නැනෝ තාක්ෂණ ආයතනයෙන් LAMP PCR පරීක්ෂණ කට්ටලයක්
Posted on October 6th, 2020

මාධ්‍ය නිවේදනය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

කොවිඩ් – 19  වෛරසය හඳුනා ගැනීම සඳහා LAMP ( Loop- Mediated Isothermal Amplification ) පී. සී. ආර්  පරීක්ෂණ කට්ටලයක් නිපදවීමට  තාක්ෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රි ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සමත්ව තිබේ. මෙය මීට පෙර සිදු කරන ලද RT  පී. සී. ආර් යන්ත්‍රය සදහා යොදාගත් පර්යේෂණ කට්ටලය හා සැසඳීමේදි මෙම කට්ටලය  මගින්  පී. සී. ආර් පරික්ෂණ සදහා යන කාලය අඩුකරගැනිම මෙන්ම වැය වන පිරිවැයද අඩු කරගත හැක. එලෙසම අපගේ රට තුළින්ම නිෂ්පාදිත පරීක්ෂණ කට්ටලයක් භාවිතා කිරිමෙන් අවශ්‍ය කට්ටල අඩුවක් නොමැතිව ලබා ගැනිමට අවස්ථාවක් ලැබේ. 

මෙම LAMP PCR පර්යේෂණ කට්ටලය මේ වන විට සායනික පර්යේෂණ මට්ටමේ පවතින අතර ඉතා ඉක්මනින් මෙරට සෞඛ්‍ය ක්ෂ්‍රේත්‍රයේ යෙදවීමට නියමිතය. පසුගිය කාල වකවානුවේදි ශ්‍රි ලංකා නැනෝ තාක්ෂණ ආයතනය මගින් කොවිඩ් – 19  වෛරස පරීක්ෂාවට යොදා ගන්නා ලබන අවශෝෂණ පිස්න (SWOB) මෙරටදී නිපදවීම ආරම්භ කළ අතර සෞඛ්‍ය සේවා සැපයුම් අංශයට සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයට එම අයිතමයන් සපයන ලදි. එම අවශෝෂණ පිස්න තවදුරටත් නිෂ්පාදනය කිරිමට මෙහිදි තීරණය කරන ලදි. කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් වර්තමානයේ රටතුල උද්ගත වි ඇති තතත්වය මත නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, තාක්ෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවකදි මෙම කරුණු පිලිබදව අවධානය යොමු විය.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, තාක්ෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල , සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සංජය මුණසිංහ, තාක්ෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් දීපා ලියනගේ, නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ මංජු ගුණවර්ධන, නැනෝ තාක්ෂණ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හේමින්ද ජයවීර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කමල් ජයසිංහ, ජාතික වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් අමරසිංහ  ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මෙම සාකච්ඡාව සදහා සහභාගී වුහ.

මාධ්‍ය ඒකකය

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress