විශ්කම් දෙවි මවිතවෙලා බලා සිටිනවා.
Posted on August 16th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

වසර ගණනාවක් රටේ එක පෙදෙසකට වැස්ස. වතුරට ගෙවල් යටවෙලා, මිනිසුන් අනාත කඳවුරු වල. කඳු කඩා වැටිලා මිනිසුන් ඒවාට යටවෙලා මැරෙනවා. ඒ රටේ එක පැත්තක. අනික් පැත්තේ නියගය. කෙළවරක් නැති නියගය.මිනිසුන් එකතුවෙලා දෙවියන්ට කන්නලව් කළා. අඛණ්ඩව වසර හතරක්ම කන්නලව් කළා. අවසානයේදී දෙවියෝ තීරණය කළා මේ කර්තව්‍ය සඳහා විෂම කාර්ම පුත්‍ර රාජයාව මනු ලොවට එවීමට.. ඔහු පැමිණ  නියගයත් ගංවතුරත් එකවරම නිම කිරීමට අදිටන් කර ගත්තා.

මිනිසුනේ! මට පුළුවන් මේ ප්‍රශ්නය විසදන්න. මම මේ ගැටලුව විසදන්න මහා යන්ත්‍රයක් හදනවා. ඒ යන්ත්‍රයට පුළුවන් මේ දෙගොඩ තලා යන ගංවතුර වියලි කලාපයට පොම්ප කරන්න. එවිට ගංවතුරත් නියගයත් දෙකම නවතිනවා. හැබැයි මේ පොම්පයේ කොටස්කරුවන් බවට පත්විය යුත්තේ ඔබ සැමයි. ඒ සඳහා ඔබ සුදානම්ද?

ඔව්! ඔව්! ඔව්! අපි සුදානම් සියල්ලන්ම මොර දුන්නා.

හොදයි මේ යන්ත්‍රයට අවශ්‍ය කරන උපාංග බවට ඔබ සැම මම පත්කරනවා.ඒ උපාංගය කල යුතුදේ ඉතා හොදින් කිරීම ඔබේ වගකීමයි.

සියල්ලන්ම ඉතා උනන්දුවෙන් මේ වෙන්න යන්නේ කුමක්දැයි බලා සිටියා.

මෙන්න බලන්න මේ යන්ත්‍රය හදන්න අවශ්‍ය කරන උපාංග දෙස.

1. Casing  2. Impellers  3. mechanical seals  4.Bearings  5. Roller bearings  6. Ball bearings  7.Babbit bearings  8. Sleeve bearings
9. Connecting rods  10. Connecting rod bearing  11. Pistons  12. Plungers  13. Wrist pins  14. Pump valves  15. Relief valves
16. Pressure gauges  17. Couplers  18. Oil seals  19. O ring seals

මෙන්න මේ උපාංග මේ දැවැන්ත යාන්ත්‍රනය හදන්න අවශ්‍යයි. මේ යන්ත්‍රයේ උපාංගයක් බවට පත්වීම මහා ගෞරවයක්. ඔබ හැමට ඒ සඳහා අවස්තාව දැන් ලබාදීලා තියෙනවා. ඔබ සමාව එම උපාංග බවට පත්කරනවා.

සියලුදෙනාම  මේ සිදුවෙන්නේ කුමක්දැයි ඉතා සතුටින් බලා සිටියහ. විෂ්ම කාර්ම දිව්‍යරාජයා එහි සිටි සියල්ලන්වම දැවැන්ත යන්ත්‍රයේ උපාංග බවට පත් කළහ.

රට සුරකින යාන්ත්‍රණයේ උපාංග බවට පත්වූ මේ මිනිස්සු තමන්ට සිදුව ඇති දේ දැක මුමුණන්නට පටන් ගත්හ.

බලන්නකෝ මට වෙලා තියෙන දේ මම නිකම්ම නිකම් Connecting rod එකක් වෙලානේ, අඩු තරමෙන් මම  Piston එකක් වුනා නම් කමක් නැහැ.

නොසතුටට පත් ය මොන මොනවා හෝ කියන්න ගතතා. මේ බව වටහා ගත විශ්ම කාර්ම ඔවුන් අමතා.

ඔබ තවම උපාංග පමණයි.කලබල වෙන්න එපා. ඔබ හැම එකලස් කලාම තමයි මේ මහා යන්ත්‍රය නිර්මාණය වෙන්නේ. දැන් ඔබ connecting rod එකක් වුනාට ඔබ සියල්ලන්ම එකලස් කලවිට මහා දැවැන්ත යන්ත්‍රයක් නිර්මාණය වෙනවා. එතකොට මිනිසුන් ඔබ දෙස බලන්නේ උපාංගයක් ලෙස නොවෙයි මහා දැවැන්ත යන්ත්‍රයක් ලෙසයි. පැහැදිලි කළා.

ඔබව සැනසීමට මට ඔබ සමාව Impellers හෝ Piston බවට පත්කළ හැකියි. එවිට මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නය විසදන්න
අවශ්‍ය කරන යන්ත්‍රය නිර්මාණය වෙන්නේ නැහැ. පසුගිය වකවානු පුරාම සිදුවුයේ එයයි. ඒ දේ කරන්න මම මෙතනට අවශ්‍ය නැති බව පවසා, කෙලෙසක හෝ තමාට බාරදුන් වගකීම ඉටුකරන බවට අදිටන් කරගත් විශ්ම කාර්ම දිවය පුත්‍රයා නික්ම ගියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress