මිලින්ද ප්‍රශ්නය
Posted on August 31st, 2020

Sinhala Net

මිලින්ද හොර-ගොඩඅතින් අරන් අහවල් එකේ තබා ගැනීමේ කලාවේ පිකාසෝ නම් අපේ මහින්ද මහත්තයා ය. එතුමා ඒ වාගෙ වැඩ කරගන්නේ දකුණේ පුරුද්දට කළගුණ සළකන්නට යාමෙන් බව අපි හැමෝම දන්නවා ය. මහින්ද මහත්තයා එහෙම හොඳම එකෙන් ඇර ගැනීමේ කතා ගොඩක් ඇත. නමුත් ප්‍රස්තූතයට ගැලපෙනම එක කතාවක් ලියා තබන්නේ අතීතය අමතක වෙච්ච අපේම බයි රාළලාට එය මතක් කිරීම වටිනා නිසා ය.

බයිරාළලා වන අපි අපේ මහ බයියා වන මහින්ද මහත්තයාටත් එතුමාගේ පවුලේ සැමටත් බොහෝ ආදරය ඇත්තතෝ වෙමු. සමහර වෙලාවට මේ ආදරය දෝරෙ ගලා ගොස් ඒ අයට හිත් රිදේවි යැයි කියා ප්‍රශස්ති ගයා ඒ අය අමාරුවේ දාන්නට ද අපේ බයි රාළලා පසුබට වන්නේ නැත.

කඩුවෙන් බෙල්ල කැපුනත් මැස්සෙක් වහන්නට වත් නොදෙමියි කියා මහින්ද මහත්තයා ඇතුළු පවුලේ සැම රැක ගන්නා පිණිස කඩු අමෝරා සටනට වදින්නට අපේ බයි රාළලා ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වන්නෝ ය.

ඉතිං කතාව නම් මෙහෙම ය. මහින්ද මහත්තයා 2005 දී පළවෙනි වතාවට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනා ය. ඒ වෙලාවේ හොරගොල්ලේ මද්දු අක්කා ඩාලි පාරේ කන්තෝරුවට ඉබ්බෙක් දැම්මා ය. ඒ වැඩේට හූඹිටි තිබ්බේ මහින්ද මහත්තයා මහන්සි වී පත් කර ගත් ලේකම් උන්නැහේමය. ඒ වුනාට මේ ඒක ගැන කතාවක් නොවේ ය.

අත්තනගල්ලේ මද්දු අක්කාව කැන්දන් ඒමේ සිට උන්දෑ සමග එකට හිටි මංගල සමරවීර උන්නැහේ මහින්ද මහත්තයා වෙනුවෙන් කාටත් නැති උනන්දුවකින් ශ්‍රීපතීත් සමග මාධ්‍ය ඉස්සරහ පෙනී හිටි හැටි කාටත් මතක ඇති යැ යි මම හිතනවා ය. අපට ජනාධිපති අපේක්ෂකයෙක් විතරක් නෙවෙයි අගමැති අපේක්ෂකයෙක් ද ඉන්නවා යැ යි වැස්සක් වෙලාවේ පාට පාට කුඩේකුත් උස්සගෙන කිව්වේ මේ මංගල උන්නැහේ ය.

ජවිපේ කොල්ලන් හා කරට කර ඉඳිමින් මංගල උන්නැහේ මහින්ද මහත්තයාටතදටම වැඩ කළාය. එහෙම වැඩ කළේ හිතේ තවත් දේවල් ගොඩක් පොදි බැඳගෙන බව ජනතාවටත් මහින්ද මහත්තයාටත් තේරෙන්න කලින්ම මහින්ද මහත්තයා මංගල උන්නැහේට හැරෙන තැපෑලෙන් කළගුණ සැලකුවා ය. ආණ්ඩුවේ අගමැතිට පස්සෙ ඉන්නා ජේෂ්ඨම ඇමති තනතුරක් වන විදේශ ඇමති කම මහින්ද මහත්තයා ලෝස් නැතුවම මංගල සමරවීරට දුන්නේය. ඒ ප්‍රබලම ඇමති කම් හතරක් ද කොහේදෝ දුන්නාට පස්සේය. මංගල ලොක්කා හැරෙන තැපෑලෙන් මහින්ද මහත්තයාට ජාත්‍යන්තර මට්ටමෙන් ඇරියා ය.

එංගලන්තේ විදේශ ඇමති කියන එක අසා පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පකිස්තානය පන්නන්නට ඡන්දය දුන්නේ ය. මුළු දකුණු ආසියාවෙන් ම ඒ වගේ අසමජ්ජාති වැඩක් කලේ ඉන්දියාවයි ලංකාවයි ය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ඇමරිකන් තානාපති කියන එක අසා පලස්තීනයට විරුද්ධව ඡන්දය දුන්නේය. ඒ මහින්ද මහත්තයා පලස්තීන ලංකා සහයෝගීතා සංවිධානයේ සභාපති වෙලා ඉන්නා විටය.

දැනුම් තේරුම් ඇති බයිරාළලා මං දැන් එන්නේ මොකාටදැ යි තේරුම් අරං ඇති බවි හිතනවා ය.

මිලින්ද ප්‍රශ්නය මට නම් සිංහරාජ ප්‍රශ්නයට වඩා බරපතලය. අපේ හමුදාවේ කොල්ලන්ට කිව්වොත් උන් ඕනනම් තවත් සිංහරාජයක් වවා දෙන බව මට නම් සහතිකය. නමුත් මිලින්ද ප්‍රශ්නය එහෙම නෙවෙයි ය.මිලින්ද උන්නැහේ 2019 ජනාධිපතිවරණයේ ගෝඨාභය මහත්තයාට මොන උදව්වක් කළා දැයි මට නම් තවම නිච්චියක් නැත.

2020 මහ මැතිවරණයේ දී කරපු උදවුවක් අපෙත් දැන ගැනීමට කවුරු හරි මෙහි ලියනවා නම් අපි බොහෝම සතුටු වෙන්නෙමු ය. කොළඹගේ උන්නැහේට උපදේශක කමක් දීපු එක ඇරෙන්න යමක් හුදී ජනයන් වන අපි දන්නේ නැත්තෙමු ය. කොහොම වුනත් මිලින්ද උන්නැහේට දෙන්නට යනවාය කියන තානාන්තරේට කැබිනට් ඇමති කෙනෙක් ගේ බලතලත් තියෙන බව කියනවා ය.

තානාපතිට කැබිනට් බලතල දෙන රටක් හුදී ජනයන් වන අපි නම් මේ ඇහුවේ පළමු වරටම ය. එහෙම එකක් දීලා ඉන්දියාවට යවන්න තරම් උන්නැහේ බැසිල් උන්නැහේ තරම්ම විශ්වාසවන්ත වුනේ කොළඹගේ උන්නැහේගේ කීම පිට නම් මහින්ද මහත්තයාටත් ගෝඨාභය මහත්තයාටත් තිස්තුන්කෝටියක් දෙවි පිහිටම ය.

කැබිනට් බලතල ඇති තානාපතියා විදේශ ඇමතිට යටත් නැත. මංගල සමරවීර උන්නැහේ කරපු කියපු ඒවා ආපහු හරවන්නට මහින්ද මහත්තයාට කැබිනට් එක කැඳවන්නට වුනා ය. කැබිනට් තානාපතියා හනුමන්තෙක් වුනොත් ඒ ගින්න නිවන්නට කැඳවන්නේ මොකක්ද කියා මේ දවස් වල මම අහස පොලොව ගැටලමින් සිතනවා ය.

අයියලා මල්ලිලා නිසා අර පළමුකොටම කියූ ලෙඩේ ගෝඨාභය මහත්තයාටත් හැදිලාය කියා සැක හිතෙන කොට මගේ නම් බඩ පපුව දාලා යනවා ය. ඒ වෙන මොකක් වත් නිසා නෙවේය. දෙදාස් පහළවේ ජනවාරි නම වෙනිදා හිටන් කන්නට බොන්නටත් අපුල වෙලා දවස් ගානක් හිඳ කතරගම යනවාය කියා කාල්ටන් ගියපු ගමනේ දී මහින්ද මහත්තයාව දැකපු හැටි මතක් වෙලා ය.

මිලින්ද ප්‍රශ්නය ගැන අපි බය වෙලා ඉන්නේ මෙන්න මේවා නිසා ය. හැම එකම පැලෑනේ කෑල්ලක්ය අපේ නායකයින්ට කවදාවත් වරදින්නේ නැතය කියා හිත හදා ගන්නට බැරි මොකක්දෝ අසනීපයක් මටත් හැදිලා වගේ ය. ඒ වුනත් වෙච්ච දේවල් වල හැටියට මිලින්ද ප්‍රශ්නය ගැන ආපහු හිතනවා නම් බොහොම වටිනවා ය

2 Responses to “මිලින්ද ප්‍රශ්නය”

  1. Charles Says:

    Appointing Admiral Jayantha Kolombage as the Foreign Secretary itself is questionable.Is this Admiral is also a member of the Pathfinder ? What credentials has Moragoda to be Sri Lanka’s High Commissioner to India perhaps only the President knows or is it only the Admiral who knows ? Milinda Moragoda in a peoples government for which the ordinary people mostly in the outskirs of the country have voted, is like a round ball in a square hole . He does not fit in. We may as well appoint Ranil Wicramasinghe ?

    For me Palith Kohona is more acceptable to represent Sri Lanka.Why have the SLPP MPs raised no objections ? Because the President has proposed it, it is not necessary to accept it.

    This Government should not do same mistakes like taking a man like Sajin Vass in to inner circles.

  2. Ratanapala Says:

    It looks more and more likely that the US has recommended these appointments and the new government is trying to bend over backwards to make the US happy. This is if the floating rumours on the grapewine are true.

    At the moment it looks as if a coterie of interested parties have ‘ring circled’ President Gotabhaya with the intention of making Gotabhaya unpopular in the shortest possible time. His intelligence sources should indicate who should be in his ‘inner circle’ and who shouldn’t! Handing over the Secretary of Foreign Affairs to Jayanath Colombage and now the post of High Commissioner of Sri Lanka to India to Milinda Moragoda – Jayanath Colombage’s boss at the Pathfinder Institute is tantamount to hading over the chicken coop to two known foxes with close connections to the US!

    The ways and means at the disposal of Big Powers are enormous. Everything depends on Gotabaya leading from the front and getting all his diplomatic staff in important countries pulling their weight to achieve what is best for Sri Lanka.

    Majorly Sri Lanka has to balance advances from the US, India, Japan and China. In this exercise, it is not possible to neglect the security needs of other countries in the region – Myanmar, Pakistan, Banglasesh as well as ASEAN countries. A regional conference on the needs of neighouring countries is not out of place when considering ACSA, SOFA and MCC agreements for these affect in one way or the other not only internal issues in Sri Lanka, but those in neighbouring countries too!

    We need as diplomats patriots who can articulate Sri Lanka’s current political dispensation to the outside world diplomatically and find solutions that is good for Sri Lanka and Sri Lankans for the long haul. An honest Sri Lankan, preferably a Sinhala Buddhist with interest of Sri Lanka at heart, with a sense of history – local as well as of the World, a good knowledge of current world politics, an erect spine, with a good upbringing and skilled in the art of diplomacy is required for the post of the High Commissioner of Sri Lanka in India.

    The post of High Commissioner of Sri Lanka to India is the most important diplomatic posting in the Sri Lanka Foreign Affairs Service.

    We sincerely hope that the President will not betray the trust an overwhelming majority of patriots of Sri Lanka gave to him on a golden platter in November 2019!

    We hope that the President being the younger brother of Mahinda (Mahinda at that time – Mahinda, who stood up for Sri Lanka against Bernard Kouchner and David Milliband) is made of sterner stuff and a strong back bone to face up to these external threats and command the ship of Sri Lanka safely through these troubled times.

    Sri Lanka is a 22 Million strong nation endowed with many resources – our youth, our geography and nation’s indomitable determination not to be a subject nation again. Sri Lanka can be a strength and a force for good in the region if we only handle the current diplomatic wrangling wisely!

    May the wiser counsel prevail!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress