87 දෙනෙකුගෙන් යුත් දෙවන ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම තායිලන්තයෙන් ආපසු පැමිණේ
Posted on August 21st, 2020

ශ්‍රී ලංකා-බැංකොක් තානාපති කාර්යාලය

කෝවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් තායිලන්තයේ විවිධ නගරවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 87 කට අධික පිරිසක් තායිලන්තයේ  ශ්‍රී  ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද  ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්  යූඑල්  403 දරණ ගුවන් යානයෙන් අද උදැසන බැංකොක් නුවර  සිට සිය රට පැමිණියහ.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුද , සිසුන්, කෙටි කාලීන සංචාරක වීසා මත තායිලන්තයට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් සහ මානුෂිය අවශ්‍යතා මත පදනම්ව තවත් ලාංකිකයන් කිහිප දෙනෙකුද ඇතුලත් වු මෙම කණ්ඩායම රැගත් විශේෂ ගුවන් යානය 2020 අගෝස්තු 21 සිකුරාදා උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වු අතර, මෙම සියලුම පුද්ගලයින් අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා රජය විසින් නම් කරන ලද  අනිවාර්ය නිරෝධායන මධ්‍යස්ථාන වෙත ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරීන් විසින් යොමු කරනු ලැබේ.

මෙම විශේෂ ගුවන් යානයේ  කොළඹ සිට බැංකොක් දක්වා වු ගමන් වාරය සදහා තායි පුරවැසියන් පිරිසක් සහ තායිලන්තයට ඇතුළුවීමට අවසර ලබාගෙන ඇති ශ්‍රී ලාංකිකයන්ද ඇතුලත් කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය, ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති චූලමනී චාර්ට්සුවන් සහ කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලය විසින් සිදුකරන ලදී .

මෙම ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය සහ සහයෝගය කඩිනමින් ලබාදීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ COVID-19 කාර්ය සාධක බලකාය සහ විදේශ සබඳතා අමාත්‍යාංශයේ COVID-19 කෙන්ද්‍රයටත්, විදේශ සබඳතා අමාත්‍යංශයේ ලේකම්  අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාටත්, බැංකොක්  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ  විශේෂ ස්තුතිය හිමිවේ . ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට සහාය ඉල්ලා, විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය සහ තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි මෙම ශ්‍රී ලාංකික කණ්ඩායම නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ බැංකොක්හි ස්වර්ණභූමි  ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කාර්ය මණ්ඩලයේන්ද  තානාපති කාර්යාලයට විශිෂ්ට සහයෝගයක් ලැබුණි. ජාතික ගුවන් සේවයවු  – ශ්‍රී ලංකන්  ගුවන් සේවයේ ප්‍රධාන කාර්යාලයේ අලෙවි ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා සහ එහි බැංකොක් කළමණාකරු රීසා යූසුෆ් මහාතා සහ කණ්ඩායම වෙත  මෙම  ක්‍රියාවලිය වෙනුවෙන් ඔවුන් ලබාදුන්  සියලු පහසුකම් සහ අඛණ්ඩ සහයෝගය පිළිබඳව අපි ස්තූතිවන්ත වෙමු.

අන්තර්ජාතික සංක්‍රමණිකයන් පිළිබඳ වු එක්සත් ජාතීන්ගේ  සංවිධානයේ (IOM) බැංකොක්හි කලාපීය කාර්යාලයේ අධ්‍යක්ෂ ආචාර්ය නෙනෙට් මෝටස්, සහ ‘ස්වේච්ඡාවෙන් නැවත සියරට පැමිණීම සහ ගෙන්වා ගැනීමේ (AVRR) ව්‍යාපෘතිය’ යටතේ බාලි ක්‍රියාවලි සාමාජික රටවල් වෙත ලබාදෙන කඩිනම් සහ ත්‍යාගශීලී ප්‍රතිචාර සහ සහයෝගය මේ අවස්ථාවේදී ලබාදීම පිළිබඳව අපගේ ප්‍රණාමය හිමිවේ.  මෙම මස මුලදී, තානාපති කාර්යාලය විසින් සිංගප්පූරුව හරහා, කාම්බෝජයේ නොම් පෙන්  නගරයේ සිට ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක්ද  ආපසු ගෙන්වා ගැනීමට ද කටයුතු කරන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress