කොවිඩ් -19 රොගින්ගේ ප්‍රතිකාර සඳහා දේශියව නිමැවු සෞඛ්‍ය අංශයේ නව නිර්මාණ ‍ගම්පහා සහ වැලිසර රෝහල් වෙත ප්‍රදානය කරයි
Posted on October 16th, 2020

මාධ්‍ය නිවේදනය – නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, තාක්ෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, තාක්ෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ මග පෙන්වීම යටතේ කොවිඩ් -19 රෝගය පැතිරවීම අවම කිරීම සදහා සහ ඔවුන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් දේශිය නව නිර්මාණකරැවන් විසින් නිෂ්පාදනය කල නව නිර්මාණ රාශියක් අද දින  නාරාහේන්පිට පිහිටි නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු අමාත්‍යංශයේදී  හදුන්වාදෙන ලදි.

            නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, තාක්ෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොල මහත්මිය මෙම නව නිෂ්පාදන පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් – 19 මර්ධන සටනට සෘජුවම දායක වන වැලිසර පිහිටා ඇති ස්වසන රෝග පිළිබද ජාතික රෝහල සහ ගම්පහ මහ රෝහල වෙත ප්‍රධානය කරන ලදි.  මෙම උපකරණ අතරට ස්වයංක්‍රීය රෝබෝ යන්ත්‍ර, දැඩි සත්කාර ඒකක සඳහා ඇදන්,රෝගීන් පරික්ෂාකිරීමේ කුටි, අඩු වියදම් සංවාතක යන්ත්‍ර ( VENTILATORS) සහ ස්වයංක්‍රීය සෞඛ්‍ය ආරක්ෂිත ජල කරාම පද්ධති මේ අතර සුවිශේෂි වේ.

            මෙම අවස්ථාවට නව නිපැයුම් ඉදිරිපත් සහන් රණසිංහ, කේ.කේ.ඩබ්ලිව්. එස්. පී. කේ ජයසුන්දර, ගීතාන්ජන උදයසිරි යන මහත්වරුන් සහ ජාතික නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය රංගික හල්වතුර, ගම්පහ දිස්ත්‍රික් මහරෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ, ස්වසන රෝග පිළීබද ජාතික රොහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ආර්.තවුෆික්, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, තාක්ෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශ අතිරේක ලේකම් දීපා ලියනගේ යන මහත්ම මහත්මීන් සහභාගි වුහ.

මාධ්‍ය ඒකකය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, තාක්ෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress