13 අහෝසි කරන්න…ඇමැති සරත් වීරසේකරගෙන් යෝජනාවක්
Posted on August 24th, 2020

උපුටා ගැන්ම දිවයින

13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඊට සම්බන්ධ පළාත් සභා ක‍්‍රමය වහාම අහෝසි කළ යුතු බවට පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා රජයට යෝජනා කර ඇත. 13 වැනි සංශෝධනය අහෝසි කරන ලෙස රජයේ ඇමැතිවරයෙක් ඉදිරිපත් කළ මුල්ම යෝජනාව මෙය වේ. ‘‘පළාත් සභාවල බර ජනතාවට දරාගත නොහැකියි. පළාත් සභා පිහිටුවීමෙන් පසු කෘෂිකාර්මික, ධීවර, පාරිසරික ඇතුළු සියලූ ක්‍ෂේත‍්‍රවලට ඇමැතිවරු 10 බැගින් පළාත් සභා 9 යටම සිටිති. එහෙත් ඉන් රටට කිසිදු සේවයක් සිදුවී නැහැ’’ යැයි රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. මෙම පළාත් සභා ක‍්‍රමයට අදාළ 13 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ඉඩ නොදෙන ලෙස ද්‍රවිඩ සංධානය ඉන්දීය රජයෙන් ඉල්ලා තිබේ. පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති ලෙස 13 සංශෝධනය අහෝසි කළ යුතු බවට තමා රජයට යෝජනාවක් කළේ ජනතා යහපත උදෙසා බව ද සරත් වීරසේකර මහතා කීවේය. පළාත් සභා නිසා එහි මන්ත‍්‍රීවරුන්ට වාහන බලපත‍්‍ර දීම ඇතුළු වෙනස් වරප‍්‍රසාද දීමට රජයට වසරකට රුපියල් මිලියන 800 ක් පමණ වැය වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress