විග්නේස්වරම්ගේ පරම මහෝත්තම ප‍්‍රහර්ෂය
Posted on October 20th, 2020

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්)

‘හැට පැන්නත් බිමින් යන්නෙ නැතැ’යි කියන කථාව මතකයට ගෙනෙමින් විග්නේස්වරම් අසූව පැන්නත් පාර්ලිමේන්තුවේ පළමු දිනයේ ම වාර්ගික අධිමාන්නයෙන් යුතුව ගෝත‍්‍රවාදයේ මූලික නිගමන දෙකක් ප‍්‍රකාශ කළේ ය.

ශී‍්‍ර ලංකා භූමියේ මුල් ම වාසීන් ඔහු අයත් වෙන දෙමළ ජනයා ය.

මු`ඵ ලෝකයේ ම මුල් ම භාෂාව ඔහු කථා කරන දෙමළ භාෂාව ය.

විනිසුරු අසුනින් බැස දේශපාලන පුටුවට ගොඩවුණු විග්නේස්වරම් කියන කරන දේ ගැන සිතා බලන විට පළමුව ඔහු කවුදැ’යි අඳුනා ගැනීම ද ප‍්‍රයෝජනවත් වෙනු ඇතැ’යි සිතේ.

කොළඹ අඵත්කඬේ ප‍්‍රදේශයේ ඉපදුන කනකසබාපති විසුවලිංගම් විග්නේස්වරම් කුරුණෑගල ක‍්‍රයිස්ට්චර්ච් විද්‍යාලයෙන් සහ ඉන් පසු අනුරාධපුර හෝලි ෆැමිලි කොන්වන්ට් පාසලෙන් මූලික ඉගෙනුම ලබා 1950 දී පමණ කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වී ඉගෙන පාසල් අධ්‍යාපනය අවසන් කොට ඇත. 1964 නීති වෘත්තිකයෙකු වී කලකට පසු ඉහළ ම අධිකරණයේ විනිසුරු පදවියක් ද දරා 2004 දී විශ‍්‍රාම ලබා විශ‍්‍රාම සුවය කොළඹ ගත කළේය. ටැමිල් නැෂනල් ඇලයන්ස් (ටී.එන්.ඒ.* නියෝජිතයෙකු ලෙස 2013 දී උතුරු පළාත් සභාවට තරග කොට ටී.එන්.ඒ. අනුග‍්‍රහයෙන් මහඇමති වීය.

(ආනන්දසංගරී සහ සම්පන්දන් හැරුණු විට දෙමළ ජාතිවාදී ව්‍යාපාරයේ සිටින වැඩිමහලූ ම තැනැත්තා ඔහු විය හැකි ය.* එතැන් සිට ඔහු විවෘතව ම වාර්ගවාදී දේශපාලනයේ නියමුවා ලෙසින් කි‍්‍රයාකරමින් සිටියි. එය ඔහු දේශපාලකයෙකු වූ නිසා ම සිදු වූවක් විය නො හැකි ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරෙකු ලෙස සිටි කාලයේ ද ඔහු දෙමළ ඊළාම් මනසින් යුතුව සිටි බවට සාධක ඇත. තමන්ගේ ම පක්‍ෂයක් හදාගත් ඔහු 2020 පාර්ලිමේන්තුවේ අසුනක් දරයි. ලංකා ජන්මය සහිත පේ‍්‍රමානන්ද ස්වාමි නමැත්තා ‘යේසුට’ සමාන කළ විග්නේස්වරම් ඉන්දීය අධිකරණය විසින් ස්ත‍්‍රී ¥ෂණ කළ අයෙකු ලෙස නිශ්චය කරන ලද ඔහුගේ අනුගාමිකයන් තිදෙනෙකු හිර දඬුවමෙන් නිදහස් කරන ලෙස අගමැති මෝදිගෙන් ඉල්ලීමක් කළේය. (‘යාපනේ ගාන්ධි’ ලෙස සහ යාපනේ දෙමළ මිනිසුන්ගේ ‘මෝසෙස්’ ලෙස චෙල්වනායගම් හඳුන්වනු ලැබ ඇති ලෙසින් ඔහුගේ රාමනාදන් සීයා ‘‘යාපනේ දෙමළ මිනිසුන්ගේ යේසු’’ ලෙස හඳුන්වා ඇති බව සමහරවිට ඔහුට අමතක වෙන්නට ඇත.* මහඇමැති පදවිය දැරූ වසර පහක කාලය තුළ ඊළාම් පිලිවෙතට අනුකූලව යෝජනා 100 කට වඩා සම්මත කළත් උතුරු පළාතේ අහිංසක දෙමළ ජනයාගේ යහපත සඳහා කළ යමක් නැත. ඒ ඔහු සම්බන්ධ පෞද්ගලික කෙටි හැඳින්වීමකිි.

ඔහුගේ පසුබිම් සම්බන්ධය බොහෝ ඈත ය. පොන්නම්බලම් ඉරාමනාදන් (දෙමළෙන් ලියා ඇති ලෙස, පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් ආනන්ද කුමාරස්වාමි තුන් බෑයන්ගේ මුණුපුරෙකි. පුතුන් දෙදෙනාගේ විවාහ සම්බන්ධතා මගින් ඔහු සිංහල දේශපාලන නායකයකයන් වූ වාසුදේව නානායක්කාර සහ කේසරලාල් ගුණසේකර මහතුන්ගේ නෛතික මස්සිනා කෙනෙකි. (සිංහල පෙළපත් දෙකකට තිත තැබීමක්? සිංහල, දෙමළ, මුස්ලිම් ප‍්‍රධානීන් එකතුව පිහිටුවාගෙන තිබූ ලංකා ජාතික සංගමය තමන් කළ ගෝති‍්‍රක ඉල්ලීමකට එකග නො වීම නිසා විග්නේස්වරම්ගේ සීයා කෙනෙකු වූ (ඉ*රාමනාදන් විරසකව වෙනම ම 1923 දී ලංකා දෙමළ සංගමය, තමිලක්කම් ව්‍යාපාරය සහ ශෛව පරිපාලන සභාව ආදි සංවිධාන ආරම්භ කොට සමාජ දේශපාලන කටයුතු කළ, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු වී සිටි, බි‍්‍රතාන්‍ය රජ පවුල දැන සිටි, එසේ ම බි‍්‍රතාන්‍ය අගමැති ඇතුඵ වංශාධිපතීන්ගේ ඉතා කුලූපග සගයෙකු වූ අයෙකි. ලංකාවට පැමිණි මහත්මා ගාන්ධිගේ කදාර් වස්ත‍්‍ර ව්‍යාපාරයට බොහෝ දෙමළ හින්දු නායකයන් අනුගත වූ අතර (ඉරාමනාදන් සහ අරුණාචලම් ඉන්දියාවේ පසුකාලීන පාලකයන්ගේ ජටා ඔටුන්නට අනුරූපව ඔටුන්නක් සහ ඇඳුමකින් පෙනී සිටිමින් රාජ්‍ය සේවයේ සහ සමාජ දේශපාලන ව්‍යාපාරයේ යෙදී සිටියහ. (ගාන්ධි ලංකාවට ආවේ කදාර් වස්ත‍්‍ර ව්‍යාපාරයට රු. ලක්‍ෂයක් එකතු කරදීමේ පොරොන්දුව ඇතිව ය. ඡුන්ද අයිතිය පුඵල් කිරීමට සහ කාන්තාවන්ට ඡුන්ද අයිතිය දීමට එරෙහි වූ (ඉ*රාමනාදන් වෙල්ලාල කුලයේ පිරිමින්ට පමණක් ඡුන්ද අයිතිය ලබාගැනීමට උත්සාහ කළේය. (ලංකා නිදහස් ව්‍යාපාරයේ නිරත වූ වීරයන් ලෙස සලකනු ලබන දෙමළ නායකයන් දෙමළ සංගම් සහ තම්ලක්කම් ව්‍යාපාරය භාවිත කළේ දෙමළ ජනයා වෙනුවෙන් නොව වෙල්ලාල ආධිපත්‍යය වෙනුවෙනි. ශී‍්‍ර ලංකා ජනතා නිදහස වෙනුවෙන් යැ’යි කෙසේ කියම් ද? සාවදානව විමසුම් සහිතව සාකච්ඡුා කළ යුතු කරුණු ය.* ජී. ජී. පොන්නම්බලම්, චෙල්වනායගම් යුරෝපීය ඇඳුමෙන් පෙනී සිටි අතර දෙමළ නායකයන් බහුතරය කදාර් චින්තනයට අනුව ඇªම තෝරාගෙන ඇත. විශ‍්‍රාම ලැබීමෙන් පසු විග්නේස්වරම් දෙමළ දේශපාලන නායකයෙකු ලෙස අනෙක් ජ්‍යෙෂ්ඨ දෙමළ නායකයන්ට වඩා කැපී පෙනෙන ඇඳුමකින් පෙනී සිටියි. සමහරවිට පසුබිම් සම්බන්ධතා ඔහුගේ වර්තමාන භූමිකාවට මග සකසන්නට ඇත. විග්නේස්වරම් ප‍්‍රකාශ කළ ඉහත දක්වා ඇති කරුණු දෙක දැනට වසර සියයකට පෙර සිට කියන ඒවා ය. සනාථ කිරීමට සියලූ සාක්‍ෂි ඔහු ළග ඇතැ’යි තැන තැන කීවත් මෙතෙක් එකක්වත් හෙළි කළේ නැත. ඔප්පු කිරීමේ භාරය ඔහුගේ වගකීම බව ඔහුට අමුතුවෙන් මතක් කළ යුතු නැත.

මෙතෙක් ඔහු කිසි ම සාක්‍ෂියක් ඉදිරිපත් කළේ නැත. නිර්මාණය කරන ලද සාක්‍ෂි මත ගෙනා නඩුව කඩා වැටෙන බව ඔහු හොඳින් ම දන්නා නිසා විය හැකි ය. මහා අභිමානයෙන් සහ උද්දාමයෙන් මේ නිගමන දෙක ප‍්‍රකාශ කිරීමෙන් ඔහු විශේෂයෙන් ම දකුණු ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව සම්බන්ධ ඉතිහාසය හා පුරාවිද්‍යා සහ මානවවිද්‍යා මහා විශාරද ප‍්‍රාඥයෙකු බව හැෙගයි. එමෙන් ම මානව සම්භවය, පරිණාමය, සංසරණය සහ මානව සංස්කෘතිය පිළිබඳ විශාරදයෙකු බව සිතේ. කෙසේ වෙතත් මේ නිශ්චිත නිගමන දෙකේ ඇති සැටිය සොයා බැලීම අපේ ම දැනුම අඵත් කරගැනීම පිණිස ප‍්‍රයෝජනවත් වෙනු ඇත.

ඔහුගේ (ඉරාමනාදන් සීයා උදහස්ව ලංකාවෙන් ගොස් කලක් පදිංචිව සිටි, ඔහු ඇතුඵ දෙමළ ජනයා නිරන්තරයෙන් ඉතා ළගින් සම්බන්ධතා පවත්වන දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ භූමියෙන් ශ‍්‍රී ලංකාවට ද්‍රවිඩයන් සියවස් ගණනක සිට ගෙනා බව, පැමිණි බව, 1948 න් පසු හොරෙන් ආ බව (කල්ලතෝනි සහ තවමත් එන බව මුඵ ලෝකය ම දන්නා සත්‍ය කරුණකි. මේ වෙනවිට ලොව පුරා විසිරී පදිංචි වී සිටින ද්‍රවිඩයන්ගේ මවුබිම දකුණු ඉන්දියාව බව ඒ වගේ ම මූලික සත්‍යයකි. විද්වතුන් පෙන්වා දී ඇති පරිදි ව්‍ය.ව.පූ. (කි‍්‍ර.පූ.* 5 වෙනි සියවසේ පමණ ද්‍රවිඩ ජනයා ඉන්දියාවට පැමිණි ආගන්තුකයෝ ය. දිවයින සිංහලදීප වී වසර දෙ දහසකට වැඩි කාලයකට පසු යුරෝපීය ආක‍්‍රමණිකයන් විසින් 16 වෙනි සියවසේ සිට ගෙනවිත් පදිංචි කරවන ලද ද්‍රවිඩ ජනයා ශී‍්‍ර ලංකාවේ ආගන්තුකයෝ ය. දැන් ශී‍්‍ර ලංකාවේ ජන කොටස කි. ද්‍රවිඩ යනුවෙන් හඳුන්වනු ලබන සියල්ලන් දෙමළ නො වේ. ද්‍රවිඩ යනු භාෂා පවුලකි. එයට අයත් මලයාලි, කණ්ණඩ, තෙලිගු සහ දෙමළ යන භාෂා කථා කරන ජනයාගේ නිජබිම ඉන්දියාවේ වෙන්කට (තිරිපති* කඳුවලින් පහළ දකුණු ඉන්දීය භුමියයි. ද්‍රවිඩ භාෂා කථා කරන භූමියේ අතීතයේ පැවති ‘චෝල’, ‘පාංඩි’ සහ ‘චේර’ යන දේශපාලන ඒකක ව්‍ය.ව. 13 වෙනි සියවසෙන් පසු අභාවයට පත් විය. ඉංගිරිසි පාලන කාලයේ 19 වෙනි සියවසේ සිට පැවති ඉන්දීය නිදහස් සටනට සමාන්තරව සහ ඉන් බාහිරව ‘ද්‍රවිඩ නාඩු’ අරමුණ ඇතිව නිදහස් ‘ද්‍රවිඩස්ථානයක්’ සඳහා ව්‍යාපාරයක් වීය. නිදහසින් පසු භාෂාව අනුව ද්‍රවිඩයන්ට ද වෙන වෙනම පාලන ඒකක නිර්මාණය කෙරුණි. දෙමළ භාෂාව කථා කළ ජනයා බහුලව සිටි ප‍්‍රදේශය නම් නළේ ‘මධුරා ප‍්‍රාන්තය’ යනුවෙන් මිස ‘දෙමළ ප‍්‍රාන්තය’ නමින් නො වේ. (ඉංගිරිසීන්ගේ පාලන ඒකකයක් වූ මැඞ්රාස් ප‍්‍රසිඩෙන්සි නො වේ.* දීර්ඝ කාලීන අරගලයකින් පසු, ව්‍ය.ව. 1968 ඉන්දීය මධ්‍ය ආණ්ඩුවේ පනත් සම්මතයෙන් සහ ප‍්‍රාන්ත ආණ්ඩුවේ යෝජනා සම්මතයෙන් නම වෙනස් කිරීමෙන් 1969 දී ඉන්දියාවේ ‘තමිල් නාඩු’ නමින් ප‍්‍රාදේශීය පාලන ඒකකය බිහි වීය.

දැනට වසර 3500 ට පෙර භාරත භූමියට සිදු වූ ආර්ය සංක‍්‍රමණය පිළිබඳ තොරතුරු සඳහන් වෙන පුරාණ ඓතිහාසික වාර්තාවල ඒ කාලයේ භාරතයේ කොතැනක හෝ ‘දෙමළ’ නම් ජනයා සිටි බවට සඳහනක් නැත. ආර්යයන්ගේ බල අරගල ගැන කියන මහාභාරතයේ හෝ වානර හනුමන් පීනා ගොඩ වූ සාගරය පාලමක් බැඳ තරණය කළ දෙවියෙකු ගැන කියන රාමායනයේ ‘දෙමළ’ යන වචනය හෝ සඳහන් නැත. මහාභාරතයේ ‘සිංහල’ යන වචනය අඩුම වශයෙන් අවස්ථා පහක් සම්බන්ධයෙන් සඳහන් වෙයි. (ඒ ශී‍්‍ර ලංකාවේ සිංහල රාජ්‍යය ගැන විය නො හැකි ය. භාරතයේ වයඹදිග පුරාණ කාම්බෝජයේ සිංහලයන්ගේ ඥාතීන් වූ ‘මද්ද’ රාජ්‍යය අසල සින්දු ගඟ සහ සතදෘ (සට්ලෙජ්* ගඟ අතර දෙගංබඩ ප‍්‍රදේශයේ පැවති ‘සිංහල’ රාජ්‍යය විය හැකි ය.* සිංහලයන් ඉන්දීය ජන්මයක් ඇති ඉන්දීය ජන වර්ගයක් නො වේ. පුරාණ පර්සියාව ඔස්සේ ඉන්දීය භූමියට සංක‍්‍රමණය කළ සිය ගණනක් ආර්ය ජනවර්ග වලින් එකකි. කලක් පංජාබි ප‍්‍රදේශයේ පදිංචිව සිට විවිධ හේතූන් නිසා සින්දු ගග දිගේ පහළට බැස, සින්දු ඩෙල්ටාව අසල හිංගූර් (සිංහපුර* නම් ප‍්‍රදේශයේ කලක් වාසය කොට බටහිර මුහුදු තීරය ඔස්සේ පැමිණ විවිධ ප‍්‍රදේශවල පදිංචි වී දිවයිනේ මවුබිම් වාසීන් වී ඇත. ව්‍ය.ව.පූ. 8 වෙනි හෝ 9 වෙනි සියවස පමණ කාලයේ සිංහලයන් දිවයින සමග සම්බන්ධතා පැවති බවට සාධක පුරාණ අනුරාධපුර ඇතුලූ නුවර කැණීම් මගින් ආචාර්ය ශිරාන් දැරණියගල හෙළි කොට ඇත.

ද්‍රවිඩයන් දකුණු ඉන්දියාවට සංක‍්‍රමණය වූයේ ව්‍ය.ව.පූ. (කි‍්‍ර.පූ.* 5 වෙනි සියවසේ දී පමණ බව පෙර’පර දෙදිග විද්වතුන් පිළිගෙන ඇත. උතුරු අපි‍්‍රකාවේ ‘නියර් ඊස්ටර්න්’ භූමි ප‍්‍රදේශයක සිට පැමිණි බව අදහස් කරනු ලබන ද්‍රවිඩයන් දකුණු ඉන්දියාවේ මුල් වැසියන් නො වේ. මුල් වැසියන් බොහෝ දෙනෙකු දෙමළකරණය වෙන්නට ඇත. කෙසේ වෙතත් මුල් වැසියන් වූ ‘මුණ්ඩාරි’ සහ ‘ගොන්ඩි’ භාෂා කථා කරන ජනයා දසලක්‍ෂ ගණනක් අදත් වාසය කරති. මුණ්ඩාරි සහ ගොන්ඩි භාෂා ‘ඔස්ට්‍රෝ-ආසියාතික’ භාෂා පවුලට අයත් ය. ද්‍රවිඩ භාෂා පවුලට අයත් නො වේ. අසෝකගේ ගිරි ලිපි දෙකක ‘චෝඩපංඩියා’ සහ ‘කෙලලපුතො’ යනුවෙන් සඳහන් වෙයි. එය චෝල, පාණ්ඩ්‍ය සහ චේර බව අදහස් කළත් ‘දෙමළ’ නමින් ජන වර්ගයක් හෝ රටක් ගැන සඳහන් නො වේ. ව්‍ය.ව.පූ. 3 වෙනි සියවසේ ‘ද්‍රවිඩ’ වචනය හෝ ‘දෙමළ’ වචනය හෝ ඓතිහාසික වාර්තාවල සඳහන් නො වූ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන දක්වා ඇත. ’චෝල’ වචනය දෙමළ වචනයක් නො වෙන බව ආචාර්ය ඒ.කේ. නීලකණ්ඨ ශාස්තී‍්‍ර පැහැදිලි කරන අතර චෝල සහ කේරල ජනයා දෙමළ නො වෙන බව පී.ටී.එස්. ඓයෙන්ගර් සඳහන් කරයි. දෙමළ ද්‍රවිඩ භාෂා පවුලට අයත් එක් භාෂාවකි. ව්‍ය.ව.පූ. (කි‍්‍ර.පූ.* 4 වෙනි සියවසේ මෞර්ය රාජ සභාවේ රෝම තානාපති මෙගස්තිනීස්ගේ වාර්තාවල හෝ ලංකාව ගැන පවා සඳහන් කරන චානක්‍යගේ (කෞටිල්‍ය* අර්ථශාස්ත‍්‍රයේ හෝ ‘දෙමළ’ නමින් ජන වර්ගයක් හෝ රටක් ගැන සඳහනක් නැත. ව්‍ය.ව. 1 වෙනි සියවසට අයත් පෙරිප්ලස් මාරිස් එරිත්රායි නම් කෘතියේ දකුණු ඉන්දීය තොරතුරුවල ද්‍රවිඩ භූමියක් හෝ දෙමළ නමින් ජන වර්ගයක් හෝ දෙමළ රටක් ගැන සඳහන් නො වේ.

ව්‍ය.ව. 2 වෙනි සියවසේ උතුරු භාරතයේ පැවති රාජ්‍ය පිළිබඳව සඳහන් කරන ටොලමි ද්‍රවිඩ භූමියේ වාසය කළ ගෝත‍්‍ර ගැන පමණක් මිස ඒකරාශී වූ රාජ්‍ය බලයක් ගැන නො කියන බව පෙන්වා දෙන පී.ටී.එස්. ඓයෙන්ගර් ටොලමි භූමි සිතියම පැහැදිලි කරමින් ව්‍ය.ව. 2 වෙනි සියවස තුළ පවා දකුණු ඉන්දියාවේ ‘දෙමළ’ නමින් ගෝත‍්‍රයක් හෝ රටක්, රාජ්‍යයක් හෝ ‘දෙමළ’ නමින් හැඳින් වූ ජන වර්ගයක් හෝ නො සිටි බව හෙළි කරයි. ව්‍ය.ව.පූ. (කි‍්‍ර.පූ.* තුන් වෙනි සියවසේ උතුරු ඉන්දියාවේ දියුණු මානව සංස්කෘතියක් පැවති අතර දකුණු ඉන්දියාවේ කාවේරි නදියෙන් පහළ භූමියේ ජනයා මහාශිලා යුගයේ (මෙගලිතික්* සංස්කෘතිය තුළ සිටි බව සහ එහි ගෝති‍්‍රක (කුලසංග* පාලනයක් වූ බව ලොව විද්වතුන් හෙළි කොට ඇත. මෙකල සිංහලදීප බුදු දහම තුළින් ඉහළ සංස්කෘතික තලයක වීය.

ව්‍ය.ව.පූ. 3 වෙනි සියවසේ සිට ධර්ම ප‍්‍රචාරය සඳහා සිංහලදීපෙන් වැඩම කළ භික්‍ෂූන් වහන්සේ සහ භික්‍ෂුණීන් වහන්සේ ද්‍රවිඩ භූමියේ ජනතාව ඉහළ සංස්කෘතික තලයකට පත් කළ බව ද්‍රවිඩ භාෂා සාහිත්‍යය සහ සංස්කෘතිය පිළිබඳ විද්වතෙකු වූ හිස්සැල්ලේ ධම්මරතන හිමියන් පැහැදිලි කොට ඇත.

ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික දියුණුව මගින් උනන්දු කරවනු ලැබීමෙන් ද්‍රවිඩ භූමියේ ප‍්‍රාථමික ද්‍රවිඩ සංස්කෘතියක බිහිවීම සිදු වූ බව ක්ලැරන්ස් මැලොනි, බ‍්‍රයන් ප්ෆෆන්බර්ගර් වැනි විද්වතුන් දක්වා ඇත. එකල ද දෙමළ නමින් රටක් තිබූ බව හෝ ජන වර්ගයක් සිටි බව සඳහන් නො වේ. වර්ෂ 250,000 ට පෙර දිවයිනේ සිටි හෝමෝසැපියන්ස්් මානවයාගේ සිට නූතන මිනිසා දක්වා දිවයින අඛණ්ඩව මිනිස් වාසයක්ව පවතියි. පුරාවිද්‍යාඥයන් බලංගොඩ බෙල්ලන්බැඳිපෑලැස්ස, කිරිඳිගල, ඉබ්බන්කටුව, ගුරුගල්හින්න, හම්බන්තොට, රංචාවෙල, පොම්පරිප්පු, ගල්සොහොන්කන්ද, පාහියන්ගල, බටදොඹහෙළ, හල්දුම්මුල්ල, පදියගම්පොල, කොන්ඩදෙණිය, කොකේබෙ, වලවේ නිම්නය ආදි ස්ථාන රාශියකින් සොයා ගත් ප‍්‍රාග් ඓතිහාසීය (පී‍්‍රහිස්ටොරික්* මානව සංස්කෘතික භූමි මේ බව සනාථ කරයි.

දිවයිනේ ප‍්‍රාග් ඓතිහාසීය හෝ පූර්ව ඓතිහාසීය (ප්‍රෝටෝහිස්ටොරික්* යුගයේ ද්‍රවිඩ හෝ දෙමළ ජනයා වාසය කළ බවට සාධක නැත. ද්‍රවිඩ වාසය පෙන්වීම සඳහා ද්‍රවිඩ භූමියේ සහ ශී‍්‍ර ලංකාවේ මහාශිලා යුගයට අයත් සංස්කෘතික ලක්‍ෂණ සැසඳීමේ සමහර උගතුන්ගේ උත්සාහය ආචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල ප‍්‍රතික්‍ෂේප කරයි. දිවයිනට ආර්ය සංක‍්‍රමණය සහ සිංහලයන් රාජ්‍ය බලවතුන් බවට පත්වීම සිදු වූ කාලයේ සිටි දිවයින් වාසීන් යක්, නාග, දේව, ව්‍යාධ, රකුස් සහ නේසාද ආදි නම්වලින් හඳුන්වා ඇත. ඒ කිසි ම ජන වර්ගයක් ද්‍රවිඩ හෝ දෙමළ නො වීය. එකල යාපනේ නාගදීප නම් වීය. විසිවෙනි සියවසේ ආරම්භක කාලයේ සිට ඇතැම් දෙමළ ලේඛකයන් සහ උගතුන් දිවයිනේ සිටි ‘නාග’ ජනයා දෙමළ බව පෙන්වීමට බොහෝ උත්සාහ කොට ඇත. ඉන්දීය ආර්ය සමාජයේ බ‍්‍රාහ්මණ චින්තනය අනුව ‘ශුද්‍ර’ කුලයට අයත් වූ ද්‍රවිඩ/දෙමළ සමාජයේ ඉහළ ම තලය වෙන වෙල්ලාලයන් හැරුණු විට සිටියේ පල්ලන්, පරයන්, තුඩියන්, සක්කිලියන් ආදී සිය ගණනක් හීනජන්මී (අන්ටචබල්ස්* ගෝති‍්‍රකයන් මිස ‘නාග’ නමින් ගෝත‍්‍රයක් නො වීය. පූර්ව ඓතිහාසික යුගයේ සහ ඓතිහාසික යුගයේ මුල් කාලයේ සිංහලදීපේ වාසය කළ ජන වර්ග දකුණු ඉන්දියාවේ කිසිදු ගෝත‍්‍රික ජන කොටසකට කවරාකාරයක හෝ සමානත්වයක් ඇතැ‘යි තහවුරු කිරීමට නො හැකි බව ආචාර්ය නන්දදේව විජේසේකර පැහැදිලි කොට ඇත.

දිවයින සිංහලදීප වීමට පෙර සිටි ජනයා ද්‍රවිඩ හෝ දෙමළ නො වේ. මගධ ජනපදයේ හර්යංක රජ පෙළපතට සමගාමීව ලංකාවේ සිංහල රාජ්‍යයක බිහිවීම සිදු වී ඇති බව ඓතිහාසික තොරතුරු හෙළි කරයි. පණ්ඩුකාභය රජුට දේශීය ජනයාගේ පූර්ණ සහාය වීය. රජු එකල සිටි සියලූ ජනයාගේ ආගමික විශ්වාස අනුව ඔවුන්ගේ දෙවිවරුන් වෙනුවෙන් ස්ථාන වෙන් කළත් මුරුගා, මුරුගන් දෙමළ දෙවියන් ගැන කිසි සඳහනක් නැත. එකල දිවයිනේ සිටි ‘යවන’ ජනයාට ද ගම් වෙන් කොට දී ඇතත් ද්‍රවිඩයන්ට ස්ථාන වෙන් කළ බවක් සඳහන් නැත. ඒ ද්‍රවිඩ හෝ දෙමළ ජන කොටසක් නො සිටි නිසා ය. ව්‍ය.ව. 1 වෙනි දහස්වසරේ මැද කාලයට අයත් ලෙස සලකනු ලබන දකුණු ඉන්දීය සංගම් සාහිත්‍යයේ ‘දෙමළ’ නමින් ගෝත‍්‍රයක්, ජන වර්ගයක් සිටි බව හෝ රටක් පැවති බව හෙළි නො වෙයි. සංගම් කවීන්ගේ කාලයේ දිවයිනේ දෙමළ කවීන් සිටි බව දැක්වීමට පත්තුප්පාට්ටු කවි එකතුවේ කවි දෙකක් ලංකාවේ කවියෙකුගේ යැ’යි සංස්කාරක එස්. වයියපුරි පිල්ලෙයි දැක් වූ අදහස ආචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල ප‍්‍රතික්‍ෂේප කළේය. (ඛෙදජනක ලෙස ඔහු ද ආචාර්ය උපාධියෙන් කාලයකට පසුව කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් වාර්ගික රැුල්ලට ගොදුරු වී ඇත.*

ව්‍ය.ව. 13 වෙනි සියවසට පෙර ශී‍්‍ර ලංකාවේ ස්ථිර දෙමළ පදිංචියක් නො තිබූ බව නිශ්චිත ව ප‍්‍රකාශ කළ ඔහු පසුව යාපනේ ආනෛකෝට්ටේ නම් ස්ථානයෙන් ලැබුණු ව්‍ය.ව.පූ. 3 වෙනි සියවසට අයත් ලෙස සැලකෙන ලෝකඩ මුද්‍රාවේ ඇති අකුරු දෙමළ බ‍්‍රාහ්මී ලෙස හඳුන්වා එය යාපනේ හා සම්බන්ධ තමිල්නාඩුවේ පාලකයෙකුගේ බව දැක්වීය. එය සදොස් අර්ථ දැක්වීමක් බව පෙන්වා දුන් පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව එය පුරාණ සිංහල බ‍්‍රාහ්මී අක්‍ෂරයෙන් ලියා ඇති සිංහල ප‍්‍රාකෘත පාඨයක් බව පැහැදිලි කළේ ය. (දෙමළ ලේඛකයන් සහ සමහර උගතුන් පළ කරන මුද්‍රාවේ චිත‍්‍ර මුල් මුද්‍රාව සමග සැසඳීම වටී.* ද්‍රවිඩයන් සංස්කෘතකරණයට ලක් වීමෙන් ලියන ලද කාව්‍යයක් වෙන කන්නගී වන්දනය හා සම්බන්ධ සිලප්පදිකාරම් කාව්‍යය ද්‍රවිඩ ජනයා වාසය කළ ප‍්‍රදේශයේ මායිම් පැහැදිලිව සඳහන් කරයි.

උතුරෙන් වෙන්කට කඳු (තිරිපති* නැගෙනහිරෙන් සහ බටහිරෙන් මහා සාගරය දකුණෙන් කුමාරි තුඩුව (කොමරින් තුඩුව* යන හතර මායිම් තුළ ද්‍රවිඩ ජනයා වාසය කළ බව එය පැහැදිලිව ම කියයි. කන්නගීගේ සැමියාගේ අනියම් දුව වටා ගෙතුණු, නාගදීප ගැන තොරතුරු සඳහන් වෙතැ’යි අදහස් කරන, මණිමේඛෙලෙ කාව්‍යය හෝ ද්‍රවිඩයන් දිවයිනේ සිටි බව නො කියයි. එනම් ව්‍ය.ව. 5 වෙනි හෝ 6 වෙනි සියවස පමණ කාලයේ හෝ සිංහලදීපේ, අවම වශයෙන් යාපනේ ප‍්‍රදේශයේ හෝ ද්‍රවිඩ හෝ දෙමළ කථා කරන පිරිසක් සිටි බව හෙළි නො කරයි.

තෝල්කාප්පියම් නම් දෙමළ ව්‍යාකරණ ග‍්‍රන්ථය දෙමළ කථා කරන ප‍්‍රදේශ ලෙස පළාත් දොළහක් නම් වශයෙන් සඳහන් කරයි. එයට විවරණයක්/ටීකාවක් කළ, ව්‍ය.ව. 1275 පමණ සිටි සේනවරෙයියාර් නම් ටීකාකරු ඒ පළාත් දොළහේ පිහිටීම ඉතා පැහැදිලිව දක්වා ඇත. ඒ පළාත් සියල්ල ම කුමාරි (කොමරින්* තුඩුව සහ තුංගභද්‍රා නදිය අතර පිහිටි භූමිය තුළ වූ ඒවා වීය. ව්‍ය.ව. 8 වෙනි සියවස පමණ සහ ව්‍ය.ව. 1275 වෙන විටත් දෙමළ කථා කරන ජනයා ස්ථිරව පදිංචිව නො සිටි නිසා ඔවුන් දෙමළ කථා කරන ප‍්‍රදේශ නාම ලේඛනයට සිංහලදීප (සීහලම්=ඊළාම්* හෝ අඩුම වශයෙන් නාගදීප (යාපනේ* නම හෝ සඳහන් කළේ නැත. සිංහලදීප වීමට පෙර දිවයිනේ යක්, දේව. නාග ජන වර්ග මිස ද්‍රවිඩ හෝ දෙමළ නමින් ජන වර්ගයක් සිටි බවට සාධක නැත. සිංහලදීප වීමෙන් පසු වසර දෙ දහසක පමණ කාලයක් තුළ හෝ ද්‍රවිඩ/දෙමළ ජනයාගේ ස්ථිර පදිංචියක් වීනම් දකුණු ඉන්දීය ද්‍රවිඩ පුරාණ ලේඛන ඉදිරිපත් කරන නම් ලැයිස්තුවේ සිංහලදීප, සෙරන්දිබ්, තම්බපණ්ණි, තැබ්‍රොබේන්, පලේසිමොන්ඩු, පාරසමුද්‍ර, රත්නදීප, ලංකා ආදි නම්වලින් කුමන හෝ නමක් ඇතුළත් විය යුතු ය.

අවම වශයෙන් යාපනේ (යාල්පානම්* හෝ ඇතුළත් විය යුතු ය. සංගම් සාහිත්‍යයේ සීහලම් (ඊලාම්* හෝ යාපනේ ගැන කිසි ම සඳහනක් නැත. විග්නේස්වරම්ලා දිවයිනේ දෙමළ ඉතිහාසය හා සම්බන්ධ සත්‍ය තොරතුරු ඇතුළත් වැදගත් ම සහ මූලික ම මූලාශ‍්‍රය ලෙස ඉහළින් ම සලකනු ලබන ‘යාල්පාන වෛපව මාලෙයි’ කාව්‍යය ශක වර්ෂ 717 එනම් ව්‍ය.ව. (කි‍්‍ර.ව.* 795 වර්ෂයට පෙර දෙමළ නමින් ජන කොටසක් ශී‍්‍ර ලංකාවේ ස්ථිරව පදිංචි වී සිටියේ නැති බවත් ¥රාතීතයේ සිට ජනාවාසව පැවති දිවයිනේ විජයගේ කාලයේ සිට සිංහලයන් දිවයින පුරා පදිංචිව සිටි බවත් සිංහල රජ පෙළපතක් පැවති බවත් හෙළි කරයි. (19 වෙනි සියවසේ අවසාන කාලයේ යාල්පාන වෛපව මාලෙයි ඉංගිරිසි සංස්කරණයකින් එළි දැක් වූයේ කි‍්‍රස්ටෝපර් බි‍්‍රටෝ නම් දෙමළ නීතිඥයෙකු විසිනි. 1736 දී මක්කරා නම් මහා බලපරාක‍්‍රමයෙන් යුත් ආණ්ඩුකාරයාගේ ඉල්ලීම අනුව ලියූ බව කියයි. ඔහු පූර්ණ බල සහිත ආණ්ඩුකාරයෙක් නො වීය. ගාල්ල ලන්දේසි අණදෙන නිලධාරීයා වූ ඔහු දින 46 ක් පමණක් ආණ්ඩුකාර තනතුරේ වැඩ බැලූ අයෙකි. කාව්‍යය දකුණු ඉන්දියාවෙන් කැඳවාගෙන ආ පාලකයෙකුගෙන් එකල පැමිණි වෙල්ලාලයන් පදිංචියට ඉඩම් ලැබීම ගැන දිගු විස්තරයක් ඉදිරිපත් කරයි.

තේසවලමෙයි අනුව වෙල්ලාල අයිතීන් තහවුරු කිරීමට ලියූ ව්‍යාජ සාමූහික ප‍්‍රකාශන ඔප්පුවක් වැනිය. සුරංගනා කථාවලින් පිරි මේ කාව්‍යය වෙනම සාකච්ඡුා කළ යුතු මාර්තෘකාව කි.* දෙමළ කාව්‍ය ඉදිරිපත් කරන මිථ්‍යා පුවත් සත්‍ය ඓතිහාසික පුවත් ලෙස හිස්මුදුනෙන් වැළඳ ගැනීමෙන් මනෝලෝකයේ අතරමංවීම නිසා ඒ කරුණ පිළිබඳව ඉහත ඉතා කෙටියෙන් දක්වා ඇති විශේෂයෙන් ම ද්‍රවිඩ/දෙමළ පුරාණ ලේඛන සහ පෙර අපර දෙදිග ඓතිහාසික වාර්තා පැහැදිලිව දක්වා ඇති කරුණු විග්නේස්වරම්ට මග හැරෙන්නට ඇත. (සමහරවිට (ඉ*රාමනාදන් ඉන්දියාවෙන් ගෙන්වා යාපනේ පදිංචිය සලසා දුන් මූතුතම්බි පිල්ලේ ලියූ ‘යාපනේ ඉතිහාසය’ සහ යාපනේ උසාවියේ මුදලි රාසනායගම්, ගුරුවරයෙකු වූ සී.එස්. නවරත්නම් වැනි අය 20 වෙනි සියවසේ මුල ලියන ලද පොත් හැදෑරීම සහ තමන්ගේ රැුලේ පරම මහෝත්තම චින්තනයෙන් පෝෂිත වීම හේතු වෙන්නට ඇත.* දෙමළ භාෂාව ලෝකයේ පැරණි ම භාෂාව ය’යි විග්නේස්වරම් ඉදිරිපත් කරන නිගමනය විශ්වයේ කෙළවර සොයා ගොස් අතරමං වූ අයෙකුගේ නන්දෙඩවිල්ලක් වැනි එකකි.

ප‍්‍රංශයේ භාෂා විශාරදයන්ගේ සංගමය මුල් ම භාෂාව කුමක් දැ’යි විමර්ශනය කිරීම පමණක් නොව ඒ ගැන කථා කිරීම පවා 19 වෙනි සියවසේ අත්හැරියේ කිසිවෙකු මනෝන්මාදයෙන් අතරමං වීමට හෝ කිරීමට අවශ්‍ය නැති නිසා විය හැකි ය. ලෝකයේ භාවිතයේ පවතින භාෂා හත් දහසක් පමණ දැනට සොයාගෙන ඇත. ඉන් භාෂා දෙ දහසකට වැඩි ප‍්‍රමාණයක් ආසියානු කලාපයෙනි. භාෂා නිර්මාණය කළේ ¥රාතීතයේ වාසය කළ මානවයා ය/මිනිසා ය. වානර පැවැත්ම නම් වානරයාගේ ආභාෂයෙනි.

මිනිස් පැවැත්ම වෙනත් ග‍්‍රහ ලෝකයකින් සිදු වී නම් ඔවුන්ගේ ආභාෂයෙනි. කුමක් හෝ වේවා! දිවයිනේ වසර 125,000 ක පමණ කාලයක සාමූහිකව කි‍්‍රයා කළ මිනිසා වසර 48,000 ක කාලයක වාසස්ථානවල සාමූහිකව සිටි බව, වසර 5,000 ට පෙර සිට ධාන්‍ය ආදි ආහාර රැුස් කළ බව සොයාගෙන ඇත. වසර 10,000 කට පෙර සිට ආසියාවේ නැගෙනහිර දිග සිට ඉන්දියාව දක්වා ඔස්ට්‍රෝආසියාතික භාෂා කථා කළ මිනිසාගේ සංක‍්‍රමණය සිදු වී ඇති බව ද විද්වතුන් දක්වා ඇත. ද්‍රවිඩ භාෂාවලට වඩා පැරණි ලෙස සලකන ඔස්ට්‍රෝආසියාතික භාෂා පවුලට අයත් මුන්ඩාරි, සින්තාලි, ගොන්ඩා ආදි භාෂා කථා කරන ජනයා දස ලක්‍ෂ ගණනක් ඉන්දියාවේ දැනුදු වාසය කරති. ආර්ය සංක‍්‍රමණයට පෙර දිවයිනේ වාසය කළ ජනයාගේ භාෂාවෙන් සිංහල ප‍්‍රාකෘත භාෂාවට, ද්‍රවිඩ/දෙමළ නො වෙන, වචන එකතු වී ඇති බව විද්වතුන් හෙළි කොට ඇත. කාලය දැක්විය හැකි ලෙස යම් පෞරාණික වස්තුවක ලේඛනගත වූ භාෂාවක වයස අනුමාන කළ හැකි ය. ද්‍රවිඩ භූමියෙන් ලැබී ඇති කාලය අනුමාන කළ හැකි ලේඛන අයත් වෙන්නේ ව්‍ය.ව.පූ. 3 වෙනි සියවසෙන් මෙපිට කාලයට ය.

ශී‍්‍ර ලංකාවේ සතර දිසාවෙන් ම ව්‍ය.ව.පූ. 3 වෙනි සහ ව්‍ය.ව. 2 වෙනි සියවස් අතර කාලයට අයත් දැනට සොයාගෙන ඇති තුන් දහසකට වැඩි බ‍්‍රාහ්මී සෙල්ලිපි සියල්ල පුරාණ සිංහල ප‍්‍රාකෘත භාෂාවෙන් ලියා ඇත. ඒවායින් එකක් හෝ ද්‍රවිඩ භාෂාවකින් හෝ දෙමළ භාෂාවෙන් ලියා නැත. ඒ සෙල්ලිපි එකක හෝ ද්‍රවිඩ හෝ දෙමළ වාර්ගිකයන් ගැන කිසි ම සඳහනක් නැත. මුල් සිංහල ප‍්‍රාකෘත බ‍්‍රාහ්මී සෙල්ලිපිවල ඔස්ට්‍රෝආසියාතික භාෂා ලක්‍ෂණ ඇති, දිවයිනේ මුල් වැසියන් කථා කළ සේ සැලකෙන වචන ඇතුළත් ව ඇතත් එක දෙමළ වචනයක් හෝ දෙමළෙන් බිඳගත් වචනයක් හෝ සඳහන් නො වෙන බව මහාචාර්ය රාජ් සෝමදේව එළිදරවු කොට ඇත. එමෙන් ම කිසි ම ඉන්දු ආර්ය භාෂාවකට හෝ ද්‍රවිඩ භාෂාවකට කවරාකාර හෝ සම්බන්ධයක් නැති, සිංහල භාෂාවට ආරම්භයේ සිට ම වාගේ එකතු වී ඇති, අදත් භාවිත කරන වචන රැුසක් තිබෙන බව පෙන්වා දෙන මහාචාර්ය සෙනරත් පරණවිතාන ඒ වචන දිවයිනේ මුල් වැසියන් භාවිත කරන ලද ඒවා විය හැකි බව සඳහන් කරයි.

ද්‍රවිඩ භූමියෙන් ලැබී ඇති පැරණි ම සෙල්ලිපි සිංහල භික්‍ෂූන්ට පූජා කළ චේතියඝර, සීහල විහාර, සිංහල දායකයන්, කෙළෙඹියන් ගැන සඳහන් කරයි. ව්‍ය.ව.පූ. (කි‍්‍ර.පූ.* 3 වෙනි සහ ව්‍ය.ව. 2 වෙනි සියවස් අතර කාලයට අයත් මේ ලෙන් ලිපි ලියා ඇත්තේ අශෝක ලිපි සහ පුරාණ සිංහල ප‍්‍රාකෘත බ‍්‍රාහ්මී සෙල්ලිපි ලිවීමට භාවිත කරන ලද ප‍්‍රාකෘතයෙන් සහ බ‍්‍රාහ්මී අකුරුවලිනි. දෙමළ අකුරුවලින් නො වේ. මේ කාලය වෙන විට ද්‍රවිඩ අක්‍ෂර නිසි සෙල සකස් වී නො තිබීම සහ එකල අක්‍ෂර ඉතා නො දියුණු රඵ තත්වයක පැවතීම නිසා මේ ලිපි ලිවීමට සිංහල බ‍්‍රාහ්මී අකුරු භාවිත කිරීමට සිදු වෙන්නට ඇති බව පී.ටී.එස්. ඓයන්ගර් පැහැදිළි කරයි. (ව්‍ය.ව. 862 පමණ සිට පාණ්ඩ්‍ය රාජ්‍යය සිංහල රාජ්‍යයේ ආරක්‍ෂිත රාජ්‍යයක් (ප්‍රොටෙක්ටඞ් ස්ටේට්* ලෙස පැවති බව සහ පාණ්ඩ්‍ය සිහසුන මුල් කොට චෝල බලයට තිත තැබූ දීර්ඝ කාලීන සටනක් ව්‍ය.ව. 12 වෙනි සියවස අවසානය තෙක් පැවති බව අපට උගන්වා ඇති ඉතිහාසයේ වසං වී ඇත.*

එමෙන් ම මේ ලෙන් ලිපිවල සඳහන් තොරතුරු හැරෙන්නට පල්ලව යුගය වෙන තෙක් ලංකාව සමග පැවති සම්බන්ධතා ගැන දකුණු ඉන්දීය සෙල්ලිපිවල සඳහනක් නැති බව දකුණු ඉන්දියාවේ බ‍්‍රාහ්මී සෙල්ලිපි පිළිබඳව විමසුමක නිරත වූ සී. නාරායන රා ඕ පෙන්වා දෙයි. මේ කාලය තුළ ප‍්‍රාකෘත සහ පාලි භාෂා භාවිත කළ බෞද්ධ සහ ජෛන භක්තික කලාබ‍්‍රයන් යටතේ ද්‍රවිඩ භූමිය පැවතුණි. පල්ලවයන් යටතට ගත් කාලය තෙක් සියවස් කීපයක ද්‍රවිඩ භූමියේ තොරතුරු වැසී ඇත. එකල දෙමළ රටක් හෝ දෙමළ ගෝත‍්‍රයක් පැවතියේ දැ’යි හෝ අවම වශයෙන් දෙමළ කථා කරන ජන කොටසක් හෝ සිටිියේ දැ’යි නිශ්චිතව දැනගැනීමට ඓතිහාසික තොරතුරු නැත. සංස්කෘත නිල භාෂාව ලෙස භාවිත කළ හින්දු භක්තික පල්ලවයන් දෙමළ කථා කරන ජන කොටසට අයත් නැත. ව්‍ය.ව. 4 වෙනි සියවසේ සිට ගොඩනැගෙන ගුප්ත අධිරාජ්‍යයේ ඇති වූ සංස්කෘත සහ හින්දු ආගමික පුනරුදයේ බලපෑම ද්‍රවිඩ භූමියට ද වීය. දෙමළ භාෂාව වඩවඩාත් සංස්කෘතකරණය වීම සහ අක්‍ෂර සකස් වීම කෙරෙහි පල්ලව සංස්කෘතිය බලපෑ බව පිළිගත් කරුණකි.


‘‘දකුණු ඉන්දියාවේ ව්‍ය.ව. 4 වෙනි සියවස පමණ තෙක් සෙල්ලිපි ලිවීමට ප‍්‍රාකෘත සහ බ‍්‍රාහ්මී අකුරු භාවිත කොට ඇත. 4 වෙනි සහ 7 වෙනි සියවස් අතර සංස්කෘත භාෂාව යොදාගෙන ඇත. 7 වෙනි සියවසෙන් පසු ලියා ඇති සෙල්ලිපිවල ආරම්භය සහ අවසානය සංස්කෘත භාෂාවෙන් ලියා සෙල්ලිපියේ මැද කොටස දෙමළ, කණ්ණඩ සහ තෙලිගු භාෂාවලින් ලියා ඇත. තනිකර දෙමළ, කණ්ණඩ සහ තෙලිගු භාෂාවලින් ලියන ලද සෙල්ලිපි ලැබෙන්නේ ව්‍ය.ව. 10 වෙනි සියවසෙන් පසුව ය.’’ යනුවෙන් ආචාර්ය කේ.ඒ. නීලකණ්ඨ ශාස්තී‍්‍ර කරන පැහැදිලි කිරීම දෙමළ භාෂාව පිළිබඳව ඉතා වැදගත් ඓතිහාසික කරුණක් අපට කියා දෙයි. තනිකර දෙමළ භාෂාව පමණක් භාවිත කොට සෙල්ලිපි ලියා ඇත්තේ ව්‍ය.ව. 10 වෙනි සියවසෙන් පසුව ය. සංස්කෘතකරණය පැහැදිලිව දැක්වෙයි.

තමන්ගේ ප‍්‍රකාශ සනාථ කිරීමට පුරාවිද්‍යාත්මක සාධක නැතත් අවම වශයෙන් ශී‍්‍ර ලංකාවේ තමන් කියන ලෙස දෙමළ ජනයා වාසය කළේ නම් දෙමළ ලේඛකයන්, උගතුන් විසින් 18 වෙනි සියවසට පෙර ලියන ලද ඓතිහාසික වාර්තා ඇතුළත් කිසි ම කෘතියක් මෙතෙක් ඉදිරිපත් කොට නැත. එමෙන් ම මෑත සියවස් කීපයක සිට දිවයින තුළ ඔවුන් අනුගමනය කරන ඉන්දීය හින්දු සංස්කෘතික අංග හැර, ඔවුන් මේ රට තුළ නිර්මාණය කළ දෙමළ සංස්කෘතික අංග කිසිවක් නැත. අවම වශයෙන් ඓතිහාසික යුගය ආරම්භයේ සිට හෝ දෙමළ කථා කරන ජනයා දිවයිනේ ස්ථිරව වාසය කළේ නම් ඔවුන් නිර්මාණය කළ, ඉන්දීය හින්දු සංස්කෘතියෙන් අනන්‍ය වූ තමන්ගේ ම වූ දෙමළ සංස්කෘතියක් ශී‍්‍ර ලාංකික දෙමළ ජනයාට උරුම ව තිබිය යුතු වුව ද ඔවුන්ගේ සංස්කෘතිය දකුණු ඉන්දීය හින්දු සංස්කෘතියේ කාබන් පිටපත කි.

යුරෝපීය ආක‍්‍රමණිකයන්ගේ නිල ලේඛනවල පවා ව්‍ය.ව. 1900 අවසන් වෙන තෙක් යාපනේ හෝ ’දෙමළ’ නමින් ජන කොටසක් සිිටි බව සඳහන් නො වීය. පළමු වරට ‘මලබාර්’ වෙනුවට ‘ලංකා දෙමළ’ යනුවෙන් 1901 ජනසංගණන වාර්තාව මගින් රාජ්‍ය නිල ලේඛනයක ඇතුළත් කළේ පොන්නම්බලම් අරුනාචලම් ජනසංගණන අධිකාරී තනතුර දැරූ කාලයේ ය.

කිසිදු ඓතිහාසික ලේඛනයකින් හෝ පැරණි සාහිත්‍යයෙන් හෝ මෙතෙක් සොයාගෙන ඇති පුරාවිද්‍යා සාධකවලින් ප‍්‍රාග් ඓතිහාසික යුගයේ හෝ පූර්ව ඓහාසික යුගයේ හෝ දෙමළ කථා කරන ජන කොටසක් සිංහලදීප වාසීන් වූ බවට කිසිදු සාධකයක් ලැබී නැත. දෙමළ ජනයා දිවයිනේ මුල් වැසියන් යැ’යි පදනම් විරහිතව කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන්, ඇතැමුන් විසින් දෙමළ ඉතිහාසය සම්බන්ධයෙන් ලියා ඇති බොහෝ දේ ‘‘මනසින් මවාගත් විකාර’’ බවට ආචාර්ය බ‍්‍රයන් පෆන්බර්ගර් කරන ප‍්‍රකාශය සඳහන් කිරීම ප‍්‍රමාණවත් ය. විග්නේස්වරම් කථා කරන දෙමළ භාෂාව ලෝකයේ මුල් ම භාෂාව යැ’යි පරම මහෝත්තම ප‍්‍රහර්ෂයෙන් සැනසීම මානව හිමිකම් අනුව ඔහුට අයිතිය.

කෙසේ වෙතත් උතුර සහ නැගෙනහිර දෙමළ සාමාන්‍ය ජනයා ඔහු සමග නැති බව පසුගිය මැතිවරණය ඉගි කරයි. (තමන්ගේ පෞද්ගලික ගිණුමට බැර කළ ලක්‍ෂ 30 ඇතුඵව විදෙස්වලින් ලැබුණු රු. ලක්‍ෂ 75 ක මුදල සමග රු. 8,916,311 ක් වියදම් කොට විග්නේස්වරම් 2020 පාර්ලිමේන්තු මන්තී‍්‍ර විය. 2013 පළාත් සභා ඡුන්දෙට පිටරටවලින් කොපමණ ලැබුණි දැ’යි දන්නේ නැත. ඡුන්ද දෙකට ම ලැබුණු ගණන ටී.එන්.එ. නායකයන් දන්නවා ඇත. ඔහු ඇතු`ඵ දිස්ති‍්‍රක් 5 ක ඔහුගේ සියලූ අපේක්‍ෂකයන්ට ලැබුණේ ඡුන්ද 51,301 කි. රු. 8,916,311 = පා.ම. 1 කි.

සමහරවිට අනෙක් දෙමළ නායකයන් පරයමින් විවෘතව ම පරම මහෝත්තම උන්මාදය කිසි හිරිකිතයක් නැතිව එළියට දමන කට සහ පංචස්කන්දය උත්තේජනය කරන්නේ පිටරට මුදල් බව රහසක් නො වේ.*

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress