ඉස්ලාම් ආගමිකයෙකු අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කිරීම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා ඇති 9වන ව්‍යවස්ථාවට එකගද?
Posted on August 20th, 2020

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය ලෙස සැළකෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 

ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වය ප්‍රදානය කිරීමත් සමඟ ඊට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පද්ධතියක් ද ‘පරිත්‍යාග කිරීමට’ බ්‍රිතාන්‍ය පාලකයෝ ත්‍යාගශීලී වූයේ ඇයිද? යන්න විසදීමට කාලයක් ගතවීම මෙරට ජනතාවට බ්‍රිතාන්‍යයන්ම ලබාදුන් අධ්‍යාපනයේ ස්වභාවය හේතුවන්නට ඇත.

එහෙත් තම අසල්වැසියා (ඉන්දියාව) අනුව යමින් එම ඩොමීනියන් බැඳීම කෙළවර කොට ස්වීය වූ ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කර ගැනීමේ ජාතික අවශ්‍යතාවය කරා සමීප වීමට  මෙරටේ පාලකයන් අසමත් වූ අතර එවැනි පරිවර්තනයක් සිදු වන්නේ 1972 වසරේ ‘ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව’ නිර්මාණය කර ගැනීමත් සමගයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වර්තමානයේ ක්‍රියාත්මක වන අතර, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් එය බලාත්මක විය. 1815 උඩරට ගිවිසුමෙන් පසු බිහිවූ පළමු ස්වස්ථානික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වූයේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙර රටේ රාජ්‍ය නායකයා බෞද්ධයෙකු විය. 1815න් පසු රටේ නායකත්වය බ්‍රිතාන්‍යය රජ කිරුළ යටතට පත් වූ අතර, කිරුළේ නියෝජිතයෙකු ලෙස ආණ්ඩුකාරවරුන් මගින් මෙරට පලනය කිරීමට විය. එනම් බෞද්ධයෙකු රටේ නායකයා වීම 1815 උඩරට ගිවිසුමත් සමග අවසන් විය.

ඒ අනුව බ්‍රිතාන්‍යයන් රටේ පාලනය ප්‍රධාන පාලන ආයතන 3ක් මගින් මෙහෙය වූ අතර, ඒවා විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණය ලෙස බෙදා එකිනෙකා අභිබවා නොයන ලෙස බ්‍රිතාන්‍යය කිරීටය යටතේ ක්‍රියාත්මක කරවීය.

එසේ වුවත් 1815 උඩරට ගිවිසුමේ 5වන වහන්තිය මගින් බෞද්ධ වෙහෙර විහාරස්ථාන සහ බෞද්ධයින් සම්බන්ධයෙන් ආරක්ෂාව තහවුරු කර තිබුණි.

1815 උඩරට ගිවිසුම සිංහල භාෂාවෙන්ද කෙටුම්පත් කර 5වන වගන්තිය මගින් බුද්ධාගම ආරක්ෂා කර තිබුණද, 1948 පෙබරවාරි 04වන දින නිදහස ලබාදෙන විට ක්‍රියාත්මක වූ සෝල්බරි / ජෙනිංග්ස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් කෙටුම්පත් කර තිබූ අතර, බුද්ධාගමට විශේෂ නිතිමය පිළිගැනීමක් ලබා දීම වළක්වා තිබුණි.

1947 සෝල්බරි / ජෙනිංග්ස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් කෙටුම්පත් කර තිබූ අතර, බුද්ධාගමට විශේෂ නිතිමය පිළිගැනීමක් ලබා දීම වළක්වා තිබුණද, 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව සිංහල භාෂාවෙන්ද පනවා එහි 6වන ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රමුඛස්ථානය ලබා දී තිබුණි.

ලංකාවට නිදහස ලබාදීමේ දී තැනූ 1947 සොල්බරි ව්‍යවස්‌ථාවේ 29 (2) වගන්තියෙන් අතීතයේ සිට ලක්‌ රජය හා බුද්ධාගම අතර පැවැති බැඳීම සිඳ දමනු ලැබීය. කිසියම් ආගමකට නොමැති වරප්‍රසාදයක්‌ තවත් ආගමකට ලබාදීම එයින් වළක්‌වා ඇත. එම නියමය ලෙස තදින් බලපෑවේ බුද්ධාගමට යි. එයින් සිදු කෙරුණේ 1815 ගිවිසුමේ 5 වන වගන්තියේ බල හීන කොට ආගම් සම තත්ත්වයට පත් කිරීමයි.

ස්වදේශීය ජනතාවගේ අනවරත උත්සාහයේ ප්‍රතිඵල ලෙස 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමේදී සෝල්බරි ව්‍යවස්ථාවේ 29වන වගන්තිය මගින් රටේ ඓතිහාසික උරුමයට කර තිබූ එකී අවහිර කිරීම යම් තත්ත්වයකින් නිවැරදි කිරීමට පියවර ගත්තේය.

ඒ අනුව 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමෙන් පසු ශ්‍රී ලංකාවේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතත බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්යයෙන් කළ යුතු විය.

යම් ආගමකට ප්‍රමුඛස්ථානය ලබා දීම රටවල ඓතිහාසික තත්ත්වය, සංස්කෘතිය, පරිසරය, සමාජය, ජනතාවගේ සිතුම් පැතුම් යන අංග අනුව සිදු කිරීම සාමන්‍ය දෙයක් වන අතර රටේ අනන්‍යතාවය සහ පැවැත්ම රටේ බහුතර ජනතාවගේ ආගම සහ භාෂාව මත තීරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අනුවද නිවැරදි තත්ත්වයකි. එයට පටහැනිව ක්‍රියා කිරීම නීතියේ පාලනය අභියෝගයට ලක් කරයි.

ඒ අනුව ඉතා නිවැරදි ලෙස, 1815 උඩරට ගිවිසුම මගින්ද, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද බුද්ධාගම සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් විධිවිධාන දක්වා තිබූ අතර, වර්තමානයේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව මගින්ද බුද්ධාගම සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් විධිවිධාන දක්වා ඇත.

වර්තමානයේ ක්‍රියාත්මකවන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සිංහල භාෂාවෙන් එක් අර්ථයක්ද, ඉංග්‍රීසි භාෂාවෙන් වැරදි අර්ථයක්ද එන ලෙස ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වී ඇති බව සිංහල සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපත් සිහියෙන් විමසන ඕනෑම අයෙකුට අවබෝධ වනු ඇත.

සිංහල භාෂාවෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව වාක්‍ය දෙකකින් දැක්වෙන අතර ඉංග්‍රීසි භාෂාවෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව එක් වාක්‍යකින් දැක්වෙන බවත්, එකී වෙනස්කම මතම ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ අර්ථය වැරදි වන බව තේරුම් ගැනීමට සාමන්‍ය බුද්ධියක් ඇති අයෙකුටත් හැකි වේ. 

වාක්‍ය දෙකක අර්ථය එක් වාක්‍යකට ගැනීමේදී නෛතික දෝෂ ස්වාභාවයෙන්ම පැන නගින්නේ තනි වාක්‍යකට අර්ථය දීමේදී වාක්‍ය ස්වාධීනත්වය, වාක්‍ය රීති සහ වාක්‍යකට ඇති නීතිමය බලය විමසීමට ලක්වීම සිදුවන හෙයිනි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත්වල 9වන ව්‍යවස්ථාවේ පවතින මෙම වෙනස්කම නිරාකරණය කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  23වන ව්‍යවස්ථාව සහාය සපයන අතර ඒ අනුව සිංහල භාෂා පාඨය බලාත්මකවන හෙයින්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ 9වන ව්‍යවස්ථාව නිවැරදි ලෙස සැළකීමටත් අධිකරණ කටයුතුවලදී යොදාගත යුතු ව්‍යවස්ථා භාෂාවත් වේ.

ඉහත කාරණා සහ සන්දර්භය තුළ අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධව ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ඇසුරෙන් ඉස්ලාම් ආගමිකයෙකු අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කිරීම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා ඇති 9වන ව්‍යවස්ථාවට එකගද? යන්න විමසා බැලීමට සිදුවේ.

1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් ද සියලු ආගමිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ඇත. 3 වන පරිච්ඡේදය 10 වන ව්‍යවස්‌ථාවෙහි තමන් කැමති ආගමක්‌ නිදහසේ ඇදහීම, වැළඳ ගැනීම ඇතුළු සිතීමේ නිදහසක්‌, හෘදය සාක්‍ෂියට අනුව කටයුතු කිරීමේ නිදහසත්, සෑම පුද්ගලයකුටම ම ලබා දී ඇත. එසේම 3 පරිච්ඡේදයේ 14 (ඉ) ව්‍යවස්‌ථාවෙහි “සෑම පුරවැසියකුටම එකලාව හෝ අන් අය සමඟ ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන් පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.” යනුවෙන් සඳහන් වෙයි. 

එසේ වුවත් සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  ඇති 9 ව ව්‍යවස්ථාවේ 1වන වාක්‍ය මගින් බුද්ධාගමට ජනරජය ව්සින් ප්‍රමුඛස්ථානය/ ප්‍රමුඛත්වය පිරිනමා ඇත. ප්‍රමුඛත්වය පිරිනැමීම සහ ප්‍රමුඛත්වය ලබාදීම එකිනෙක වෙනස් නෛතික තත්ත්වයකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ බුද්ධාගමට පිරිනමා ඇති ප්‍රමුඛස්ථානය  බෞද්ධයන්ට භුක්‌ති විඳීමට ලැබෙන්නේ 10 සහ 14 (ඉ) ව්‍යවස්‌ථාවට යටත්ව බව ඉංග්‍රීසියෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදියට තනි වාක්‍යකින් දක්වා ඇති නමුත් නමුත් එකී කාරණව නිවැරදි ලෙස සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ මූලික අයිතිවාසිකම් වලින් බැහැරවද බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදීමට ක්‍රියා කර ඇති බවට වාක්‍ය දෙකක් ලෙසය.

එය වඩත් තහවුරු වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 105.4 වයවස්ථා 9වන ව්‍යවස්ථාව සමග එකිනෙක සම්බන්ධ කිරීමේදීය.

වර්තමාන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 සහ 105.4 ව්‍යවස්ථා දෙස අවධානයෙන් බැලීමේදී 1815 උඩරට ගිවිසුමේ 05 වන වගන්තිය මගින් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම තව දුරටත් තහවුරු කර ඇති බව පැහැදිලි වේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාව අනුව 

1. භික්ෂූන් වහන්සේලාගේ විනය හා සම්බන්ධ කාරණා හෝ 

2. භික්ෂූන් වහන්සේලා අතර ඇති යම් ආරවුලක් හෝ

3. විහාරස්ථාන වලට අදාල සේවාවන් ඉටු කිරීම හා සම්බන්ධ වෙනත් ආරවුලක් හෝ 

විනිශ්චය කොට සමථයකට පත් කිරීම සඳහා අධිකරණ, විනිශ්චය අධිකාර හෝ ආයතන ඇතිකොට පිහිටුවීමට පාර්ලිමේන්තු විසින් නීතියෙන් විධිවිධාන සැලැස්විය හැකිය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැන ව්‍යවස්ථාව සහ 4වැනි ව්‍යවස්ථාව ද භික්ෂු විනයාධිකරණ පිහිටුවීම සම්බන්ධයෙන් වැදගත් වේ.

එය නිවැරදි වන්නේ රටේ ඓතිහාසික උරුමයද සැළකිල්ලට ගෙන ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව සහ 3, 9 සහ 105.4 ව්‍යවස්ථා අනුවය.

බෞද්ධයන් නොවන අයට සිය ආගම අදහන්නට, දේශනා කරන්නට හැකි වුවත්, තම ආගම ලබ්ධියට අයත් නොවන පිරිසක්‌ අතර ආගම පැතිරවීමේ හෝ යාච්ඤා කිරීමේ අයිතියක්‌ මෙම ව්‍යවස්‌ථාවලින් කිසිවකුට ලැබෙන්නේ නැති බව ශ්‍රේෂ්ඨාධිකරණ තිරණ 19/2003 අනුව

පැහැදිලිවම A Bill titled “Provincial of the Teaching Sisters of the Holy Cross of the Third Order of Saint Francis in Menzingen of Sri Lanka (Incorporation).” පනත් කෙටුම්පත නීතියක් කිරීමේ ප්‍රයත්නයේදී තීරණය කර ඇත. 

(මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් ලබා දීමට මෙම ලියුම්කරු ඉදිරියේදී ක්‍රියා කරයි)

ඉහත නෛතික කාරණා සහ ඓතිහාසික උරුමය සැළකීමේදී බෞද්ධයන්ට ප්‍රමුඛත්වය ලබා දීම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නීතිමය පහසුකම් ලබා දී තිබියදී අමාත්‍යවරුන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ viii වන අමාත්‍ය මණ්ඩලය අදාල පරිච්ඡේදය දක්වා ඇති විධිවිධාන සැළකිල්ලට ලක්කළ යුතු වේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ viii වන අමාත්‍ය මණ්ඩලය අදාල පරිච්ඡේදය අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් ඇමතිවරු පත්කළ යුතු වේ. එනම් පාර්ලිමේන්තුවට පිටින් කිසිම තැනැත්තෙක් තෝරා ගෙන ඇමතිවරු ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට නොහැකිය. (ආරක්ෂක සහ බුද්ධ ශාසන හැර)

ඒ අනුව ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනැමීම සිදුකර ඇති 9වන ව්‍යවස්ථාවේ පළමු ව්‍යවස්ථා වාක්‍ය අනුව අධිකරණ ඇමතිවරයා තෝරා ගැනීමේදී ජනාධිපතිවරයා පළමුව කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සිටින බෞද්ධ මන්ත්‍රීවරුන් අතරින් සුදුසු අයෙක් තෝරා ගැනීමට උත්සාහ කිරීමයි.

අධිකරණ ඇමතිවරය පත්කිරීමේදී ජනාධිපතිවරයා සිය අභිමතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30වන ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක කළ යුත්තේ 9වන ව්‍යවස්ථාවේ ඇති ව්‍යවස්ථා පළමු වාක්‍යට යටත්වය. 

එසේ ක්‍රියා නොකළහොත් ජනාධිපතිවරයා බහුතර ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේදී 9වන ව්‍යවස්ථාව සුරැකීමට ජනතාව සමග ඇතිකර ගන්නා සම්මුතිය බිද දමයි. 

එහිදී අවස්ථාවෝචිතව බෞද්ධ මන්ත්‍රීවරයෙක් අධිකරණ ඇමතිවරයා ලෙස තෝරා ගැනීමට නොමැති අවස්ථාවකදී අන් ආගමිකයෙකු ඇමත්වරයා ලෙස තෝරා ගැනීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාමය බලය සහ අධිකාරය හිමි වේ.

ඒ අනුව ඉහත සියලු කාරණා සැළකීමේදී ඉස්ලාම් ආගමිකයෙකු අධිකරණ අමාත්‍යවරයා ලෙස පත්කිරීමේදී ජනාධිපතිවරයා ක්‍රියා කළ යුත්තේ පුද්ගලික හේ වෙනත් බැදීමක් අනුව නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ය.

මේ වනවිට අධිකරණ ඇමතිවරයා ලෙස ඉස්ලාම් ආගමිකයෙකු ජනාධිපතිවරයා විසින් පත්කර ඇති අතර එකී පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිවැරදි පත්කිරීමක් වන්නේ අධිකරණ කටයුතු පිළිබද පරිචයක් ඇති බෞද්ධ මන්ත්‍රීවරයෙකු අධිකරණ ඇමතිවරයා ලෙස පත්කිරීමට තෝරාගැනීමට නොමැතිබවට ජනාධිපතිවරයා සෑහීමට පත්වී ඇත්නම් හෝ අධිකරණ කටයුතු පිළිබද පරිචයක් ඇති පාර්ලිමේන්තුවේ සිටින බෞද්ධ මන්ත්‍රීවරුන් සිය කැමැත්තෙන් අධිකරණ ඇමති ධූරයට පත්වීමට අකැමැති බව ජනාධිපතිවරයාට දන්වා ඇත්නම් පමණි.

arunaunawatuna@gmail.com

3 Responses to “ඉස්ලාම් ආගමිකයෙකු අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කිරීම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා ඇති 9වන ව්‍යවස්ථාවට එකගද?”

  1. Vaisrawana Says:

    This is the most astutely rational objection to the appointment of Ali Sabry as justice minister that I have come across so far. Thanks and Good Luck to you! Mr Aruna Unawatuna.

    Your detection of discrepancies, in certain instances, between the Sinhala and English versions of the 1978 Republican Constitution is a very important point. I as an interested layman detected blatantly erroneous Sinhala renderings of some original English clauses in the draft constitution that the fraudulent Yahapalana constitution makers framed but fortunately failed to push through parliament. Actually, the same malpractice was originally resorted to by John DÓyly who drew up the Kandyan Convention (See pp. 226-28/The Doomed King by Gananath Obesekere, 2017).

  2. Vaisrawana Says:

    Oops! Sorry! A little revision:

    This is the most astutely reasoned objection to the appointment of Ali Sabry as justice minister that I have come across so far. Thanks and Good Luck to you! Mr Aruna Unawatuna.

    Your detection of discrepancies, in certain instances, between the Sinhala and English versions of the 1978 Republican Constitution is a very important point. I as an interested layman detected blatantly erroneous Sinhala renderings of some original English clauses in the draft constitution that the fraudulent Yahapalana constitution makers framed but fortunately failed to push through parliament. Actually, the same malpractice was originally resorted to by John DÓyly who drew up the Kandyan Convention (See pp. 226-28/The Doomed King by Gananath Obesekere, 2017, if you haven’t done so already).

  3. Ratanapala Says:

    He got close to candidate Gotabhaya Rajapakse knowing very well he is the rising star in the horizon by providing him with free legal advice and representation. For this he was awarded a national list MP post and not stopping there the Minister of Justice – a Cabinet Minister post.

    Now he is siding up to Mrs Shiranthi Rajapakse – a sure shot at getting close to the ‘ear’ of the Prime Minister – Mahinda Rajapakse. The Sinhalese didnot go all out to provide a near 2/3 majority only to get compromised by a Musolman in this fashion. For all his good credentials it is best to keep an ‘eagle eye’ on his doings! He is Muslim first and Sri Lankan second, when the chips are down! That much I can vouch!

    Only time will tell and I hope I am wrong. If not Sinhalese Buddhists will be back to square one!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress