කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යාවසායකයන් සඳහා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ සංවර්ධනය කරගැනීම සඳහාවූ රාජ්‍ය මැදිහත් වීමක්.
Posted on August 18th, 2020

නියෝජ්‍ය අධ්‍යක්ෂ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දිස්ත්‍රික් කාර්යාලය – කොළඹ

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ රබර් ලේකම් කාර්යාලය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ රබර් භාණ්ඩ සංවර්ධන හා සේවා මධ්‍යස්ථානය එක්ව රබර් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීමේ එක් දින වැඩසටහනක් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන රබර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරත ව්‍යවසායකයන් සහ රබර් නිෂ්පාදන ක්ෂේත්‍රයට අලුතින් එක්වීමට කැමති විභව ව්‍යවසායකයන් සඳහා ඉතාමත් යෝග්‍ය වන අතර න්‍යායික සහ ප්‍රායෝගික දැනුම ලබා දීම  පුහුණු සම්පත්දායකයන් විසින් සිදුකරනු ලබයි.

මෙම වැඩසටහනේදී වාහන අමතර කොටස්, රබර් සීල් රබර් බිම් ඇතිරිලිද, රබර් මිශ්‍රිත මල්පෝච්චි, කුට්ටි, මැට්‍රස් ඇසුරුම් ද්‍රව්‍ය යනාදිය හා ලේටෙක්ස් ආශ්‍රිත නිශ්පාදන පිලිබඳ දැනුම ලබා දීමට නියමිතය.

මෙම වැඩසටහන 2020.08.25 දින පෙ.ව. 8.30 සිට ප.ව.4.00 දක්වා ,නො.33, නව නුගේ පාර, පෑලියගොඩ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ රබර් භාණ්ඩ සංවර්ධන හා සේවා ‍මධ්‍යස්ථානය, වැඩසටහන පැවැත්වේ. මෙම වැඩසටහන සඳහා අළුතින් කර්මාන්තයක් ආරම්භකිරීමට අදහසක් ඇති අය හෝ දැනට මෙම ක්ශේත්‍රවල නියැලෙන කර්මාන්තකරුවන්ට හෝ එම කර්මාන්තවල නිෂ්පාදන අංශයේ/තත්ත්ව පාලන අංශයේ නියෝජිතවරයෙක්  තත්වපාලකයන් හෝ සහභාගී විය හැක.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් වැඩසටහනේදී ලිපිද්‍රව්‍ය, උදේ සවස තේ සහ දිවා ආහාර සපයනු ලබයි. වැඩසටහනින් පසුව කර්මාන්තය සඳහා ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ සංවර්ධනය දක්වා වූ අනෙකුත් සේවාවන් ලංකා කාර්මික සංවර්ධන මණඩල්ලය විසින් නොකඩවා ලබා දෙනු ලැබේ. මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි ගාස්තුව රු.1000 වේ. ඔබගේ පැමිණීම 2020.08.21 දිනට පෙර තහවුරු කරන්න.වැඩි විස්තර සඳහා 0112815009 ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොලඹ දිස්ත්‍රික් කාර්යාලයට අමතන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress