ආගම හා භාෂාව පදනම් කරගත් දේශපාලන පක්ෂ තහනම් කරන ලෙස කාදිනල් හිමියන් රජයෙන් ඉල්ලයි (වීඩියෝ)
Posted on August 30th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

පසුගිය ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ විමර්ශන නිසි අයුරින් සිදු නොකළ බවට කොළඹ අගරදගරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටින්නේ ආගම සහ භාෂාව පදනම් කරගත් දේශපාලන පක්ෂ තහනම් කරන ලෙසයි.

රාගම – තේවත්ත – ශ්‍රී ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ රෝගීන් ආසිරි ගැන්වීමේ වාර්ෂික දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

එම අවස්ථාවේදීයි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ.

ආශිර්වාද ලබා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ද ඊට එක්ව සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress