මං කවදාවත් රාජ්‍ය ඇමතිකම් දරා නෑ.. බොරු ඇමතිකම් මට එපා.. මං බාර ගන්නේ නෑ.. ගන්නේ කැබිනට් ඇමතිකම් විතරයි..- විජේදාස
Posted on August 14th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

තමන් කිසිදිනෙක කැබිනට් ඇමතිකමක් මිස රාජ්‍ය ඇමතිකමක් දරා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා දුරකතනයෙන් අමතමිනි.

ඔහුට නම් කර ඇත්තේ උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති කම බව දැනගත් පසු ජනාධිපති උපදේශක වරයා අමතමින් ඔහු මේ බව කියා ඇත.

රාජ්‍ය ඇමතිවරුන් සඳහා කිසිදු ආයතනයක් ගැසට් පත්‍රයක් මගින් පවරා නැති බවද විජේදාස රාජපක්ෂ මහතා චෝදනා කර තිබේ.

තමන්ට බොරුවට ඇමතිකම් අවශ්‍ය නැති බවත් එවන් ඇමතිධුර තමන් බාර ගන්නේ නැති බවත් පවසමින් ඔහු එහිදී සඳහන් කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress