බණ්ඩාරනායක ඝාතනයෙන් පාඩම් ඉගෙන ගනිමු.
Posted on September 25th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

1959දී එක්සත් ජාතීන්ගේ ලංකා නියෝජිත ධුරය හෙබවූ සර් ක්ලෝඩ් කොරයා මහතාගෙන්, අගමැති බණ්ඩාරනායක මහතාට ලිපියක් ලැබුණි. එහි සඳහන්ව තිබුනේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක සභාවට ඇතුළත්වීමට අවස්තාවක් ලංකාවටද උදාවී ඇති බැවින්, මෙවර රැස්වීමට අගමැති බණ්ඩාරනායක මහතාට පැමිණිය හැකිනම් එය තමන් අගය කරන බවයි.මේ අනුව අගමැතිතුමා 1959 සැප්තැම්බර මස 28 වෙනිදා එහි යාමට තීරණය කර තිබුණි.

බණ්ඩාරනායක මහතා පිටව යන දිනය සැප්තැම්බර මස 28 වෙනිදා වන අතර ආණ්ඩුවේ මුදල් වර්ෂය නිමා වන දවස සැප්තැම්බර් මස 30 ට දී තිබීම නිසා එතුමාට වැඩ අධික දින කීපයක්ම ගත කරන්නට සිදුවිය.ඇමතිවරු හා ස්තිරලේකම්වරුන් කැඳවා 30 වෙනිදාට පෙර පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතු පනත් සුදානම් කරගන්නා ලෙස දන්වා සිටි එතුමා, තමා එක්සත් ජාතීන්ගේ මහා සමුළුව ඇමතීමට රටින් පිටව යන දිනයද, එදින ප්‍රකාශයට පත් කරන ලදී.

1959 සැප්තැම්බර මස 25 වෙනිදා පාර්ලිමේන්තුව පවත්වන දිනයකි.එදින තමා පාර්ලිමේන්තුවට පැමිණීමට තරමක ප්‍රමාද වන බවත්, ඒ කාලය තුලදී මැති ඇමතිවරුන්ගේ වය ශීර්ෂයන් සම්මත කරගන්නා ලෙස පි. බි. ජි. කලුගල්ල මහතා අත පණිවුඩයක්ද ඒවා තිබුණි. පාර්ලිමේන්තු කටයුතු එසේ සිදුවෙමින් තිබියදී.කතානායක එස්. ස්මයිල් මහතාට දුරකථන ඇමතුමක් ලැබුණි. කතානායකවරයා දුරකතනයෙන් කියවුනදේ ලේකම්වරයාට කනට කොදුරා කියන ලදී.ලේකම්වරයා ඉදිරිපෙළ අසුන්ගෙන සිටි ඇමතිවරුන් වෙත පැමිණ.

“අගමැතිතුමාට වෙඩි තියලාලු” යයි ලද පණිවුඩය ප්‍රකාශයට පත් කරන ලදී.

(අපේ අපේක්ෂාව හා පැතුම මෙවන් පණිවුඩයක් අප ජීවත්වෙන මේ කාලය තුලදී යලි ඇසීමට නොලැබේවා! යන්නයි. ඒ සඳහා වර්තමාන ජනාධිපතිතුමාගෙන්, ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ,

” කොවිඩ් අනතුර අමතකව ගොස් සිටින මිනිසුන්සේම, ජනාධිපතිතුමාට ඇති දේශීය හා විදේශීය සතුරු උවදුරු අමතක කොට ගමෙන් ගමට යාම වැනි කටයුතුවල නොයෙදී පුර්ණ ආරක්ෂාව යටතේ කටයුතු කර ගෙන යන ලෙසය.”)

බණ්ඩාරනායක මහතාද, මහින්ද රාජපක්ෂ, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම ජනතා ගැටළු විසදීම තම විනෝදාංශය කරගෙන මහා ආශ්වාදයක් ලැබූ පුද්ගලයෙකි. ඔහුට වෙඩි තැබුවේ කවුද? අරමුණ කුමක්ද?යන්න ප්‍රහේලිකාවක් විය.

රෝහලට යන බණ්ඩාරනායක මහතා ඇසු එකම ප්‍රශ්නය වුයේද  ” ඒ මිනිහා මොකද මට වෙඩි තිබ්බේ?” යන්නයි .

තවද බණ්ඩාරනායක  මහතාගේ ඉල්ලිම වුයේ “භික්ශ්වක් ලෙස ඇඳගෙන ආ මෝඩ මිනිහෙක් මට වෙදිතිබ්බා. මේ මිනිහට අනුකම්පා කරන්න. ඔහුගෙන් පලිගන්න යන්න එපා” යන්නයි.

වෙඩි වැදුන අගමැතිවරයාට බරපතල ශල්‍යකර්මයක් කිරීමට සිදුවිය. ඒ සඳහා, වෛද්‍ය පි. ආර්. ඇන්තනිස්, වෛද්‍ය ටි. ඩී. එච්. පෙරේරා, වෛද්‍ය  එම්. ඊ. පිරිස්, වෛද්‍ය බර්තලමියුස්, වෛද්‍ය මිල්රෝයි පොල්. වෛද්‍ය මිසෝ, වෛද්‍ය ජි. එන පෙරේරා, වෛද්‍ය හිලරි ගුණවර්ධන, වෛද්‍ය ඩී . ඒ. රණසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.එය පැය 4යි විනාඩි 35ක් දිගු ශල්‍යකර්මයක් විය.

1959 සැප්තැම්බර් මස 25 වෙනිදා උදයේ ඇමරිකානු තානාපති බර්නාඩ් ගස්ලර් මහතා කලින් යොදාගත් පරිදි බණ්ඩාරනායක මහතා මුණගැසීමට එතුමාගේ පෞද්ගලික නිවස වෙත ලඟා විය.සාකච්චාවෙන් පසු ඔහු නික්ම ගිය අතර, ඒ වනවිට අසුන්ගෙන සිටි රාජනීතිඥ එන. ඊ . වීරසුරිය මහතාද එහි සිටි බැවින් ඔහු අමුත්තන් පිළිගන්නා ශාලාවට කැඳවාගෙන ගියේය. ඒ වනවිටත් භික්ෂුන් වහන්සේලා දෙනමක් ආලින්දයේ අසුන්ගෙන සිටියහ. කෙටි පිලිසදරකින් වීරසුරිය මහතාව පිටත්කරහැරි  අගමැතිතුමා ආලින්දයේ සිටි භික්ෂුන් දෙනමට වැඳ නමස්කාර කිරීමත් සමගම, ඉන් එක භික්ෂුවක් සිවුර තුලින් පිස්තෝලයක් ඇදගෙන අගමැතිතුමා එල්ල කරගෙන වෙඩිපිට වෙඩි තබන්නට විය.

සඟ වේද ගුරු ගොවි කම්කරු යන පංච මහා බලවේගයේ අනුහසින් බලයට පැමිණි ජනතා නායකයෙකුව ඇස වෙදකම කරන සඟ රුවනක් උපයෝගීකරගෙන සතුරන් විසින් ඝාතනය කල ආකාරය ඉතිහාසයේ සටහන්ව ඇත්තේ එසේය.
ඒ ජාතික මහා කුමන්ත්‍රණයේ හාල්මැස්සන් එල්ලා මරා දැමුවද, රුසියාවේ රහස් ඔත්තු සේවාවේ සඳහන්ව ඇත්තේ, ඇමරිකන් සි. අයි. ඒ. සංවිදානය විසින් සැලසුම්කර සිදුකල තවත් එක ඝාතනයක් ලෙසයි.

අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන වර්තමානය ශක්තිමත් කරගනිමු.

දිවංගත අගමැතිතුමාට නිවන් සැප ලැබේවායි අපි පතමු!

2 Responses to “බණ්ඩාරනායක ඝාතනයෙන් පාඩම් ඉගෙන ගනිමු.”

  1. dhane Says:

    චන්ද්‍රසේන පණ්ඩිතගේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන වර්තමාන ජනාධිපති තුමාට ඇති දේශීය හා විදේශීය සතුරු උවදුරු අමතක කොට ගමෙන් ගමට යාම වැනි කටයුතුවල නොයෙදී පුර්ණ ආරක්ෂාව රජනාධිපතිතුමාට සහ මහින්ද රාජපක්ෂ මහතා ශක්තිමත් කරගනිමු.ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන වර්තමානය ශක්තිමත් කරගනිමු.

  2. aloy Says:

    I am one of those benefited by his science scholarship programme. In believe he had given instructions to officials implement the it giving emphasis to English education as well. I remember most students cried on hearing his death.

    The version I heard with respect to his shooting is different. It seems he was to cross over the western block after that UN session. Perhaps the meeting of the US ambassador is a pointer to this. So, did that news go to some of his Sanga, weda guru supporters. May be the policy makers of US are not the politicians. Whatever it is the programmes initiated by him has been successful as large number of students from outstation got opportunity for higher education which was not what the UNP crowd wanted.

    I have read somewhere that SWRD was the one who gave a scholarship to Lalith Athulathmudali to go to Oxford and he returned it by helping thousands of rural youths by way of mahapola fund and it continues to this day. In the same way CWW Kannangara initiated the free education scheme because he himself was given a scholarship by a British pastor who was the principal of Richmond College. We are eternally grateful to all these heroes who had a vision for uplifting the rural poor.

    RIP

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress