අග්‍රාමාත්‍යතුමා මානෙල්වත්ත විහාරස්ථානය වැඳ පුදා ගනී
Posted on November 18th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කැළණිය, බෝල්ලෑගල, මානෙල්වත්ත විහාරස්ථානයේ විහාරාධිපති තායිවානයේ ප්‍රධාන සංඝනායක බෞද්ධ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියෝ බැහැ දැකීමට අද 2020.11.18 දින විහාරස්ථානයට ගිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේය.

ආගමික වතාවත් වලින් අනතුරුව පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාගේ ජන්ම දිනයට සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද එක් කළහ.

පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය සමඟින් සුහඳ කතා බහක නිරත වූ අග්‍රාමාත්‍යතුමා ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් ගැන පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාට අනුශාසනා කළ අතර අග්‍රාමාත්‍යතුමාට සමරු සිහිවටනයක් ප්‍රදානය කළහ.

මෙම අවස්ථාව සඳහා  අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ, නිමල් ලන්සා මහත්වරු ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress