රජයේ දැඩි හා ක්සනික අවධානය යොමුවියයුතු කරුණු කීපයක්
Posted on September 15th, 2020

ආචාර්ය සුදත් ගුණසේකර

15.9.2020

1 පරාජිත මන්ත්‍රීවරුන් නිල නිවාසවලින් ඉවත්ව නොයාම

2 අපරාධකරුවන්ට මැතිසභයට එන්ට අවසර දීම

3 මන්ත්‍රීවරුන් ඇතුළු කිසිම කෙනෙකුට තීරුබදු රහිත වාහන ලබා දීමට අවසර නොදීම

1 පරාජිත මන්ත්‍රීවරුන් නිල නිවාසවලින් ඉවත්ව නොයාම

මෙම ප්‍රශ්නය ඉතා දිගුකලක් තිස්සේ ඇදෙන කරුණකි. මේ මිනිසු නේද රටේ නීති හදන්ට චන්දදායකයින් විසින් උත්තරීතරයයි කියන පාර්ලිමේන්තුවට යවල තියෙන්නේ.මොවුන් හැසිරෙන්නේ ඉන්ට හිටින්ට තැනක් නැති පාර්ලිමේතුවට එන්ත ඉස්සර පාරේ හිටපු හිගන්නෝ වගේ. ඉතින් මේ අය ඔය මහ සභාවේදී නීති හැදුවේ කාගේ යහපතටද කියලා දැන් අපට හිතාගන්ට පුලුවන්. පාර්ලිමේන්තුවේ ඉන්න කාලෙට නිල නිවාස දීම වෙනම කරුනක්. නමුත් පැරදුනාට පස්සේ මොන නිල නිවාසද.

අපට තෙරුම් ගන්ට බැරි මේ ර්ටේ නීතියක් නැද්ද මොවුන් මේ රජයේ ගෙවල් වලින් එලියට දාන්ට කියන එකයි.හරි විදියට නම් චන්දෙන් පැරදුනදාම අඩුම ගානේ පහුවදා හෝ  මොවුන් මේ ගෙවල් වලින් ඉවත් විය යුතුයි නේද?.රාජය පරිපාලනේ මොකද කරන්නේ මෙ තක්කඩින් මේවායින් අදලා දාන්නේ නැතිව. ඒකත් හරියෙට තීරුබදු රහිත බලපත් වසර පහකට අන්සතු කරන්ට බෑ කියලා චක්‍ර ලේඛන හදලා හමස්පෙට්ටියේ දාගෙන අදාල වාහනෙ රට තියෙද්දීම බලපත්තර්ය විකුනන්ට ඉඩ දීලා බකන් නිදාගෙන ඉන්නව වගේම නේද. කෝ මේ රටේ නීතිය. ඒක තියෙන්නේ අසරණ පොඩි මිනිසුන්ට විතරයි, මැති ඇමැතිවරුන්ට දේශපාලකයින්ට සහ ලොකු මිනිසුන්ට ඒ නීතිය නෑ. උන් මිනීමරුවත් .හිරේ හිටියත් , එල්ලුම්ගහට නියම උනත් විශේස  සැලකිළි. කෝ නීතිය කෝ නීතියේ දෙවගන. ඇය අමු හෙලුවෙන් මහදවල් මහ පාරේ ඇවිදිනවා.

මේ ව්හිළුවව ජනාධිපති වරයාටවත් නොපෙනෙන්නේ ඇයි? දෙවියන්ටනම් ඔවා පේන්නෙම නෑ දැන්. මොකද උනුත් පුද පූජා පඩුරු අරන් මේ තක්කඩින්ගේ පැත්තේ නිසා. දේවාලෙට ආධාර නොදෙයි කියල බයට.

2 අපරාධකරුවන්ට මැතිසභයට එන්ට අවසර දීම

මේක මහ පුදුම රටක්. හිරේ හිටියත් , එල්ලුම්ගහට නියම උනත් කුමන අපරාධයට සම්බන්ධ උනත් මන්ත්‍රීවරුන්ට ඒ නීතිය නෑ..

උසාවියේ තීරණයත් උන්ගේම  වාසියට. මේ රටේ සින්හල මිනිසුන්ට තියෙන්නේ සුද්දගේ රෝම ලන්දේසි නීතිය මිසක් සින්හලයාගේ නීතිය නෙවේ නෙ.ඒ අනුව උසාවියේ තීරණ හරි මොකද මිනිහෙක් මරණ දඩුවමට නියම උනත් ඇපල් ගත්තොත් එකේ තිරණය එනතුරු නිවැරැදි කාරයාලු. ඇත්ත වශයෙන්ම  සිදුවිය යුත්තේ එය නොවේ. අඩුගානේ නිවැරැදිකාරයා කියල ඉහල උසාවියෙන් තීරණය කෙරෙනතුරු හෝ ඔහු වැරැදිකාරයකු වසයෙන් සැළැකීම නොවේද වඩා සාධාරන ක්‍රමය. අවුරුදු 5 ක් හිරේ ඉන්න සිවනේසන්, චන්ද්‍රකාන්තනුත් පාර්ලිමේන්තුවට එනවා. මරණ දන්ඩනයට නියම කල රත්නපුරේ චොකා මල්ලිත් පාර්ලිමේන්තුවට එනවා. අපේ ප්‍රස්නය තියෙන්නේ මේ වගේ මිනිසු පාර්ලිමේතුවට ගිහින් හදන නීති හදන්නේ කාගේ යහපතටද කියන එකයි. ඉතින් මේ රටේ ජනතාවගේ අතේ පරමාධිපත්තිය තියෙනවා කියන්නේ මොන පචයක්ද

ධර්මිස්ට රජයක් හදනවා කිය බලයට ආපු  ජේ ආර්  ජයවර්ධනගේ  1977 පාර්ලිමේන්තුවේ සම්මතකරගත්ත අන්ක 1 පනත මොකක්ද. මන්ත්‍රිවරුන්ට අවුරුදු 5 න් විශ්‍රාම වැටුපක්පෙන්සිඔන් එකක් හදා ගැනීම නේද. ඒකෙන්ම තේරෙනවානේද මේ අය ඔය දේවාලේ නීති හදන්නේ කාගේ යහපතටද කියල.ඊට පස්සේ ඉදිරිපත්කරපු සශෝධන පනත් 17 න් ම කලේ මන්තීවරුන්ගේ බලතල සහ වරප්‍රසාද වැඩිකරගැනීම සහ ජේ ආර් ගේ රජයේ බලය ආරක්ශා කරගැනීම සහ වැඩිකර ගැනීම නොවේද. හැබැයි ඔවුන් කියන්නේ මේ රටේ තියෙන්නේ ප්‍රජාතනතරවාදය කියල. හැබැයි හොදට ඇස් ඇරලා බැලුවොත්  මේ රටේ තියෙන්නේ පරජා තන්තන්තරවාදයක් මිස  ඔය කියන ජාතියේ ප්‍රජාතන්තර වාදයක් නම් නොවේ කියන එකයි මම නම් හැමදාම කියන්නේ. 

3 මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහ්බලපත්තර ලබා දීම

මේ සෙල්ලම ඉස්සරවෙලාම පටන්ගත්තේ ජේ ආර්ගෙ කාලයේ. ඒ මන්ත්‍රීවරුන් සන්තෝසකරල තමන් කරන ඔනෑම දේකට ඔවුන්ගේ චන්දේ ලබාගන්ට.පසුව ඒ පහසුකම රජයේ උසස් නිලධාරින්ටත් දුන්නා. ඊට පස්සේ තමහිතවතුන්ට,  හාමුදුරුවරුන්ට ආදී අයටත් දුන්නා. මෙසේ කිරීමෙන් ඔහු බලාපොරුත්තු උන එකම දේ ඒ අයගේ චන්දේ ලබාගැනීම පමණයි. රටේ ආර්තිකයට  එයින් ඇතිවන පාඩුව ගැන හීනෙන්වත් හිතුවේ නෑ. මන්ත්‍රීවරුන්ට සහ නිලධාරින්ට එවා දුන්නේ  මහජනයාට සේවය කරන්ට කියල.අවුරුදු පහක් යනතුරු ඒවා අන්සතු කරන්ට බෑ කියල චක්‍රලේකයකුත් නිකුත් කලා හැබැයි මැති ඇමැතිවරුන් පමණක් නොවේ නිලධාරිනුත් ඒ කොන්දේසිය අමුඅමුවේ උල්ලන්ගනය කරලා  ඒ බලපත්තර ඔක්කොම ලක්ස ගනන් වලට වික්කා. විකුනලා ලක්ස ගනන් සල්ලි හොයාගත්තා. හැබැයි ඒ කිසිවෙකුට දඩුවම් කලේ නෑ. ඒ කියන්නේ ඒ කිසිවෙක් මේ වාහන ජනතා  සේවයට යෙදුවේ න කියන එක නේද?. මට මතක හැටියට 1977 සිටම සෑමම් රජයක්ම මේ ජාතික අපරාධය කලා. එයින් රටට අහිමිවු විදේශ විනිමය කන්දරාව, පාරවල්වල ඇතිවූ වාහන තදබදය සහ ඊටත්වදා රටතුල වර්ධනය වූ  දූසනය සහ සමාජයේ පිරිහීම මෙතෙකැයි කිවහැක්කේ කාටද.  ඒ නිසා අදාල පුද්ගලයින්ට ඇතිවූ නිලගාය නැමැති භයානක රෝගය.  වසර 40 කට ආසන්න කාලයක් සිදුකල මේ ජාතික මහා අපරාධය නැවතත් කරන්ට යන්නේ ඇයි යන්නයි මගේ ප්‍රස්නය. මා පමණක් නොවේ මේ රටට ආදරය කරන සියලුදෙනාම මේ ප්‍රස්නය රජයෙන් අහනවාට මත කිසිම සැකයක් නෑ.

 එමනිසා මේ ජාතික අපරාධය දැන්වත් නතර කරන්නයි මම මේ රජයෙන් ඉල්ලා සිටින්නේ.

මම අහන්නේ ඇයි 1977 ට පෙර මෙන් අදටත් තම රාජකාරිය කිරීම සන්දහා වාහනයක් අව්ස්ය පුද්ගලයින්ට ඒ සදහා රජයෙන් නයමුදලක් දෙන්ට බැරි  එහෙම කලාම රජයට සතයක්වත් මෙවැනි කෝලම් වලට වැයවෙනේ නෑ. ඒ වගේම නිලරත, රියදුරු ආදී  අවස්යතාවන් ඇති වෙන්නේද නෑ එතකොට ඒ සදහා වැයවෙන කෝටි ප්‍රකෝටි ගානක් මුදලුත් ඉතිරිවෙයි නේද

 එමනිසා මැති ඇමැති වරුන්ට පමණක් නොවේ කිසිම කෙනෙකුට තීරුබදු රහිත වාහන බලපත්තර නොදිය යුතුය යන්නයි මගේ යෝජනාව. රටේ ආර්තිකයට සහ මාර්ග පද්ධතියට දරාගත හැකි පරිදි සීමාවන්තුළ වාහන ආනයනය කලාට වරදක් නැත.   

හැබැයි  එසේ කළයුත්තේ රටේ ආර්තික සන්වර්ධනයට අවස්ය යාන වාහන, යන්තර සුත්තර යනාදිය පමණි. එවැනි ක්‍රමයක් වුවද කළයුත්තේ දැඩි මූල්ය පාලනයන්ට යටත්වය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress