ජපානය “නව මානයකින්” ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන ද්විපාර්ශ්වික සම්බන්ධතාවය වැඩි දියුණු කරයි
Posted on September 2nd, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා අද 2020.09.02 දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.

පසුගිය මැතිවරණයෙන් ලද ජයග්‍රහණය සහ අගමැති ධූරයට නැවත පත්වීම පිළිබඳව ඔබට සුබ පතනවා,”  යැයි තානාපති සුගියාමා මහතා අග්‍රාමාත්‍යතුමාට පැවසීය.

ජපාන අග්‍රාමාත්‍ය සිං ෂෝ අබේ සහ ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැංවීම, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය පිළිබඳ ජපාන රජයේ නියෝජිත යසුෂි අකාෂි යන මහත්වරුන්ගේ සුබ පැතුම් ලිපි දෙකක් තානාපතිවරයා විසින් ගරු අග්‍රාමාත්‍යතුමාට භාර දුන්නේය.

COVID-19 වසංගතය මධ්‍යයේ ශ්‍රී ලංකාව මැතිවරණයක් පැවැත්වීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය පැහැදිලිව පෙන්නුම් කරන” බව තානාපති සුගියාමා මහතා පැවසීය.

දෙරටේ දූත පිරිස නව රජයේ ප්‍රමුඛතා පිළිබඳව ද සාකච්ඡා කළහ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලු ශ්‍රී ලාංකිකයන්ට සුරක්ෂිත පානීය ජලය සැපයීමේ අවශ්‍යතාව පිළිබඳව එහිදී අවධාරණය කළේය.

යටිතල පහසුකම්, ජලය, අපජල කළමනාකරණය, කෘෂිකර්මාන්තය, මානව සම්පත් සංවර්ධනය සහ ත්‍රස්තවාදය පිටුදැකීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක මෙරට මැදිහත්වීම ගැන ජපාන  තානාපතිවරයා අග්‍රාමාත්‍යතුමාට දැනුම් දුන්නේය.

අපට ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි ආධාර සැපයිය හැකි” යැයි තානාපතිවරයා එහිදී සඳහන් කළේය.

COVID-19 ට අදාළ අභියෝගයන්, මාස හා අවුරුදු ගණන් ගත වුව ද  තානාපති සුගියාමා කියා සිටියේ ශ්‍රී ලංකාවට නැවත වරක් සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීමට සහ ජපාන ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර දීමට ජපාන රජය උනන්දු වන බවයි.

දිගුකාලීන සබඳතා නව මානයකින්  ඉහළට ගෙනයාමට නව රජය සමඟ එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා,” යැයි  තානාපතිවරයා පැවසීය. ජපානය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටින බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress