අග්‍රාමාත්‍යතුමා හා නැගෙනහිර ආණ්ඩුකාරතුමිය අතර හමුවක්
Posted on September 2nd, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද 2020.09.02 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

නැගෙනහිර පළාතේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුකාරතුමිය විසින් මෙහිදී අග්‍රාමාත්‍යතුමා දැනුම්වත් කළ අතර නැගෙනහිර සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය ඉදිරි පියවරයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

ස්වාභාව සෞන්දර්ය අතින් අනූන වූ නැගෙනහිර පළාත තුළ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම හා සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් පුරාවිද්‍යා උරුමයන් සුරැකීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ද එක්ව සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress