“ගෞරවනීය රැකියා” – ගරුත්වයක් ඇති රැකියා සහ වරදකාර හැගීමෙන් තොර ඇගළුම් කර්මාන්තයක්
Posted on October 8th, 2020

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

2020 ඔක්තෝම්බර 07 වන දින

මාධ්‍ය නිවේදනය
ප්‍රවෘත්ති කතෘ ප්‍රවෘත්ති අධ්‍යක‍ෂ
සිය`ඵම විද්්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය

zzගෞරවනීය රැකියාZZ – ගරුත්වයක් ඇති රැකියා සහ වරදකාර හැගීමෙන් තොර ඇගළුම් කර්මාන්තයක්

අද ඔක්තෝමබර 07 වන දින zzලෝක ගෞරවනීය රැකියා දිනයZZ වේ. ලොව පුරා රැකියා සම්බන්ධ ඇගයුම් කෙරෙන දිනය අද ය. ශී්‍ර ලංකාවේ සේවා තත්ත්වයන් පිළිබඳවද zzලෝක ගෞරවනීය රැකියා දිනයZZ වන අද ඇගයුමක් කළ යුතුව ඇත.

මෙරටට විදේශ විනිමය උපයන අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි ප්‍රධානම අංශයක් ලෙස උදම් අණන විශේෂයෙන් ඇ`ගළුම් කර්මාන්තයේ සේවකයින්ගේ දුක්ඛදායි සේවා තත්ත්වයන් ගැන අපි දිගින් දිගටම අවධාරණය කර ඇත්තෙමු. zzගෞරවනීය රැකියාZZ අඩාල කෙරෙන සේවක අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් ගැන අපි නොකඩවා අවධාරණය කර ඇත්තෙමු.

zzගෞරවනීය රැකියාZZ ආරම්භ වන්නේ රැකියාවක් සඳහා ඇති මූලික අයිතිය සමගින්ය. එම සේවා නියුක්තිය සේවකයාගේ හා පවුලේ සාමාන්‍ය පැවැත්මට අවශ්‍ය ජීවත්විය හැකි වැටුපක් ලබා දිය යුතුය. රැකියා ස්ථානයෙහි කිසිදු විෂමතාවක් නොමැති පාරිසරික හා සේවා සුරක්ෂාවක්ද තිබිය යුතුය. එවගේම, සංවිධානයවීමේ අයිතිය, එනම් වෘත්්තීය සමිති ලෙස සංවිධානයවීමේ හා වෘත්තීය සමිතියක සාමාජිකත්වය ගැනීමේ සේවක අයිතිය පිළිගත යුතුව ඇත. ඇත්තෙන්ම, සංවිධානයවීමේ අයිතිය හා වෘත්තීය සමිති සංවිධානය කිරීමත් වෘත්තීය සමිතියක සාමාජිකත්වය ගැනීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද සහතික කළ මූලික අයිතියකි. එහෙත් එය තවමක් උල්ලංඝණය කෙරෙන්නකි.

තම අභිමතය මත වෘත්තීය සමිතියක සාමාජිකත්වය ගැනීම හා වෘත්තීය සමිති පිළිගැනීම ඇ`ගළුම් කර්මාන්තය ඇතුළු අපනයන නිෂ්පාදන ෙක‍ෂ්ත්‍රයෙහි සේවකයින්ට අහිමි කිරීමෙන් zzගෞරවනීය රැකියාZZ සඳහාවන සියලූ කොන්දේසි අඩාල කිරීමට හේතු වන්නේය. වෘත්තීය සමිතිවල සාමාජිකත්වය ගැනීමේ අයිතිය අහිමි කිරීමෙන් සේවකයින්ට සාමුහිකව ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට ඇති හැකියාව යටපත් කෙරෙන අතර, ඔවුන්ට රැකියාවේ සුරක්ෂිතත්වය හා ජීවන වැටුපකට ඇති අයිතියද අහිමි කෙරෙන්නේය.

කෝවිඩ්-19 වයිරසය ගෝලීය වසංගතයක් ලෙස සමස්ථ අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයම දරුණු අර්බූදයකට තල්ලූ කර ඇති අතරම, ඇ`ගළුම් කර්මාන්තය සේවකයින් අමානුෂික ලෙස සූරාකන අංශයක් ලෙසද හෙළිදරව් කර ඇත. කොරෝනාව පැතිරීම පාලනය කිරීම සඳහා ආණ්ඩුව අඛණ්ඩව ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් කර්මාන්තශාලා වැසීමට සිදුවූයෙන් හාම්පුතුන් ඒ අවස්ථාව තම සේවක සංඛ්‍යාව කප්පාදු කිරීමට පමණක් නොව, වෘත්තීය සමිති කි්‍රයාකාරීන්ගෙන් තොර සේවා ස්ථාන බවට කර්මාන්තශාලා පත්කර ගැනීමටද උනන්දු වූහ. එවැනි තත්ත්වයක ත්‍රෛපාර්ශවීය කාර්යසාධක කමිටුව විසින් ගනු ලබන තීන්දු කි්‍රයාත්මක කිරීම සහතික කර ගැනීමටත් සෞඛ්‍ය බලධාරීන් විසින් ඉදිරිපත්කර ඇති සෞඛ්‍ය පිළිවෙත් හා මාර්ගෝපදෙAශ අනුගමනය කිරීම නියාමනය කිරීමටත් සියලූ කර්මාන්ත ශාලාවල සෞඛ්‍ය කමිටු පිහිටුවිය යුතු යැයි වගකීමක් ඇති වෘත්තීය සමිතියක් ලෙස අපි කම්කරු ඇමතිවරයාගේ මුලසුනින් පිහිටවු ත්‍රෛපාර්ශවීය කාර්යසාධක බලකායට යෝජනා කළෙමු. කණගාටුවට කරුණ නම්, මේ තීන්දු කි්‍රයාත්මක කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති අතර, හාම්පුතුන්ට රිසි සේ කටයුතු කරන්නට ඉඩ තබා තිබීමය.

ඇ`ගළුම් ක්ෂේත්‍රයෙහි මනුස්ස ජීවිත සඳහා කිසිදු තැකීමක් නොමැතිව සේවකයින් දරුණු ලෙස සූරාකන බැව් කාරණා දෙකකින් ප්‍රදර්ශනය විය. එක් සාක්ෂියක් වූයේ දෙකෙන් පංගුවක් පමණ වූ සේවක සංඛ්‍යාවකින් පෙර හා සමාන වටිනාකමකින් යුත් නිෂ්පාදනයක් ලබා ගැනීමය. දෙවැන්න වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙහි කෝවිඩ්-19 වයිරසය බරපතල ලෙස පැතිරීම ය.

ඇ`ගළුම් සංවිධාන ඒකාබද්ධ සංසදය (ජාෆ්) නිල වශයෙන් කම්කරු ඇමතිවරයාට දන්වා ඇති අයුරු, ඔවුන් පසුගිය ජුනි මස ඇමරිකන් ඩොලර් මිලියන 382.4 ක අපනයන ආදායමක් උපයා ඇති අතර, පසුගිය වසරේ ජුනි මාසයේ එය 481.3 කි. පසුගිය ජුලි මාසයේ අපනයන ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 441.9 ක් වූ අතර, පසුගිය වසරේ ජුලි මාසයේ එය වූයේ 452 කි. එවගේම පසුගිය අගෝස්තු මාසයේ එය ඇමරිකන් ඩොලර් මිලියන 416.7 ක් වූ අතර, පසුගිය වසරේ අගෝස්තුවේ අපනයන ආදායම වූයේ ඇමරිකන් ඩොලර් මිලියන 472.6 කි. ඒ සියල්ල කෝවිඩ්-19 ට පෙර වූ සේවා සංඛ්‍යාවෙන් දෙකෙන් පංගුවක් අධික ලෙස සූරාකෑමෙන් උපයා ගත්තකි. ඒ සමග ඉතිරි කරගත් වැටුප් හා සේවක අර්ථසාධක අරමුදලටත් භාරකාර අරමුදලටත් බැර කළ යුතු දායක මුදල් ඔවුන්ගේ ලාභයට එකතු විය.

මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ ඛේදවාචකය සේවක සේවිකාවන් නූතන වහලූන් ලෙස යොදා ගැනීම ගැන බොහෝ දේ කියන්නකි. මෙය කෙටුම්පත් කරන මොහොත වනවිට, 1,600 ක පමණ සේවක සංඛ්‍යාවකින් 832 ක් කෝවිඩ්-19 ආසාධිතයින් යැයි දින 03 ක් ඇතුළත සනාථ විය. අවශ්‍ය සෞඛ්‍යාරක්ෂක පියවර සකී්‍රයව පැවතියේ නම්, සේවකයින්ගෙන් අඩකටම කෝවිඩ්-19 වයිරසය පැතිරෙන්නට ඉඩක් නැතැයි අපි තරයේ විශ්වාස කරමු. මෙරට ප්‍රධාන වසංගතරෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර නිල වශයෙන් පවසා ඇත්තේ zzආසාදිතයැයි සනාථ වූ පළමු සේවිකාවගේ රෝග ලක්ෂණ සැප්තැම්බර 28 වන දින හඳුනා ගත්තත් සැප්තැම්බර 20 වන දින සිට ස්වසන පද්ධතියේ රෝග තිබූ සේවකයින් කම්හලේ සිටිය බව සේවකයින්ගේ විස්තර පරීක්ෂා කිරීමේදී අපට දැන ගැනීමට ලැබුණා.ZZ යැයි කියා ය. ඉන් කියවෙන්නේ සැප්තැම්බර 20 වන දින සිට පළමු වරට ඔක්තෝම්බර 04 වන ඉරිදා පළමු සේවිකාව රෝහලේදී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කරන තෙක් බ්‍රැන්ඩික්ස් සමාගම රෝග ලක්ෂණ තිබූ කිසිදු සේවකයෙකු සම්බන්ධයෙන් කිසිදු වැදගත් පියවරක් නොගත් බවය.

මනුස්ස ජීවිත පිළිබඳව දක්වන මේ බරපතල නොසැළකිල්ල ඇ`ගළුම් කර්මාන්තයේ අනෙක් කම්හල්වලද එසේම යැයි අපි සිතමු. zzගෞරවාන්විත රැකියාZZ සඳහා කිසි වැදගත්කමක් නොදෙන ඇගළුම් ක්ෂේත්‍රයෙහි කෝවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ සෞඛ්‍යාරක්ෂක පියවර තිබිය නොහැක. එවැනි පියවර ගතහොත් සේවකයින් මෙලෙස සූරාකෑම අපහසුවන හෙයිනි.

ඒ සමගම ඉතා දැඩි පිළිකුලෙන් යුතුව අවධාරණය කළ යුත්තේ කිසිදු වගකීමක් හා සදාචාරයක් නොමැතිව රාජ්‍ය මාධ්‍යයද ඇතුලූ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පළමු ආසාදිත සේවිකාවට අපහාස කෙරෙන හා අවලාද නැගෙන ආකාරයේ වාර්තා කිරීම් කටයුතු කළ බවය. ඇය විවිධාකාර අනියම් සම්බන්ධකම් පවත්වන්නට ඇතැයි යෝජනා කෙරෙන ආකාරයෙන් වාර්තා කෙරුණි. එයට ඇතැම් සමාජ මාධ්‍ය ජාල කි්‍රයාධරයින්ද හවුල් වූහ. මේ වගවීම් විරහිත මාධ්‍ය මැදිහත්වීම අවසන් වශයෙන් ඇගළුම් කර්මාන්තය අශීලාචාර ගැහැණුන්ට රැකියා සපයන ක්ෂේත්‍රයක් යැයි අවලංගු කරමින් එය විනාශ කිරීමට දායකවනු ඇත. ඇගළුම් ක්ෂේත්‍රය ග්‍රාමීය තරුණ ශ්‍රමය සඳහා රැකියා අවස්ථා ලබා දෙන සහ ඉන් සියයට 80 ක් පමණ තරුණියන් වන ක්ෂේත්‍රයක් බැව් අවධාරණය කරන්නට අපි කැමැත්තෙමු. ඔවුන් රැකියාවට එන්නේ ගේ දොර වගකීම්ද ඇතිවය. එබැවින් ඔවුන්ට ලබා දිය යුත්තේ අපහාස හා අවලාද නොවේ. ඔවුන්ට ලබාදිය යුත්තේ zzගෞරවාන්විත රැකියාZZ අවස්ථාවන්ය. මාධ්‍ය සතු සමාජ වගකීම එය යැයි අපි තරයේ කියමු.

අවසන් වශයෙන් අප කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ zzගෞරවාන්විත රැකියාZZ සඳහා අවශ්‍ය කොන්දේසි සහතික කර, සේවක සේවිකාවන්ගේ ගෞරවය හා රැකියා සුරක්ෂිතතාව තහවුරු කරමින් ඇගළුම් හා අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රය වරදකාර හැගීමකින් තොර වැදගත් ක්ෂේත්‍රයක් බවට පත්කරන මෙන්ය.

    ස්තූතියි
 මෙයට විශ්වාසී,


ඇන්ටන් මාකස් 

නිදහස් වෙළඳ කලාප සහ
පොදු සේවා සේවක සංගමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress