අලි මිනිස් ගැටුම සමතයකට පත් කරමු.
Posted on September 17th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ 

අලි මිනිස් ගැටුමක් කලක පටන් නිර්මාණයවී ඇත. එහි ආරම්භය කවදාදැයි අපි නොදනිමු. නමුත් ඒ සටනින් මිනිසා ජයගෙන අලින් අල්ලා මෙල්ලකරගෙන උන්ගෙන් වැඩ ගන්නා තත්වයට පත්ව සිටියහ. එදා අලින් අල්ලා මෙල්ලකර උන්ගෙන් වැඩගත් සමාජය අද උන්ට දුටු තැන වෙඩි තබන තත්වයට පත්ව ඇත. ඒ වර්තමානයේදී පවතින අලි මිනිස් ගැටුමේ ස්වරූපයයි.

මේ තත්වය වෙනස්කල යුතුය.අලියාට අලියෙක් ලෙසත් මිනිසාට මිනිසෙක් ලෙසත් නිදහස්ව ජීවත්වීමේ වටපිටාවක් නිර්මාණය කල යුතුය. ඒ සඳහා අලි ගම්වැදීම නතර කොට කැලාවට සීමාකොට තැබිය යුතුය, මේ සඳහා ගම හා කැලෑව අතර ඇති මායිම දෙපාර්ශවයම හඳුනාගෙන කටයුතු කිරීමේ ක්‍රියාවලියක් නිමානය කිරීමට කාලය එළඹ ඇත. මේ මායිමෙන් මෙහාට අලින්ගේ පැමිණීම නතර කිරීමේ ක්‍රියාවලිය තුලින් මෙය ස්ථිරවම නතර කල හැක.ගැටලුව වන්නේ මෙසේ කල හැකි ක්‍රියාවලිය කුමක්ද යන්නයි.

සෑම ගැටළුවකටම විසදුමක් ඇත. එබැවින් මේ ප්‍රශ්නයටද විසදුමක් තිබේ. මේ විසදුමේ ස්වරුපය තීරණය කරන්නේ,

1.මායිම ආසන්නයේ ඇති පාරිසරික තත්වය.
2.අලියාගේ කායික ශක්තිය.
3.අලියාගේ බුද්ධිය.
4.විසදුම ක්‍රියාත්මක කරන මිනිසුන්ගේ,මනස තුල පවතින අපේක්ෂාවන්ය.

පළමුව මේ ගැටලුව විසදීම සඳහා අනාදිමත් කාලයක සිට කල ක්‍රියාකාරකම් සඳහා ගිය අතිවිශාල ධනස්කන්දය, හා එම  කාර්යන් ව්‍යාවර්ත වීමට හේතුව අවබෝධ කරගත යුතුය.

A . අපට දුම්රිය දෙපාර්තමෙන්තුවක් තිබේ. වාර්ෂිකව භාවිතාවට නුසුදුසු රේල්පීලි ඉන් ඉවත්කර දමන බවද අපි දන්නෙමු.මෙම රේල්පීලි ඉතාම ශක්තිමත්ය. දුම්රිය දෙපාර්තමේන්තුවට අනවශ්‍ය දෙයකි. මේවා මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් පළමුව ගොඩනගා ගත යුතුය.

B මෙම රේල් පිල්ලක සාමාන්‍ය දිග මීටර් 6කි. ආසන්න වශයෙන් අඩි 20කි. මෙම පිල්ලක් දෙකට කැපු විට අපිට අඩි 10 කොටස් දෙකක් ලැබේ. මෙම අඩි 10 සෑම කොටසකම එක කෙළවරක් කොන්ක්‍රීට් වලට බදා අල්ලා ගැනීම සඳහා යකඩ පාදමක් අවම තරමින් අඩි 3′-0” x 3′-0″ ප්‍රමාණයේ කොන්ක්‍රීට් පදනමකට උචිත සේ සකස් කරගත යුතුය.

C. දැන් අඩි  3′-0″ x 3′-0″x 4′-0″ ගැඹුරු වැලක් හදා එම නිර්මාණය කරගත් අඩි 10 රේල්පිල්ල එහි තැන්පත්කොට නිසි ලෙස සකස් කරගත්  1:2:4 (3/4″) කොන්ක්‍රීට් නිසි ප්‍රමිතියකින් යුතුව, යකඩ කිසිම ආකාරයකින් පොලොව හා ස්පර්ශ නොවනසේ, අඩියක ඝනකමට දමා ගත්විට පොළොවේ සිට අඩි 6ක් උස ශක්තිමත් රේල්පිල්ලක් නැගී සිටි.

D.මෙලෙස පිලි අඩි 5-4 පරතරයට සිටවා ගත කල ඒ අතරින් අලියෙකුට රිංගා ඒමට නොහැක.

E. ගම හා කැලාවේ මායිම කිලෝ මීටරයක ප්‍රමාණය සඳහා ආවරණය කරන්නට නම්,

     1. පස් කැපීම කියුබ් 234 කැපීමට සිදුවෙන අතර,
     2. මීටර් 6 රේල්පීලි 350ක් දෙකට කපා ගත යුතුවේ.
     3. 1: 2: 4: (3/4″) (grade 25 හෝ grade 30 වුවද කම් නැත.) කොන්ක්‍රීට් කියුබ් 60ක් අවශ්‍ය වේ.
     4. පාදමේ වැරගැන්වීම් සඳහා 2′-9″ x 2′-9″ 10mm කම්බි කුඩු 700ක්
     

මේවායේ වර්තමාන මිලගණන් ගත්විට පැහැදිලි වියදමේ ච්ත්රයක් නිර්මාණය වෙන අතර මෙයට ඇතුලත් කිරීමට ඇත්තේ ප්‍රවාහන වියදම් හා බිමේ පල හා පඳුරු ඉවත් කිරීමේ වියදම් පමණි.

මේ අනුව සම්පුර්ණ ඇස්තමේන්තුව වන්නේ, 1+2+3+4+ප්‍රවාහන වියදම් +භුමිය සකස් කිරීමේ වියදම් + මේ යන වියදම්වල් එකතුවේ 15%අගයයි.

මෙහි ඇති වාසිය වන්නේ අලියාට ගමට පැමිණීමට නොහැකි තත්වයක් නිර්මාණය වීමයි. නමුත් මිනිසුන්ගේ අවශ්‍යතා සඳහා  කැලා වැදීමට ඇති හැකියාවද මින් සුරකිනවා.

මීළඟට අප වටහා ගත යුත්තේ, අපිට අවශ්‍ය නම් මේ කණු එකිනෙකට බද්ධ කිරීමෙන් ඕනෑම අවස්තාවකදී මේ වැටේ ශක්තිය විශාල ප්‍රමාණයකින් වැඩිකරගත හැකි බවයි.

මීළඟට ගැටලුව ඇත්තේ මෙවැනි වැටක් නිර්මාණය කිරීමට බාර දෙන්නේ කුමන වර්ගයේ, කොන්ත්‍රාත්කාරයෙකුටද යන්නයි.

මෙය ජාතික කර්තව්‍යක් බැවින්, මෙම කටයුත්ත ලංකාවේ ඇති ඉහල ප්‍රමිතියකින් යුත් (උදාහරණ ලෙස, ICC හෝ MAGA ) වැනිම වූ සමාගමකට හෝ යුද්ධ හමුදාවට බාරදිය යුතුයි මම යෝජනා කරමි.

මෙම යෝජිත කණු පෙර සවි අංගනයක සාදා ඒවා භූමියට ගෙනගොස් සැලසුමට අනුව ස්ථානගත කිරීමටද හැකියාවක් ඇත. එය තීරණය කරන්නේ, ස්ථානයට යාමට ඇති හැකියාවයි.

One Response to “අලි මිනිස් ගැටුම සමතයකට පත් කරමු.”

  1. aloy Says:

    Excellent idea. However it should be tested first.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress