19 වන ව්‍යවස්ථා සංශෝධනයක් ව්‍යවස්ථානුකුලව ඇතැයි සැලකීම අධිකරණයට අපහාස කිරීමක් නොවන්නේ මන්ද? Posted on August 20th, 2020 හර්ෂ කුමාර් සුරියආරච්චි”
Posted on August 21st, 2020

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

ඔබ විසින් ලියා ඇති පහත ලිපියේ මාතෘකාවට අනුව අන්තර්ගතයේ මාතෘකාවේ කාරණා අන්තර්ගත නොවීමෙන් යම් අපැහැදිලිතාවක් පැනනැගේ.

මන්දයත්, “අධිකරණයට අපහාස කිරීම” යන කාරණය මාතෘකාවේ දක්වා තිබුණත් ඒ පිළිබදව ලිපියේ පැහැදිලි කිරීමක් නොවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරවමි.

ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සහ එය පාලනය කිරීමට ඇති ව්‍යවස්ථා විධිවිධාන වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 අනුව්‍යවස්ථාව වන අතර, ඒ ව්‍යවස්ථාව ගැනත් යම් පැහැදිලි කිරීමක් තිබුණානම් හොද යැයි සිතේ.

කෙසේ වෙතත් එකී ලිපියේ “අධිකරණයට අපහාස කිරීමක්” ලෙස දැක්වූයේ කවර ව්‍යවස්ථා විධිවිධානයක් අනුව ඇති නඩු නිමිත්තක්ද? යන්න දැන ගැනීමට පාඨකයාට වෙනත් ගවේශනයක් කිරීමට සිදුවන නිසා එකී කාරණය සම්බන්ධයෙන් ලියුම්කරු පැහැදිලි කිරීමක් සිදුකළහොත් වැදගත්වනු ඇතැයි සිතේ.

කෙසේ වෙතත්, 19ය ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බවත්, විශේෂයෙන් එය ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අවභාවිත කරමින්, පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකාරයට අපහාස කරමින් සිදුකළ ව්‍යවස්ථා භාෂා අවභාවිතයකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 ව්‍යවස්ථාව මේ සමග අමුණා එවමි.

කෙසේ වෙතත් 19යේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් පිළිබද වැදගත් කාරණා එම ලිපියේ ඉදිරිපත් වී ඇත. එය පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමකි. ඒ 105.3 ව්‍යවස්ථාව අනුවය.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

————-===————–

“19 වන ව්‍යවස්ථා සංශෝධනයක් ව්‍යවස්ථානුකුලව ඇතැයි සැලකීම අධිකරණයට අපහාස කිරීමක් නොවන්නේ මන්ද?
Posted on August 20th, 2020
හර්ෂ කුමාර් සුරියආරච්චි”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress