ඌව පළාත තුල කොවිඩ්-19 රෝගය හිස එසවීම වැළැක්වීම
Posted on October 6th, 2020

A.J.M. Muzammil Media Unit 

ඌව පළාත තුල කොවිඩ්-19 රෝගය හිස එසවීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී.

මෙහිදී ක්‍රමක්‍රමයෙන් අක්‍රීය වෙමින් පැවති කෝවීඩ් ආරක්ෂක ක්‍රියාවලිය නැවතත් සියලු රාජ්‍ය ආයතන වල මෙන්ම පොදු ස්ථාන වල සක්‍රීය කිරීමට තීරණය කෙරුනි. එමෙන්ම ඌව ගුවන් විඳුලි සේවය ඔස්සේ දිගින් දිගටම සෞඛ්‍ය උපදෙස්  ප්‍රචාරය කරන්නට උපදෙස් ලබා දුන් අතර ජනතාව වැඩි වශයෙන් එකතු වන ස්ථාන හා පොදු ප්‍රවාහන මාධ්‍යන් නිරන්තරයෙන් විෂබීජානුහරණයට ලක් කිරීම, මුඛ ආවරණ පැළදීම සහ මීටරයක පරතරය පිළිබඳව වඩාත් සැලකිලිමත්ව කටයුතු කරන ලෙස අදාල අංශවලට ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්තාවට ඌව පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාරවර ලේකම්, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරුන්, නියෝජ්‍ය පොලිස්පතිතුමන්, සෞඛ්‍ය අංශයේ අදාල බලධාරීන්, ආණ්ඩුකාරවර පුද්ගලික ලේකම්තුමා සහ අමාත්‍යංශ ලේකම්වරුන් සහභාගී විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress