ආක්රමනිකයින් සහ රටේ පාලක පන්තිය එකට එක්වී ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකරගැනීම සදහා පමණක් සෑදූ ශ්රි ලන්කාවේ අරුම පුදුම ආණ්ඩුක්රම විවස්ථා
Posted on September 25th, 2020

ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර.

ලන්කාවේ විවස්ථා පුරාණය

“ඉමන් සරත්තන් පිසිතන් සරීරන් –ධාරේමි ලෝකස්ස හිතත්ත මේව (මාගේ මේ ලේ මස් සහිත සරීරය ලෝකයාගේ (රටවැසියන්ගේ) හිතසුව පිනිසම දරමී සිරිසගබෝ රජතුමා. (පෙර රජ දවස මේ රටේ පැවැති රාජ්ය සම්ප්රදායයි ඒ.)

නමුත් මෙදවස මේ රටේ එවැනි ජනතාහිතවාදී විසිෂ්ඨ සම්ප්රදායන් හෝ ජනනායකයින් නැති නිසා විවස්ථා පිළිබද විශේසග්නයකු නොවෙන පුද්ගලයකු විසින් හුදීජන පහන්සන්වේගය සන්දහා පමණක් ලන්කාවේ ආණ්ඩුකරම විවස්ථාවල ප්‍රභවය, විකාසනය සහ  ස්වභාවය පිළිබන්දව කෙරෙන කෙටි විමසුමකි, මෙහි දැක්වෙන්නේ.

20 වැනි විවස්ථා සන්සෝධනයක් සහ පූර්ණ වශයෙන් නව විවස්ථාවක් ලිවීමට සූදානම්වන මේ අවස්ථාවේ මෙය කාලීන මාතෲකාවක් වියහැකි බැවින් මම මේ සටහන තැබීමට අදහස් කළෙමි.

ආණ්ඩුකරම විවස්ථාවක් යනු ඔනෑම රටක උත්තරීතර නීතියයි කියවේ. රටක්තුල මනා පාලනයක් ගෙනයාම සන්දහා සකස්කොට  ගන්නා එය සෑම අතින්ම සමස්ථ ජනතාවගේම යහපතම පදනම්කොටගෙන සකස්වන ජනතාව තුල නීතිගරුක බව, නීති සම්පාදකයින්ගේ මෙන්ම නීතිය ක්රියාත්මක කරන්නවුන්ගේද අත්තනෝමතික ක්රියා පාලනය කිරීම සහ නීති කඩන  පුගලයන්ට දණ්ඩුවම් කිරිම ආදී ක්රියාවන් හරහා එය රටතුල නීතිගරුක සමාජයක් ස්ථාපිත කරයි. නීතිය ඉදිරියේ සමාජයේ සියළුදෙනාම සමාන විමද ධාර්මික සමාජයක සුවිසේසී ලක්ෂනයකි.සින්හල බෞද්ධ සම්පර්දායන්ට අනුව රටක් දැහැමින් සෙමින් පාලනය කිරීම සන්දහා පොදුවේ සමාජය පිළිගත් නීති රීති සම්ප්රදායන් වශයෙන් හෝ ලිඛිත පුස්ථකයන් වශයෙන් හෝ ඒවා තිබිය හැක. 

මේ රටේ ලිඛිත විවස්ථා සෑදීම ආරම්භවූයේ 1947 සෝල්බරී විවස්ථාවත් සම්ගය. ඊට පෙර මේ රටේ කිසිමදාක ලිඛිත විවස්ථා තිබිබුනේ නැත. කිතුවසින්පෙර හයවන වසේ සිට මේ රට පාලනය වූයේ බෞද්ධ රාජාණ්ඩුකරමයක් යටතේය. ඔවුන්, සම්ප්රදායන් හා සිරිත් විරිත් අනුව දැහැමින් සෙමින් රට පාලනය කළබව වන්සකථා ප්රමුඛ පොත පතෙහි සදහන් වේ. ඇතැම් අවස්ථා වලදී රජවරු රාජ්යපාලනය පිළිබද රාජාඥා සෙල්ලිපි සහ ටැම්ලිපිවල කොටා තැබූබව ප්රකටය. මිහින්තලා සෙල්ලිපිය සහ බදුලු  ටැම්ලිපිය  ඒ අතර ඉතා ප්රසිද්ධය. ඒ හැර ලිඛිත ආණ්ඩුක්රම විවස්ථා කිසිදිනක මේ රටේ දක්නට ලැබුනේ නැත. ලක්දිවට බෞද්ධාගම පළමුවරට රාජ්ය අනුග්රහය යටතේ එවූ ධර්මාසෝක මහරජ විසින් එවැනි ටැම්ලිපි සිය දහස් ගණනක් සමස්ථ භාරතය පුරාම පිහිටවු බවද ප්රකටය.

මේ රටේ පළමුවරට ලියවුණු ආණ්ඩුක්රම විවස්ථාව වූයේ 1947 දී ලියවුනු සෝල්බරී විවස්ථාවය. අනතුරුව 1972 ශ්රී ළන්කා ජනරජ විවස්ථාවද, 1978  දී ශ්රී ලන්කා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකරම විවස්ථාවද ලියවින. මේ අනුව 1948 සිට මේ දක්වා ආණ්ඩුකරම විවස්ථා තුනක් සම්පාදනයවී ඇත.  මෙම සෑම විවස්ථාවකම දක්නට ලැබෙන සුවිශේසී ලක්ෂනය වනුයේ ඒවා සෑදීමේදී, ක්රියාත්මක කිරීමේදි හෝ ඒවායේ අන්තර්ගතයන්හි හෝ ඊනියා ප්රජාතන්තර වාදයක් නොමැති බවය. ඒවා සෑමවිටම් සකස්කොට ඇත්තේ ඒවා නිර්මාණය කළ වුන්ගේ  බලය රැකගනිම, වරප්රසාද වැඩිකර ගැනීම  ආදී අරමුණු මුල්කරගෙන මිස රටේ හෝ රටවැසියන්ගේ යහපත මුල්කොටගෙන නොවේ.

 මෙයින් අවසාන විවස්ථාව 1978 සිට මේ දක්වාවු කෙටි කාලය තුල 19 වන වතාවක් සන්සෝධනය කොට ඇත. 20 වන සන්සෝධනයද මේ මස 22 දින මැතිසභයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙහිදී 1788 දී පැනවූ ඇමෙරිකා එක්සත් ජනපදයේ විවස්ථාවේ මේ වන විට, වසර 232 ක් කාලයක් තුලම සිදුකොට ඇත්තේ සන්සෝධන 25 ක් පමණක් වීමද අපගේ අවධානයට භාජන වියයුතු වැදගත් කරුණකි.

ආණ්ඩුකරම විවස්ථා වර්ග දෙකක්

වර්තමානයේ පවතින ක්රමය අනුව ලෝකයේ  විවස්ථා වර්ග දෙකක් ඇත. එනම් ලිඛිත හා අලිඛිත විවස්ථා වශයෙනි. නූතන විවස්ථාවන්ගේ මව්බිම වශයෙන් සැළැකෙන බ්රතාන්යේද ලිඛිත විවස්ථාවක් නැත. ඒ රට අදටත් පාලනය වන්නේ එම රටට ආවේනිකවූ සම්පරදායන් අනුවයයි කියවේ.

 මේරටේ විවස්ථා ඉතිහාසය

          විවස්ථාවන්ගේ මවු රටේ එවැනි සම්ප්රදායක් තිබීයදී එම ක්රමයම වසර 2500 ක ප්රෞඪ ඉතිහාසයක් ඇති මේ රටටද යොදා නොගත්තේ මන්ද යන්න ගැටලුවකි. මේ සදහා ප්රධාන හේතු දෙකක් මම දකිමි. ඒවානම් පළමුව සුද්දන්ගේ අවස්යතා සහ දෙවනුව අපේම කලුසුද්දන්ගේ අවස්යතා වසයෙනි. සුද්දගේ අරමුණ වූයේ ඔවුන් මේ රටින් ගියද  ඉරහන්ද පවතිනාතුරුම තවදුරටත් සූරාකමින් ඔවුන්ගේ අණසක යටතේ මේ රට තබා ගැනීමය. වසර 133 ක් පුරා ඔවුන් විසින්ම හදා වඩාගත් සෝදනලද මනස් ඇති හමින් පමණක් කලුවූ namin mulkoTasa ingriisi saha agakoTasa pamanak sinhalavuu අනෙක් සැමඅතින්ම සුද්දන්ටත් වඩා සුදුවූ අපේ කලුසුද්දන්ට අවස්ය වූයේ සුද්දාගේ අනුප්රප්තිකයින් වී මේ රටේ ප්රභූ පාලකයින් වීම පමණයි. ඇත්තවසයෙන්ම ඒ අවස්ථාවේදි ඉන්ග්‍රීසීන් සිදුකල යුතුව තිබුණේ 1815 ට  පෙර මේ රටේ තිබුණු දේශීය ක්‍රමය නැව්ත පිහිටුවා ගැනීමට ඉඩදී නැව් නැගීමය. නිදහස ඉල්ලා ලියුම් ලියූ අපේ නායකයින් කළයුතුව තිබුණේ 1815 ට  පෙර මේ රටේ තිබුණු දේශීය ක්‍රමය නැව්ත පිහිටුවා ගැනීමය. 1815 දී සුද්දා පොරොන්දුවූයේද කුරිරු දෙමළ රජු පන්නා දම kAppeTipola කෙප්පෙටිපොල නිlameiමේ ලන්කාවේ රජු වසයෙන් පත්කරන බවය.නියම දේශපාලන නිදහස කියන්නේ එය මිස සුද්දගේ ඇන්දුම ඇන්දගෙන උන්ගේ පාලන ආකෘතියම වැළදගනීම නොවේ. අපේ කටිටිය ඒ වෙනුවට සිදුකළේ කුමක්ද. කිසිම සිස්ඨාචාරයක් නැති ගල්වැද්දන් මෙන් සිටි පිරිසක් ලෙස සුද්දාගේ පාලන ක්‍රමය දේවත්වයෙන් පිලිගැනීම නොවේද.

1948 දී ඔවුන් ලබාගත්තා කියන ඊනියා නිදහස දෙසත් දෙපාර්ශවයම එක්වී සාදාගත් සෝල්බරී විවස්ථාව දෙසත් විමර්ෂනසීලීව බලනවිට මා දකින්නේ එවකට සිටි දේශපාලකයින්ගේ එකම අභිලාසයවූයේ පාලකයින් වශයෙන් මේ රටේ සුද්දාගේ අනුප්රප්තිකයින් වශයෙන් පත්වී සැපසම්පත් විදීම පමනකැයි මට සිතේ. එසේම මේ රට සුද්දාගේ ග්රහනයෙන් මුදාගෙන 1815 දී අපට අහිමිවූ දේශය, එහි සම්පරදායන් සහ දේශයේ දූ පුතුන්ගේ සුද්දා විසින් පැහැරගත් ජන්ම අයිතිවාසිකම් ඔවුන්ට නැවත ආපසු ලබාදි නැවතත් තමන්ගේ මව්බිම පුර්නවශයෙන් නිදහස් ,නිවහල්, ස්වාධීන සහ ප්රෞඩ දේශයක් හා අභිමාන්වත් ජාතියක් වසයෙන් ගොඩ නැගීම පිළිබද කිසිදු සිහින මාත්රයක් හෝ ඔවුන් තුළ තිබුණු බවක් මට නම් නොපෙනේ. එවන්නක චායාමාත්රයක් හෝ ඔවුන් තුල තිබුනේනම් සෝල්බරී විවස්ථාව කිසිසේත්ම ඔවුන් පිලිගන්නේ නැතිවාට මට කිසිම සැකයක් නැත. අනෙක එවැන්නක් ඉල්ලුවේනම් අපේ කලුසුද්දන්ගේ අභිලාෂයන් සහ බලාපොරුත්තුද සුන්වනු ඇත. යටත් පිරිසෙයින් අපට පෙර එම්නම් 1947 දි නිදහස ලබාගත් භාරතය හෝ බුරුමය ක්රියාකළ ආකාරය දෙසවත් නොබලීමෙන්ම ඒ බව මනාව පැහදිලි වෙයි. භාරතයට විවස්ථාවක් සෑදිමට එන්ගලන්තයෙන් සුද්දෙක් යෝජනාකළවිට එය ප්රතික්ෂේපකොට අම්බෙක්කර්ගේ ප්රධානත්වයෙන් විවස්ථා සම්පාදන මන්ඩලයක් පත්කොට ඔවුන්ගේ විවස්ථාව ඔවුන්ට අවස්ය අන්දමට සාදාගනු ලැබිය. නමුත් අපේ කලුසුද්දෝ ඒ සදහා අයිවෝ ජෙන්නින්ග්ස් ලියූ එන්ගලන්තේම උපත ලබූ විවස්ථාවක් සෝල්බරිට ආරාධනාකොට  පන්සියපනස්ජාතකය මෙන් සිරස නමා යටහත් පහත්ව පිළිගත් හ. එපමණක්ද  නොව සෝල්බරී උන්නැහේට මේරටේ ප්රථම අග්රාණ්ඩුකාර කමද ප්රධානය කොට ඒ සන්දහාවත් සුදුසු පිරිමියෙක් හෝ ගැහැනියක් වසර 2500 ක ප්රෞඩ ඉතිහාසයක් හා සිස්ඨාචරයක් ඇති මේ රටේ නොසිටි බව නිවට ලෙස සුද්දන්ට ඔප්පුකොට ඇත.බුරුමයද සුද්දාගේ කොන්දේසි ප්රතිඛ්සේපකොට  ඉන්දියාවෙන් සුද්දන් ගෙනා කුලීකරුවන්ද ආපසු ගෙනයන මෙන් කියා ඔවුන්ගේම විවස්ථාවක් හදා ගනු ලැබීය. ඉන්දියාවට ආපසු නොගොස් නතර වූවන්ට් බුරුම නම් ගෙන බුරුම භාෂාවද ඉගෙන ගෙන පූර්ණ බුරුම වැසියන් විම අනිවාර්ය කළේය.නමුත් එසේ කරණු වෙනුවට අපේ නායකයින්යයි කියාගත් අයගේ නායකයා වූ ඩී ඇස්. නිදහස ලබගැනීම සදහා ඉන්ග්රීසින්ගේ කොන්දේසිවලට යට්ත්වූ ආකාරය ඩී. ඇස්. ශ්රී ලන්කාවේ ප්රථම අග්රාමාත්ය (කේ එම්. ද සිල්වා) පිටු 161 බැලීමෙන්ම වටහා ගත හැක.

මීලගට ඉහත සදහන් විවස්ථා තුන ගැන කෙටියෙන් සටහනක් තියමි.

1 1947 සෝල්බරී විවස්ථාව

මා දකින අන්දමට ඉන්ග්රීසින් ලන්කාවට  සෝල්බරි විවස්ථාව දීමෙන් අපේක්ශා කළේ කිසිසේත්ම මේ රටට පුර්ණ නිදහසක් ලබා දීම නොවේ. ඉන්දියාව, පකිස්ථානය සහ බුරුමය යන රටවල් තුනේම ග්රහණය අහිමිවූ සුද්දන් මේ රටට මෙවැනි විවස්ථාවක් දීමෙන් බලපොරොත්තුතුවූයේ ආසියාවේම බලය අහිමිවු බැවින් අනාගතයේදී ඔවුන්ගේ අනසකට යටත්ව පවතින එසේම වානිජමය සහ යුධමය වසයෙන් ඉන්දියන් සාගර කලාපයේ වැදගත් කේන්ද්රස්ථානය වසයෙන් ලන්කාව පවත්වාගෙන යාමේ එකම යටිකූට්ටු අදහස අනුව යයි මම සිතමි.  එසේම ඔවුන්ට අවශ්ය ආකාරයට මේ රට මෙහෙයවීමට හැකිවන පරිදි නිදහසක් දීමය. සමාත විවස්ථාව පුරාම, විශේසයෙන් සෝල්බරි විවස්ථාවේ 11 වන කොටසේ අන්ක 5 යටතේ මේ රටට පනවා ඇති සීමා දෙස බලනවිට ඒ නිදහසේ නියම ස්වරූපය තව දුරටත් පැහැදිළි වෙයි.

බුරුමයේ සහ භාරතයේ මෙන් තම රට හා ජාතිය ගැන හෝ ජාතියේ අභිමානය ගැන හෝ සිතන රටේ  ජනතාවගේ යහපත ගැන සිතන නායකයින් නොසිටි එසේම තමන්ට අවස්ය පරිදි ඉන්ග්රීසීන් මෙන් සිතන පතන, කනබොන, අදින පලදින හා හැසිරෙන තමන්ම හදාවඩාගත් හොන්දම කලුසුද්දන් සිටින රට වසයෙන් ඔවුන් මේ රට හොදින් හදුනාගෙන තිබුණාට කිසිම ශකයක් නැත. මැකෝලේ සාමිවරයා වරෙක පැතුවාක් මෙන් ඔවුන් හමින් කලුවුවද ක්රියාවෙන් සුදුකළවුන්ම විය 

නිදහස දුන්නායයි කියන ලෙඛනයවූ  සෝල්බරී විව්සථාවේ සෑම වගන්තියකින්ම මේ බව මැනවින් සනාථ වේ. එම විවස්ථාවෙන් අපේ හිස මත පටවා ඇත්තේ ඔවුන්ගේම පාලන කරමය, ඔවුන්ගේම භාෂාව, ඔවුන්ගේම නීතිය, ඒ වගේම මේ රටේ මිනිසුන් සින්හල, දෙමල, මුස්ලිම් ජා ,මැලේ ආදි වසයෙන් සහ ඒ වගේම බෞද්ධ, හින්දු, කථෝලික මුස්ලිම් ආදි වශයෙන් බේධකොට රට පාලනය කිරිමේ සියළුම දේශපාලන අයිතිවාසිකම් (චන්දයෙන් මන්ත්රීවරුන් තෝරාගැනීම හැර), තම අතේම තබාගෙන ඔවුගේම අධිකරණ, පරිපාලන, භෂාව, රාජ්ය පාලන ආයතන, ඇදුම් පැලැදුම්, සිරිත් විරිත් යනදී සියල්ල අපේ හිසමත පටවා ඔවුන් ශාරීරිකව පමණක් එතෙර ගිය බව ඉතාමත් පැහැදිළිවෙයි..

1815 නිදස නැති උනේ වසර 2500 ක් පුරා මේ රටේ අයිතිකාරයින් මෙන්ම භුමිපුත්රයින් වූ සින්හල අපටය. එහෙත් 1948 දී සුද්දා නිදහස දී ගියේ දෙමළ. මුස්ලිම් ආදී සුළු ජනකොටස් වලටය. එපමණක් නොව භූමිපුත්රයින් වූ සින්හලයින්ට නොමැති අයිතිවාසිකම්ද ඔවුන්ට ලබාදෙනලදී. උදාහරණයක් වසයෙන්  දෙමළ ජනයාට තේසවලමේ නීතියද මුස්ලිම් ජනයාට මුස්ලිම් නීත්යද ඉතිරිකොට ගියහ. සුද්දා භූමි පුත්රයින්වූ අපට අපගේ නීතිය අපසු භාවිතාකිරිමේ නිදහස නැතිකොට ආක්රමන්කයාගේ නීතිය වු රෝම ලන්දේසි නීතිය සහ ඉන්ග්රීසි නීතිය අප හිස මත පටවා ගියහ.

එසේ කිරීමෙන් සුළුජන කොටස් නන්ගවා තබා භූමිපුත්රයින් පාගාදමා ගියහ.මේ අනුව 1948 ලැබුණා කියන නිදහසේ නියම හැඩතල තේරුම්ගැනීමට අබැටක් පමන හෝ මොලයක් ඇති කෙනෙකුට අපහසුවක් නැත.

යටත් පිතිසෙයින් 1815 දී උඩරට ගිවිසුමෙන් සුද්දන්ට රට භාරදෙනවිට මේ රටේ  තිබුණු නමවු සින්හලේ යන්න, මාලදිවයින ඇතුලු භුමියේ හිස් අයිතිය, අපෙන් අල්ලාගත් ඉඩම්වල තිබුණු සුද්දන්ගේ වතුවල වහල් වැඩට ඉන්දියාවෙන් ගෙන ආ ලක්ස 12 ක් පමණවූ දකුණු ඉන්දීය දෙමළ කම්කරුවන්ගෙන් තොර කන්ද උඩරට අපේ ජන්ම භුමියේ හිස් අයිතිය, අපේ භාෂාව  වූ සින්හල  පාලන  භාශාව ව්සයෙන් යොදා ගැනිමේ අයිතිය, බුද්ධාගම රාජය ආගම වසයෙන් තබාගැනීම, නිදහස් රටක් වශයෙන් රාජ්ය නායකත්වයට කෙනෙකු පත්කර ගැනීමේ අයිතිය, අධිකරණයේ පරම අයිතිය වැනි ප්රධාන  අයිතිවාසිකම් හෝ නැතිව ලබාගත් නිදහස කුමක්ද යන්න මටනම් නොතේරේ.එවැනි කිසිදු නිදහසක් අන්ඩන්ගු නැති  ඒ මදිවාට මේ රටේ  ඉතිහාසයේ කවරදාකවත් නොසිටි  සුළුජාතින් ගැන නයිතික පදණමක්ද පලමු වරට ඇතුලත් කල  සෝල්බරී විවස්ථාව නොවේද අපේ පාලකයින් බණපොතක් වශයෙන් 1948 භාරගත්තේ.

මේ නිදහසේ අරුමය 1972 වනතුරුම අපි එන්ගලතයේ රාජආණ්ඩුවෙන්ම සෝල්බරී විවස්ථාව යටතේ පාලනය වීමෙන්ම අපට ලැබුණු නිදහසෙ අරුමය මැනවින් පැහැදිලිවෙයි.  ඒවනතුරුම ලන්කාවේ අග්‍රාණ්ඩුකාඅර්යා පත්කලේද අධිකරණයේ අභියාචනාධිකරණය තිබුණේ එන්ගලන්තයේ සාමි මන්ඩලයේමය.1971 ජනතාවිමුක්ති කැරැල්ලේදී චෝදනාව වූයේ රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කැරැළි ගැසීම  කියා කීමෙන්ද ඒ බව මැනැවින් සනාත වෙයි.1956 දී සිදුවු ආණ්ඩු පෙරළියත් සමග සමාජ පෙරලියකුත් ඇතිවුවද 1972 වනතුරුම මේ රට පාලනය වූයේ 47 විවස්ථා තෝන්ලනුවෙන්මය. අපේ නහයට ඒක දාල සුද්දාට ඕනෑ විදියට ලන්කාවේ දේශපාලන කරත්තය දැක්කූවේ ඔන්න ඔය විදියටය. එන්ගලන්තය අදටත් අපේ අබ්යන්තර වැඩවලට ඇන්ගිළි ගහන ආකාරය දෙස බලන විට අදටත් ඒ කරමයේ වැඩි වෙනසක් ඇති බවක් මටනම් නොපෙනේ. ඔන්න ඕකයි අදත් පවතින 1948 ලැබූ නිදහසේ සැබෑ තත්වය.

2 1972 ජනරජ විවස්ථාව 

 බන්ඩාරනායක මැතිනීයට පින්සිද්ධ වෙන්ට 1972 තමා පල්මු වතාවට අපි එන්ගලන්ථයේ තෝන්ලණුවෙන් මදක් හෝ ගැලවිලා නිදහස් ජනරජයක් උනෙ. එතෙක් එන්ගලන්තේ මහ රැජින පත්කරපු ලන්කාන්ඩුකාරයා වෙනුවට අපේම ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම, 1815 දී බුද්ධාගමට නැතිවූ තැන 9 වන වගන්තියෙන් ලබාදීම, එන්ගලන්තේ ප්රිවි කෞන්සලේ වෙනුවට අපේම උපරිමාධිකරණයක් පිහිටුවා ගැනීම, ඒ වගේම සුද්දන්ගේ වතු ජාතිය සතුකිරීම වැනි  නිදහසේ සන්කේත වූ වැදගත් කරුණු කීපයක් මේ වකවානුවේ ලන්කා ජනරජයේ නයිකාව වසයෙනුත් 1976 සිට නොබැදි ජාතිඟේ නායිකාව වශයෙනුත් ලන්කාවට අලුත් පනක් ලබාදීම  වැනි වැදගත් කරුණු කීපයක් 72 විවස්ථාවෙන් අපට ලබුනා.

නමුථ්  72 විවස්තාව කියන්නේත් බොහො දුරට 48 ම පිටපතක්මවූ බැවින් 48 විවස්ථාඅවේ බොහෝ ලන්ක්ෂණ ඉතිරිඋනා. 1977 දේසපාලන පෙරළියත් සමන්ග 77 විවස්ථාව පරිච්චින්න කලෙන් නැවතත් රටේ පාලනය පසුගාමී තත්වයකට පත්විය.

3 1987 ජේ ආර් ඉන්දියාවට රට පාවාදීම?

1987 විවස්ථාවේ දක්නට ලැබුණ ප්රධානම පෙරළිය වූයේ මුලු රටේම මිනිසුන්ගේ චන්දයෙන් පත්වන විධායක ජනාධිපති තිවරයෙකු යට්තේ රජයක් පිහිතුවා ගැන්නීමය.  ජේ ආඅර් කීවේ එය අමෙරිකාවේ සහ ප්රන්සයේ ජනාධිපති ක්රමයෙ සහ බ්රතාන්ය වෙස්ට්මින්ස්ටර් කරමවල එකමුතුවක් කියලයි. ඒ මොනවා කීවත් එයත් පරදේශ ක්රමයක් විනා දේසීය ක්රමයක් නොවන බව කිවයුතුය. ඒත් එන්ගලන්ත පාර්ලිමේන්තු කරමයේ වෙනසක් ඇතිඋනේ නෑ. අධිකාරනයේ වෙනසක් ඇති කලේත් නෑ.  මේ විවස්ථාවෙන් සුද්දගේ ක්රමයට නව පණක් දුන්නා. දෙමළ භාසාවට ජාතික භාසා තතවයක් දුන්නා.පාර්ලිමෙතුවේ මන්ත්රී සන්ක්යාව 165 සිට 196 දක්වා වැඩිකලා. නැවතත් චන්දයකින් පාර්ලිමේන්තුවට එන්ට බැරි ගෝල බාලයින් ඇතුලට දමගැනීම සන්දහා ජාතික ලැයිස්තුව නැමැති කෝලමකින් එය 225 දක්වා වැඩිකරගත්තා.

මේ ආදී හේතු නිසා එම විවස්ථාවෙන් මෙන්ම 72 විව්ස්ථාවෙන්ද නිදහස් නිවහල් රටක ඔබින් දේශීය පාලන ක්රමයක් ඇතිවූයේ නැත. 78 විවස්ථාව, 72 සහ 48 විවස්ථා තුනටම වඩා දේශපාලකයින්ගේ වාසියට නිර්මානය වූවක් බවනම් කිවයුතුය.

මේ සියල්ලටම වඩා 1978  විවස්ථාවේ සුව්ශේසීම ලක්ෂනය වූයේ එය එක් පුද්ගලයකුගේ  (ජේ ආර්ගේ) කලක් තිස්සේ තිබුණු සන්කල්පයක් අනුව  කිසිදු ජන ජනමත විමසීමක් නැතිව ඔහුම හදා හෝ හදවා පර්ලිමෙන්තුවට ඉදිරිපත්කොට 5/6 බලය යොදා සම්මත කර ගැනීමයි. එහි තවත් සුවිශේසී ලක්ෂනයක් වන්නේ ජනතාව්ගේ කිසිම සාභාගිත්වයක් නැතිව දේසපාලන  අධිකාරිය විසින්ම නිර්මානයකොට මැතිසභයෙන් පමණක් සම්මතකොට ගැනීමය. ඊටත් වදා භයානක මෙන්ම ප්‍රජාතන්තරවිරෝධි සිද්දිය වූයේ 1987 ජූලි 29 වන දින දරණ ජේ ආර්/රජිව්  ඉන්දුලනකා ගිවිසුම අනුව පලාත්සභා පිහිටුවිම සන්දහා මැතිසභයේ විපක්සයේ සහ මුලු රටේම විරෝධතා මද්යයේ 13 වන විවස්ථා සන්සෝධනය සම්මත කොටගත් ආකාරයයි.  මෙය සම්මත කොට ගතේ පර්ලිමෙන්තු මන්ත්‍රිවරුන්ගෙන් දින නති ඉල්ලා අස්වීමේ ලිපි බලහත්කාරයෙන් අත්සන්කොට ගෙන, හදිසිනීතිය පනවා මන්ත්‍රීවරුන් හෝටලයකට ගාල්කොට තබා වෙලාවට මැතිසභය්ට ගෙන්වාගෙන චන්දය ලබ ගෙන එය සම්මතකොට ගැනීමයි. මේ ගිව්සුම මෙන්ම 13 වන සන්සෝධනය කලේ ඉන්දියාවේ බලකිරීම මතය.  ඉන්දියාවේ නියෝගය යටතේ තෘ නැගෙනෙහිර පලාත් දෙක ඒකාබද්ධකොට  මේ රටේ අයිතිහාසික ද්‍රවිඩ නිජභුමිය වශයෙන් පිලිගැනීම සහ බ්) ඒ පලාත් දෙක එක් පලාත් සභ්හාවක් වශයෙන් පිලිගැනීම ච්)  ඒ දෙක සමන්ග තවත් පලත් එකාභාද්ද කිරීමට ඉඩකඩ සැලස්වීම  ද්) මේ රටේ සිටින පුරවැසියන් නොවන සියලුම ඉන්දීය ජාතිකයින්ට දිවුරුම්පෙත්සමක් මත ලන්කා පුරවැසිකම දීම,ඒ 78 විවස්තාවේ ලන්කාව පුරා රාජ්ය භාශාව වසයෙන් ප්‍රකාශකොට තිබුණු 18 වන වගන්තිය පරිච්චින්නකොට දෙමල භාෂාවද රතේ රාජ්ය භාශාවක් වශයෙන් පිලිගැනීම සහ පෙදරල් රාජ්යකට පදනම වන පලත්සභා 9 ක් පිහිටුවීම ආදී නවතම අන්ගෝපාන්ග එකතු කොට 78 විවස්ථාව උදුයතිකුරු කරන ලදී.

 මෙම විවස්ථාවේ තවත් සුවිශේසීම ලක්ශනයක් වන්නේ වසර 40 ක් වැනි කෙටි කාලයක්තුල එය 19 වතාවක් සන්ශෝධනයට ලක් කිරිමයි. මේ සෑම සන්සොධනයක්ම සිදුකොට ඇත්තේ නායකයාගේ සහ පක්ශයේ දේසපාලන බලය තාහ්වුරුකොට ගැනීමටසහ ආරක්ෂාකොට ගැනීමට මිස රටේ හෝ ජනතාවගේ  සුභ්සිද්ධිය සදහා නොවේ. 1977 මැති සභයේ සම්මත කරගත් පළමු පනතින්ම මැති ඇමැතිවරුන් සදහා වසර 5 කින් විස්රාම වැටුපක් සකස් කර ගැනීමෙන්ම ඔවුන් කොතරම් ජනතා හිත වාදීන් දැයි ඕනෑමකෙනෙකුට සිටාගත හැක. අනතුරුව එම විස්‍රාම වැටුප මැති ඇමැති බ්‍රින්දෑවරුන්ටද සම්මත කරගත් අතර එසේම අතීතයද බලපාන අන්දමින් සම්මත කරගනාලදී.ඒ අනුව එතෙක් ජීවතුන් අතර සිටියේනම් 1948 සිට මැතිසභයේ සිටි සියලුදෙනාටම එය හිමිවන පරිදි සම්මතකරගැනින.

පහතින් දක්වා ඇති එකී සන්සෝධන් දෙස බැලීමෙන්ම ඒ බව ඔබට වඩාත් හොදින් වටහා ගත හැක.

තුන්වැනි සන්සෝධනයෙන් (27.8 82). ජනාධිපති වරයාගේ කාල සීමාව වසර 4 ක් ගතවූ පසු ජනමත ව්චාරණයකින් නවත බලය ඉල්ලීම

හතරවැනි සන්සෝධනය (23.12 82). 77. 8. 4 දිනට අවසන් වීමට තිබුණු කාලය 80.4.4 ට කල් තැබීම

හත්වැනි සන්සෝධනය (4.10.83). දිසා 24 -25 කිරිමෙන් (කිලිනොච්චී ටි. එන්. ඒ. සතුතුකිරීමට උතුරු පලතට පමණක් දිස්ත්රික්ක 5  ක් ලබාදීම.

 දාහහතරවැනි සන්සෝධනය  (24.5.88).මන්ත්රී සක්යාව 196 ය   225 දක්වා වැඩි කිරීම  ( ජාතික ලැයිස්තුව හදුන්වා දිම

දහසයවැනි සන්සෝධනය (17.12.88).   උතුරු හා නැගෙනහිර පලත්වලින් සින්හල භාෂාව ඉවත් න්කිරීම                            

දහ අටවැනි සන්සෝධනය ජනධිපතිවයාට දෙවතාවකට වඩා තරග කිරීමට බලය ලබාගැනීම

දහනව වැනි සන්සෝධනය නාමල් රාජපක්ස ජනාදිපතිවඩාවරණයට ඉදිරිපත්වීම වැලක්වීම, ජනාධිපතිවරයාගේ විධායක බලතල අහෝසිකොට අගමැතිවරයා ප්රමුඛ පර්ලිමේන්තුවට එම බලතල පැවරීම. මෙම සන්සෝධන සිදුකොට ඇත්තේ 2002 දී උපරිමාධිකරණ රජ හත් කත්තුවේ තීරණය වූ එවනි නීතියක් සම්මතකොට ගැනීම සන්දහා මතිසභයේ 2/3 ට අමතරව ජනමත විචාරණයකටද  යා යුතුය යන පුර්වා දර්ශය නොසලකා හරිමිනි. එබැවින් 19 වන සන්සෝධන්යද නීති විරෝධීයයි සැලකේ.20 වන සන්සෝධනය සන්දහද ජනමත විචාරණයක් අවස්ය නැතැයි තීන්දුවක් දී ඇති බැවින් එයද මුල්ගනයටම වැතේ. එවිට එයද 2/3 න් පමණක් සම්මත වීම නීතිවිරෝදී බව අතැම් නීති විසාරදයින්ගේ මතයයි. මෙබන්දු අවස්ථා ඔවුන්  හදුන්වනුයේ per incuriam (පර් ඉන්චුරිඅන්) ගණයත වැතෙන අවස්ථා වසයෙනි.

විසිවනි සන්සෝධනය  22.9.20202 (හෙට මැතිසබයට ඉදිරිපත් කෙරේයයි කියවේ.?

මෙම කරුණු සියල්ල විමසා බැලීමේදී මේ රටේ පාලකයින් කොතරම් ජනතා විරෝදී අන්දමින් විවසථාකරණය සාහ නීති සම්පාදනය සිදුකොට තිබේද, එසේම උත්තරීතරයයි කියන මැතිසභය දූෂිත අන්දමින් ඔවුන්ගේ වාසියට යොදාගෙන තිබේද යන්න ඉතා පැහැදිළිය.

1947 සුද්දා වෙනුවට 1987 දී ඉන්දියාව ලන්කාව ආක්රමණය කොට විවස්ථා හැදීම

1978 විවස්ථාවේ මේ සියළුම සන්සෝධනයන් අභිභවා නැගී සිටින්නේ 13 වන සන්සෝධනයයි. මන්ද එය ඉන්දියාවේ බලකිරීම මත සිදු කෙරුණු  සන්සෝධනයක් වීමයි. මෙය වූකලි නිසැකයෙන්ම 21 වන සියසේ සිදුකරණලද නවතම ඉන්දීය ආක්රමණයකි. ඉන්දියාවට මෙය අලුත් දෙයක් නොවනුයේ කිතුවසින් 2 වන සියවසේ සිටම    මේ රට ගිලගැනීමේ නොතිත් ආශාවෙන් නිතර නිතරම මෙවැනි ආකරමන කිරීම ඉන්දියාවේ සහජ පුරුද්දක් නිසාය.

බ්රතාන්යයන් 1815 දී සිදුකරණලද ආක්රමනයත් 1987 දී ඉන්දියාව කරණලද මේ ආක්රමනයත් අතර වැඩි වෙනසක් මම නොදකිමි. ඉවසිය නොහකි ලජ්ජාව්නම් අපේ අත ඉම්බ ඉම්බ විලිලජ්ජා නැතිව මෙවැනි ද්රෝහි කමක් කිරීමයි. මෙහිදී ඉන්දියව හොදින් මතක තබගතයුතු එක් කරුණක් ඇත.

එනම් මෙය බුදුන්ගෙ දේශය බවය.ලක්වැසියන් එය තුන් වරක් උන්වහන්සේට පූජා කොට ඇත. රාම කාලේ සිටම තිබුණු මේ දොළදුක තවම සන්දින්දී නැති සේ ය. එහෙත් තවම් මේ රට අල්ල ඝැනීමට නොහැකිවිය,ඉදිරියේද ඉර හන්ද පව්තිනාතුරුම් එය ඔබට කළ නොහැක, එබැවින් දැන්වත් ඔය කුහක කැත ආශාව අතහල  මැනවි සහුර්දයාණෙනි. ලන්න්කා රාජ්යයේ එක්සේසත් බව විනාශකොට රට පූර්ණ බලති ප්රාන්ත රාජ්යන් 9 කින් යුත් අර්ධ පෙඩරල් රාජ්යක් බවට පත්කොට ඇත.  එසේ වීම තාවකාලිකාව් නතරවී ඇත්තේ පනතේ පරිදි ඉඩම්. අධිකරණ සහ පොලිස් බලතල තවමත් නොදී 13 සම්පුර්ණයෙන්ම ක්රියාත්මක නොකල නිසාය කිසියම් ලෙසකින් එය හෙට සිදුවුවහොත් 2500 වසරක සින්හල බෞද්ධ රාජ්යයේ මළගම හෙටම් ඉතිහසපොතේ සටහන්වනු ඒකාන්තය. 

මෙම සන්සෝධනය කලේ පලමුවෙන්ම ඉන්දියාඅවේ බලපෑම මත නිසා මේ රටේ ජනතාවගේ පරමාධිපත්තිය ඉන් විනාශ විය. දෙවනුව ඒ සදහා මේ රටේ පරමාධිපත්තිය තියෙනවා කියන ජනතාවගේ සාභාගිත්වය නොමැතිව පමණක් නොව  ඔවුන් සම්පූර්ණයෙන්ම මේ රටේ නීති හදන ක්රියාවළියෙන් ඉවත්කොට ඇත. එමනිසාම ලන්කාණ්ඩුක්රම විවස්ථාවේ 3 වන වගන්තිය අමුඅමුවේ උල්ලන්ගනයක් ඉන් සිදුකොටද ඇත. එමනිසා 13 විවස්ථා සන්සෝධනය අයිතිහාසික විවස්ථා උල්ලනග්නයකි. ඒ නිසාම එය විවස්ථා විරෝදීය.

මේ නිසා ඉන්දියාව විසින් ලක්මව මරා මුහුදට විසිකොට තමිනාඩුවේ දිගුවක් මෙහි පිහිටුව ලෝක පලමු ඊළමේ රාජ්යය ලක්පොලවමත පිහිටුවීමට පෙර දැන් වත් මේ 13 වන විවස්ථා සන්සෝධනය නැමැති ඉන්දීය මර උගුල වහාම අහෝසි කොට ලක්මව මරනින් බේරාගන්නා මෙන් වර්තමාන රජයෙන් අපි ඉල්ලමු,

තවද මේ රටේ ජාතික ධනය 30 වසරක් පුරා මකර කටට අද දැමූ එසේම මේ රටේ  දිසා පාලනය විනාසකලාවූද, රාජ්ය පාලන යාන්ත්රනය අවුලෙන් අවුලට පත්කලාවූදමේ රටට ආණ්දුකාරයින්  9 දෙන , මහ ඇමැති වරුන් 9 දෙනකු සහ පලාත් සදහ තවත් ඇමැති වරුන් 36 දෙනකු පලාත් සභා මන්ත්රිවරුන් 700 පමනද  අමතර නිලධාරීන් 12,000 පමනද පත්කොට, සුකෝපභෝගී ගොඩනැගිලි , යාන වාහන සහ අමතර උපකරන ආදිය සදහ කෝටි ප්රකෝටි ගනන් ජාතික ධනය වැය කරමින් 13 යටතේ පිහිටුවා තිබුණු පලාත් සභා නැමැති හූනියම සහ රටට සතයකවත් සේවයක් නොවෙන අමතර පරපුටු දේශපාලන හමුදාවක් බිහිකළ මේ දේශපාලන, ආර්තික හා සමාජ සුදුඅලියා දැන්වත් දේශපාලන වනසණ්ඩයත එලවා දැමිය

දැනටමත් මේ ලිපිය නොදැනීම දික්වූ බැවින් මෙතෙක් විවස්ථා හැදූ බටහිර වන්දනාවෙන් බැහැරව ඉදිරියේදී සෑදීමට අපේක්ශාකරණ විවස්ථාව හෝ ජාතියේ අපේක්ෂාවන් හා පැතුම් අනුව මේ රටේ ඉතිහාසයට, සම්ප්රදායන්ට සහ භුමිපුත්රයින්ගේ උරුමයන් ආරක්ෂා වන පරිද්දි රටේ සන්ස්කෘතියට ගැලපෙන පරිදි සහ ජනාධිපති වරයාගේ සව්භහාග්යයේ දැක්ම යථආර්තයක් කර ගැනීමට උපකාරවන අන්දට එයවත් හදාගැනීමට හැකිවේවායි මම ප්රාතනා කරමි.

අද මේ රටේ තිබෙන රාජ්යයේ හිස ඇමේකානුය, කදබඩ බ්රතාන්යය, කකුල්දෙක ඉන්දියය. අපට අද අවස්ය හිස, කදබඩ සහ කකුල්දෙක පමණක් නොව හදවතද සින්හල වූ  ශ්රී ලාන්කික වූ අභිමානවත් රාජ්යකි. එසේම එවැනි රාජයයක් ගොඩනැගීය හැකි දේශප්රේමි රජයකි. එවැනි රජයක්1948 න් පසු පළමුවරට දැන් අපට ලැබී ඇතැයි මම විස්වාශකරමි.

අවසාන වසයෙන් යෝජිත නව විවස්ථාව ගැනද වචනයක කිව යුතුය.

අපට අහිමිවූ ඒ  අතිත උර්මය හා ශ්‍රි විභූතිය නැවත ගොඩනගාගෙන සමකාමි සව්භාග්යමත් දෙසයක් නිර්මාණැය කර ගැනීම සන්දහා  මෙන්ම නව්ලෝකයේ අභියෝගයන්ට සාර්තකාව් මුහුන දීමට හකි රටක් ගොඩනගා  ගනීම සන්දහා අවස්ය දේසපාලන හා පරිපාලන අත්තිවාරම වසයෙන්  මේ රටේ ඉතිහාසය, සම්ප්‍රදායන් සහ සමාජ හාර්යන් පාදකකොටගත් දේශීය ශිස්ථාචාරය ආත්මකොටගත් එසේම භූමිපුත්‍රයින්ගේ උරුමය ආරක්ෂාවන සින්හලේ ආණ්ඩු කරම විවස්ථාවක් දැන්වත් නිර්මානයකොට ගතයුතුය,

1815 සිට මේ දක්වා පුරා වසර 215 ක්තිස්සේ රට වෙනුවෙන් සටන්වලදී මියගිය සහ එසේම ඔවුන්ගෙන් පැවත එන අද ජීවත්වන ලක් දූපුතුන් සිය ලක්ෂ ගණනක්  ජාතියක ඒ උදාර සිහිනය සැබෑකර ගැනීම සන්දහා කිතුවසින් පෙර 427 පණ්ඩුකාභය නිරිදුන් දා සිට, මේ මුළු ලොවේ වෙනත් කිසිම රටක නොතිබුණු පරිදි, මේ රටේ විරාජමානව තිබුණු තුන් සින්හලේ නැවතත් පිහිටුවා මේ රට  ආසියාවේ විශ්මය බවට පත්කොට ගනිමේ පදනම වසයෙන්  ‘චීනය ලෝකය පාලනය කරනදා” කතුවරයා වූ මාටි න් ජක්ස් කි පරිදි සිස්තාචාරයේ පදනම මත ගොනැඩගුනු එම නව විවස්ථාව   නිර්මාණයකොට ලන්කා ඉතිහාසයේ නව පිටුවක් පෙරලනමෙන් ගරු ජනාධිපතිවරයා, අග්රාමාත්යවරයා ඇතුලු මේ දේශප්පේමී රජයෙන්, මුලුමහත් ජාතිය වෙනුවෙන්ම මම උදක් ඉල්ලා සිටිමි

One Response to “ආක්රමනිකයින් සහ රටේ පාලක පන්තිය එකට එක්වී ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකරගැනීම සදහා පමණක් සෑදූ ශ්රි ලන්කාවේ අරුම පුදුම ආණ්ඩුක්රම විවස්ථා”

  1. aloy Says:

    Sudath, we did not have a 2500 years of proud history. My thinking is that it ended around 1505 when some pretenders took it over and moved to Kandy. We were outsmarted by the Portuguese who had superior weapons and navigation technology. Since 1948 it is a set of Colombo crowd and their imitators who are ruling us with a strange judicial system. It is not an English or Roman Dutch law system, but a unique one without a name that can be bent in any direction.

    And it appears we are sending one former CJ who assured to our former prez to bend the law as he wishes, to the world body, the UN as our representative. Who will care for our greatness after that?.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress