බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් මෙහෙයුම් කමිටු රැස්වීම
Posted on November 5th, 2020

A.J.M. Muzammil Media Unit 

බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් වසංගතය පාලනය කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.

මෙහිදී කෝවිඩ් වසංගත තත්වයත් සමග නිවෙස්වල නිරෝධායනය වන ජනතාවට ආහාර පාන ලබාදීම ගැන වැඩි අවධානය යොමු විය.

එමෙන්ම හදිසි තත්ත්ව වලට මූණ දීමට ඇති රෝහල් පහසුකම්, කොරෝනා වසංගත තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් හා අනුගමනය කලයුතු පිළිවෙත් පිලිබද ජනතාව දැනුවත් කිරීම, ජීවන උපාය සංවර්ධන වැඩසටහන් යටතේ ආරම්භ කර ඇති ගෙවතු වගාව වැඩසටහනේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි.

මෙම අවස්ථාවට අමාත්‍ය තේනුක විදානගමගේ මැතිතුමා, බදුල්ල දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා, චාමර සම්පත් දසනායක මහතා, සෙන්දිල් තොන්ඩමාන්  මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාරවර ලේකම්, විශේෂඥ වෛද්‍යවරුන්, නියෝජ්‍ය පොලිස්පතිතුමන්, සෞඛ්‍ය අංශයේ අදාළ නිලධාරීන් සහභාගී විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress