ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැරිලා ඉවරයි දැන් තියෙන්නේ අවුරෙද්දෙන් අවුරුද්දට මතක දානය දෙන්න.
Posted on September 26th, 2020

චාර්ල්ස් එස්.පෙරේරා විසින්. 

අද කාලය වෙනස්වෙලා . 1956 බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරලා එදත්/ අදත් එකසත් ජාතික පක්ෂය, ජනතා සමගි බලවේගය ආවඩන,  බටහිර දේශපාලන සංස්කෘතිය,  බෞද්ධ සිංහල රටකට නොසුදුසු බැවින්, දේශීය සංස්කෘතික ලක්ෂණවලින් යුත්  දේශපාලන ක්‍රමයක් හඳුන්වාදුන්නා. 

එදා අසරණව අහකට තල්ලුකර තිබුන බෞද්ධ දර්ශනය, සංඝ රත්නය,සිංහලකම , සිංහල චාරිත්‍ර ධර්ම , ඇඳුම, භාෂාව ඉදිරියට ගෙන  දේශීය දේශපාලන ක්‍රමයක් ලාංකිකයන්ට හඳුන්වාදුන්නේ එස් ඩබ්ලියු ආර්.ඩී බණ්ඩාරනායක මැති තුමයි. එබැවින් අපි  බෞද්ධ, හෝ ක්‍රිස්තියානි උවත්, සිංහලයන් වශයෙන් ඔහුට සදාකාලිකව ණයගැතියි.

බණ්ඩාරනායක මැතිතුමා විදේශික සංස්කෘතිය බදාගෙන සිටි ඩී එස් සේනානායක ප්‍රධාන ධනේශ්වර පන්තියෙන්  වෙන් වී,  සමසමාජ පක්ෂය , මහජන එක්සත් පෙරමුණ , කොමුනිස්ට් පක්ෂය ආදී සමාජවාදී පක්ෂයන් සමග එක්වී රට අලුත් සමාජවාදී  මගකට හරවා දෙස්පාලන ගමනක් අරම්භකලා. අපෙ අවාසනාවට සාහසිකයන් විසින් එතුමත්  එතුමාගේ දැහැමි දේශ ප්‍රේමි දේශපාලන ගමනත් විනාශකලා. 

ඔහුගෙන් පසුව සිරිමා බණ්ඩාරනායක මැතිනිය  මහත් බාධක මැද බණ්ඩාරනායක මැතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ජීවයකින් යුතුව සමාජවාදී විහුවයෙන්  සාර්ථකව ඉදිරියට ගෙනගියා.  

සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ  මාර්කස්  වාදී හෝ ධනේශ්වර වාදී දේශපාලන බලවේගයන්ට නොබැඳී  මද්යම ප්‍රතිපදාවෙන් ගෙනගිය විදේශීය ප්‍රතිපත්තිය ඇයගේ විශිෂ්ටතම දේශපාලන දායාදයයි. 

 සිරිමා බණ්ඩාරනායක මැතිනිය දේශීය කර්මාන්තයට තැනක් ලබාදීමටත් ගෙවතු හා කෘෂ්කර්ම අංශ දියුනු කිරීමටත්  මහත් උත්සාහයක් ගත්තා. එතුමිය ලෝකයේ පළමුවෙනි අගමැතිනිය වශයෙන් රටේ ජනතාවගේ මෙන්ම  විදේශිකයින්ගේ මහත් ප්‍රසාදයට පත්උනා

1972 ව්‍යවස්ථාව ඇයගේ ශ්‍රීලංකා නිදහස්පක්ෂය ඇතුළු සමාජවාදී පක්ෂත් සමග එක්ව ගෙනගිය ආණ්ඩුවේ ප්‍රතිපලයක්. ඈ ස්ථාපිත කල මේ සියල්ල එක්සත් ජාතික පක්ෂය නැවත පැමිණ ආණ්ඩුවක් පිහිටුවීමෙන් ශ්‍රී ලංකාවට අහිමිඋනා.  

රනිල් වික්‍රමසිංහත්   යහපාලනය කාලයේදී 19වන ව්‍යවස්ථාව  ගෙනවිත් රාජපක්ෂ පවුලම දේශපාලනයෙන් අතුගා දමන්නට ගත් ප්‍රයත්නයට සමාන ප්‍රයත්නයක් ජේආර් ජයවර්ධන ජනාධිපතිතුමා ජනතා චන්දයක් පවා නොතබන්නට තීරණයක්  ගෙන කටයුතු කලා.  

බලය අයතාලෙස යොදවමින් ඔහුගේ පාලන කාලය බොහෝ කාලයක් දීර්ගකර ගැනීම සඳහා බණ්ඩාරනායක මැතිණියට ඔහුට එරෙහිව කටයුතු නොකිරීමට ඇයගේ  පුරවැසි අයිතිකම් අහිමිකලා. 

සජිත් ප්‍රේමදාසත්, සමගිජලබලවෙගයත් ඒ ජේආර් ජයවර්ධනගේ අශික්ෂිත දේශපාලන සංස්කෘතියමයි  සකස්කරගෙන යන්න හදන්නේ. 

ජේආර් ජයවර්ධන ජනාධිපතිතුමාට  හොඳනම් ඔහුගේ නිල කාලය දිර්ග කරගන්න, ඔහුට වැඩිය ජාති හිතය්ශී රටට  අතිමහත් සේවයක් කල ජනාධිපතිතුමාට  තවත් කාලයක් රට ජාතිය වෙනුවෙන් සේවය කරන්න 18වන ව්‍යවස්ථා සන්සොදනයේ තිබුන වරද කුමක්ද

චන්ද්‍රිකා කුමාරතුංග බලයට පැමිණියාම මිනිස්සුන්ට හුඟක් බලාපොරොත්තු තිබුන. ඇයට හොඳ ඇමති මන්ඩලයකුත් තිබුනා. නමුත් ඇයට දෙමව්පියන්ගේ හැදියාව  දයාව කරුණාව තිබුනේ නෑ . එබැවින් ඇයට යහපත් දේශපාලන නායකත්වයක් දෙන්න පුළුවන්කමක් තිබුනේ නෑ . 

චන්ද්‍රිකා කුමාරතුංගගේ  කාලයෙ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙදුරුම් කන්න පටන් ගත්තා. ඇයත් සමාජවාදයට පිටුපෑවා. ඒ ඇයගේ අසීමිත තරහ, ක්‍රෝධය, නොහැදිච්චිකම නිසා. 

චන්ද්‍රිකා කුමාරතුංග අන්තිමේදී මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්  බිලිබාගෙන, එස් ඩබ්ලියු ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්තිවලට පිටුපා, ධනේශ්වර පංතියටරනිල්ගේ එක්සත් ජාතික පක්ෂයට  බිලිපුජාවක්   කළා. 

ඉතින් කොහොමද අද චන්ද්‍රිකා කුමාරතුංග  කියන්නේ බණ්ඩාරනායක මැතිතුමාගේ හා  මැතිනියගේ දේශපාලන ප්‍රතිපත්ති ඇයගේ හදවතේ තියනවා කියලා ?  

චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනීවල කැ පුවා.  මයිත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස්පක්ෂය වලදැම්මා, දැන් තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියන වෙල්ගමලා  සොය්සලා ආදීන්  ඒ වලට පස්දදා වලපුරවනවා. 

දයාසිරි ජයසේකරාලට තියෙන්නේ  ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ  පන්සකුලය තියන්න විතරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් මිනීවලේ කුනුවෙලා .  බණ්ඩාරනායක මැතිතුමාගේ සොහොනට වැඳලා ඇවිත් චන්ද්රිකාම කියනවා  ශ්‍රීලංකා නිදහස් පක්ෂය ගොඩගන්න මොනවාද ඉතුරුවෙලා තියෙන්නේ කියලා. 

මෛත්‍රීපාල සිරිසේනලා දයාසිරි ජයසේකරලා දැන් කරන්නේ  මැරුණු ශ්‍රී ලංකා නිදහස්පක්ෂයෙ නමින් බලයට ඇවිත් ආණ්ඩුවක් කරන්නද ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නමත් යහපාලනයක්  කියල මගඩි දේශපාලකයෝ හාදාගත්  ජාතික ආණ්ඩු කොලමට ගෑවිලා ගඳගහනවා.  

සෝභිත හාමුදුරුවන්ගේ හිටි පිළිමෙට වැඳලා සජිත් ප්‍රේමදාසගේ  ජනතා සමගි පෙරමුනත් දේශපාලන බලය හොයනවා. මේවාට මිනිස්සු තවත් රැවටෙයිද

රැවටෙන කොටස දැන් උන්ගේ පස්සේ ඉන්නවා. මනුෂ නානායක්කරලා, කාවින්ද ජයවර්දනලාහර්ශා සිල්වලා, හේෂ විතාරනලා, අලවතුවලා  පරලිමේන්තුවේ ටයි කොට්වලටත් අපහාස කරන  චමින්ද විජේසීරිලත් දැන් කෝලම් නළුවෝ බවට පත්වෙලා

සජිත් කියනවා එයාලා  අගමැතිතුමයි ජනාධිපති තුමයි අරක්ශාකරනවාලු . එතුමන්ලා  ආරක්ෂා කරන්න මේ නරි රැල ඔනෑ ද  ? එක හරියට නරින්ට කුකුලන් බලාගන්න කියන්නා වගේ වැඩක්.  සජිත් හිතන් ඉන්නෙත් මිනිස්සු මැරිලා ඉපදිලා කියලා. 

දයාසිරි ජයසේකරට තියෙන්නේ මැරුණු පක්ෂය  නැගින්නවන්න හදන්නේ නැතිව ඔනෑ  නම් නම රැකගෙන  කකුල්දෙක දෙපැත්තක තියාගන්නේ නැතිව දෙපයින්ම  ජනාධිපති ගොටාබය රාජපක්ෂ මැතිතුමා සමග හිටගෙනදී තිබෙන රාජ්‍ය ආමාත්‍යාන්ශයේ වැඩකටයුතු නොපිරිහෙලා කරලා රටට ප්‍රයෝජ්නවත්වැඩක් කරලා, විදේශ විනිමය මෙරටට ගෙන්වාගත හැකි වන හැටියට ලංකාවේ බතික් හා පේෂකර්ම ශේත්‍රය නගාසිටුවන්න.

2 Responses to “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැරිලා ඉවරයි දැන් තියෙන්නේ අවුරෙද්දෙන් අවුරුද්දට මතක දානය දෙන්න.”

  1. Ratanapala Says:

    Chandrika Kumaranatunge is a product of St Bridgets Convent and an absentee mother who was knee deep in politics during her formative years. Chandrika’s thinking and behaviour are all products of a Christian upbringing. She hates the Sinhalese as well as Buddhism.

    SLFP’s day are now over. It is time it is buried next to SWRD at Horagolle. SLFP has no future, it can only confuse people for the benefit of a few die hard idiots who still want to stay in the limelight dressed in blue inorder and show that they are still important and persons to reckon with in Sri Lankan politics.

    Chandrika the old hag should be allowed to pass away with her beloved whiskey bottle by her side!

  2. Charles Says:

    The old hag a poor specimen of a President, does not know even the political philosophy of her father. She says SLFP should not have murderers , thieves . No party should have them. But that is not what SLFP stoodfor..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress