කොවිඞ්-19 වසංගතයේ බලපෑමට ලක්ව සිටින ඇඟළුම් ක්ෂෙත‍්‍රයේ සහ අපනයන සේවක ක්ෂෙත‍්‍රයේ සේවක සේවිකාවන් සඳහා නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ඒකාබද්ධ ඇඟළුම් කර්මාන්තශාලා හිමියන්ගේ සංසදයට ඉදිරිපත් කරන ලද ඉල්ලීම්
Posted on November 10th, 2020

General Services Employees Union


කොවිඞ්-19 වසංගතය සඳහා යෝජිත ප‍්‍රතිචාර
සේවක පක්ෂයේ සහ සේව්‍ය පක්ෂයේ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ද්විපාර්ශවික සෞඛ්‍ය කමිටු ආයතන මට්ටමින් පිහිටුවීම සහ එමගින් සෞඛ්‍ය විධිවිධාන ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව නිතිපතා විමර්ශනය කිරීම සහ ඒ පිළිබඳව ඇඟළුම් කර්මාන්තශාලා හිමියන්ගේ සංසදය විසින් පිහිටුවනු ලබන ජාතික ද්විපාර්ශවික සෞඛ්‍ය කමිටුවට වාර්ථා කිරීම මෙම සෞඛ්‍ය කමිටුව විසින් පහත දැක්වෙන විධිවිධාන විමර්ශනය කරනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය විධිවිධාන සහ උපදෙස් අකුරටම ක‍්‍රියාත්මක කිරීම කොන්ත‍්‍රාත් සේවකයින් ද ඇතුළුව සියළුම සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කිරීම සහ ඒ සඳහා වැයවන මුදල් සේවා යෝජක විසින් දැරීම සෑම ආයතනයක් විසින්ම නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සහ සෑහීමකට පත්විය හැකි ප‍්‍රමිතියකින් යුතුව සියළු පහසුකම් සහිතව එම මධ්‍යස්ථාන පවත්වාගෙන යාම

නිෂ්පාදකයින්ගේ සංගමය විසින් නඩත්තු කරනු ලබන රෝහල් නිදහස් වෙළඳ කලාප සහ කාර්මික පුරවල පිහිටුවීම

තම ඥාතීන්ට දැන ගැනීමට හැකිවන පරිදි කොවිඞ්-19 ආසාදිතයින් සහ ආශ‍්‍රිතයින් පිළිබඳව ඔවුන්ගේ කැමැත්ත මත විද්‍යුත් දත්ත පවත්වාගෙන යාම
කිසියම් ආයතනයක සේවකයින් නිරෝධායන මධ්‍යස්ථානවලට හෝ රජයේ රෝහල්වලට ප‍්‍රවාහනය කිරීමේ කටයුතු මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සෞඛ්‍ය සේවකයින් විසින් සිදු කිරීම

පරීක්ෂණවල වාර්ථාවන් ලැබෙන තෙක් පරීක්ෂණයට භාජනය කළ සේවකයින් අනෙකුත් සේවකයින්ගෙන් වෙන්කර තැබීම සඳහා හුදකලා මධ්‍යස්ථාන තිබිය යුතු අතර ඒවා සඳහා සියළු පහසුකම් සේවා යෝජක සමාගම් විසින් ලබාදිය යුතුය

තම ගම්බිම්වලට යාමෙන් වසංගතය පැතිරීමට ඇති ඉඩකඩ නිසා නේවාසිකාගාරවල නැවතීමට සිදුවී ඇති සේවකයින් සඳහා දිනකට ආහාර වෙල් 03 ක් සේවා යෝජක සමාගම් විසින් ලබාදිය යුතුය. අවසන් වරට සේවය ලබාගත් සේවා යෝජක සමාගම් මෙළෙස නේවාසිකව සිටින කොන්ත‍්‍රාත් සේවකයින්ට ද එම පහසුකම් ලබාදිය යුතුව ඇත.

ඇඳිරිනීතිය, ප‍්‍රදේශ වසාදැමීම්, තාවකාලිකව කර්මාන්තශාලා වසාදැමීම් යන හේතූන් මත සේවයට වාර්ථා කිරීමට නොහැකි වන ඔවුන්ගේ වැටුප් සහ අනෙකුත් දීමනා ගෙවිය යුතුය

සෑම නේවාසිකාගාරයක්ම ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් විශබීජහරණය කළයුතු අතර අත් සේදීමේ සහ විෂබීජනාශක දියර සහිත සෞඛ්‍ය කට්ටල සෑම නේවාසිකාගාරයකටම ලබාදිය යුතුය. සෑම නේවාසිකාගාරයකම සෞඛ්‍ය කමිටු පිහිටවිය යුතු අතර එම නේවාසිකාගාරවල තත්ත්වය පිළිබඳව ප‍්‍රධාන ද්වි පාක්ෂික සෞඛ්‍ය කමිටුවට වාර්ථා කිරීම සමහර සේවකයින් සේවයට වාර්ථා නොකර සිටියදී සේවයට වාර්ථා කරනු ලබන සේවකයින් හට වසංගත අවදානම් දීමනාවක් ලෙස දිනකට රු. 250/= ක දීමනාවක් ගෙවීම රෝහල්ගතවී හෝ නිරෝධායන මධ්‍යස්ථානවල හෝ නේවාසිකාගාරවල සිටීමට සිදුවී ඇති සේවකයින් හට ඔවුන්ට අහිමිවූ ආදායම පියවීම සඳහා දිනකට රු. 350/= ක දීමනාවක් ගෙවීම

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress