මහජන නියෝජිතයින් සහ රාජ්‍යය අතර අභිලාශ ඝට්ඨනය Conflict of Interest වත්මන් අර්බුදයට බලපානා හැටි.
Posted on October 22nd, 2020

විජය උඳුපිටිය

මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ රජය අතර පමණක් නොව සමාගමක අධ්‍යක්ෂ වරැන්, සේවකයින් සහ සමාගම් අතරත්, සංවිධානයක නිලධාරීන් සහ සංවිධානය අතරත් අභිලාශ ඝට්ටනයන් තිබිය හැක.  සංක්ෂිප්තව පවසන්නේ නම් මහජනයාට සේවා සපයන ආයතන සහ එකී ආයතන මෙහෙයවන නිලධාරීන් අතර තම පෞද්ගලික අභිලාෂයන් සහ ආයතනීය අභිලාෂයන් අතර ගැටුම් වලට අභිලාශ ඝට්ටනය යැයි  කිව හැක.

දූෂණය අභිලාශ ගැටුමේ  ආවේණික ලක්ෂණයක් වේ.  මේ  ලිපියෙන් මූලිකවම සාකච්ඡා කෙරෙන්නේ මහජන නියෝජිතයින්ගේ සහ රජයේ අභිලාෂයන් අතර ගැටුමත්, ඒ හේතුවෙන් ශ්‍රීලංකා වේ දියුණුව ඇනහිට සමාජ සහ දේශපාලනික ප්‍රශ්න ඔඩු දිවීමට පාදක හේතූන්ය.  වර්තමාන ආරක්ෂක තත්වයට බලපා ඇත්තේ ද මෙම අභිලාශ ගැටුමි ය.  වනාතවිල්ලුවේදී අල්ලාගත් ත්‍රස්තවාදීන් නිදහස් කිරීමට අතපෙවූ ඉහල දේශපාලනඥයා කවුදැයි තවමත් අපට හෙලි නොකලත් එම දේශපාලනඥයාගේ අභිලාෂයන් හා රටේ ආරක්ෂාව අතර ඇතිවූ අභිලාශ ගැටුමේ ප්‍රතිපලය ජීවිත 290 අහිමිවීමය.  අභිලාශ ගැටුම්හි භයානකත්වය එතරම්ම බිහිසුණුය.  වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වා නැවත ඉන්දියාවට ප්‍රති අපනයනයට අවසර ලබාදුන් දේශපාලනඥයාද තම පෞද්ගලික අභිලාෂය නිසා අපේ සමස්ථ ගම්මිරිස් ගොවීන් අමාරැවේ දැමීම තරමටම අභිලාශ ගැටුම බිහිසුණුය. 

වියට්නාමයෙන් කුරැඳු ගෙන්වා ලංකා කුරැඳු ලෙස මැඩගස්කරයට අපනයනය කල මෙම කණ්ඩායමට හිතවත් දේශපාලකයන් ද කර ඇත්තේ ශතවර්ෂ 5 කටත් වඩා පැරණි අපේ කුරැඳු කර්මාන්තය සාහසික ලෙස විනාශ කිරීමට නොවේද ?  මෙය අන්තවාදී ආර්ථික ත්‍රස්තවාදයයි. 

ලංකාවේ පොදු දේපොල සහ වස්තුව  මහජන නියෝජිතයින් විසින් ගජරාමෙට කොල්ල කෑම ඇරඹුනේ 1977 න් පසුව ය.  1972 දී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට වතු ඉඩම් පවරාගනු ලැබූවේ එම ඉඩම් රජයේ නිලධාරීන්ට හෝ මහජන නියෝජිතයින්ට ඛෙදාගත නොහැකි ලෙස නීති පනවමින් වුවත් ජේ.ආර්. ගේ කොල්ලකාරී රජය ඉ.ප්‍ර.කො පනත 1986 අංක 14 පනතින් වෙනස් කර විදේශිකයන්ට පමණක් ඉ.ප්‍ර.කො වතු ලබාගැනීමට නොහැකිවන ලෙස කටයුතු කරමින් තමන්ට වතු කොල්ලකෑම සඳහා නීත්‍යානුකූල පදනමක් සකසා ගත්තා.   ඒ අනුව ජේ.ආර් තමාගේ කනාටු පොල්වත්තකට සරැසාර පොල්වත්තක් ද මාරැකරගත්තා.

එකලාව හෝ අන් අය සමග දේපොල හිමි කරගැනීමට හා රජයන් විසින් හිතුවක්කාරී ලෙස කිසිවෙකුගේ දේපල අහිමි නොකලයුතු බවට

1948 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙන් ප්‍රකාශයට පත්කොට තිබියදීත්, 1972 බලයට ආ සමගි පෙරමුණු රජය මහජනයාගෙන් උදුරාගත් සරැසාර වතු 1977 රජය සහ රජයේ ප්‍රබල නිලධාරීන් පොරකකා කොල්ලකා ඇති බව 1977 පසු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ස්වකීය වතු අන්සතු කල ආකාරය සොයා බලා වාර්තා කිරීමට පත්කල කේ.පී.ටී විජේසේන, එස්.කේ.පී. බඹරැන්ද සහ ඩබ්ලිව්. කේ. කේ. ච..ලලතතක දකුමාරසිරි යන අයගෙන් සැදුම්ලත් කොමිසමේ 1990 ඔක්තෝබර් 20 දාතම වාර්තාවේ සවිස්තරාත්මකව දක්වා ඇත.

1977 රජය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වතු කොල්ලකෑ දුෂ්ඨ ආකාරය පිළිබඳ පැහැදිලි සාක්ෂි එම කොමිෂන් සභාව විසින් සිය වාර්තාවේ දක්වා ඇතත් එම වාර්තා ලේඛනාගාර තුළ සැගවී ගොස් ඇත.  එහි දැක්වෙන එක් ගනුදෙනුවක් කොමිසම ඉස්මතුකර දක්වා ඇත්තේ මියගිය, 1977 දී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය වික්‍රම වීරසූරිය විසින් ඔහුගේ පුත්‍ර සේනක වීරසූරිය නමින් මීරිගම ආසනයේ හුළුගම වත්තෙන් අක්කර 100 ක් ලබාගැනීමේ ගනුදෙනුවයි.  යුරෝපියන් ඕවර්සීස් බැංකුවේ අංක 357/17507 චෙක්පතින් රැ. 1,265,411 මුදලක් අක්කර 100 සඳහා ගෙවන විට සේනක වීරසූරියගේ වයස අවුරැදු 17 මාස 10 දින 18 වූ බව කොමිෂන් වාර්තාවේ සඳහන් වේ.  මීරිගම හුළුගම වත්ත වැනි සරැසාර වත්තක් ආචාර්ය වික්‍රම වීරසූරිය ලබාගෙන ඇත්තේ අක්කරය රැ. 12654 වැනි තුට්ටු දෙකේ මුදලකටය.  iමෙම අක්කර 100න් 50 ක් ලියා ඇත්තේ එවකට දැව සංස්ථා සභාපතිගේ බිරිය වන ඈන් ජයතුංග නමට වුවද අංක 325 දරණ ඔප්පුව දෙදෙනාම නමින් වූ සාංගමික ඔප්පුවකි.  ඉතිහාසයේ යම් දිනක, ශත වර්ෂයක් ඉක්මවූවද මෙම අයතා ගනුදෙනු අවලංගු කල හැකි බැවින් මෙම දේපල මිල දී ගන්නන් අදටත් ප්‍රවේශම් විය යුතුuවේ.

1972 ජනරජ ව්‍යවස්ථාවෙන් බිහිකල ජාතික රාජ්‍ය සභාව අවිචාරවත් ලෙස මහජන නියෝජිතයින්ට දූෂණයේ දොරටු පලල්ව විවර කර තැබීම ලඝු කොට සැලකිය හැකි කාරණයක් නොවන බව රාජිත සේනාරත්නට එරෙහිව 1998 දී පැවති ඡන්ද පෙත්සම් නඩු වාර්තාවේ සහ ගාල්ලේ ඇල්බට් සිල්වාට එරෙහි 1978 දී පැවති ඡන්ද පෙත්සම් නඩු වාර්තාවේද විනිසුරුවන් සඳහන් කරමින් එකී තීන්දු දෙකෙන්ම අභිලාශ ඝට්ඨනය (Confluct of Interest) පිලිබඳ අධිකරණය විසින් අලිඛිත නීතියක් ප්‍රකාශයට පත්කොට ඇත.  මෙම නඩු දෙකම පවරනු ලැබුවේ එකී මහජන නියෝජිතයන් දෙදෙනා තේරී පත්වූ අවස්ථාවේ ඔවුන් දෙදෙනාම විසින් රජය සමග සැපයුම් ගිවිසුම් වලට ඇතුලත්ව තිබීම නිසා ය. 

තමා ගිවිසුම් ගත රජයේ සැපයුම් කරැවෙකු බව රාජිත සේනාරත්න මැතිසභයට තේරී පත්වන විට හොඳින් දැන සිට ඇත.  ඒ වනවිට සෞඛ්‍ය  දෙපාර්තමේන්තුවට, නාවික හමුදාවට, ගුවන් හමුදාවට සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවට දන්ත ශෛල්‍ය උපකරණ සැපයීමේ කොන්ත්‍රාත් 8 කට රාජිත සේනාරත්න අත්සන් කොට තිබුනා.  එවැනි ගිවිසුම් අත්සන් කොට තිබියදී මහජන නියෝජිතයකු ලෙස මැති සබයට පැමිණ කටයුතු කිරීම සදාචාර නොවන බව රාජිත සේනාරත්න නොදැන නොසිටි බව වඩාත් තහවුරැ වන්නේ රජයට ඔහු විසින් ඉදිරිපත් කල එක් සැපයුම් ඉන්වොයිසියක සිය අත්සන තබමින් ඊට යටින් M.P. යනුවෙන් සඳහන් කිරීමෙනි. නොඑසේ නම් 1978 ව්‍යවස්ථාවේ 91(e) වගන්තිය යටතේ මන්ත්‍රීවරයකුට තහනම් කොට ඇති කොන්ත්‍රාත් මොනවාද යන්න නිර්වචනය කිරීමට පාර්ලිමේන්තුව අසමත් වූ නිසා, මන්ත්‍රී වරැනට රජය සමග කොන්ත්‍රාත් කිරීමට තහනමක් නැතැයි රාජිත සේනාරත්න සිතූ නිසා ද?  

රජය සමග ගිවිසුම් වලට එළැඹ තිබීම මැතිවරණයකට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ අසුන්ගෙන ඡන්දය පාවිච්චි කිරීමට නුසුදුසු කමක් ලෙස 1972 ව්‍යවස්ථාවේ 70(1)(d) වගන්තියෙන් ද, 1978 ව්‍යවස්ථාවේ 91(1)(e) වගන්තියෙන් ද දක්වා ඇත.

මහජන නියෝජිතයින්ට තහනම් කොන්ත්‍රාත් මොනවාදැයි පාර්ලිමේන්තුව විසින් අර්ථ දක්වා නීති පැනවිය යුතු වුවද 1972 සිට මේ දක්වා වසර 47 ඉක්ම යනතුරැම ඒ සම්බන්ධ නීති පැනවීමට පාර්ලිමේන්තුව අසමත්වී ඇත.  එය අසමත් වීමකටත් වඩා හිතාමතා මහජන වස්තුව සාමූහිකව මංකොල්ල කෑමට මහජන නියෝජිතයින් විසින් දූෂණයේ දොරටු විවෘත ව තබාගනිමින් ලිඛිත සහ අලිඛිත නීතීන් සාහසික ලෙස යටපත් කිරීමක් ලෙස සැලකීම වඩාත් නිවැරදි වන්නේය.

සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පනවා ඇති නීතීන් මේ සම්බන්ධව තවමත් ප්‍රාණවත්ව පවත්නා නීතීන් ය.  1972 සහ 1978 ව්‍යවස්ථාවල අභිලාශ ඝට්ඨනයට දඩුුවම් ලබාදිය හැකි නීති සම්පාදනය කොට නොමැති නිසා සෝල්බරි ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අවලංගු නැතැයි සැලකූ අධිකරණය රාජිතටත් ඇල්බට් සිල්වාටත් දඩුවම් පැමිණ වූයේ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ය.  ඒ අර්ථයෙන් අපට තවමත් බුද්ධිමත් හා නිර්මල අධිකරණයක් හිමිව ඇති බවට සතුටුවීමට ප්‍රමාණවත් අවකාශයක් ඉතිරිව ඇත.  කුණු වූ වරකා ගෙඩියක අතරින් පතර හොඳ මදුලුද ඇති සේ අධිකරණයේ ද බහුතරයක් හොඳ හා ගෞරවනීය විනිසුරන් ද නැතිවා ම නොවේ.  මේ විනිසුරුවන්ගේ ගෞරවනීයත්වය, බුද්ධිය හා උගත්කම කියාපාමින් ඔවුන් විසින් නිර්මාණ කල අලිඛිත නීතීන් සහ ඔවුන්ගේ තීන්දු ලේඛණාගාර තුල සැගව ඇත.

මන්ත්‍රීවරුන් රජය සමග කොන්ත්‍රාත් වලට එළැඹීම සදාචාර විරෝධී බව රාජත සේනාරත්න නොසිතූ වා යැයි සිතිය නොහැක්කේ ඔහු කොමියුනිස්ට් පක්ෂ සම්භවයක් ඇති අයෙකු ද වන නිසා ය.

ගාල්ලේ ඇල්බට් සිල්වා නම් 1977  මැතිවරණයට නාම යෝජනා භාරදීමට මාස කිහිපයකට පෙර සිටම ඔහු රජය සමග ඇතුළත්ව සිටි ගිවිසුම් අවලංගු කලයුතු බවට  හොඳින්ම දැන සිටි බව නඩු විභාගයේදී හෙළිවුණා.   ඇල්බට් සිල්වා සහ රක්ෂණ සංස්ථාව අතර තිබූ ගිවිසුම මැතිවරණයට පෙරම ඇල්බට් සිල්වා විසින් අවලංගු කරනු ලැබූව ද, ඛණිජ තෙල් සංස්ථාව සමග තිබූ ඉන්ධනහල් ගිවිසුම නාමයෝජනා දීමට පෙර අවලංගු කරගැනීමට ඇල්බට් සිල්වා කරන ලද උත්සාහය නිසාම, රජය සමග මන්ත්‍රීවරුන් ට නීතියෙන්ම කොන්ත්‍රාත් කල නොහැකි බව ඇල්බට් සිල්වා හොඳින්ම දැනසිටි බව තහවුරැ වෙයි.  තෙල් සංස්ථා ගිවිසුම අවලංගු කිරීමට සංස්ථාවට මාස 3 ක කාලයක් අවශ්‍ය වීම එම ගිවිසුම නාමයෝජනා දිනට පෙර අවලංගු කරගැනීමට ඇල්බට් සිල්වාට නොහැකි වූ හේතුවයි.  මැතිවරණයට පෙර තෙල් සංස්ථා ගිවිසුම සිය බිරිඳ නමට මාරැ කරවා ගැනීමට  කල උත්සාහය අසාර්ථක වීමෙන් පසු ඒක පාර්ශිකව ඇල්බට් සිල්වා ගිවිසුම අවලංගු කල ද, තෙල් සංස්ථා ව එය ප්‍රතික්ෂේප කිරීම යන පසුබිම යටතේ ඇල්බට් සිල්වා කල දැගලීම ඇල්බට් සිල්වා මන්ත්‍රීවරයකු වීමට තමන් නුසුදුසු බව හොඳින් දැනසිටි බව මනාව තහවුරැ කරන්නක්.

ඇල්බට් සිල්වා ඡන්ද පෙත්සමෙන් පරාද වුවද, නාමයෝජනා දීමට පෙර තෙල් සංස්ථා ගිවිසුම අවලංගු කරවාගැනීමට දැරෑ උත්සාහයන් නිසාම ඔහු මහත්මා දේශපාලකයෙකුය යන්න බැලූ බැල්මට පෙනී යයි. 

රජය සමග කොන්ත්‍රාත් වලට එළඹීම මන්ත්‍රීවරුන්ට සදාචාර සහ නීත්‍යානුකූල  නොවන බව ඇල්බට් සිල්වා දැන සිටීමත් රාජිත සේනාරත්න එය සදාචාර නොවන බව දැන දැනත් නොදන්නා සේ සිටීමත්, රාජිත සේනාරත්නගේ පාර්ලිමේන්තු අසුන බේරාගැනීමට නීතීඥ චොක්සි පනතේ පැති සටහන් (Side Notes) ගෙනහැර දක්වමින් පිදුරැ ගස් තර්කවල එල්ලීමට දරා ඇති උත්සාහයන් වසර 21 ට පසුව නඩු වාර්තා පිරික්සීමේදී හාස්‍යජනකව නිරීක්ෂණය කල හැක.

රාජිත සේනාරත්න ඉන්වොයිසියේ තම අත්සනට යටින් M.P යනුවෙන් යෙදීමෙන්ම දේශපාලන සදාචාරය ගැන වැරදි ආදර්ශයක් සපයා ඇත.

මේ සම්බන්ධව අපට තිබුණු, ජනජීවිතයේ අවංකත්වය හා නිර්මල බව ආරක්ෂා කිරීමේ ශක්තිමත් සම්ප්‍රදායන් 1972 ව්‍යවස්ථාවෙන් තොග පිටින් බැහැර කිරීම සිතා ගැනීමට අපහසු තරම් කාරණයක් බව විනිසුරැවන් ඊබට් සිල්වා නඩුවේදී 1978 දී සඳහන් කරමින් නැවත එම  කාරණයම දශක දෙකකට පසු 1998 වසරේ දී රාජිත සේනාරත්නට විරුද්ධ ව පැවති නඩුවේදී ද සඳහන් කිරීමට සිදුවීමම අපේ සදාචාරාත්මක බව  ඓතිහාසික සෝදාපාලුවකට ලක්ව ඇති බවත් ඒ ගැන අප තවමත් නිහඩ බවත් පෙන්නුම් කරයි.  

වසර 47 කට පසුව විනිසුරුවන් සඳහන් කර ඇති දූෂණයේ දොරටු තවමත් විවෘතව ඇත්තේ මෙම නඩු තීන්දු වල නිර්දේශයන් ලේඛණාගාර වාර්තා තුල සැගව ගොස් ඇති නිසාය.  ඒවා ගැන නැවත තර්ක කිරීම අපේ ප්‍රඥාවට පැවරෙන ගෞරවනීය වගකීමකි.  1978 සහ 1998 දී වාර්තා කොට ඇති මෙම නඩු තීන්දු රටේ අලිඛිත නීතිය බවට පත්ව ඇති බව පාලකයින් නොදන්නවා නොව කෛරාටික කමට නොදන්නවා සේ සිටිමින් මහජන වස්තුව කොල්ලකෑමට යොදාගත් ඔවුන්ගේ දුෂ්ඨ උපායකි.

1978 දී ඇල්බට් සිල්වාට නඩුවෙන් ආසනය අහිමි වූ වහාම ජේ. ආර්. ජයවර්ධන විසින් ඔහු කඹුරැපිටිය ආසනයට පත් කිරීමත්, රාජිත සේනාරත්න 1998 දී නඩුවෙන් පරාද වූ පසු ජාතික ලැයිස්තුවෙන් රනිල් වික්‍රමසිංහ විසින් රාජිතව නැවත මැති සභයට පත් කිරීමත් පරම්පරාගතව සංක්‍රමණය වන විකෘති ජානවල ආභාෂය නිසා ජාතියකට දායාද කල පිලිකුල් දනවන පූර්වාදර්ශයන් වන්නේ යැයි කිව හැක.  ස්වකීය මන්ත්‍රී භාවය උසාවියෙන් අවසන් කල සැනින් ඔවුන් නැවත මැති සභයට පත්කිරීම උසාවියට කරනලද අපහාසයක් ද වන්නේය.  උගත් විනිසුරුවන්ගේ බුද්ධියට තක්කඩියන් විසින් එල්ල කල පහරකි.

වසර 47 කට පසුව මෙම නඩු තීන්දුවල උගත් විනිසුරුවන් දක්වා ඇති කාරණා වර්තමානයේ වැඩි වටිනාකමක් ගෙනදෙන්නේ වත්මන් දේශපාලනය පොදු වස්තුව කොල්ලකෑමට දූෂණය ආවේනික අංගයක් බවට පත්කොටගෙන ඇති නිසා ය.

අභිලාශ ඝට්ඨනය (Confluct of Interest) ඉතා සියුම් ලෙස සලකා බැලිය යුතු දේශපාලන යථාර්ථය කි. 

අභිලාශ ඝට්ඨනය ඇති වන්නේ හුදෙක්ම මහජන නියෝජිතයන් සහ රජය සමග ඇතිකරගන්නා ගිවිසුම් වලින්ම පමනක් නොවේ.  සෘජු ගිවිසුමක් නොතිබුනද, තම පවුලේ ඥාතීන් සමග සහ හෝ තම හිවත් මිතුරන්ට පවත්නා ව්‍යාපාරික අභිලාෂයන් ද අභිලාශ ඝට්ඨනයට හේතු වෙයි.  සෘජු රාජ්‍ය ගිවිසුමක් නොමැතිව අභිලාශ ඝට්ටනයට ලක්ව ඇත්තේ ස්වකීය පුද්ගලික ව්‍යාපාරය අධ්‍යාපන සේවා සැපයීම කරගත් මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය භාර රාජ්‍ය ඇමති මොහාන්ලාල් ග්‍රේරැ ය.  

අභිලාශ ඝට්ඨනය හෙලිදරව් නොකිරීම නිසා එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පාස්ලිට විරැද්ධව මහජනයා පෙත්සමකින් කල ඉල්ලීමකින් ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරීම සඳහා ජනමතවිචාරනයක් පැවැත්වීමට කටයුතු කලේ ඉයන් පාස්ලි 2013 වසරේ ශ්‍රීලංකා රජයෙන් නිවාඩුවක් ගතකිරීමට පවුම් 50,000 ක සත්කාරකත්වයක් ලබාගෙන ඒ බව එංගලන්ත පාර්ලිමේන්තුවෙි අභිලාශ ලේඛණයේ සටහන් නොකල නිසා ය. ඉයන් පාස්ලි ලංකාණ්ඩුව වෙනුවෙන් යුධ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ රැස්වීමකදී ලංකාව රැකවල් කිරීමට පොරොන්දුවීම වෙනුවෙන් මෙම සත්කාරකත්වය ලබාගෙන ඇත.  අන්‍යාකාරයකින් මෙය තම කැමැත්ත සහ ඡන්දය අලෙවි කිරීමකි.   ජනමත විචාරනයෙන් ඉයන් පාස්ලි පරාජය නොවුනේ පෙත්සම් සංවිධායකයන්ගේ ඒ සඳහා වූ ප්‍රචාරනය ප්‍රමාණවත් නොවීම නිසා ය.  නමුත් ඔහුගේ ඒ නොහොබිනා චර්යාවට දඩුවමක් ලෙස ඔහුට දින 30ක පාර්ලිමේන්තු තහනමක් පනවන ලදී. 

එංගලන්ත පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව සමාගම් අධ්‍යක්ෂ දූර දැරීමද, පොදු සමාගම්වල 1% හෝ වටිනාකමින් පවුම් 25000 කොටස් හිමිකම් ද අභිලාශ ලේඛණයට ප්‍රකාශ කලයුතු වෙනත් බොහෝ අභිලාෂයන් අතර වෙයි.  එම අභිලාශ රෙගුලාසි අතිශයින්ම සංකීර්ණ මෙන්ම මහජන නියෝජිතයින් රටේ පොදු අභිලාෂයන් උදෙසා මෙහෙයවීමට ඔවුන්ව බැඳ තබන හා රටක මහජන වස්තුව කොල්ලකෑම සීමා කරන පවුරක් බඳු ය.

දේශපාලනඥයින් සහ රජය කටයුතු කලයුතු වන්නේ ජාතික අභිලාෂයන් වෙනුවෙනි.  බොහෝ විට දේශපාලනඥයන් ඉදිරි මැතිවරණයකදී ජයග්‍රහනය කිරීමට ඇති අභිලාෂයත්, තම පක්ෂය හෝ නායකයා දිනවීමට ඇති අභිලාෂයත්, තමන්ගේ ඡන්ද කොට්ඨාසය දියුණු කිරීමේ පටු අභිලාෂය න් ද, තමන් අයත් ආගමට අයත් දේ දියුණු කිරීමට, තමන් අයත් සංස්කෘතික කණ්ඩායමක් වෙනුවෙන් කටයුතු කිරීමට ඇති අභිලාෂයන් ද ජාතික අභිලාෂයන් හා පුද්ගලික අභිලාෂයන් අතර ගැටුමට පාදක වෙයි.

මත්තල ගුවන් තොටුපොළ ද,  හම්බන්තොට වරාය ද, හම්බන්තොට සිසාරා විහිදෙන අනවශ්‍ය මහා මාර්ගද මගේ ගමට යමක් කිරීමේ පටු අභිලාෂයෙන් මිස රටට යමක් යන අභිලාෂයෙන් කල දේවල් ද ? 

බිලියන 3.5 මාර්ග කොන්ත්‍රාත්තුවක් ලබාගැනීමට තම සමාගමේ නම වෙනස්කොට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ලයෙන් ද ඉවත් වූ බලගතු කැබිනට් ඇමති වරයෙක් එම සමාගමේ ස්වකීය අනුප්‍රාප්තිකයා ලෙස තම පුත්‍රයා පත්කොට එම කොන්ත්‍රාත්තුව කැබිනට්ටුවේ සාකච්ඡාවට පැමිණි විට තමාගේ පුත්‍රයා එම ටෙන්ඩරය ඉල්ලා ඇති බැවින් තමා එම අවස්ථාවේ කැබිනට් රැස්වීමෙන් ඉවත්ව ගිය බව පැවසීමෙන් අපේ කැබිනට් අමාත්‍ය වරැන් මහජනතාව ගොනාට අන්දවා ඇති බව අපට නොවැටහෙනවා නොවේ.

රාවුෆ් හකීම් 2011 දී අධිකරණ ඇමති වරයා වීමට පෙර නීති විද්‍යාලයට ඇතුල් වූ මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාව වසරකට 10 ත්15 ත් අතර විය.  හිටි හැටියේ මුස්ලිම් ශිෂ්‍යයින් 78 ක් රාවුෆ් අධිකරණ ඇමති කාලයේ එකවර නීති විද්‍යාලයට ඇතුල්වීම මුස්ලිම් ව්‍යාප්තවාදයට කවුරැන් විසින් හෝ සහායවීමේ සැගවුනු අභිලාශ ඝට්ඨනයේ පැහැදිලි සාක්ෂියකි.  රජය මේ බව දැන දැනත් එය නිවැරදි කිරීමට එවර පැවති නීති විද්‍යාල විභාගය අවලංගු නොකලේ ද රජයට එමගින් මුස්ලිම් සහාය නොලැබේ යැයි සිතීමේ අභිලාශ ඝට්ඨනය නිසා ය. මෙය අභිලාශ ඝට්ඨනයේ දෙපැත්ත කැපෙන අවස්ථාවකි.  දූෂිත ලෙස නීති වෘත්තීයට ඇතුල් වූ මේ 78 දෙනාගෙන් කී දෙනෙක් අද විනිශ්චයාශනාරෑඩව ඉන්නවා ද ?  ඒ 78 දෙනා තෝරාගත් මුස්ලිම් අන්තවාදීන් හෝ ව්‍යාප්තවාදීන් හෝ ඒ සඳහා සහාය දෙන්නන් හෝ අනුකම්පා කරන්න් නොවේය කියා අපට සැක පහල කල නොහැක.  මේ අය විනිසුරුවන් ලෙස අන්තවාදී බොම්බකරැවන්ට ඇප ලබාදෙන තත්වයක් දක්වා අභිලාශ ඝට්ඨනය ව්‍යාප්ත වියහැක.  අභිලාශ  ගැටුමට අයත් වන්නේ ටෙන්ඩර්, කොන්ත්‍රාත් හෝ මූල්‍ය වාසීන් පමනක් නොවේ ලිංගික මූලාශ්‍රයන්, සමරිසි විකෘති මානසිකත්වයන් ද රාජ්‍ය පාලන ව්‍යුහය තුල අදිසි ලෙස හොල්මං කරනු දක්නට හැක.

මහජන නියෝජිතයින්ගේ ආගමික, පෞද්ගලික, ව්‍යාපාරික, සංස්කෘතික, ප්‍රාදේශික පටු අභිලාෂයන් හා රාජ්‍යයේ පොදු අභිලාෂයන් සමග ඝට්ටනයවීම රාජ්‍යයේ අසමත් බවට හේතුවන විෂම චක්‍රයක් බවට පත්ව ඇත.  මේ බවට ආසන්නම සාක්ෂිය නම්, මුස්ලිම් අන්තවාදය හා ව්‍යාප්තවාදය පරාජය කිරීමට පාස්කු බෝම්බයෙන් ලද මේ අවස්ථාව ප්‍රශස්ත ලෙස යොදාගැනීමට මුස්ලිම් ඡන්ද ලබාගැනීමට නොහැකි වේය යන බිය නිසා ඇතිව ඇති අභිලාශ ඝට්ඨනයයි.

තමන් බාහු බලයෙන් උපයා ගත්තුදෙයින් යැපෙන දහමයි ලොව පොහො සත්තු
අනුන් ධනය නිකමට හිමිකර ගත්තු
දනන් විනා කවුරැද ලොව පුහු සත්තු

   – පැළෑනේ ශ්‍රී වජිරඥාණ හිමි –

විජය උඳුපිටිය 2019.05.17

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress