දේශීය පාවහන් සහ සම්භාන්ඩ කර්මාන්තයප්‍රවර්ධනය සඳහා නව රජයෙන් වැඩපිළිවෙලක්
Posted on August 19th, 2020

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අඩපන වූ පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්ත ක්ෂේත්‍රයට නව පනක් ලබාදිමේ අරමුණින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ගරු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අමාත්‍යතුමාගේ දේශීය කර්මාන්ත නගාසි‍ටුවීමේ සංකල්පය මත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සම්භාන්ඩ නිෂ්පාදන හා පාවහන් සංවර්ධන මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් ‘Made in Sri Lanka’ දීපව්‍යාප්ත දේශීය සම්භානණ්ඩ නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධන සල්පිල් මාලාවක් දියත්කර ඇත. මෙම අළෙවි ප්‍රවර්ධන සල්පිල් මාලාවේ දෙවන අදියර 2020 අගොස්තු මස 25 වන දින සිට 27 දක්වා බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී පැවැත්වීමට තීරණය කර ඇත. අළෙවි ප්‍රවර්ධන සල්පිල සඳහා පාවහන්, බෑග් ඇතුලු දේශීය සම්භාන්ඩ නිෂ්පාදනය කරනු ලබන ආයතන 50ක පමන සංඛ්‍යාවක් සහභාගිවේ. පාරිභොගිකයින්ට හා කුඩා පරිමාණ අළෙවිකරුවන්ට අතරමැදියන්ගෙන් තොරව සෘජුවම නිෂ්පාදකයින් වෙතින් භාණ්ඩ මිලදි ගැනීමේ අවස්ථාව මෙමඟින් ලැබෙන නිසාවෙන් වඩාත් ලාභදායි ලෙස භාණ්ඩ මිලදි ගැනීම හා ඇනවුම් ලබා ගැනීමටද, සම්භාන්ඩ ආශ්‍රිතව නව කර්මාන්තයක් ආරම්භ කිරීමට අදහසක් ලබා ගැනීමටද  මෙහිදී අවස්ථාව උදාවේ. 2020 අගොස්තු මස 25 වන දින පෙරවරු 10.00ට මෙම වෙළඳ සල්පිල කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ ඇමතිතුමන් අතින් විවෘත කරනු ලබන අතර දිනපතා පෙරවරු 09.00 සිට රාත්‍රි 11.00 දක්වා  විවෘතව පවතී. මෙම වැඩසටහන සංවිධානය සඳහා  කර්මාන්ත අමාත්‍යංශය සහ පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය දායකත්වය දක්වයි. මේ පිළිබඳව වැඩිදුර විස්තර 0114213472 හෝ 0718065144 යන දුරකතන අංක වලින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සම්භාන්ඩ නිෂ්පාදන හා පාවහන් සංවර්ධන මධ්‍යස්ථානයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ අමරනාත් මහතා ඇමතීමෙන් ලබාගත හැක.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress