ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු හා සහකාර සංවිධායකවරුන් අගමැතිතුමා අතින් පත්වීම් ලබයි
Posted on August 21st, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු හා සහකාර සංවිධායකවරුන් අද 2020.08.21 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් පාර්ලිමේන්තුවේදී  පත්වීම් ලිපි ලබා ගත්තේය.

අග්‍රාමාත්‍යවරයා විසින් පත් කළ මෙම තනතුරු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ තනතුරු වේ.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා මහතා සහ ජයන්ත කැටගොඩ මහතා පත් කර තිබේ.

ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මත්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සහ අසංක නවරත්න මහතා පත් කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress