත්වා  හැඬුවාය.

ඇය එදා මා සමඟ කීවේ ඇයගේ පවුලේ ශෝකාන්තය පමණක් නොවේ. න්‍ගඪගඡුය විසින් අමු අමුවේ මරා දමන ලද  හතලිස්දාහකට වැඩි අහිංසකයන්ගේ තාත්තලා අම්මලා හා ¥ දරුවන්ගේ ශෝකාන්තයයි.ජනාධිපති අපේක්ෂක අනුර කුමාරට, ටිල්වින් සිල්වාට, විජිත යාපාට ඔවුන්ගේ පක්ෂය විසින් මරා දැමු එවැනි පුද්ගලයන්ගේ පවුල් අදටත් විදින දුක් පෙනෙන්නේ නැත.  මා මේ ලිපිය ලියන්නේ අදටත් හ`ඩක් නැතුව දස දහස් වාරයක් මැරි මැරී උපදින මේ අසරණයන් වෙනුවෙන් හ`ඩක් නැ`ගීමට ය.  ජ.වී.ප. නායකයන්ගේ හෝ රජයෙන් ඔවුන්ට වන්දි ලබා දීමටය.  විජේවීර මිනීමරුවගේ අන්තිම පැය ගැන ලියන්නට තව තවත් කොල නාස්ති නොකර තිස් වසරක් තිස්සේ දුකෙන් හ`ඩන මේ අහිංසක පවුල් වෙනුවෙන් පත්තර තීරුවක් දෙකක් වෙන් කරන ලෙස අනෙකුත් පුවත්පත් කතෘතුමන්ලට ආයාචනය කිරීමටය.

87රැු88 සමයේ ජවිපෙ ය විසින් කරන ලද තුච්ච මිනිමැරුම් වලින් අල්ප මාත‍්‍රයක් ගැන මම මෙහි ලීවේ භීෂණ යුගයේ අත දරුවන් සිටි හෝ ඉන් පසුව ඉපදුණ දැන් ඡුන්ද බලය හිමි ලක්‍ෂ 12ක තරුණ පරපුරට විජේවීරගේ සැබෑ මුහුණ හෙළි කිරීමටය. රෝහණ විජේවීර යනු සමහර පොත්පත් හෝ ඉරිදා පුවත්පත් වලින් ඔබ කියවා ඇති අන්දමේ සොඳුරු මිනිසෙකු නොවේ. ඔහු අති රුදුරු මිනිස් ඝාතකයෙකි.  සිංහල ජාතිය විනාශ කරන්නට තැත් කළ නරුමයෙකි.

මේ මියගිය අහිංසකයන්ගේ මිනී වල වල් උඩ අලංකාර වේදිකා සදා ගෙන අපෙන් ඡුන්දය ඉල්ලන අනුර කුමාර මහතා කියන්නේ ඔහු ගමැතිවූ වූ වහාම ඊලාම් යුද්ධයේදී මිය ගිය හා අතුරුදහන් වූ දෙමළ ජාතිකයන්ගේ පවුල් වලට වහා වන්දි දෙන බවයි. අහෝ ඛේදයක මහත. ඔහුගේ ලේ පිපාසිත නායක විජේවීර විසින් අමු අමුවේ මරවන ලද 40000ක සිංහල අහිංසකයන්ගෙ තවමත් දුක් විඳින පවුල් වලට වන්දි ලබාදීම තම පක්ෂයේ වගකීමක් බව එතුමාට පේන්නේ නැද්ද

ලෝකයේ කිසිම ත‍්‍රස්තවාදී සංවිධානයක් තමන් විසින් මරා දමන ලද කෙනෙකුගේ අවමග’ුලට තහනම‘ නීති පැනෙව‘වෙ‘ නැත’  එහෙත් විජේවීර ගමනායක හා සමන් පියසිරි වැනි මිනීමරු නායකයෝ තම සංවිධානය ලවා අහිංසකයන් මැරෙව‘වා පමණක් නොව මිනී පෙට‘ටිය අඩි තුනකට වඩා ඉහලට එසවීම පාංශකුලය දීම මළබෙර ගැසීම වැනි ක‍්‍රියා තහනම‘ කරමින් තම අති දුෂ්ට බාවය ලොවටම පෙන්නුම‘ කලහ’

පවුලේ සාමාජිකයන්ට තම මිය ගිය ආදරවන්තයත්ගේ මිනී පෙට්ටියේ සුදු රෝස මලක් තබා ඔවුනට නිසි අවසන් ගෞරවය ලබා දීමටවත් මේ ජවිප ගහලයන් ඉඩ දුන්නේ නැත.

අද මැතිවරණ වෙ‘දිකාවට නැගී රටෙ‘ ආර්ථික සුරකින්නට දිව‘රුම‘ දෙන අනුර කුමාර මහතා තමාගේ නායක විජේවීර එක තුන්ඩු කැබැල්ලෙන් රටෙ‘ කර්මාන්ත ශාලා ෆැක්ටරි වසා දැමු හැටි මෙහි තැපැල් කන්තෝරු 980ක් ගිනිතබා ශ‍්‍රීලංකාවෙ‘ ග‍්‍රාමීය ආර්ථිකය මුඵ’මනින්නම විනාශ කිරීම ගැන වචනයක්වත් කථා නොකරන්නේ ඔහු ඒවා තවමත් අනුමත කරන නිසා නේදග  එසේ නම‘ අනුර කුමාර අගමැති කරවීමට ඔබගේ වටිනා ඡුන්දය 5දා පාවිච‘චි කළ යුතුද?

මරණයක් නොවු ගෙදරකින් අබ ඇටයක් ගෙන එන ලෙස බු¥න් වහන්සේ කිසා ගෝතමියට කී කථාව ඔබ සැම දනිති.ඔබ පුළුවන් නම් හක්මන, බෙලිඅත්ත, පල්ලත්තර වැනි දකුණේ ගමක  ඕනෑම ගෙයකට ගොස් 88/89 දී කෘර ලෙස ජ.වි.පය අතින් ඝාතනය වු පවුලේ සාමාජිකයෙකු, නෑයකු හෝ මිතුරකු නැති ගෙදරකින් ලූණු කැටය බැගින් ඉල්ලා ගන්න. ඒ ගමේ මුලූ දවසම ඇවිිද්දත් ලූණු කැට දහයකට වඩා එකතු කරගන්න ඔබට නොලැබෙන්නේ මිිනීමරු විජේවීරගේ ඝාතන වැලට හසු නොවු එම ගමේ ගෙයක් සොයා ගැනීමට ඉතා අපහසු දෙයක් වන නිසාය 

මරා දමන ලද අහිංසකයන්ගේ පවුල්වල සාමාජිකයින්ට රුපියලකවත් වන්දියක් දීමට ඔහු පොරොන්දු නොවන්නේ ජ.වි.පෙරමුණේ පිළිකුල් සහගත මිනීමරු අතීතය වත්මන් පරපුර විසින් දැන ගැනීම නිසා ඔහුට ලැබෙන ඡුන්ද ටික නැති වෙයි කියන බයටද` මෙවැනි ¥රදාන්න මිනීමරු ඉතිහාසයක් ඇති විජේවීරත් ඔහුගේ අනුගාමිකයනුත් කළ පොළව නුහුලන අපරාධ ගැන වගේ වගක් නැතුව අනුර කුමාර දිසානායක මහතාට තම හෘද සාක්ෂියට අනුව මේ රටේ ඡුන්දය ඉල්ලිය නොහැක.  එනිසා වත්මන් න්‍ඪඡු ය කෙරෙහි මෙ‘ රටෙ‘ වයස 40ට වැඩි ජනතාවට තද බල වෛරයක් පිළිකුලක් ඇතිවීම ස්වභාවිකය’

උප කුලපති ස්ටැන්ලි විජයසුන්දර” පොලිස් පරීක්ෂක ටෙරන්ස් පෙරේරා ජනකාන්ත නඵ’ විජය කුමාරතුංග වැනි වටිනා ජීවිත 41ක් විනාශ කල ලයනල් මුනසිංහගේ පින්තුරයට නොවැ 19දා අනුර කුමාර මල් මාලා පළදන විට න්‍ඪඡු ය විසින් මරා දමන ලද අහින්සකයන්ගේ ් පවුල් ඔහුට සාප නොකරයිද?

මිනීමරු රෝහණ විජේවීරගේ පුතා උවිදු විජේවීර අද මොස්කව‘ විශ්ව විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකි.  ඔහුගේ මව හා අක්කලා අද සැපවත් ජීවිතයක් ගත කරති’  උවිදු ඇතුඵ’ මුඵ’ පවුලම අද ජීවත්වන්නේ හමුදාවෙ‘ උසස් නිලධාරීන් තුල තිබු ඉහළ පෙළේ විනය හා හික්මීම නිසා බව අප අමතක නොකල යුතුය’

1989 නොවැම‘බර් 19දා විජයවීර අත් අඩංගුවට පත්වුයේ ඔහුගේ කුරිරු අණින් න්‍ඪඡු  මිනීමරුවන් විසින් හමුදා භටයින් පමණක් නොව ඔවුන්ගේ අහිංසක බිරින්දලා දු දරුවන් 200ක් පමණ අමු අමුවෙ‘ ඝාතනය වුන යුගයකය’

විජෙවීර කොළඹට ගෙන යද්දී   ර්‍ණඔයගොල්ලා ගෙදර පරිස්සමෙන් ඉන්න” කියා ජානක පෙරේරා චිත‍්‍රාංගනී හා දරුවන්ට අණකොට නොගියා නම‘ න්‍ඪඡු ය විසින් තම මව‘පියන් හා දරුවන් ඝාතනය වුන හමුදා භටයින් නුවර සිට පැමිණ මුඵ’ පවුලම ඝාතනය කරන්නට ඉඩ තිබුණි’  ඒ බව හොදාකාරව වටහා ගත් ජානක පෙරේරා හා අල්ගම යන නිලධාරීන් චිත‍්‍රාංගනීට කාරුණිකව කීවෙ‘ හමුදා භටයින් දැනගන්නට පෙර වහාම එම ස්ථානයෙන් පිටවිී යන ලෙසය’ අවශ්‍ය වුණොත් කතා කරන්නයි හමුදපතිතුමගේ ටෙලිෆොන් නොම්මරය පවා ඇයට දෙන්නට තරම් කර්නල් අල්ගම අනුකම්පාසහගත පුද්ගලයකු වීය

 ඒ මානුශීය අනුකම්පාව නිසා තම ජිවිත බෙ‘රාගත් චිත‍්‍රාංගනී හා පවුල ජානක පෙරේරාගේ පිළිරුව ඉදිරියේ සැම වසරකම වැද වැටී එතුමාට පින්දිය යුතු නොවෙ‘ද?නමුත් කුරිරු න්‍ඪඡුය කර්නල් අල්ගමට කෘතගුණ දැක්වුයේ විජේවීර මැරී මසක් සම‘පුර්ණ වු දිනයේ දී ඔහුගේ අහිංසක නිවුන් සහෝදරයාට වෙඩි තබා මරා දැමීමෙනි’

භීෂණ යුගයේ දේශපාලන පක්ෂ වල අපේක්ෂකයන් හා ආධාරකරුවන් 400කට වැඩි පිරිසක් ඉතා දරුණු විදියට මරා දැමූ ජ.වි.පයේ වත්මන් නායකතුමා අනුර කුමාර අද තව වනතුරු ඒ ක‍්‍රියා හෙළා දැක නැත. එවැනි හෘද සාක්ෂියක් නැති නායකයකු මේ රටේ අගමැති ධුරය සඳහා පත් කළ ගත යුතු දයි ප‍්‍රශ්න කිරීමට ජනතාවට අයිතියක් නැද්ද? ඊනියා  ජේවිපි විප්ලව හමුදාව අතින් ස්වාමියා, දරුවන්, සහෝදරයන් ඝාතනයට ලක්ව අදත් වේදනාවන් විදින කාන්තාවන් වෙත අනුර කුමාර ට කියන්න යමක් තිබේද?

නමුත් මෙ‘ ලියන මොහොත දක්වා ජ’ වී’ ප වත්මන් නායක  අනුර කුමාරට එසේ වරද පිළි ගැනීමට තරම් අවංක බවක් නැත’  මෙවැනි පක්ෂයක නායකයකුට  රටෙ‘ බල ය ඉල්ලීමට ඇති සදාචාරත්මක අයිතිය කුමක්ද?

මේ නොවැ 19දා වන විට රන්ජන් විජේරත්න, ජානක පෙරේරා, අල්ගම තබෘ වැනි හමුදා නායකයින් විසින් දැඩි වෙහෙස මහන්සියක් යොදා ඉදිරියට සිදු වීමට ඉඩ තිබු ඝාතන 5ල0000ක් පමණ වළක්වා ගනිමින් ජවිපයේ මිනීමරු  කැරැුල්ල මැඩ පවත්වා වසර 31ක් සම්පූර්ණ වේ. එනිසා මේ වැදගත් අවස්ථාවේදීන්වත් ශ‍්‍රී ලංකාවේ ජන මාධ්‍ය මිනිමරු විජේවීර වන්දනාව නවත්වා එදා රටේ තිබු බිහිසුණු වාතාවරණයත් න්‍ඪඡුය කළ පොළව නුහුලන ඝාතන වැල ගැනත් මේ රටේ අලූතෙන් ඉපදී ඇති තරුණ පරපුර දැනුවත් කල යුතු නේද?

ජවිපෙ වත්මන් නායකයින් කිසිසේත්ම ¥ෂිත දේශපාලකයින් නොවේ. ඔවුන් පරිවාස ඇමති පදවි දරණ කාලයේත් ඉතා ආදර්ශමත් ලෙස රටට සේවය කළේය. අනුර කුමාර නායකතුමාට ජනතා හදවත දිනා ගන්නා අන්දමට වේදිකා වල ආකර්ෂණීය ලෙස කථා කල හැක. හොඳම ජනහිතකාමී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තිබෙන්නේ එතුමාටය.

එතුමාගේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නැඟුණහොත් ශ‍්‍රී ලංකාවේ දුප්පත් ජනතාවට සුරපුරයක් උදාවෙනු ඇත. :ඒවා ප්‍රායෝගික නැති බව හා කිසිවිටක ඉටු කල නොහැකි වෙනම කතාවකි*71කේ හා 87රැු88ටේ බිහිසුනු යුගයේ නොසිටි ජවිපයේ කෘර අතීතය නොදන්නා විශාල තරුණ පිරිසක් අනුර කුමාරට මේ මැතිවරණයේදී සහයෝගය දෙනු ඇත.

නමුත් 1980ට කලින් ඉප¥න මේ රටේ ඡුන්දදායකයින් කිසිවෙකු අනුර කුමාර ට ඡුන්දය නොදෙන්නේ ඔහුගේ ජ.වි.පෙ පෙරමුණේ මිනීමරු භීෂණ සමයේ ඔවුන් ඉතා දැඩි ලෙස දුකට වේදනාවට පත්වු පිරිසක් නිසාය. දහස් ගණන් ඔවුන්ගේ පවුලේ හා නෑයින් ජ.වි.පෙරමුණ බිළිගත් නිසාය. ජ.වි.පේ ඒ කෲර සමුල ඝාතන වලට අද තව වන තුරු ජ.වි.පයේ නායකයින් ජානතාවගෙන් සමාව ඉල්ලා නැති නිසාය..

විජේවිර හා ජ.වි.පෙ ත‍්‍රස්ථයින් විසින් 87-89 යුගයේ කරන ලද අතිශයින්ම නින්දිත හා කෲර මිනිස් ඝාතන කිසිවක් වත්මන් ජ.වි.පෙ නායකයින් කිසිවිටෙක ඔවුන් විසින් කළා යැයි කියා පිළිගෙන එ්වා හෙළා දැක නැති වීමෙන් පෙනෙන්නේ අනුර කුමාරලා විජේවිර මිනිමරුවා කළ අපරාධ තවමත් අනුමත කරන බව නොවෙයි ද?   

ජ’වී’ප’ය කළ අපරාධ මිනිස් ඝාතන අවුරුදු 30ක් තිස්සේ තම පැදුරු අස්සේ හංගාගෙන සිටින අනුර කුමාර දිසානායක” විජිත හේරත්ල ලාල්කාන්ත” වැනි මහත්වරුන්ගෙන්  මා ඉතා ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ තව දුරටත් රටට බොරු නොකරන ලෙසයි’ අනුර මැති තුමනි ඔබතුමාට ඔබට මෙ‘ රටෙ‘  අගමැතතිවීමට අවශ්‍යනම‘ දැන්වත් ඔබේ හෘදය සාක්ෂියට ඉඩ දෙන්න. 

මම ඔබෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ මිනීමරු නායක විජේවීර හා ඔහුගේ සගයින් සැමරීම සඳහා වාර්ෂිකව සි¥ කෙරෙන ඊනියා උපහාර උත්සව මින් මතු කිසිම අයුරකින් නොපවත්වන ලෙසයි. ඒ වෙනුවට ඔබේ ජනතා විමුක්ති පෙරමුණ විසින් 88-89ය කාලයේදී දස වධ දී මරා දමන ලද අහිංසකයන් දහ පහලොස් දෙනෙකුගේ අදරැුති බිරින්දැවරුන් හා ¥ දරුවන් ඔබගේ මැතිවරණ වේදිකාවට කැඳවන්න. ඔබේ පරණ මිනීමරු නායකයා කළ තිරිසන් අපරාධ හිතට එකඟව ඔවුන් ඉදිරියේ හෙළා දකින්න.  

 ”ජවිප ගහලයින් විසින් 87-89 සමයේ ඔබෙ‘ පවුලේ සාමාජිකයින් ඇතුඵ’ව රට පුරා සිදුකළ නිහින මිනිස් ඝාතන ගැන මම ඔබෙ‘ දෙපා වැඳ පක්ෂය වෙනුවෙන් සමාව ගන්නවා”  කියා ඔවුන් ඉදිරියේ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්න’

විජේවීර ගමනායකලා කළ බිහිසුණු අපරාධ වලට වත්මන් පක්ෂ නායකයා ලෙස ඔබ සමාව ඉල්ලූවහොත් මා හිතන්නේ අවුරුදු 30ක් තිස්සේ තම ආදරවන්තයින්ගේ අකල් මරණ නිසා කම‘පාවන බොහෝ අම‘මලා තාත්තලා ඔබට සමාව දෙනු ඇත කියාය. ඔබ එසේ නොකලහොත් තමවටිනා ඡුන්දය වෙනත් පිලකට පිරිනමා තමහිත තුල කැකෑරෙන බලවත් විරෝධය ් ඔවුන් ඔබට පෙන්වනවා සිකුරුයග

අනුර කුමාර මහතාණෙනි ජවිපයේ නායකයා ලෙස ඔබ හිස උ≥ම‘මාගෙන පසුගිය වසරේ එක්තරා මාද්යය සාකච්චාවකදී  ර්‍ණභීෂණ කාලේ කම‘පාවන සිදුවීම‘ පමණක් දෙක තුනක් වුනා” කියමින් 40ල000ක් අමු අමුවේ ඝාතනය කිරීමේ වගකීමෙන් ෂේප් වෙලා යන්නට ඔබ මෙවරත් දැග’ඵ’වොත් අතීතය මතක ඇති ශ‍්‍රී ලංකා ඡුන්දදාකයන්  මෙවරත් ඔබට අන්ත පරාජයක් අත් කර දෙනු ඇත’

බි‍්‍රතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් සිට ලියයි.

One Response to “විජේවීර මිනීමරුවා දෙවියෙක් කරනු එපා.”

  1. dhane Says:

    Very good eye opening article. As a young person I remember JPV activities as described by බි‍්‍රතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන. But unfortunately your article would have published few weeks ago so that more voters would have read. Today 5th August is Election day. Hope at least some amount of voters will read and change their decision to cast against JVP. To add a comment I like to mention one of my good business friend in Hanwella told his experience. One night few JVP tugs had come to his office and demanded money, few items & facilities from his business. He refused all of them and told “I know what you people are capable of doing to those who refused you, its killing. I am ready you can shoot me on my chair itself, being a Catholic devotee he stated Praying”. Those JPV tugs went away without doing any harm. But within few months those tugs were killed by forces.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress