පැටලිල්ල ලිහන්න හදන මේ අවස්ථාවේදී, ඔබව තව තව පටලවන්න ඉඩදෙන්න එපා!
Posted on October 19th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයෙහි, රාත්‍රී කාලයෙහි උන්වහන්සේ වෙත පැමිණි, දේව පුත්‍රයෙක්’

අන්තෝ ජටා බහී ජටා ජටාය ජටිතා පජා
තන් තන් ගොතමී පුච්චාමි කො ඉමං විජටයේ ජටං
යන ප්‍රශ්නය ඇසිය.

ඇතුලේ ගැට පිට ගැට -ලෝ සත ගැටෙති වෙලී
අසමි හිමි ගොයුමාණෙනි -කවුරු මේ ගැට ලිහාදැයි

දැන් මේ රට තුල පැන නැගී ඇති තත්වය දෙස බලන විට මිට සමානවූ ප්‍රශ්න කන්දරාවක් මෙරට ජනතාව විසින් අසමින්, විදිමින් සිටී. රට පටලවා ගසා ඇති ගැට ලිහා ලන්නේ කෙලෙසද? ඒ කවුරුන් විසින්ද? යන පැනය මෙරට ජනතාව අසමින් සිටි.

ගැට පටලවන සටකපට ජාලය සම්බන්ධව මෙරට ජනතාව හඳුනාගෙන ඇත. මෙරට ජනතාවට මේ ජාලයම අල්ලා ගිනි තබා විනාශ කිරීමට අවශ්‍යව ඇත. එබැවින් ජනතාව කිසිවෙක් බලාපොරොත්තු නොවුන ආකාරයේ බලයක් ජනාධිපත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී ඇත. විශේෂයෙන්  69 ලක්ෂයක් ජනතාව එය මනාව හදුනාගෙන ඇති බවද ප්‍රකාෂිතය. දැන් සිදුකල යුත්තේ ඒ 69 ලක්ෂයක්වූ ජනබල සේනාව සමග එකතුව එම බලය ප්‍රවර්ධනය කරමින් මේ රට පටලවා ඇති ගැට ලිහා දැමීමේ කාර්යයට අත ගැසීමයි.

එහි පළමු පියවර වන්නේ, මෙරට ජනාධිපතිවරයා ඉලක්ක කොට වට කොට ඇති, නිර්මාණිත වැට වන 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වහාම කිසිදු වාද විවාදයකින් තොරව එකාවන්ව එකතු වී ඉවත් කිරීමයි. ඒ කාර්යය සඳහා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර ඇත. මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පවතින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී පමණක් බැවින් ඊට පසු එන ජනාධිපතිවරුන් සම්බන්ධව කතා මෙයට පටලවා 20 වෙනි ව්යාවස්තා සංශෝධනය සම්මතවිම වළක්වාලීමට ඉඩදිය නොහැක. 20 බලතල ගෝඨාභය රාජපක්ෂයන්ගෙන්  පසු බලයට පත්වෙන කිසිදු ජනාධිපතිවරයෙකුට හිමිවන්නේ නැත. එබැවින් අනාගතයේදී බිහිවෙන මනොවිකාරිත ජනාධිපතිවරුන් ගැන රූප නිර්මාණය කිරීම අවඥා සහගත කටයුතක් බවට පත්ව ඇත. ජනතාව එය මනාව අවබෝධ කරගෙන ඇත.දැන් දැන්  සතුරා අලුත්ම ක්‍රියා සමුහයක් ආරම්භ කර තිබේ, ඒ අප දැඩි වෙහෙසක් දරා, ගොඩනගාගත් මේ රජය පෙරලා දැමීමටයි. ඔවුන්ගේ අලුත්ම ක්‍රියා මාර්ගයන් අපි මෙසේ දකිමු.

1. මේ රජය රක්ෂිත වනාන්තර විනාශ කරන බවට මතයක් ජනමනසේ ස්ථාපිත කිරීම.
2.රිෂාඩ් රජයට සම්බන්ධ කරගැනීමට රජය සුදානම් වෙනබවට මතයක් ජනතාව තුල ගොඩනැගීම. ඒ තුලින් රජයට අපකීර්තියක් අත්කර දීමට වෙර දැරීම.
3.රිෂාඩ්ව අත් අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කිරීම
4. රිෂාඩ්ව සැඟවීම
5.රිෂාඩ්ව සඟවාගෙන ඉන්නේ මේ රජය බව මත ප්‍රචාරණය කිරීම.
6. රටපුරා ආහාර හිඟයක් නිර්මාණය කිරීම.
7.විමල්, බැසිල් අර්බුදයක් නිර්මාණය කර අභ්‍යන්තර වියවුලක් නිර්මාණය කිරීම.
8.අත්අඩංගුවේ සිටි රිශාද්ගේ මල්ලි තම හෙන්චයියලා මාර්ගයෙන් නිදහස් කර ඒ වරද රජය මත පැටවීම.
9.හැකි ලෙසින් කොරෝනා ව්‍යාප්තිය වැඩිකර එහි වරද රජය පිට දැමීම.

මේ සියලු දේශපාලන ව්‍යාපෘතීන්ම යල්පැන ගිය මෙවලම් වුවත්, එකවර මෙවැනි සිදුවීම් රාශියක් සමාජගත වෙන විට, මේ  සම්බන්ධව ජනතාවට මනා අවබෝධයක් තිබුනද, යම් තරමකින් හෝ 69ලක්ෂයක්වූ මේ රජය ගොඩනැගීමටදායක වූ ජනමනසේ වික්ෂිප්ත භාවයක් නිර්මාණය කිරීමට මේ උපක්‍රමවලට හැකිවී ඇත.

මේ අතරවාරයේ, අලුතින්ම මෙරට සේවය සඳහා මේ රටට එරෙහිව සෘජුවම ජාත්‍යන්තරය තුල සිටගන්නාවූ රාජ්‍යන් හතරක තානාපතිවරුද ස්ථාපිත කරන ලදී. ඒ මෙසේය.

01- Mr. Jeong Woonjin (ජොන්ග් වුන්ජින්ග් මහතා)Ambassador of the Republic of Korea (කොරියානු ජනරජයේ තානාපති)
02- Mr. Holger Lothar Seubert (හොල්ගර් ලෝතර් සොයිබෙයට් මහතා) Ambassador of the Federal Republic of Germany (ජර්මන් ෆෙඩරල් ජනරජයේ තානාපති)
03- Monsignor Brian Udaigwe (මොන්සිඤ්ඤෝර් ධූරන්දර බ්‍රයන් උඩයිවේ හිමිපාණන්) Apostolic Nuncio of the Holy See(ශුද්ධ වතිකානයේ අපෝස්තලික නන්සියෝ)
04- Mr. Dominik Furgler (ඩොමිනික් ෆර්ග්ලර් මහතා) Ambassador of the Switzerland( ස්විට්සර්ලන්තයේ තානාපති)

මේ කරුණු යනු සතුරා විසින් දේශපාලන සටන්බිම සකස්කරන ආකාරය සම්බන්ධව අපට ලබාදෙන පෙර නිමිති බැවින් අපි මේවා සම්බන්ධව ඉතා සැලකිල්ලෙන් එකින් එක ගෙන එහි ඇති ගැට පටලවා ගන්නේ නැතිව ලිහා බලා තේරුම් ගත යුතුය.

දැන් දැන් ලැබෙන නවතම ආරංචි අනුව ඉන්දීය කොන්සල්වරු රටපුරාම වසංගතයක් සේ ස්ථානගත කරමින් සිටි.

ඊට අමතරව ලහි ලහියේ ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයාද ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා දින නියම කරගෙන ඇත.

අපි 20ට සංශෝධන ඇතුලත් කරමින් රජයට තර්ජනය කරමින් සිටින රාජ්‍යපාක්ෂික මන්ත්‍රී වරුන්ද, ඇමතිවරුන්ද මේ සමගම දකින්නෙමු.

මේ කිසිවක් අපිට අභියෝග නම් නොවේ. මේවා ගොඩනගන ආකාරය දන්නා අපට මේවා විනාශකර දැමීම ඉතා පහසු කටයුත්තකි. ජනතාවටද අවශ්‍ය එයයි. ජනතාවගේ අපේක්ෂාව වන්නේ,හොදින් හෝ නරකින් මේ පාදඩ දේශපාලන යාන්ත්‍රනය විනාශකර දැමීමයි.

රජය එම කටයුත්තට නොබියව,අත ගැසිය යුතුය. රජය කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් මේ තත්වය හොදින් අවබෝධකරගෙන කටයුතු කරන බව ඉතා පැහැදිලිය.මේ වනවිට එතුමා සතුව.

1.පරිපුර්ණ දේශපාලනමය සැලැස්මක් ඇත.
2.මහා බලවත් හමුදා යාන්ත්‍රණයක්ද ඇත.
3,සතුරු බලමුළු මිශ්‍රිත රාජ්‍යන්තරයක් ඇත.
4. 69 ලක්ෂයක මහාජන පවුරක්ද ඇත.

එතුමා සතුව ඇති ප්‍රබලම අවිය වන්නේ රට ගොඩනැගීමට ඇති දැඩි අවශ්‍යතාවයයි. සම්ප්‍රදායික දේශපාලඥයෙකු නොවන එතුමාව මෙම තනතුරේ පිහිටුවීම සඳහා  ස්වභාවය විසින් සිදුකරන ලද කාර්යභාරය අතිමහත්ය. එබැවින් එතුමාගේ ආරක්ෂාවෙන් විශාල කොටසක් ස්වභාවයම විසින් ලබාදෙනු ඇත. එසේ වුවද පවතින තත්වයන් සැලකිල්ලට ගෙන එතුමාගේ ආරක්ෂාවන් දැඩි කරගත යුතුය. එතුමා සතු ඒ ආදරණිය රණවිරු හමුදාව එය ඉටුකරන බවට ජනතාව තුල දැඩි විශ්වාසයක්ද  ඇත.

මෙම කාර්ය කිරීමට ඇති එකම බාධාව අවන්නේ සතුරු මතවාදයන්ගෙන් සරු බුමක් බවට සකස්කර ඇති රාජ්‍යයන්ත්රයයි. මෙය වෙනස් කිරීම ප්‍රභාකරන් හා කලාට වඩා බලවත් යුද්ධයක් කිරීමට සිදුවේ. 20 ගෙන එන්නේ ඒ සඳහාය.20ට බලවත් විරෝධයක්ද ගොඩනැගෙන්නේද  ඒ නිසාය. මෙය නන්දිකඩාල කලපුවේ අවසන් මහා සටනට සමකල හැකිය. එබැවින් ජනතාව මේ සිදුවෙන දේශපාලන ක්‍රියාවලින් දෙස බුද්ධිමත්ව බලා තීරණ ගත යුතුය.

ගෝඨාභය රාජපක්ෂ මහතා, තවම තම පාලන කටයුතු සඳහා ජනතා බලය යොදා ගන්නා ආකාරය සම්බන්ධව ප්‍රායෝගික සැලැස්මක් නිර්මාණයකර නැති බව ඉතා පැහැදිලි අතර එය නිර්මාණය කරගතයුතු ඉතාම වැදගත් දෙයක් බවත්, ඒ සඳහා මෙරට ජනතාව සතුව ඉතා ප්‍රබල සුපිරිසිදු වැඩපිළිවෙලක් ඇති බවද සඳහන් කරනු කැමැත්තෙමු.

පළමුව ලිහාගත යුත්තේ ඇතුලේ ඇති ගැටය. සතුරා නිර්මාණය කල, පොහොට්ටුවේ මන්දදෘෂ්ටිකයින් විසින් පෝෂණය කරමින් ඇදගෙන යන, විමල් හා බැසිල් ගැටුම මිත්‍යාවක් බව රටට පෙන්වාදීම කල යුතුය.. මෙවැනි දෑ සෑම සංවිධානයකම තිබෙන මිත්‍ර  ප්‍රතිවිරෝධතා බව ජන මනසට පැහැදිලිව පෙන්වාදිය යුතුය..එය විමල්ගේත්, බැසිල්ගේත් ඉතා වැදගත් කටයුත්තක් බවට පත්ව තිබේ. මෙරට ජනතාවට විමල් මෙන්ම බැසිලුත් ඉතා වැදගත් දේශපාලන උපාංග දෙකක් බව කිව යුතුයමය.

මීළඟට අප කතා කල යුත්තේ රිෂාඩ්ගේ නාඩගම සම්බන්ධවයි. රිෂාඩ් කියන්නේ,
1.මහින්ද රාජපක්ෂ යුගයේ සිටම ඇමතිකම් දරමින්. ප්‍රසිද්ධියේ විල්පත්තු සංහාරය කල මිනිසෙකි.
2.සතොසේ බහිරවයා බවට පත්ව, සතොසට ආනයනය කල බඩු අතරේ සඟවා කොකේන් මෙරටට ගෙන ආ ඇමතිවරයෙකි.
3. පුල්මුඩේ ඉල්මනයිට් නිධිය තමන්ගේ පෞද්ගලික සම්පතක් සේ පරිහරණය කල් දේශපාලන බලවතෙකි.
4.ලෝක ඉතිහාසයේ සිදුවූ තවත් ම්ලේච ප්‍රහාරයක් වූ පාස්කු ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ අයෙකි..
5. මුළු සතොසම මුස්ලිම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට යොදාගත් පුද්ගලයෙකි.

මොහුට එරෙහිව ඇති මේ බරපතල චෝදනා හමුවේ, මොහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරිපත්කර ඇති චෝදනාව, ඉතා ලඳ බොළඳය. මේ තුලින්  සිදුකරන්නේ, ඔහුට ඇති බරපතල චෝදනා සියල්ලක්ම යට ගැන්වීමයි. එය බරපතල වරදකි. නමුත් මෙය සිදුකරන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලපෑමක් හෝ අනුදැනුමක් ඇතිව නොවන බව මෙරට ජනතාව දැඩිව විශ්වාස කරයි. මෙය රජයට එරෙහි රාජ්‍යාන්ත්‍රයේම සිටින නිලධාරීන්ගේ අලුත්ම ගේමක් බව ඉතා පැහැදිලිය. මේ අදිසි හස්තයේ නුතන ගේම ඉදිරියේ ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා මුනිවත රකී. ඒ මෙවන් තත්වයන් ඉදිරියේ, කලයුතු එකම ක්‍රියාව නිහඬව සිටීම බව එතුමා පැහැදිලිව අවබෝධකරගෙන සිටින බැවිණි.   

ඇත්තටම මේ රටේ දුෂිත නොවන කිසිදු ආයතනයක් නැත.අධිකම දුෂිත ආයතනය වන්නේ, අධිකරණ පද්ධතිය බව රන්ජන් රාමනායක,මහතා ඉතා පැහැදිලිවම් රටට නිරාවරණය කර පෙන්වා දෙන ලදී.අධිකරණ විනිසුරුවරුන් හා විනිසුරුවරියන්ගේ රෙදි ගලවා දැමු ඔහුට ජාතියේ උපහාරය පිදිය යුතුය.කන්‍යාවක් ලෙස පෙනී සිටින මැය ගණිකාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මනාව දන්නා බැවින් එතුමා කිසිදු අවස්තාවක මැයගේ සහය ලබා ගැනීමට ඉදිරිපත් වන්නේ නැත. කන්‍යාවක් සේ පිරිසිදු කමක් ඇති අධිකරණයක් නැතිව රාජ්‍යක් පවතින්නේ නැති අතර, ගණිකාවක්වූ මේ තැනත්තිය  සමග එකතුව ගොඩනැගිය හැකි සාධාරණ සමාජයක් නැති බව එතුමා ඉතා මැනවින් දනී. පිරිසිදු රාජ්‍යක් ගොඩනැගීම සඳහා කල යුත්තේ මැයව පන්නා දමා, ඒ සඳහා සැබෑ කන්‍යාවක් පත්කර ගැනීමයි.එය කිරීමට 20 සම්මත කරදිය යුතුය.ජනතාවෙනි සත්‍ය අවබෝධ කර ගන්න.මුලාවන්ට නොරැවටෙන්න.එකාවන්ව 20 වෙනි ව්යාව්ස්තා සංශෝධනය සම්මත කරගැනීමට සහය දෙන්න.යුගයේ කාර්යභාරය එයයි. ඔබ සැමට තිසරණ සරණයි! 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress