අග්‍රාමාත්‍යතුමා මහර රෝස්වුඩ් රෝහල් සංකීර්ණය විවෘත කිරීමට එක් වෙයි.
Posted on August 29th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කඩවත, මහර ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහිත රෝහලක් ලැබීම පිළිබඳව තමන් සතුටට පත් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 2020.08.29 දින පැවසීය.

මහර රෝස්වුඩ් පෞද්ගලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය, ශෛල්‍යාගාරය සහ රසායනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

පළාතේ අවශ්‍යතාවය තේරුම්ගෙන ජනතාවට සේවයක් වන සේ මෙම රෝහල ඇරඹීම පිළිබඳව රෝස්වුඩ් කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය අසේල විජේසුන්දර මහතාට අප ස්තූතිවන්ත විය යුතු බව අග්‍රාමාත්‍යතුමා පැවසීය.

වෛද්‍ය අසේල විජේසුන්දර මහතා තමන් දැන හැදින ගත්තේ, දන්ත වෛද්‍යවරයෙකුට වඩා කලා කරුවෙකු ලෙස යැයි සිහිපත් කළ අතර, අසේල විජේසුන්දර මහතා උපන් ගම් ප්‍රදේශය වන කුරූණෑගල, මහව, නාගොල්ලාගම ප්‍රදේශයෙහි ඇති ගැමි පරිසරය නිසා ඔහු වෛද්‍ය වෘතියත්, කලාවත් එකසේ ප්‍රගුණ කළ බව මා විශ්වාස කරනවා.”

එවැනි පුද්ගලයෙකු අතින් මහර ප්‍රදේශයට මෙවැනි රෝහලක් ලැබීම ගැන තමා සතුටට පත් වන බව වැඩිදුරටත් අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා කොළඹ ගංඟාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, කඩවත බ්ම්බාරාමයේ විහාරාධිපති හුරිගස්වැවේ සද්ධාවාස හිමි, ජනාධිපති නීතීඥ ප්‍රසන්න ලාල් ද අල්විස් මහතා, දේශය” කර්තෘ රංජිත් ආනන්ද ජයසිංහ මහතා, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා, බියගම ප්‍රාදේශීය සභා සභාපති ගනේපොළ මහතා, විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා, විශාරද අමරසිරි පීරිස්  මහතා ඇතුලු කලාකරුවන් හා මාධ්‍යවෙදීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress