පවතින වසංගත තත්වය හමුවේ පාසල් හරහා මාර්ගගත :Online ක්‍රමයට ඉගැන්වීම් සිදු කිරීම හේතුවෙන් බහුතර සිසු දරුවන්ට අසාධාරණයක් සිදුවීම සම්බන්ධව.
Posted on November 8th, 2020

ලංකා ගුරු සේවා සංගමය.

ගරු අධ්‍යාපන අමාත්‍ය,
ජී.එල්. පිරීස් මහතා,
අධ්‍යාපන අමාත්‍යංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

අමාත්‍යතුමනි,

පවතින වසංගත තත්වය හමුවේ පාසල් හරහා මාර්ගගත :Online
ක්‍රමයට ඉගැන්වීම් සිදු කිරීම හේතුවෙන් බහුතර සිසු දරුවන්ට
අසාධාරණයක් සිදුවීම සම්බන්ධව.

රට තුළ පවතින වසංගත තත්වය හමුවේ වරින්වර පාසල් වසා දැමීමට සිදු වීම තුළ සිසු දරුවන්ගේ පාසල් අධ්‍යාපනය අඩපණ වීම හා විෂය අධ්‍යාපන කටයුතු ම`ග හැරීම දිගින් දිගටම සිදු වෙමින් පවති.

මෙයට විකල්පයක් ලෙස පහසුකම් ඇති සීමිත පාසල් කිහිපයක් ඉගැන්වීම් කටයුතු ස`දහා මාර්ගගත :දබකසබැ- ක්‍රමය භාවිතා කරමින් සිටි.

එසේ වුවද මෙම පාසල්වල දරුවන් ද මෙම ක්‍රමය හා සම්බන්ධවන්නේ සීමිත අවස්්ථාවන් හා සීමිත දරුවන් සංඛ්‍යාවන්ගෙන් බව පැහැදිලි වී තිබේ.

මෙයට හේතුව බොහෝ දරුවන්ගේ දෙමාපියන්ට දබකසබැ ක්‍රමයට ඉගෙනීමට අවශ්‍ය තාක්ෂණික උපාංග නොමැතිවීම හා අන්තර්ජාල පහසුකම් සපයා ගත නොහැකි වීමයි. තවද එක් නිවසක දරුවන් කිහිපදෙනෙකු සිටින අවස්ථා ඇති බැවින් දෙමාපියන් සතු සීමිත තාක්ෂණික පහසුකම් දරුවන් සියල්ලගේ අවශ්‍යතාවයට සරිලන ලෙස ලබා දීමට නොහැකි වීම ද ගැට`ඵවකි.

මෙරටේ අතිබහුතරයක් දෙමාපියන් ඉතා අවම ආර්ථීක හැකියාවන් සහිතව ජීවත් වන බැවින් එම දෙමාපියන්ට තම දරුවන්ට දබකසබැ ඉගෙනීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සපයා දීමේ හැකියාවක් නොමැත.

එසේම ඉහත තාක්ෂණික පහසුකම් යම් මට්ටමකට සපයා දිය හැකි දෙමාපියන් ද රටේ පවතින වත්මන් තත්වය හමුවේ තම ආදායම් මාර්ග අහිමි වී තිබිම හේතුවෙන් එකී පහසුකම් තම දරුවන්ට සපයා දීමට නොහැකි තත්වයට පත්ව සිටිති.

මේ හේතුවෙන් දබකසබැ අධ්‍යාපනයට මෙරටේ බහුතර සිසු දරුවන්ට අවස්ථා අහිමිවීමෙන් එකී දරුවන් ද ඔවුන්ගේ දෙමාපියන් ද දැඩි අසරණභාවයකට පත්ව සිටිති.

පහසුකම් සහිත සීමිත පාසල් සංඛ්‍යාවක් හා එකී පාසල්වල සීමිත පහසුකම් සහිත සු`ඵතරයක් වු දෙමාපියන්ගේ දරුවන් පමණක් මෙම දබකසබැ ක්‍රමය හරහා පාසල මගින් ද උපකාරක පන්ති ගුරුවරුන් මගින් ද ඉගෙනුම් කටයුතු කරද්දී රටේ අතිබහුතරයක් සිසු දරුවන්ට පොදු විකල්ප ඉගෙනුම් – ඉගැන්වීම් මාධ්‍යයක් සකසා දීමට අධ්‍යාපන අමාත්‍යංශය අපොහොසත් වීම ඉතාම කනගාටුදායක බව පෙන්වා දෙන්නෙමු.

පාසල්වල දබකසබැ ක්‍රමයට ඉගැන්වීම් හේතුවෙන් එකී ඉගෙනුම් අවස්ථා තම දරුවනට අහිමි වීම පිළිබදව එම දෙමාපියන් අප සංගමය වෙත ද කරුණු ඉදිරිපත් කරමින් සිටිති. ඔවුන් ඉදිරිපත් කරන කරුණු ද සැලකිල්ලට ගනිමින් සාධාරණ හා පොදු විකල්ප ඉගෙනුම් - ඉගැන්වීම් වැඩසටහනක් සදහා අප සංගමය පහත කරුණු ඔබ වෙත යොමු කර සිටිමු.

01ග අධ්‍යාපන අමාත්‍යංශයේ මුලිකත්වයෙන් හා මෙහෙයවීමෙන් ජාතික අධ්‍යාපන ආයතනය, විශ්වවිද්‍යාල හා පාසල් ගුරුවරුන්ගේ සම්පත් දායකත්වයෙන් ගුවන් විදුලි හා රූපවාහිනි නාලිකා හරහා විකාශය කිරීමට හැකි පොදු අධ්‍යාපන වැඩසටහන් මාලාවක් සැකසීම.

02ග එකී වැඩසටහන් මාලාව විකාශයට ජාතික ගුවන්විදුලිය, ජාතික රූපවාහිනිය හා පෞද්ගලික ගුවන්විදුලි මෙන්ම රූපවාහිනි නාලිකාවලින් සුදුසු විකාශන කාලයක් ලබා ගැනීම.

03ග විධිමත් සැලැස්මකට හා කාලසටහනකට අනුව දරුවන්ගේ මනසට ගැලපෙන ආකාරයට විකාශන කාලයක් ලබා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුය.

04ග මෙරටේ පවතින ගුවන්විදුලි හා රූපවාහිනි ඇතු`ඵ සියලූ සම්ප්‍රේෂණ මාර්ගවල පරම අයිතිය ජනතාව සතුවන බැවින් මෙවැනි අවස්ථාවක රටේ දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් පෞද්ගලික ගුවන්විදුලි හා රූපවාහිනි නාලිකාවලට ද අත්නොහැරිය හැකි වගකීමක් ඇති බව ද පෙන්වා දෙමු.

05ග එබැවින් සියලූම ගුවන්විදුලි හා රූපවාහිනි නාලිකාවලින් ප්‍රමාණවත් විකාශන කාලයක් ලබා ගනිමින් මෙම පොදු අධ්‍යාපන වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට රජයේ පූර්ණ මැදිහත්වීම සිදුවිය යුතුය.

මේ ස`දහා ලංකා ගුරු සේවා සංගමය ලෙස අපගේ පූර්ණ සහය හා දායකත්වය සැපයීමට සුදානමින් සිටින බව දන්වා සිටින අතර ඉහත කරුණු ද සැලකිල්ලට ගනිමින් මෙරටේ සියලූ සිසු දරුවන්ට සාධාරණ විකල්ප අධ්‍යාපන අවස්ථාවක් සලසා දිය හැකි ලෙස කටයුතු කරන ලෙස ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ,
ප්‍රධාන ලේකම්,
ලංකා ගුරු සේවා සංගමය.

පිටපත් – 01. ලේකම් – අධ්‍යාපන අමාත්‍යංශය

One Response to “පවතින වසංගත තත්වය හමුවේ පාසල් හරහා මාර්ගගත :Online ක්‍රමයට ඉගැන්වීම් සිදු කිරීම හේතුවෙන් බහුතර සිසු දරුවන්ට අසාධාරණයක් සිදුවීම සම්බන්ධව.”

  1. aloy Says:

    By the time the authorities do 1-5 mentioned above the caravan may have passed, that is the pandemic may be over. What is happening is a natural selection process which is survival of the fittest or the elimination of sick and elderly. My own children did not go to school for many years when I was working abroad, but they are today medical specialist in developed countries.

    But the preset set of politicos make use of the pandemic to deprive the rights of very people who brought them to power by selling the assets of the country. And there is nobody to stop it. Therefore the priority should be to stop that by unions like yours. Once it is gone it will be very difficult to take it back.

    We lost our ports and entire country to foreigners for five centuries, little by little in much the same way as is happening today

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress