කොවිඩ්-19 වසංගතයෙන් රටට හා ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරමින් අගමැතිතුමාගේ මඟපෙන්වීම යටතේ දිවයින පුරා හින්දු කෝවිල්වල විශේෂ පූජාවක්
Posted on November 1st, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු  අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ ප්‍රකාරව හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් කොරෝනා වෛරසයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිවයින පුරා හින්දු කෝවිල්වල විශේෂ පූජාවක් පවත්වන ලෙස ඉල්ලීමක් කර තිබේ.

විශේෂයෙන් මෙහිදී කෝවිල්වල සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් මෙම විශේෂ පූජාව සහ හෝමය  පවත්වන ලෙස ඉල්ලා ඇත.

දිවයිනපුරා සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වීමට නියමිත මෙම විශේෂ පූජාව දිනපතා පෙ.ව 6.30 ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දෙමළ සේවයේ ‘කෝවිල් දර්ශම්’ වැඩසටහනේ විකාශනය කිරීමට ද සංවිධානය කර තිබේ.

One Response to “කොවිඩ්-19 වසංගතයෙන් රටට හා ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරමින් අගමැතිතුමාගේ මඟපෙන්වීම යටතේ දිවයින පුරා හින්දු කෝවිල්වල විශේෂ පූජාවක්”

  1. aloy Says:

    I have to reluctantly ask the question as to whether SL is a Sinhala Buddhist country?.

    As I know, all sorts of other practices are there in other religions like killings and making sacrifices etc. We do not want the thinking of our Buddhist leaders to get warped and corrupted with these ideas.

    If they want to perform religious events to bless the country it should be perfectly all right, but not with state sponsorship, to my mind.

    Couple of days before the Pasku Praharaya our former Prez was seen in an Indian kovil. Was he advised by someone to do that?.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress