දුෂ්කර පළාත්වල දුවා දරුවන්ගේ වෘත්තීය පුහුණුව නැංවීමට අවශ්‍යකටයුතු සොයා බැලීම
Posted on August 23rd, 2020

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යතුමියගේ  මාධ්‍ය ලේකම්

දුෂ්කර පළාත්වල දුවා දරුවන්ගේ වෘත්තීය පුහුණුව නැංවීමට අවශ්‍ය කටයුතු සොයා බැලීම සහ එම ආයතන පරීක්ෂා කිරිම සඳහා ඇමතිවරිය උදෑසන හදිසි මෙහෙයුමක නිරත විය.”

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ඊයේ දින (22 දින)උදෑසනම  අනුරාධපුර දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ හදිසි නීරීක්ෂණ චාරිකාවක නිරත විය. දුෂ්කර පළාත් වල දුවා දරුවන්ගේ වෘත්තීය පුහුණුව නැංවීමට අවශ්‍ය කටයුතු සොයා බැලීම සහ එම ආයතන පරීක්ෂා කිරිම නීරීක්ෂණ චාරිකාවේ අරමුණ විය. මෙහිදී කාර්ය මණ්ඩලය සහ ආයතනයේ පුහුණුව ලබන දුවා දරුවන් සමග සුහද පිලිසදරක නිරත වු අමාත්‍යවරිය එම පළාත්වල දුවා දරුවන්ගේ වෘත්තීය පුහුණුව නැංවීම සදහා අවශ්‍ය කරුණු සොයා බලා ඒ පිළිබඳවත් එම ආයතනයේ මෙතක් ලබා ඇති ප්‍රගතිය පිළිබදවත් කරුණු ඇතුළත් වාර්තාවක් ලබා දෙන ලෙසත්, වෘත්තීය අධ්‍යාපන කටයුතු සදහා දුවා දරුවන්ට ඇති ගැටලු පිලිබද සාකච්ජා කර එයට අවැසි විසදුම් කඩිනම්න් ලබා දෙන ලෙසත් නිලධාරී මණ්ඩලයට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදි.

එලෙසම සෑම දිස්ත්‍රික්කයකම පිහිටා ඇති  වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වල ප්‍රමිතිය ඉහළ නංවා  සිසුන්ට ඇති ගැටලු අවම කොට වඩාත් ආකර්ෂණීය ආයතන බවට ඒවා පත් කරන බවත්, මෙවැනි දුෂ්කර පළාත් වල වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තව තවත් ඇති  කිරීමට කටයුතු කරන බවට අමාත්‍යතුමිය සිසුන්ට පොරොන්දු වූවාය.

ප්‍රබෝත් උඩුගම

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා

නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යතුමියගේ

මාධ්‍ය ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress