සංහිදියාව හා හිකාබය
Posted on October 22nd, 2020

විජය උඳුපිටිය

පාස්කු බොම්බයත් සමග ඉස්ලාම් අන්තවාදය පමණක් නොව ලිබරල් අන්තවාදය ගැනද සංවාද කලයුතුයැයි මම අදහස් කරමි.  කිසියම් ජන කොට්ඨාසයක සංස්කෘතිය හෝ ඇඳුම් ආයිත්තම් වලට ප්‍රමාණය ඉක්මවා ඉවසා සිටීමද ප්‍රජාතන්ත්‍රවාදී අන්තවාදය නොහොත් ලිබරල් අන්තවාදය යැයි කිව යුතුය.  ඒ ගැන කථා කරන්නාට “ජාති වාදියා” යැයි කීමට පෙර දෙවරක් සිතා බැලිය යුතුය.

අපේ පාරවල්වල ප්‍රථම වරට හිකාබය දුටුවේ වසර 2000 න් පසුව හෝ ඊට ආසන්න කාලයක සිටය.  1980 ගනන්වල අපි ඉස්ලාම් ආගම ගැන දැන සිටියේ කාන්තාවන් 4 ක් විවාහ කරගත හැකි සරල දහමක් ලෙස පමණි.  1956 දී මගේ පංතියේ සිටි ෆාරැක් ට “පාරැවේ පුවක්” යනුවෙන් සරදම් කලා මිස ඔහු කවර ආගමක දැයි එදා අපි දැන නොසිටියෙමු.   ෆාරැක් යනු මුස්ලිම් නමක් බව දැනගත්තේ වසර 20 කට පමණ පසුවයි. එක පාසැලක අකුරැ කල අපට මනුස්සකම හැර වෙනත් වෙනසක් නොපෙනුනි.

මා සමග ත්‍රිකුණාමලයේ 1972 දී සේවය කල මහරැෆ් අපි දැනුවත්ව පල්ලි ගියේවත් මුස්ලිම් තොප්පිය දැම්මේවත් නැත.   අරක්කු පානය කලයුත්තේ කෑමෙන් පසුව මිස කෑමට පෙර නොවේය කියා ගල් අරක්කු බොන හැටි මට කියා දුන්නේ කින්නියා වේ ජීවත් වූ මහරැෆ් ය.  මහරැෆ් ගේ බිරිය සරල මොට්ටැක්කිලියක් මිස හිකාබයක් පැළඳ සිටියේ නැත.  මහරැෆ් අප සමග එකට කෑම කෑවා මිස හලාල් කියා දෙයක් දැන සිටියාවත් ද කියා මට සැක ය.  ශරීයා නීතියක් හෝ ශරියා බැංකු හෝ ශරියා ඉන්ෂුවරන්ස් ගැන 1972 වකවානුවේ අහලාවත් නොතිබුනි.

පලා වර්ග ආහාරයට සොයාගත නොහැකි අරාබි කාන්තාරයේ ආහාරයට සතුන් මරාගෙන කෑ යුතු ය.  ආහාර හිඟ කමින්  සතුන්ගේ මළ කුණු අනුභවය නිසා ගිලන් වූ අය මළ කුණු අනුභවයෙන් මුදාගැන්මට හලාල් ක්‍රමය ආගමික නායකයින් උපයෝගී කරගත්තා. නීති සම්පාදනයට පාර්ලිමේන්තු නොතිබූ නිසා හලාල් දෙවියන්ගෙන් ලද නියෝග ලෙස දෙවියන් ලවා බලාත්මක කරවමින්  වනචාරී මිනිසුන් අවනත කරගැනීමට ආගමික නායකයින් ට හැකි උනා. 

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඊශ්‍රායලය ට ලොව පුරා යුදෙව්වන් රැගෙන ආවා.  යේමන යුදෙව්වන් රැගෙන ඉහල අහසේ පියාසර කරන යානයක් තුල සීතල නිසා ගිනි තැපීමට යුදෙව්වන් යානය මැද්දේ ගිනි මැලයක් පත්තු කලා.  වහා එය නිවා දමන ලෙස ගුවන් සේවිකාව කීවත් එයට නූගත් යුදෙව්වන් කීකරු උනේ නෑ.  කිසිදිනක ශබ්ද විකාශන දැක නොතිබූ මේ යුදෙව්වන් අමතා “This is your Almighty speaking.  I command you to Extinguish the fire.”  යනුවෙන් ශබ්ද විකාශනයෙන් පැවසූ පමණි න් දෙවියන් වහන්සේ තමන් අමතනවායැයි බියටපත් යුදෙව්වන් ගිනිමැලය වහා නිවා දැමූහ. (උපුටාගැනීම Freedom By Midnight කෘතියෙන්)  මිනිසුන් එදා දෙවියන් යැයි කී පමණින් කීකරැ වූ ආකාරය එසේය.  අද මිනිසුන් කීකරැ කරවීමට හලාල්, හිකාබ් හෝ ෂරියා අවශ්‍ය නොවේ.  ඒ සඳහා නීති පනවන පිලිගත් ක්‍රම වේදයන් මානව සමාජය සතුව ඇත.  නීති පද්ධති ක්‍රියාවට නංවා ගැනීමට අවශ්‍ය අනාගමික ව්‍යුහාත්මක ප්‍රතිශංස්කරණ පමනක් අද අපට අවශ්‍යයි.

මට අසුවල් ආගමේ ඉපදෙන්නට උවමනායැයි උපතට පෙර දෙවියන්ගෙන් ඉල්ලුම් පතක් අනුමත කරවා ගෙන උපන් කවුරැවත් නැත.  උපතෙන් පසුවයි අපි කුමන ජාතියකට අයත්දැයි දැනගන්නේ.  ඉන්පසුව ආගම්වලට වෙන් කල පාසැල්වලට ගොස් තමන්ගේ ආගමට පමනක් භක්තිමත් වීමෙන් මානව වර්ගයා ජන්මාන්තර වෛරක්කාරයින් කරන්නේ අප විසින්මයි.

1881 දි මුස්ලිම් ජනගහනය 1,97,800 ක් වූ අතර එය මුලු ජනගහනයෙන් 7.17% ප්‍රතිශතයක් විය.  2012 දී එම ජනගහනය 19,67,523 නොහොත් 9.66% කි.  මෙතරම් සුළු ජන කොටසක් 90.34% ක් වූ අන් ජනගහනයට ශරියා නීතියෙන් ද, හලාල් පැටවීමෙන්ද, හිකාබය තුල සැඟවීමෙන් ද කරන්නා වූ බලපෑම සංස්කෘතික වශයෙන් බිහිසුණුය.  නිහඬ අහිංසක ඉතිරි ජනයා ප්‍රකෝප කරවන සුලුය.

2018 පෙබවාරි 20 දින රාත්‍රී තැපැල් දුම්රිය ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් සැතපුමක් පමණ කොළඹ දෙසට ඇදී යද්දී හිකාබයකින් වසාගත් කිසියම් ප්‍රාණවත් වස්තුවක් චලනය වෙමින් පැමිණ එක්වරම දුම්රියපාර මැද හිටගන්නවා රියැදුරැ ට දර්ශනය විය.  එම ප්‍රාණවත් වස්තුව හිකාබය පැළඳි මුස්ලිම් කාන්තාවකි. සියදිවි හානිකරගත් ඇය පිලිබඳ රාජකාරී ඉටුකිරීමටත් පෙර කඩු සහ මුගුරැ රැගත් කණ්ඩායමක් දුම්රියට ගිනි තබව් කියමින් දුම්රියට පහරදීමටත් රියැදුරු මරා දැමීමටත් දුම්රිය එන්ජිමට ගොඩ වූවා.  දුම්රියට ගල් ගසමින් එන්ජිමට ගොඩ වූ ඔවුහු කඩු වලින් පහර දී වීදුරැ බිඳ රියැදුරු කුටියට ඇතුල් වීමට නිමේෂයකට පෙර අනතුර වටහාගත් රියැදුරු දුම්රිය ධාවනය වහා ආරම්භ කලා. එන්ජින් රියැදුරැ මරා දැමීමට කල උත්සාහය වැලකුනේ වැරදි පැත්තෙන් එන්ජිමට ගොඩ වූ නිසාය.  වේගයෙන් ධාවනය වූ දුම්රිය නවත්වා ගැනීමට පාර මැදට ස්කූටි සයිකලයක් පෙරලා දැමූවද භීතියට පත් රියැදුරැ එයද යට කරමින් චීන වරාය දක්වා පැමිණ පොලිසියට පැමිණිලි කලත් අද දක්වා ම ඒ ගැන නීතිමය දෙයක් හරි හැටි සිදු වී නැත.  දුම්රියට පහරදුන් කණ්ඩායම් නායක මියගිය කාන්තාවගේ පුරැෂයා තවමත් අත් අඩංගුවට  ගෙන නැත. ඒ රියැදුරු ත්‍රිකුණාමලය දුම්රිය ධාවනයෙන් දැනට ද ඉවත් ව ඇත. (මිය ගිය අයගේ ස්වාමි පුරැෂයා සිය බිරිඳට තවමත් පණ තියෙනවාද කියා පිරික්සා බැලුවේ මෘතදේහයට පයින් පහර දීමෙන් බව දුම්රිය රියැදුරු මා සමග පැවසීය.) මියගිය අය වෙනුවෙන් ඇහැට ඇහක් ගැනීමට පැමිණි අන්තවාදීන් වූ මේ කලහකරැවෝ ඒ පලාතේ හෙල්මට් නීතිය කඩමින් යතුරැ පැදිවල යන අයයි.  මෙම සිද්ධිය මාධ්‍ය යෙන් වසන් වූයේ ඇයි. 

මෙරට මුස්ලිම් වරැන් වසර දහස් ගනනකට පෙර සිටම වාසය කලාය යන්න සංඛාලේඛන මිත්‍යාවකි.  1659 නොවැම්බර් 19 වැනි දින කොට්ටියාර් හිදී රොබට් නොක්ස් ග්‍රහනයට ගන්නා විටත් ඒ පලාතේ මූවර් හෝ මහම්මදිකයන් කිසිවෙකු සිට නැත.  නොක්ස් ග්‍රහනයට ගන්නා විට මුවර් බෝට්ටුවක් මුස්ලිම් නැවියන් 40 දෙනෙක් සමග අත් අඩංගුවේ පසු වූ බව ද දැක්වෙයි. නොක්ස් සේරැවාවිල විහාරය ගැන හෝ මහවැලි ගඟ ගැන කොට්ටියාර් සිට මහනුවර දක්වා ගමනේදී කිසිවක් සඳහන් නොකරයි.  කින්නියා, කොට්ටියාර් මහවැලි ඩෙල්ටාවේ පිහිටා ඇත.  ඒ පලාතට මූතූර් කියා කී බවක් ද නොක්ස් නොකියයි. කින්නියා නමින් ගමක් ගැනද නොකියැවෙයි.  මහනුවර දක්වා ගමනේදී ගංගාවක් තරණය නොවන ලෙස නොක්ස් රැගෙන එන්නට ඇත්තේ මහවැලි ගඟට බටහිරට වන්නට විය යුතු ය.  මහවැලි නිම්නය හරහා ආවානම් නොක්ස්ට රටින් පැනයාම පහසුවන්නට තිබුණා.  මේ ගමනේදි නොක්ස් මහම්මදිකයන් ගැන කිසිවක් නොකියයි.  නොක්ස් සිය කෘතියේ XIII පරිච්ඡේදයේ දිවයිනේ වෙසෙන අන්‍ය ජාතිකයින් ගැන විස්තර කරද්දී පෘතුගීසීන්, ලන්දේසින්, මලබාර් වරැන් සහ වැද්දන් ගැන සඳහන් කරන්නේ එකල මහම්මදිකයන් නොවැදගත්,  සංඛ්‍යාවෙන් අඩු කොටසක් නිසා වන්නට ඇත.  සිය කෘතියේ IV කොටසේ  දිවයිනේ ආගම් ගැන හා අන් පරිච්ඡේදයන්හි ඇදහිලි ගැන කියද්දී පවා මුස්ලිම් ආගම ගැන නොක්ස් කිසිදු සඳහනක් නොකරයි.  මුවර් වරැන් ලන්දේසි නැවි වලට උඩ රට සිට ගවයන් මතින් භාණ්ඩ ප්‍රවාහනය කල අය බවත්, ඔවුන් ඉඩම් අයිතිකරැවන් නොවූ බවත් සඳහන් ය.

තෙවැනි ඇසකින් අපේ ඉතිහාසය ලියා තැබූ නොක්ස් ගේ සමබර වාර්තා ව බැහැර කල නොහැක. නොක්ස්ට අප ගැන සාවද්‍ය දෙයක් ලියන්නට චේතනාවක් තිබුණා විය නොහැක.

1881 මුස්ලිම් ජනගහනයත් අදට වසර 222 කට පෙර නොක්ස් කියන දේ ත් විශ්ලේෂණය කලවිට මෙරට සැලකිය යුතු මුස්ලිම් ජනගහනයක් වසර 1000 පෙර සිට ඇති බවට පැහැදිලි සාධක නොපෙනේ.  එහෙන් මෙහෙන් මුස්ලිම් වරැ කිහිප දෙනෙක් ඉන්නට ඇතත් එය ජන කොට්ඨාසයක් ලෙස සැලකිය නොහැක.   50 ට 50 ක් සිංහල ලේ කලවම්ව ඇති මුස්ලිම් වරැන් වැඩි දෙනෙක් සිංහල භාෂාව උච්චාරණයේදී ඔවුහු සිංහල නොවන බව හඳුනා ගත හැක.  ඔවුහු වසර දහස් ගනනක සිට මෙරට පැවතෙන අය නම් එසේ වීම ජානමය වශයෙන් විය නොහැක.  කබීර් හෂිම්, බාකීර් මාකර්, හකීම්, මුසම්මිල් වැනි අය සිංහල උච්චාරණයේදී මුස්ලිම් බව හඳුනාගත නොහැක්කේ ඔවුන් මෙරට වසර දහස් ගනනක සිට පැවතෙන්නන් වීම නිසා විය යුතුය.  ඇතැම් විට ඔවුහු මෙරට ශ්‍රී පාදය වන්දනාවේ පැමිණි වැදගත් පරම්පරාවලට අයත් මහම්මදිකයන් විය යුතුය. ඔවුන් ජාතිවාදී  බවින් අඩු බවක් ද දක්වයි.  වසර දහස් ගනනකට පෙර මහම්මදිකයන් කිහිප දෙනෙක් සිට ඇතත් සංඛාලේඛන වලට ඇතුලත්වීමට තරම්  වැදගත් ප්‍රමාණයක් සිටින්නට නැතැයි විශ්වාස කිරීම සාධාරණය. මහම්මදිකයන් වසර දහස් ගනනක සිට මෙහි වෙසෙනවාය යන මිත්‍යාව අපි බැහැර කල යුතුය.  සංඛාලේඛන ගතවිය යුතු තරමට මෙරට මහම්මදිකයන් පැවත එන්නේ වසර 250 ටත් වඩා අඩු කාලයක සිට යැයි විශ්වාස කිරීම වඩාත් මධ්‍යස්ථය හා සංඛ්‍යා ගෝචරය.

අරාබියේ හිකාබය ඇන්ඳේ වැලි කුණාටුවලින් මුහුණු සහ ඇස් වසාගැනීමට මිස ආගමික අදහසින් නොවේ.  හිකාබය කලු පාට වූයේ කාන්තාරයේ ඇවිදින විට ඈතට පැහැදිලිව දැක ගැනීමට අවශ්‍ය නිසා මිස ආගමකින් නියම කල නිසා නොවෙයි.  එකල පමනක් නොව අද ද අරාබිකරයේ මහල්ලන් කුඩා ළමයින් විවාහ කරගන්නා සංස්කෘතියක් ති⁣බේ.  මහල්ලෙකු තම බිරිය ලෙස ළමයෙකු සමග මහමග යද්දී සදාචාර නොවන අස්වාභාවික බවක් පෙන්නුම් කරන බැවින් වැලි කුණාටුවට පළඳින හිකාබයෙන් තම ළමා බිරිය වසා ගැනීමටත්,  පහසුවෙන් හොර ගමන් යාමටත් හිකාබය හොඳ ආයිත්තමක් වෙන්නට ඇත.  පිරිමින්ට පවා හොර අඹුවගේ නිවසට දහවල් කාලයේ වුව රිංගන්නට එකල නොව මෙකල පවා හිකාබය මෙවලමක් වූයේ මේ විකාර රෑපී හිකාබය ඇතුලේ ඉන්නේ ගැහැණියක්ද, පිරිමියෙක් ද, හොරෙක්ද, ත්‍රස්තවාදියෙක්ද යන්න දැක බලාගත නොහැකි වීමත්, හිකාබය උස්සා පරීක්ෂා කිරීම නොහොබිනා නිසාත් ය.

බෙල්ජියම 2015 සිට පැනවූ මුහුණු ආවරණ තහනම 2017 ජූලි 11 දින යුරෝපා මානව හිමිකම් උසාවියෙන් තහවුරැ කලා.  මෙම නීතිය පැනවූවේ ඉස්ලාම් බුර්කාව කියා නොව පොදුවේ හඳුනාගැනීමට අවහිරවන  මුහුණු ආවරණ පැළඳීම තහනම් යනුවෙනි.

ඕස්ට්‍රියානු පාර්ලිමේන්තුව 2017 දී මුස්ලිම් මුහුණු ආවරණ තහනම් කලා.  බල්ගේරියාව 2016 දී ඉස්ලාමීය මුහුණු ආවරණ ප්‍රසිද්ධ ස්ථානවල පැළඳීම තහනම් කල අතර, කොසොවෝ රාජ්‍යය 2009 දී ද, ඩෙන්මාර්කය 2017 දී හඳුනාගැනීමට බාධාවන මුහුණු ආවරණ පැළදීම ද, එම වරදට පළමු වර ඩොලර් 156 ක් ද නැවත කලහොත් ඩොලර් 1560 දඩයක් ද පනවා ඇත. ජර්මනිය 2017 වසරේ සිය රාජ්‍ය සේවකයින්ට සහ සොල්දාදුවන් ට මුහුණ ආවරණ පැළඳීම ද, ලැට්වියාව 2016 දී ද, 2012 දී නෙදර්ලන්තය ද නිකාබය තහනම් කලා. හඳුනා ගැනීම අපහසුවන පලඳනා තහනම නෝර්වේ රාජ්‍ය 2017 දී සම්මත කලා. සේවාස්ථ කාන්තාවන් ට බුර්කාව හෝ නිකාබ තහනම 2018 දී ඇල්ජිරියාව පැනවූවා. මැලේසියානු සුප්‍රිම් උසාවිය එරට රාජ්‍ය ආයතන තුල නිකාබය තහනමට විරැද්ධ නඩු විභාගයකදී තීන්දු කලේ ඉස්ලාම් දහම කාන්තාවගේ මුහුණ වසාගැනීම අනීවාර්ය කොට නොමැති බැවින් නිකාබ තහනම ආගමිකව නිදහසට අදාල නොමැති බවයි.  මොරොක්කෝව 2017 දී බුර්කාව නිපදවීමත්, ගබඩා කර තබාගැනීමත්, වෙළඳාමත් තහනම් කලා. 93% මෙරොක්කෝවේ ජනතාව මුස්ලිම් වන වා ද හැර ඉස්ලාමය එහි ව්‍යවස්ථාගත රාජ්‍ය ආගමද වන්නේය.

2015 ජූලි 12 දින බුර්කාව පැළඳි කාන්තාවන් දෙදෙනෙකු බෝම්බයක් පුපුරුවා ගැනීමෙන් 13 දෙනෙකු මිය යාම නිසා කැමරෑන් රාජ්‍ය ය බුර්කාව තහනම් කලා.

කොංගෝව, ගැබෝන්, චීනය යන රටවල්ද බුර්කාව තහනම් කලා.

ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 72.3 වගන්තියේ මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන කුලුණු (Minerats) ඉදිකිරීම තහනම් බව සඳහන්ව ඇත.  ස්විස් සුප්‍රිම් උසාවියෙන් මෙම තහනම ආගමික නිදහසට පටහැනි බවට ආඥාවක් නිකුත් නරනු ලැබූවද එරට ජනතා පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවට බැවින් සුප්‍රිම් උසාවි තීරණයට අවනත නොවුනු ස්විස් ජනතාව පෙත්සමකට අත්සන් 100,000 ලබාගෙන ජනමත විචාරනයකට රජයට නියෝග කර 2009 නොවැම්බර් 29 දින පැවැති ජන මත විචාරණයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාව විසින් ම වෙනස් කොට මෙම ආගමික කුඵණු තහනම ව්‍යවස්ථා ගත කලා.

ස්විට්සර්ලන්ත ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනතාව ස්වකීය පරමාධිපත්‍යය බලය පාවිච්චිකර නිතර නිතර ජනමතවිචාරන පවත්වා රජයේ තීරණ වෙනස් කරනවා පමනක් නොවෙයි ඇතැම්විට සුප්‍රිම් උසාවි ආඥාාවන්ට පවා බලපෑම් කරනවා.  ස්විට්සර්ලන්ත ජනමතවිචාරන සංස්කෘතිය 13 වැනි සිය වස දක්වා ඈතට වි⁣හිදෙන අතර එරටේ ලිබරල් අන්තවාදය, අන්තවාදී ප්‍රජාතන්ත්‍රවාදය හෝ අන්තවාදී ආගමෝන් මාදයක් ද නැත.  සෘජු ප්‍රජාතන්ත්‍රවාදය (Direct Democracy) ස්විට්සර්ලන්තයේt හරයයි.

මානව හිමිකම්, ආගමික නිදහස, මූලික අයිතිවාසිකම්, සංස්කෘතික  වපසරියට හසු නොවන ලෙස බුර්කාව අනියම් අයුරින් තහනමට කටයුතු කර ඇත්තේ “හඳුනාගැනීමට අපහසු වන ලෙස මුහුණු ආවරණ පැළඳීම තහනම්” යනුවෙන් සඳහන් කිරීමෙනි.  එවිට ආගමොන්මාදයෙන් ගිලන්ව ඇති අයටද, ලිබරල් අන්තවාදීන් ටද අසතුටු විය නොහැක.

ඇස් දෙක මුහුනේ පිහිටා ඇත්තේ ආරක්ෂා වට ය.  ඊට යටින් මුඛය පිහිටා ඇත්තේ කටට දමා ගන්නා යමක් හඳුනා ගැනීමට ත්,  කථා කිරීමටත්, සුහදතා සහ මනුස්සකම පෙන්වීමට සිනා සීමටත් ය.  සිනාසීමට හැක්කේ මිනිසාටම පමණි.  කථා කල හැක්කේද මිනිසාට පමණි.  දෙවියන් වහන්සේ මිනිසාට පමනක් සිනහව දී ඇත්තේ මානව සබඳතා හා මිත්‍රත්වයත් එමගින් සාමයත් උදාවට මිස සිනහව හිකාබයෙන් වසාගැනීමට නොවේ.  හිකාබයෙන් හැංඟී “සලාම් අ⁣ලෛකුම්” කිව්වත් වැඩක් නැත.  මේ බව සියලු මුස්ලිම් වරැනටත් වඩා “අන්ත අසරණ භාවයට පත් මෙරට සුලු ජනතාව” යැයි ජනප්‍රිය විශේෂන පද පාවිච්චි කරන මෙරට ලිබරල් අන්තවාදීන් ද සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී න් ද කල්පනා කලයුතු ය. 

විජය උඳුපිටිය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress