ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්
Posted on September 8th, 2020
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් 2020.09.07 දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.
පසුගිය මැතිවරණ ජයග්‍රහණය සහ නැවත අග්‍රාමාත්‍යධූරයට පත්වීම සම්බන්ධයෙන් මෙහිදී මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍යතුමාට සුභ පැතුම් එක් කළේය.
මේ අතර COVID-19 වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් අන්‍යෝන්‍ය සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මහ කොමසාරිස්වරයාට ස්තූතිය පළ කළේය. ඔස්ට්‍රේලියානු රජය විසින් පුද්ගලික ආරක්ෂණ උපකරණ කට්ටල (Personal Protective Equipment – PPE) ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
එමෙන්ම වසර ගණනාවක් පුරා ඔස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ලබා දුන් ශක්තිමත් සහයෝගයට ස්තූතිය පුද කිරීමට ද අග්‍රාමත්‍යතුමා එය අවස්ථාවක් කර ගත්තේය.
ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පසුගිය මැතිවරණ ජයග්‍රහණය සඳහා සුභ පැතීමට තමාට ලබා දුන් දුරකථන ඇමතුමට ස්තූති කළ අග්‍රාමාත්‍යතුමා, COVID-19 වසංගත තත්ත්වය පාලනය වූ වහාම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මොරිසන් මහතාට කළ ආරාධනාව සිහිපත් කළේය.
නව රජයේ ප්‍රමුඛතා පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමා, කෘෂිකාර්මික අංශය සහ සියලු පුරවැසියන්ට ආරක්ෂිත පානීය ජලය සැපයීමේ රජයේ ඉදිරි සැලැස්ම පිළිබඳව අවධාරණය කළේය. නිදන්ගත වකුගඩු රෝගය (Chronic kidney disease – CKD) දෙරටේ ජනගහනය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව ද මෙහිදී දෙරටේ නියෝජිතයින් අවධානය යොමු කරන ලදී. ඕස්ට්‍රේලියානුවන් දස දෙනෙකුගෙන් එක් අයෙකු මෙම රෝගයෙන් පෙළෙන බව මහකොමසාරිස් හොලි මහතා පෙන්වා දුන්නේය.
අධ්‍යාපන, වෘත්තීය පුහුණුව සහ පශු සම්පත් අංශ මෙන්ම ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම ඇතුළු දෙරටේ සහයෝගීතාව වර්ධනය වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමා හා මහ කොමසාරිස්වරයා සාකච්ඡා කළහ.
අපගේ සම්බන්ධතාවය සැලකිය යුතු ලෙස පුළුල් වී තිබේ,” ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව ප්‍රවාහන මධ්‍යස්ථානයක් සහ ප්‍රධාන වෙළඳපොළ කේන්ද්‍රස්ථානයක් ලෙස දැකීමට කැමති” යැයි මහ කොමසාරිස් හොලි මහතා පැවසීය.