ගව ඝාතනය නැවැත්වීමට රජයෙන් සම්මත කෙරුණු යෝජනාව බලගන්වමු.
Posted on September 16th, 2020

සතුන් හා සොබාදහම සඳහා යුක්තිය සංවිධානය

සියලූ වෘත්තීයමය හා සිවිල් සංවිධාන වෙත,
පූජ්‍ය ස්වාමීන් වහන්ස, ගරු පූජකතුමනි,

මහතාණෙනි, මහත්මියනි,

ගව ඝාතනය නැවැත්වීමට රජයෙන් සම්මත කෙරුණු යෝජනාව බලගන්වමු.

මේ මස 8 දින ආණ්ඩුපක‍ෂ මන්තී්‍ර කණ්ඩායම විසින් මේ රටේ ගව ඝාතනය සපුරා නැවැත්වීම සඳහා ගන්නා ලද ඒකමතික
තීරණය සදාචාර ගරුක හා යුක්තිධමය අගයන සියලූ දෙනාගේ ම අමන්දානන්දයට හේතුවන්නක් බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. අනගාරික ධමපාලතුමන්, අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන් ඇතුළු ගිහි පැවිදි උතුමන් විසින් දසක ගණනාවක් තිස්සේ සිදුකරන ලද මහා අරගලයෙහි ජයග්‍රාහී ප්‍රතිඵලය ඒකාන්තයෙන් ම ලැඛෙන බවට, ඉහත සඳහන් තීරණය සුභදායී පෙරනිමිත්තක් බව ද නිගමනය කළ හැකිය.

එතෙකුදු වුවත් ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රධාන ආණ්ඩුපක‍ෂයේ මන්තී්‍රවරුන් විසින් ගන්නා ලද එම ප්‍රශංසනීය තීරණය සෘජු ප්‍රතිපන්න ලෙසත්, අභීත ලෙසත් කි්‍රයාත්මක කරලීම සඳහා මහජනතාවගේ ආශීර්වාද පූවක සහයෝගය අත්‍යවශ්‍ය වන්නක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ උතුම් අපේක‍ෂාව ඉටුකරගැනීම සඳහා ඔබ සංවිධානයේ ද පූණ අනුග්‍රහය පිරිනැමෙන බව අපගේ විශ්වාසය යි. එවන් සංවිධානයන්හි නියෝජිත හමුවක් කැඳවා අදාල ඉදිරි කටයුතු සාර්ථක ලෙස සංවිධානය කරගැනීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට අදහස් කෙළෙමු.

ඒ අනුව 2020 සැප්තැම්බර් 20 ඉරුදින පෙ.ව. 8.30 ට නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ අංක 566 සංඝ මූළස්ථානයේදී පැවැත්වෙන සාකච්ඡා සභාවට පැමිණ සහභාගි වන ලෙස මෙයින් කාරුණිකව ආරාධනා කරමු.

ඉදිරි කි්‍රයාමාර්ග පිළිබඳ නිගමන ගැනීමට පහසුවන අයුරින් ඔබ සංවිධානයේ වගකිවයුතු නියෝජිතයන් දෙදෙනෙකු මේ සඳහා සහභාගි කරවනු මැනවි. දුරබැහැර නිසා ඔබට සහභාගි වීමට හැකියාවක් නැතිනම් පහත සඳහන් අංක වලට සහ විද්‍යුත් ලිපිනයට අදහස් ලිඛිතව දන්වා එවන්න.

මෙයට,
ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
සභාපති
සතුන් හා සොබාදහම සඳහා යුක්තිය සංවිධානය
රකිත හේවාවිතාරණ
සභාපති
අනගාරික ධම_පාල හ`ඩ සංවිධානය
ආචාර්ය ඒ. ටී. ආරියරත්න
සර්වෝදය නිර්මාතෘ/සම්මානිත සභාපති
වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක
සභාපති
ඉන්දිරා පිළිකා භාරය
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය
සභාපති
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය
අයිරාංගනී ද සිල්වා
සභාපති
සත්ව සුභසාධන භාරය
සම්බන්ධීකරණය :
ිරේණුකා ඩී. නාගොඩවිතාන – 0714441810 ිනීතීඥ පාලිත සුභසිංහ – 0714278375
ිනීතීඥ චන්දන පෙරේරා – 0750170835 ිනිල්මිණි වැලිවිට – 0778246308
ඊමේල් : වමිඑසජැ4්බ?ටප්සකගජදප
තැපැල් : zජස්ටිස් ෆෝ ඇනිමල්ස් ඇන්ඩ් නේචර්Z, 13 එA. ඕෂන් ටවර්, දුම්රියපල පාර, කොළඹ 4

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress