බලව සබඳ 19යේ අග්‍රපලය ලිහලා
Posted on September 9th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

වර්ෂ 2015 ජනාධිපතිවරණයට, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමල ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය යන සියලුම පක්ෂ වෙනුවෙන් තරඟ කල අපේක්ෂකයා වුයේ, මෛත්‍රිපාල සිරිසේන මහතායි.අවසන් මොහොතේ මහින්ද රාජපක්ෂයන්ගෙන් වෙන්ව, ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ එතුමාට ඒ වෙනවිට දේශපාලන පක්ෂයක් නොතිබුන තත්වයක් තුල ඒ මහා මැතිවරණයට මුළු රටම ආවරණය වන පරිදි වියදම්වෙන මහා ධනස්කන්දය වියදම් කලේ කවුද? ඒ මෛත්‍රිපාල සිරිසේන නම් නොවේ. එක්සත් ජාතික පක්ෂයද නොවේ. ජනතා විමුක්ති පෙරමුණ හෝ දෙමළ ජාතික සන්ධානය හෝ මුස්ලිම් කොන්ග්‍රසයද නොවේ.

විදේශීය අදිසි හස්ත ගණනාවක් එකතුව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ, මැතිවරණ ව්‍යාපාරයට වියදම් සඳහා විශාල මුදලක් ආයෝජනය කල අතර, ඉහත සඳහන් කරන ලද සියලුම දේශපාලන පක්ෂ හා ඒවායේ නායකයින් විසින් සිදුකරන ලද්දේ, මේ මුදල් වලින් තමන්ට අයත් කොටස ගෙන තමන්ට නියමිත දේශපාලන කාර්යය ඉටු කිරීමය. ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මුළු මැතිවරණ ව්‍යාපාරයම මෙහෙය වන ලද්දේ විදේශීය ආයෝජන මතය. මෙම ක්‍රියාවලියම වර්ෂ 2010 ජනාධිපතිවරනයේදීද සිදුවූ අතර, එම ජනාධිපතිවරණය සඳහාද, දේශපාලඥයෙකු නොවන කිසිදු දේශපාලන පක්ෂයක්ද නොතිබූ සරත් ෆොන්සේකා මහතාවද තෝරාගනු ලැබුවේද මෙම විදේශීය අදිසි හස්ත ගණනාවේ එකමුතුවයි.

වසර 30ක් පුරා මෙරට යුද්ධය නිර්මාණය කොට සැලසුම්කර, පවත්වාගෙන ගිය මේ විදේශීය අදිසි හස්ත පරම්පරාව 2005 බලයට පැමිණි මහින්ද රාජපක්ෂ රජයේ යුධකාමිත්වය ඉදිරියේ, අන්ත අසරණ තත්වයට පත්ව වසර 30ක් පුරා අඛණ්ඩව යුද්ධය උදෙසා වැයකළ අතිමහත් ධනස්කන්දයද ගඟට කැපු ඉනි වලට සිදුවූ උරුමයන්ට භාජනය වීම දරාගත නොහැකි විනාශයක් විය. මේ විනාශය ඔවුන්ගේ සියලුම සැලසුම් ව්‍යාවර්ත කල අතර, ඔවුන්ගේ දකුණු ආසියාවේ සියලුම සැලසුම් උඩු යටිකරලීමට සමත්වූ විය.

යුද්ධයෙන් පැරදුනේ, මෙරට දෙමල ජනතාව නොවන අතර, ඔවුන්ව බිල්ලට දෙමින්, ඉදිරියට ගමන් කල විදේශීය අදිසි හස්ත බලගනයයි. ධනවත් බලවත් බුවල්ලෙක් වන් මේ සංචිතයට ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යකට පරාජය වීම විදදරාගත හැකි කාර්යයක් නොවේ. එබැවින් ඔවුන්ගේ සිය දෙවන ව්‍යායාමය ආරම්භ කොට බලාපොරෝත්තුවුයේ, රාජපක්ෂ පවුලම විනාශ කොට දමා යලිත් ශ්‍රී ලංකාව ඔවුනට අවැසි ආකාරයට මෙහෙයවීමට කටයුතු කිරීමයි. ඒ සඳහා ඔවුන් තෝරාගත්තේ යුද්ධයේ ප්‍රබලම තරුවක් වූ සරත් ෆොන්සේකා මහතාව වන අතර, ඔහුට සහයදීමට මෙරට තිබෙන සියලුම දේශපාලන පක්ෂ එකතුකොට මෙහෙයවීමට තරම් ප්‍රබල තත්වයක් මේ විදේශීය අදිසි හස්ත සංචිතය ඇති බව මනාව ඔප්පු කොට පෙන්වුහ. රනිල් එක්සත් ජාතික පක්ෂයේ නායකයා නොවන අතර එදා සෝමවංශ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා නොවන බවද  අනිකුත් සියලුම සුළු ජාතික පක්ෂ වල නායකයින්ද ඒවායේ නායකයින් නොවන බවද මනාව ඔප්පු කොට පෙන්වූ මැතිවරණය 2010 ජනාධිපතිවරණයයි. දෙමල ජනතාව මැරුවා! දෙමල ජනතාව මැරුවා! යයි මොර දෙමින් සිටිය දෙමල නායකයින්ට, එම දෙමල ජනතාව ඝාතනය කාලයයි කියන  හමුදාව මෙහෙයවූ හමුදාපති සරත් ෆොන්සේකා මහතාට චන්දය දීමට සැලස්වීම   තරම් බලවත් තත්වයක් මේ විදේශීය අදිසි හස්ත බලගණයට ඇත. රෝහණ විජේවිරයන්ව පණපිටින් පෝරණුවට දමා පිලිස්සු අලුගෝසුවන් සමග ජනතා විමුක්ති පෙරමුණට එකට දේශපාලන කිරීමේ තත්වයක් නිර්මාණය කිරීමට මේ අදිසි විදේශීය හස්ත බලනගනයට හැකි බවද පෙන්වාදී තිබේ.. එවන් බලවත් ජාත්‍යන්තර බලකායක්ව, මෙරට ජනතාව 2010 පරදා, මහින්ද රාජපක්ෂයන්ව බලයට ගෙන ඒමත් සමග මේ විදේශීය හස්ත බලගනය තවත් ඇති විශාල මුදල් කන්ධරාවක් අහිමි කරගත්හ. මෙය සුළුපටු පරාජයක් නොවේ.

ඔවුනගේ මීලග ඉලක්කය වුයේ, 2015වේ ජනාධිපතිවරණයයි. මහින්ද රාජපක්ෂ යුගයේ නිතරම මැතිවරණ පැවැත්වීම ඔවුනට මහා හිස රදයක් විය. පවත්වන සාම මැතිවරණයකදීම තම කණ්ඩායම් පවත්වා ගැනීමට මුදල් වය වුයේද මෙම ජාත්‍යන්තර බලවේගයට  වූ අතර අවසානයේදී ඔවුන්ට ඔවුනගේ ඉලක්කය කරා ලඟා වීමට හැකිවිය. සියලුම ආයෝජනා ලාභය අරමුණු කරගෙන සිදුකරන මේ අදිසි හස්ත බලගණය. තම ජයග්‍රහණයත් සමගම මෙරට සාරය ඔවුනගේ බැංකුවලට ගලාගෙන යාමේ සියලුම ක්‍රමවේදයන් සුදානම්කරගෙන සිටියහ. ඒ අනුව අර්ජුන මහේන්ද්‍රන් මහා බැංකුවේ අධිපති ලෙස දැමීමට රනිල් බැදී සිටිය අතර, මහා බැංකුව සුද්ද කිරීම හා එහි මුදල් විදේශයන්ට පැටවීම අර්ජුන මහේන්ද්‍රන්ට පවරි තිබුන කාර්යභාරය විය. ඔහු එය කරන විට එයට විරුද්ධවීමට මෙරට අගමැතිට හෝ ජනාධිපතිවරයාට විරුද්ධවීමට කිසිදු බලයක් නොතිබූ අතර, ඔවුන් ආයෝජනය කල මුදල් කන්ධරාව ඉදිරියේ යහපාලනය අවලංගු කාසියක් බවට පත්ව තිබුණි.

ඔවුන්ගේ පළමු පියවර කාලාන්තරයක් මුළුල්ලේ මෙරට දේශපාලඥයින් වෙනුවෙන් වියදම් කල ඇති විශාල ධනස්කන්ධය එකවර ලබා ගැනීම විය.

1.එහි පළමු පියවර වශයෙන්, වසර දෙකක කාලයක් සඳහා මෙරට සංවර්ධන කටයුතු උදෙසා කිරීමට නියමිත වූ මුදල්, එම සංවර්ධන කටයුතු නවතා ඔවුනට ගෙවීමට යහපාලන රජයට සිදුවිය.

2.රාජ්‍ය භාණ්ඩාගාරයේ හා වාණිජ බැංකුවල තිබු තැන්පත් මුදල් බැදුම්කර හා වෙනත් උපක්‍රම හරහා ඔවුනට ගෙවීමට යහපාලන රජයට උපාය උපක්‍රම සැලසීමට සිදුවිය.

3.විදේශයන්ගෙන් විශාල ලෙස ණය ලබාගෙන එම මුදල් සියල්ලක්ම විදේශීය හස්ත බලගනයට ගෙවීමට යහපාලන රජයට සිදුවිය.

4.මෙරට වැදගත් මර්මස්ඨාන හා ආයතනයන් විදේශයන්ට විකුණා දමා එම මුදල්ද නොරටුන්ට ගෙවීමට යහපාලන රජයට සිදුවිය.

ඒ මෙරට ජනතා මුදල් යහපාලන රජය විනාශ කල ආකාරයයි. ඉන් එහා ගොස්, මේ විදේශීය අදිසි හස්ත බලගනයේ වැදගත්ම ව්‍යාපෘතියක්‌ වූ දෙමල ඊලාම් යුද්ධය නිමකළ රණවිරුවන්ට හා දේශපාලඥයින්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීමද ඔවුන්ගේ තවත් අරමුණක් විය. ඒ අනුව යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවූ සියල්ලන්ටම දඩුවම්දීමේ යාන්ත්‍රනයක්ද නිර්මාණය කොට  ක්‍රියාත්මක කරන ලදී.

මිට අමතරව දිගු ලෙස කතා කලයුතු අප්‍රසන්න කටයුතු රාශියක් සිදුකල යහපාලන රජය ඒ සිදුකල සියලුම කටයුතු, සාධාරණ යුක්තියේ නාමයෙන් බලනවිට බරපතල නීති විරෝධී කටයුතු වන අතර,එවන් කටයුතු වලට චීනයේ අදත් උරුම වන්නේ ප්‍රසිද්ධ කොට වෙඩිතබා මරා දැමීමයි. මෙවන් අපරාධකාරයින් නීතියෙන් බේරාගැනීමට නම් නිතිය කරවන ආයතන විදේශීය අදිසි හස්තය විසින් මෙහෙයවන ස්වාධින කොමසාරිස්වරුන්ට බාරදීම සඳහාම අරමුණු කරගෙන ස්වාධින කොමිසන් සභා පිහිටුවාලීමේ මුලික අරමුණින්, 19 වෙනි ව්‍යාවස්තා සංශෝධනය ගෙන එන ලදී. මේ මගින් අවිනීතිය මෙරට නිතිය බවට පත්විය.

ඒ අනුව මෙරට ජනතාව බලයට පත්කරන රජයට උඩින් විදේශීය හස්ත බලගණය විසින් හසුරවන ස්වාධින කොමසාරිස්වරුන්ගේ රජයක්ද ඇති අතර, එය මෙරට නිතිය ක්‍රියාත්මක කරන්නා හා රට කරවන්නා බවට පත්කොට ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදිසි රාජ්‍ය සම්බන්ධව මනා අවබෝධයකින් කටයුතුකරන බව අපට දැනේ. එබැවින් එතුමා  තමාගේ සිමාවේ සිටිමින් කටයුතු කරන අතර තමාගේ කටයුතුවලට ස්වාධින සභා ර්පටලවා ගන්නට උත්සහ කරන්නෙම නැත.

මේ වනවිට ස්වාධින සභාවල ,රැකවරණය යටතේ, පොලිස් කොමිසමේ බලසීමාව තුල සිටින පොලිස් නිලධාරින් කුඩුකාරයන් හ සන්ධානගතවී රටපුරා කුඩු පතුරවන අතර, ස්වාධින අධිකරණය කොමිසමේ බල ප්‍රදේශය තුල  සිටින මත් ද්‍රව්‍ය ජාවාරමකාර රදවියෝ සියලු පසුකම් යටතේ බන්ධනාගාර තුලම සිටිමින් සිය ව්‍යාපාර කරමින් ආරක්ෂිතව සිටින  අද දකිමු. මේ අතර නඩුකාරයෝ හා නඩුකාරියෝ උසස්වීම් අපේක්ෂාවෙන් දේශපාලඥයින් පසු පස හඹා යන  ආකාරය රන්ජන් රාමනායක මහතා රටටම හෙළි .කලහ.

මේ උන් අපිට ලබාදුන්   ස්වාධින  සභාවල නියම ස්වරූපයයි. පළමුව මෙය වෙනස් කල යුතුය. දෙවනුව යහපාලනය සිදුකල ඒ මහා මුදල් කොල්ල සම්බන්ධව සොයාබලා සියල්ලන්ටම  දඩුවම් කල යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress