අග්‍රාමාත්‍යතුමා, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පියාණන්ට අවසන් ගෞරව දක්වයි
Posted on September 25th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ ආදරණීය පියාණන් වූ අභාවප්‍රාප්ත ආර්. ඒ. ටී. ආර්. ජී. රණසිංහ මැතිතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.09.25 දින එක්විය.

පොළොන්නරුව, බැඳි වැව නිවසට ගිය අග්‍රාමාත්‍යතුමා ඒ මහතාට අවසන් ගෞරව දක්වමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් සමඟ ශෝකය බෙදා ගත්තේය.

පුතුන් තිදෙනෙකුගේ හා දියණියකගේ, ආදරබර පියාණන් වූ ආර්. ඒ. ටී. ආර්. ජී. රණසිංහ මැතිතුමා සිය පියාගේ භූමිකාව තුළ ආදර්ශමත්, නිහතමානි හා යහපත් ජීවිතයක් ගත කළේය. දීර්ඝ කාලීනව ගොවිතැන් කටයුතු වල නිරත වූ එතුමා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු ලෙස ද කටයුතු කළේය.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ මව්තුමිය වන නැසීගිය මාග්‍රට් ගුණතිලක මැතිනිය හා ආර්. ඒ. ටී. ආර්. ජී. රණසිංහ මැතිතුමා ජාතිය ගොඩ නැගීමට ශක්තිමත් දරු පරපුරක් මේ රටට දායාද කළ දෙමාපියන්ය. මෙම අවස්ථාව සඳහා  රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ලොහාන් රත්වත්තේ, සිරිපාල ගම්ලත් හා උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය  එස්.එම්.රංජිත් මහත්වරු එක් වූහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress