බාලවයස් විවාහ තහනම් කරනවා… මුස්ලිම් කාන්තා සංගම් මා හමුවුණා..- අධිකරණ ඇමති මහනාහිමිවරුන්ට පොරොන්දු වෙයි..
Posted on August 29th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

මෙරට සිදුවන අඩු වයස් විවාහ වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අවධානය යොමු වී ඇති බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

ඇමති ධුරය භාරගැනීමෙන් පසු අස්ගිරි-මල්වතු මහ නාහිමිවරු බැහැදැකීම සදහා එම විහාරස්ථාන වලට ගිය අවස්ථාවේ ඔහු මේ බව සදහන් කලේය.

මුස්ලිම් ජාතික කාන්තාවන් සංගම් හැටියට පැමිණ මේ සම්බන්ධයෙන් තාමන් සමගින් සාකච්ඡා කර ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

තමන්ට මේ මෙම කටයුතු කරද්දී අභියෝගවලට මුහුණ දෙන්න සිදුවනු ඇති නමුත් අභියෝගාත්මකව රට ගොඩනැගීමේ කාර්යය සඳහා දායක වන බවද ඔහු සඳහන් කළේය.

තමන් අධිකරණ ඇමති ධුරයට පත් කර ඇත්තේ සියළුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැඩ කිරීමට බවත් පැවසූ ඔහු තමන් ඉස්ලාම් ආගම අදහන්න එක වුවද පෝෂණය වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ බවද ඔහු සඳහන් කළේය.

අස්ගිරි මල්වතු නාහිමිවරුන් හමුවේ ඔහු මේ බව කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress