ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනා- 1 කොටස
Posted on November 22nd, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

ලේකම්
ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදක විද්‌වත් කමිටුව
කොළඹ

ජනතාවට සතුට (හැපිනස්) ගෙන දීමට අසමත් ව්‍යවස්ථා කන්නද?

අභියෝගය (Tragedy of the commons)

ධනවාදී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියට අනුව නීතිඥයින් විසින් සදාදී, අවුරුදු 73 ක් පුරාම ක්‍රියාත්මක‌වූ, ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වල ආනිසංශ මොනවාද? (1) රටේ පවුල් ලක්‍ෂ 54 න් 18 ක්ම, එනම් ජනගහණයෙන් තුනෙන් එකක්, සමෘධි ලාභීන්‌ය. (2) එක අතකින් රට කැබලිවී යාමේ දමිළ ඊළම් වාදයත්, අනිත් අතින් මෑතකදී එලිදරව්වූ අන්දමට, යසාර් අර්ෆත් හා ගඩාෆි විසින් නිලවශයෙන් ප්‍රකාශකල ගර්‌භාශ හීතල යුද්‌ධය හා රට පුරා විසිරි පවතින ශාරියා බලකොටු ගම් (බණ්ඩාරගම අසල අටළුගම වැනි) හරහා සිංහලේ රට ඉස්ලාම් මූලධ‌ර්‍මවාදී රජ්‍යයක් කිරීමේත් තර්‌ජන දෙකය (මේ දෙකම පිටුපස විදේශ බලවේග සිටී). (3) ‌පක්‍ෂ දේශපාලකයින් විසින් විදේශ ණය උගුලක හිරකර ඇති රටකි. (4) හිරි ඔත්තප නැති, අශීලාචාර, දූෂිත, කොසොල් රජතුමාගේ සීන දාසැය සැබෑ කරන්නාවූ සමාජයකි. අමු මාළු ප්‍රසිද්‌ධියේ කන වර්‌ගයේ මන්ත්‍රී පංචස්කන්‌ධ ඉන්නා පාර්ලිමේන්තුවකි. (5) රට ගැන නොසිතා තමන් ගැන සිතා දිගුකාලීන ප්ලෑන් රහිතව කල මෙග ප්‍රොජෙක්ට් නිසා අමාරුවේ වැටී සිටිනා රටකි. (6) රටේ ඉඩම් හා සම්පත් විදේශිකයින්ට කුණුකොල්ලෙට විකුණා දමන පාලක කළුසුද්දන්ගේ රටකි.

මෙසේ මුළු රටම වෙලාගෙන ඇත්තේ <ට්‍රැජඩි ඔෆ් ද කොමොන්ස්> නම් මානසික මාෆියාවෙනි. මෙහිලා භයානක උදාහරණයක් දෙකක් දෙතොත්, ජලය කාන්‌දු වන හුණුගල් පාෂාණ උඩ ඇති යෝධ වික්ටෝරියා ජලාශය, වෙනුවට ජලාශ කීපයක් සැදිය යුතුව තිබුණි. පාර්ලිමේන්තුව දියවන්නා වඟුරක සෑදීමෙන් කොළඹ හත පවා ජලයෙන් යටවන්නේය. හම්බන්තොට වරාය සැදිය යුතුව තිබුණේ අදියර කීපයකින් හෙමින් සැරේය. මහපාරේ කෙළ ගැසීමේ, නිවසේ තාප්පෙට උඩින් පාරට කුණු විසිකිරීමේ සිට ප්‍රොජෙක්ට් වලින් කොමිස් ගැනීම ද‌ක්‌වා, ජනාධිපති ලේකම්ගේ සිට ග්‍රාම සේවා නිලධාරී, කසල එකතුකරන්නා දක්‌වා, සෑම දේශපාලකයා, හැම වැසියාම, තම තමන්ට අද ගත හැකි වාසියට, හෙට රටට වන විනාශය ගැන නොතකා රටේ භෞතික, සමාජීය, ආර්‌ථික, දේශපාලන, සංස්කෘතික පොදු සම්පත් සූරා කමින් සිටී. දිනකට විශාල වියදමක් දරමින් පවත්‌වාගෙන යන පාර්ලිමේන්තුවේ සීනුව විපක්‍ෂය හැසිරෙන හැපිචෝල්, කඩාකප්පල් ආකාරය මේ ට්‍රැජඩියට හොඳම නිදසුනකි.

මෙවැනි පසුබිමක් යටතේ, මෙවර මෙම 2020 ව්‍යවස්ථා ව්‍යායාමය, රටේ ව්‍යවස්ථාමීය විප්ලවයක් සිදුකරාවිය යන්න 69 ලක්‍ෂයට අමතර ලක්‍ෂ වලද බලාපොරොත්තුවය. නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ යෝජිත ව්‍යවස්ථාව වෙනුවට, එහි ධනාත්මක කරුණු වලට අවධානය යොමුකරමින්, ඊට කිට්ටුවෙන් යන දෙයක්‌ය. බලය විමධ්‍යගත කිරීම මඟින් ජනතාව බිම් මට්ටමින් බලගැන්‌වීම සඳහා <අවුට් ඔෆ් ද බොක්ස්> මගක් ගැනීමට මෙවරවත් අවංක උත්සාහයක් ගත්තොත් ඉන් ලබාගත හැකි ප්‍රතිඵල බොහෝය. 1815 දී සිට නැතිවුණ සිංහල බෞද්‌ධ අයිතිවාසිකම් වලට ඉඩ සළසන ව්‍යවස්ථාවක්‌ය. ඉන් අදහස් කරණුයේ බෞද්‌ධ මධ්‍යම ප්‍රතිපදාවක් (රීසනබල්නස්) පමණය. මහාචාර්ය මලලසේකර මහතා එය පෙන්‌වා දුන්නේ මෙසේය:

‭The Buddhists wish—and quite rightly—that in this country where they form 70 percent of the population, Buddhism should be recognized as the predominant religion of the people. In the rest of the world, Ceylon is regarded as essentially a Buddhist country, and they want this claim established here as well…They will not be content to remain in the position of inferiority to which they have been reduced by 450 years of foreign occupation… They have no desire to make Buddhism the State religion—in spite of the cry raised by self-seeking politicians— but they want the State to help them rehabilitate themselves and undo some, at least, of the injustices perpetrated against them during the days of their subjection.”

(quoted from‭ ‬a speech by Professor Gunapala‭ ‬Malalasekera,‭ ‬President of ACBC reproduced in Times of Ceylon,‭ ‬January‭ ‬15,‭ ‬1956,‭ ‬and‭ ‬ referenced on page‭ ‬196‭ ‬of the book,‭ ‬Ceylon:‭ ‬Dilemmas of a New Nation,‭” ‬ by W.‭ ‬H.‭ ‬Wriggins,‭ ‬Princeton Univ.‭ ‬Press,‭
1960‭)

හැඳින්‌වීම

(අ) දුක – දුකට හේතුව

*1. මේ නිසා මෙම යෝජනා ඉදිරිපත් කරන්නේ මූලික වශයෙන් ඔබගේ දැන්‌වීමේ අංක 2 (එච්) සම්බන්‌ධයෙනි. මෙහිදී බලය විමධ්‍යගත කිරීම සමඟම, බලය බෙදාහැරීමක්/වෙන්කිරීමක් ගැනද සඳහන් කිරීම අයෝග්‍ය වන්නේ, ඒ අදහස් දෙකොටස අතර පරස්පර නොගැලපීමක් ඇති නිසාය. මේ අදහස් පටලවා මහජනයා නොමඟ හැරීමේ උත්‌සාහයක නියැලෙන රාජ්‍ය නොවන සංවිධාන සිටින නිසාය. ඒ කාලයේ, රොබට් බ්ලේක්, හිලරි ක්‌ලින්ටන්, මන් මෝහන් සිං, බැන්කි මූන් යන අයත්, දැන් මෝඩි තනියමත්, <මීනින්ෆුල් ඩෙවොලුෂන්> වෙනුවෙන් බලපෑම් කරන්නේ, මියගිය අනුර බණ්ඩාරනායකගේ හා නොමළත් මළ රනිල් ගේ සිට, දැන් දයාන් ජයතිලක, කුමාර් ඩේවිඩ් ප්‍රමුඛ, <මේ යුද්‌ධය නම් කවරදාවත්ම දිණන්න බෑ> කියූ පිරිසද අනුමත කල <13-ඒ ප්ලස්>, හෙවත් ඉඩම් හා පොලිස් බලතලද පලාත් සභාවලට දීමය. එහෙත්, 13-ඒ <මයිනස්?> යටතේ දැනටමත් රට පෙඩරල් කර තිබියදීත්, තමන් ඉල්ලන්නේ, <මධ්‍යම රජයට යළි ආපසු ගන්නට බැරි ආකාරයේ බලය බෙදාදීමක්> යන සුමන්තිරන්ලාගේ මස් රාත්තලේ ප්‍රකාශ, බලය බෙදාහැරීම/වෙන්කිරීම යනු ඉක්මණින් හෝ ප්‍රමාදව හෝ ඊළමට පාර කපාදීමේ යටි අරමුණ සහිත උත්සාහ නොවේද කියා සිතා බැලිය යුතුය. එය ඩොනල්ඩ් හොරොවිටිස් අවතාරයය.

දුක නැති කිරීම

*2. දැනට <වලදමා ඇති එහෙත් නොමළ>, 2000 චන්ද්‍රිකා පැකේජ් ඩීල් අවසාන කෙටුම්පත, 2006 ඒ.පී.ආර්.සී. තිස්ස විතාරණ මැජෝරිටි වාර්‌තාව, 2011 උගත් පාඩම් හා සංහිඳියා කොමිෂන් වාර්‌තාව, 2019 යහපාලන ඔරුමිත්තනාඩු යන නිලවශයෙන් අයිතිකරුවෙක් ඉදිරිපත් නොවූ කෙටුම්පත, යන මේවා දෙස, ඔබගේ කමිටුව විසින් අවධානය යොමුකොලොත්, 2019 හා 2020 මැතිවරණ ප්‍රතිපල වලට අනුකූලවන එකම වාර්‌තාව 2006 විතාරණ මයිනෝරිටි වාර්තාව පමණක් බව වැටහෙනු ඇත. උගත් පාඩම් කොමිෂම, බිම් මට්ටමින් ජනයා බල ගැන්‌වීම (ජන සභා) ගැන සඳහන් කලත්, ඒ සඳහා ක්‍රමයක් යෝජනා කිරීමට ඔවුන්ගේ <යුරෝසෙන්ට්‍රික්> මනස්‌වලට නොහැකිවිය. අනිත් අතට ඔරුමිත්තනාඩු කාරයින් කලේ එම ජන සභා සංකල්පය බොරුවට පුම්බමින් කෙලසීමක් පමණය.

(ආ) ප්‍රධාන යෝජනාව හෙවත් දුක නැති කිරීමේ මඟ(ක්)

*3. රටේ පහලම සිවිල් පරිපාලන ඒකකය වන ග්‍රාම නිලධාරී සේවක වසම්, ස්වභාවික මායිම් සහිත (නැචුරල්) ඒකක වනසේ, භූගෝල විද්‍යා-භූජල විද්‍යා-පරිසර විද්‍යා (ජෝග්‍රෆි, ජියෝහයිඩ්‍රොලොජි, ඉකොලොජි) නිර්‌ණායක අනුව අළුතින් ප්‍රතිසංවිධානය කල යුතුය. කුඩා දූපත් දෙකක් වන නිව්සීලන්තයේද එරට ව්‍යවස්ථාවෙන් නියෝග කර ඇති අන්‌දමටම ලංකාවේදීද මෙය ව්‍යවස්ථාගත කල යුතුය. මෙම යෝජනාවෙන්, එක ගලකින් කුරුල්ලන් රැසක් බිම දමන ආකාරයේ, දැනට රටේ පවතින පක්‍ෂ දේශපාලකයින් විසින්ම පටලවා ගත් අන්තෝජටා-බහිජටා අර්බුද බොහොමයකටම විසඳුම් සපයන්නේය.

==================

(ඇ) මෙම යෝජනාවට හේතු/ව (නොහොත් පක්‍ෂ දේශපාලකයින්ගේ අතීත, අනිසි තීරණ නිවැරදි කිරීම)

‘you cannot legislate against geography’- Sir Wilfrid Laurier, Ulric Barthe, Canada (1890)

*4. 1833 දී කෝල්බ්‍ර‌ෑක් කොමිෂම විසින් රට පලාත් පහකට බෙදුවේ, යටත් විජිත සූරාකෑමේදීද, ඕනෑ නම්, බොහෝ දෙනා අදටත් මහ උජාරුවෙන් කතාකරණා ලිබරල් වාදය යොදාගත හැකිය යන හිඩැස අනුවය (ලිබරල් වාදයේද අන්තවාදයක් ඇත). ඔහුගේ එක අරමුණක් වූයේ 1818 කැරැල්ලට පසුව, උඩරට රදලයින්ගේ දල බිඳීමය. අනික, ආදායම් එකතුකර ගන්නා ඒකක සැදීමය. මෙම දෙවන උවමනාව අනුව දිගටම යමින් ලංකාව පලාත් නමයකට බෙදන ලදී. එහෙත් 1931 න් පසුව හෝ 1948 න් පසුව, තබා දැන් 2020 දී වත්, රටේ භූගෝල විද්‍යාවට හා ඉතිහාසයට පටහැනි මෙම භූමිය බෙදීමේ සූත්‍රය වෙනස් කිරීමට කට අරින දේශපාලකයෙක් තබා <විද්‌වතෙක්>වත් සොයා ගැනීම දුෂ්කරය. ලඟදී බොරුවට හෝ එසේ කිව්වේ ජනාධිපති සිරිසේන පමණය. මේ පිළිඹඳව ලියූ එකම පරිපාලන සේවා නිලධාරියාවූයේ, භූගෝල විද්‍යා උපාධිධාරියෙකුවූ, වී. කේ, නානායක්කාරය. පලාත් නවයේ කෘතිම බෙදීම ඔහු පෙන්වා දුන්නේ ඒ මත රටේ ජලය මූලික දේශගුණික කලාප තුන (තෙත් (රෝස පාට), අතරමැදි (කොල), වියළි (දුඹුරු)) ආරෝපනය කිරීමෙන්‌ය (ඉන්වයිටින් ෆේලියර් – නේචර් ඔෆ් ද ස්පේෂියල් යුනිට් ඔෆ් ඩෙවොලූෂන්, ද අයිලන්ඩ්, නොවැම්බර් 8, 2017) මෙහි පහතින් කොපිකර තිබෙන්නේ ඒ සිතියමය:

නන්මැජෝරිටේරියන් විසඳුම් කතාව තදින්ම බදාගෙන වසීවී සිටින, ලාල් විජේනායක යහපාලන කමිටුව පවා, පාලන ඒකක, ජාතිය, වර්‌ගය, ආගම හෝ භාෂාව අනුව මායිම්කල යුතු නැතැයි නිර්දේශ කර තිබීම, රට කැබලි නොකිරීමේ ඒකිය ලංකාවක් යන සංකල්පයේදී ඉතා වැදගත් පියවරකි (9.1.2.6 නිර්දේශය, මැයි 2016). මෙම කෘතිම මායිම් සහිත පලාත් නමය තුල ඇති දිස්ත්‍රික් 25 හා ග්‍රාම නිලධාරී වසම් 14,022 මායිම් කර ඇත්තේද කෘතිම මායිම් සහිතවය. කලින් 4,000 ක් පමණක්‌වූ මේ වසම් සඛ්‍යාව 14,000 කලේ ජනාධිපති ප්‍රේමදාස විසින්, තම පාක්‍ෂිකයින්ට රක්‍ෂා සැපයීමටය. ගොඩකල එක මඩවගුරකින් සැතපුම් 12 ක් ඈතින් තවත් මඩවගුරක් ගොඩකර එතැන පාර්ලිමේන්තුවක් සැදුවා වැනිම‌වූ, මෙම අඥාන, හිතුවක්කාර ක්‍රියාව, ග්‍රාම සේවාව හා එම නිලය බාල්දු කර දැම්මා පමණක් නොව මොන අන්දමට ඒවා මායිම් කලාදැයි දන්නා කෙනෙක් හෝ ඒ ගැන වාර්‌‌තා හෝ නැත. මෙම වසම් ස්වාභාවික ඒකක කිරීමෙන් මෙම නැණවිකල් තීන්දුව වෙනුවට ඊට වඩා බෙහෙවින් අඩු වසම් සංඛ්‍යාවක් බිහිවෙන්නේය. යම් විශාල ස්වාභාවික වසමකට, අවශ්‍යනම් නිලධාරීන් දෙතුන් දෙනෙකු පත් කිරීම වෙනම කරුණකි.

*5. ග්ලෝබල් වෝමින්, පරිසර දූෂණය, නායයාම්, ගංවතුර, නියං, වනාන්තර, ගල්, පස්, වැලි, කඳු, කඩොලාන විනාශය යන මේවා ඉදිරියේ, තිරසර සංවර්‌ධනයකට යාහැක්කේ, රටේ භූමිය නමැති මහී කාන්තාව (ගයා දෙවඟන) සළකිය යුත්තේ, තම වාසියට සුරාකෑ හැකි රන් ආකරයක් ලෙස නොව තමන් එහි ආරක්‍ෂකයා/භාරකාරයා යන ආකල්පය රට වැසියාට ඒත්තු ගැන්‌වීමේ වගකීම, රටේ රජය විසින් ඉෂ්ට කිරීමෙන්‌ය (මිහිඳු මහ හිමියන් තිස්ස රජුට ඉගැන්‌වූ පාඩම). ග්‍රාම සේවක නිලධාරි වසමේ සිටම එය ගොඩනැගිය යුතුය. මෙම කරුණට යමෙක් විරුද්‌ධ වනවා නම් ඒ හුදෙක් නොදන්නාකමට හෝ එසේ නැත්නම් ඒ මඟින් කෘතිම නිජබිම් මිථ්‍යාවකට ඇති වන අවහිරය නිසාය.

*6. මතුපිට ගලනා ජලය හෝ භූගත ජල උල්පත් හෝ මුල් කරගෙන මෙසේ වසම් මායිම් කිරීම, ලංකාවේ අනාදිමත් කාලයක සිට පැවති, ගම-වැව-දාගැබ (කෝවිල්/පල්ලිය)- යන සමාජ, ආර්ථික, හා දේශපාලන ත්‍රිත්‌වයට අනුකූලය. පණ්ඩුකාභය රජුගේ කාලයේ මුළු දිවයිනේම ග්‍රාම මායිම් කලායයි පැවසේ. පරාක්‍රමබාහු රජු වැසිජලය කළමනාකරණයේ අගය පෙන්‌වා දුන්නේය. ඉන්දියාවේ පංචයාත් යන්නේ අර්‌ථය, පස් දෙනෙක් එකඟතාවයකට පැමිණි විට, එතැන දෙවියන් වැඩ ඉන්නවා යන්නය. සම්මුතිවාදය හා බුදු දහමේ මධ්‍යම ප්‍රතිපදාව අනුව ක්‍රියාත්මක වුණු 1856 ට පසු, වෝඩ්, රොබින්සන්, ග්‍රගරි, යන ආණ්ඩුකාරයින් විසින් යළි පණදුන් ලංකාවේ ගම් සභාව, හෝ ඉන්දියාවේ පංචයාත්, නූතන ලෝකයේ නන්මැජෝරිටේරියන් විසඳුම් දීමේ කතාවේ පප්පා වන, සිය තරුණ කාලයේ ලංකාවේ පර්යේෂණද කල, ඇමෙරිකන් ප්‍රොපෙසර් ඩොනල්ඩ් හොරෝවිට්ස්ට අමතකවීමේ අසනීපය ගැන මෙහි පසුව සඳහන් කර ඇත.

*7. ලංකාවේ මෙම මානව ත්‍රි‌ත්‌ව මොඩලය, මුළු දිවයිනම ආවරණය කරණ භෞතික ත්‍රිත්‌වයක්, -තෙත් කලාපය-වියළි හා ශුෂ්ක කලාප- මධ්‍යම කඳුකරය- හා බැඳී ඇත. (මීට අමතරව තෙත් කලාපය, අන්තර් කලාපය හා වියළි කලාපය වශයෙන් දේශගුණික ත්‍රිත්‌වයක්ද දිවයිනේ ඇත). මධ්‍යම කඳුකරය දිවයිනේ හදබිමය. ලංකාවේ ඇති ගංඟා 103 මෙම ත්‍රිත්‌වය පණ ගන්වන ලේ නහරය. උදාහරණයක් වශයෙන් සුද්දා, සමනල කන්ද කෝපි හෝ තේවගාවට එලිකලා නම්, මහවැලි, කැළණි, වළවේ කා කලු ගංඟා සිදීගොස් දිවයින කාන්තාරයක් වන්නට හොඳටම ඉඩ තිබුණි. <මිනිසාගේ ඉතිහාසය යනු වතුරේ ඉතිහාස කතාව> නම්, ජල ද්‍රෝණි අනුව ග්‍රාම සේවා වසම් මායිම් කිරීම, යම් රටක බලවත් පිරිසක් විසින් සෙසු ජනයා පාලනය කිරීමේ උපකරණයක් වන නීතියට ප්‍රශ්ණයක් විය නොහැකිය. ඇල්ලේ ගුණවංශ හිමියන්ට අනුව නීතිය යනු අකුරු ගොඩකි. උන්වහන්සේ එසේ කියන්නේ මෙතෙක් නීතීඥයින් සැදු රටේ ව්‍යවස්ථා ගැන විය යුතුය!

======================

(ඈ) ස්වාභාවික මායිම් සහිත ග්‍රාම සේවා වසම් ක්‍රමයේ ප්‍රයෝජන (වාසි)

*8. තිරසර සංවර්‌ධනයක මුල් ගල රටේ භූමිය ස්වාභාවික (නැචුරල්) ඒකක ලෙස මායිම් කිරීමය. සෙසු සියළු මානව ක්‍රියා සිදුවන්නේ පොලොව මතුපිටය. මෙම ක්‍රියා මතුපිට රටා බිහි කරයි (ප්‍රොසෙසස් ඇන්ඩ් පැටර්න්ස්). එහෙත් මෙම වසම් මායිම් ක්‍රමයේ බලවත්ම වාසිය නම් එය රට කැබලි කිරීමේ ව්‍යාපාරයට, (මෑතක සිට ශාරියා ඉස්ලාම් ව්‍යාප්තවාදයට) මතවාදයට, විද්‍යාව, නීතිය හා බුදු දහම අනුසාරයෙන් දෙන විසඳුම වීමය. මෙහි පැති දෙකක් ඇත. එනම්:

(8.1) වසම් එකට එකතු කරමින් ඉහලට යමින් ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්‌යාල බල ප්‍රදේශ මායිම් කිරීම හා සෙසු මධ්‍යම ආණ්ඩුවේ ආයතන වල ක්‍ෂේත්‍ර ඒකක වල මායිම්ද එසේ සැදීම. උදාහරණයක් වශයෙන්, කෘෂිකර්‍මාන්ත, පොලිස්, සෞඛ්‍ය, මහාමාර්‍ග, අධ්‍යාපන, අපදා කළමණාකරණ, සමාජ සේවා, වනරක්‍ෂණ යනාදී දෙපාර්තමේන්තු වල බල ප්‍රදේශ මෙම වසම් එකතුකල ස්වාභාවික ඒකකවේ. මෙය රුසියන් බෝනික්කන් ඇතුලේ සිට පිටතට ලොකුවනවා වැනිය; සරල මෙට්‍රික් ක්‍රමය වැනිය. මේ අනුව වසමක පිහිටීම (ලොකේෂන්) තිතක් වශයෙන් සළකා, විවිධ තොරතුරු ඩේටා ටේබල් හා/හෝ සිතියම් ලෙස පරිගණකයෙන් බලාගත හැකි ක්‍රමයක්ද සදාගත හැකිය.

(8.2) දෙවන පැත්ත, ඉහත හැඳින්‌වීමේ අංක 1 යටතේ සඳහන් කල රොබට් බ්ලේක් ලාගේ <මීනින්ෆුල් ඩෙවොලූෂන්> කතාවටත්, හොරෝවිට්ස් අවතාරයටත් සම්බන්‌ධය. මේ දෙකෙන්ම කරන්නේ එකම දේය. එනම්, කළු සුද්දන් විසින් <මිස්මැනේජ්> කරමින් යන පරණ යටත් විජිත කැබලි කර, දුර්‌වල කර, ඒවා නව යටත් විජිතවාදයේ ග්‍රහණයට නතු කර ගැනීමය. රොබට් බ්ලේක්ලා හෝ සජිත් ප්‍රේමදාසගේ න්‍යායාචාරියවන දයාන් ජයතිලක හෝ මීනින්ෆුල් ඩෙවොලූෂන් යනු, රටක ජනතාව බලවත් කිරීම (එම්පවර්‌මන්ට් ඔෆ් පීපල්) යයි නිර්‌වචනය කිරීමට කුලෑටිය. ඊට හේතුව ලොකු භූමි ප්‍රමාණයක්, බෙදුම්වාදී නායකයින් අතලොස්සකට ලබාදීම මඟින් මිස හෙමින් හෙමින් මේ සිංහල බෞද්‌ධ රට බකල් කිරීමේ අශීරුව ඔවුන් දැන සිටීමය. ඒ නිසා ග්‍රාම සේවා වසම් මට්ටමින් බලය විමධ්‍යගත කිරීම ඔවුන්ට අරහංය.

If the Tamils’ cry [Tamil politicians living in Colombo!] for separatism is given up, the two communities could solve their problems and continue to live in amity and dignity.” – M.C. Sansoni, CJ—(Sessional Paper No. 7 of 1980)

විග්නේෂ්වරන්ට ලැබුණ <ඩෙවොලූෂන් බලය> කටුස්සාගේ ගෙලේ බැඳි මැණිකක් බඳු විය. ඩෙවොලූෂන් කතාව සිංහලයාට අරහං කලේය. ඔහු කලේ, 1948 සිට සිංහල ආණ්ඩු දමිළජෙනෝසයිඩ් කලා යයි යෝජනා පාස් කිරීම, බුදු පිළිම එපා, උතුරට පොල් රා එපා යන කතා මිස, උතුරේ සාමන්‍ය ජනයාට, කුලහීන යයි කියන ජනයා නගා සිටුවීම ඔහුට වැදගත් නොවීය. දමිළ ජනයාට ඔවුන්ගේම අභිලාශ තිබේ (ඇස්පිරේෂන්ස්) යන මොවුන්ගේ හොර සළුව ගැලවී ගියේ, යුද හමුදාව හා දමිළ ජනයා අතර ඇතිවූ ලෙන්ගතු කම නිසාය. මේ ජනයා පොලිස් හෝ ඉඩම් බලතල හෝ ඊළමක් හෝ ඉල්ලන්නේ නැත! ලංකාවේ මුල් පදිංචිකරුවන්‌වූ ශිව ආගම ඇදහූ දමිළ හින්දු ජනයාව පසුව ආ සිංහල බෞද්‌ධයින් විසින් යටකර ගත්තා යන විග්නේශ්වරන්ගේ නැණවිකල් මිථ්‍යාව, චෙල්වනායගම්ගේ දමිළ (මලබාර්?) නිජභූමි මිථ්‍යා කතාවට වඩා දුරදිග යමින් නන්මැජෝරිටේරියන් විසඳුම් කතා මෙන්ම, එක්සත් තබා, ඒකිය ලංකාවක් යන ඔවුන්ගේ පූචානම් කතා පවා විහිළුවට ලක්කර ඇත.

Talking once with a miner I asked him when the housing shortage first became acute in his district; he answered, when we were told about it,” meaning that till recently people’s standards were so low that they took almost any degree of overcrowding for granted.”
George Orwell, The Road to Wigan Pier (1937), 64‭a,

දේවානම් පිය තීසන් ගෙන් ඇරඹුණ මේ දෙමළ බෞද්‌ධ ගමන දැන් අළුතෙන්ම ගොස් ඇත්තේ ශිව ලිංග පහකින්ම, ප්‍රාග් ඓතිහාසික සමයේදීම මේ දිවයින බ්ලෙස් කර ඇත යන තැනටය. කීරමලෙයි, මන්නාරම, ත්‍රිකුණාමළය, හලාවත හා දෙවුන්දර මේ ශිව ලිංග තබා ඇත. මෙය බුදුරදුන් නාගදීපයට, මහියංගනයට හා කැළණියට වැඩියා යන කතාවට උඩින් ගැසූ තුරුම්පුවකි. මෙවැනි කතා වලින් සිදුවන්නේ සාමාන්‍ය දමිළ ජනයාගේ මනස්ද ඔල්මාද කිරීමය. ගිලිහී යමින් පවතින චන්ද පදනම නිසා නැති ප්‍රශ්ණ ඇති කිරීමය. අහක යන නයි සාක්කුවේ දමා ගැනීමය (කලම්බු ටෙලිග්‍රාෆ්, ඔක්තෝබර් 1, 2020).

*9. මෙම කාසියේ අනිත් ලෝකල් පැත්ත නම් <පිළිකාවක් කෑම දීමෙන් සුව කල හැකි> යයි සිතීමය. 20 සංශොධන විවාදයේදී සජිත් ප්‍රේමදාස කතා කලේ නන්මැජෝරිටේයන් විසඳුම්‌ගැනය. 13, 17, 19 සංශොධන, මනාප චන්ද ක්‍රමය, දිස්ත්‍රික් චන්ද කොට්ඨාශය, ශාරියා බැංකු, කාති උසාවි, හලාල් බලපත්‍ර, මද්‍රසා පාසැල් යන මේවා එවැනි විසඳුම් බව දයාන් ජයතිලක ඔහුට උගන්වා දී නැතිසේය. එසේ නැත්නම් පාස්කු ප්‍රහාරය ඒවායේ රඟ බව ඔහුට නොවැටහුණු නිසාද? හොරෝවිට්ස් විසින් යෝජනා කල සුළු ජනවර්‌ග, මහජාතියෙන් බේරා ආරක්‍ෂා කරගන්නා විසඳුම්, ඒවා ක්‍රියාත්මක කල හැම රටක්‌ම කැඩී වියවුල්වී යාමට හේතුවූ බව සජිතුත්, දයාන් ජයතිලකත් නොදන්නවාද?

සුළු උදාහරණ දෙකක් ගත්තොත්, 16 සංශොධනයෙන් උතුරේ ජනයාට දෙමළ භාෂාවෙන් කටයුතු කිරීමට දීමෙන් සිදුවූයේ, එහි සිටිනා දෙමළ නොදන්නා සිංහලයින්ව අනාථ කර දැමීමය. සංහිඳියාව උදෙසා ජාතික ගීය දෙමළෙන් ගායනය කිරීමට ඉඩදීමෙන් සිදුවූයේ, දකුණේ භාෂා දෙකෙන්ම එය ගැයීමත්, උතුරේ දෙමළෙන් පමණක් එය ගැයීමත්‌ය! හොරෝවිට්ස් ක්‍රමය අනුව සිදු වන්නේ රටක යම් මහ ජාතියක්, එරට සුළු ජනවර්‌ගයකට සළසන ඉඩප්‍රස්ථා ඔවුන්ගේ නායකයින් යයි පෙනීසිටිනා අතලොස්සක් විසින් සලකන්නේ සාමයේ, සංහිඳියාවේ අත් දිගුවක් ලෙස නොව, තමන්ගේ බලය තහවුරු කරගැනීමට යන ගමනේදී ලබාගත් තවත් එක ජයග්‍රහණයක් ලෙසය. ඒ නිසා තව තවත් ඉල්ලීම් කිරීමය. ඔවුන් අන්‍රීසනබල් වෘත්තිය සමිති නායකයින් වැනිවේ.

නන්මැජෝරිටේරියන් විසඳුමක්‌වූ 13 වන සංශොධනය රට කැබලි කිරීමේ මර උගුලක්‌ය. 2000 චන්ද්‍රිකා පැකේජ් ඩීල් කෙටුම්පත හා 2019 ඔරුමිත්තනාඩු නාඩගමද ඒ අනුව කල උත්සාහය. ජනාධිපති ධූරය පඹයෙක් කිරීමේ රනිල්ගේ හොර ප්ලෑන 2001 සිටම ඔහුගේ හිතේ තිබුණත්, 19 සංශොධනය වනාහි නීතියේ ආධිපත්‍යය උදෙසා හා මධ්‍යම රජය වඩා ප්‍රජාතන්ත්‍රවාදී කිරීමය, යන බොරු බණ යටතේ රටක මධ්‍යම රජය දුර්‌වල කිරීමේ හොරෝවිට්ස් උපක්‍රමයමය. මේ අනුව ගෙනා දිස්ත්‍රික්-මනාප-පාර්ලිමේන්තු චන්ද ක්‍රමය අනුව සිංහල අගමැති පඹයෙකු සදන්නේ මුස්ලිම් චන්ද වලින්‌ය. ජනාධිපති නීති සම්පාදනයේදී මේ පඹයාට යටත්‌ය. 19-ඒ යටතේ බිහිකල ව්‍යවස්ථාදායක සභාව මඟින් මුස්ලිම් දෙමළ චන්ද පඹයෙකු‌වූ කතානායක, ජනාධිපතිගේ හතුරෙකු මෙන් ක්‍රියාකලේය. ඉන් පත්කල අනිත් සභා හා නිලධාරීන් කලේ ජනාධිපතිට භාධාකිරීමය. රට කොට උඩ ගියේය. පාස්කු ප්‍රහාරය ආවේය. මේ නන්මැජෝරිටේරියන් නාඩගමේ රඟය! පුදුමයට කාරණය නම්, මේ වනාහී, 1921/4 කාලයේදී, සිංහල ක්‍රිස්තියානි කළුසුද්දන් හා දමිළ නායකයින් අතර, දෙමළ ජාතිවාදයට රහසින් උඩගෙඩි දුන් සුදු ආණ්ඩුකාර මැනිංගේ ආශිර්‌වාදය යටතේ සිංහල මැජෝරිටි ටෙරිටෝරියල් චන්ද බලය, සුළු ජනව‌ර්‌ග වල කොමියුනල් චන්දවල එකතුවෙන් දමණය කිරීමට ගෙනා යෝජනාව වැනිම වීමය.

*10. මෙම උපක්‍රම දෙකම පාදක කරගෙන ඇත්තේ, ඒවාට ඔක්‍ෂිජන් සැපයෙන්නේ, පරණ යටත් විජිත වල පාලක කළු සුද්දන් මත හීනමානය ඇටවීමෙන්‌ය. ඒ කාලයේ බයිබලය හා කඩුව (පසුව අරක්කු බෝතලය) රැගෙන අශීලාචාර/ම්ලේච්චයින් ශිෂ්ට කර දෙවියන්ට භාරදීමේ කාරිය සඳහා පැමිණි සුද්දා (වයිට් මෑන්ස් බර්‌ඩන්), බෙදා පාලනය කිරීමේ රීතිය උඩ මේ රටවල් වියවුල් කර දැම්මේය. <නිදහස දීම යනුවෙන්> වගකීමක් නැති, හැසිරවීමේ බලය ඇති, රිමෝට් කොන්ට්‍රෝල්ඩ් නව විජිත ක්‍රමයක් සදාගත්තේය. මේ සඳහා උපකාරයට යූ.එන්.ඕ ආයතනයක්, ලෝක බැංකුවක්, අයි.එම්.එෆ්. එකක් ඒ කාලයේම හදාගත්තේය. ලෝක වෙළඳ සංවිධානයක් සදා ගැනීමේ අදහසද ඒ කාලයේ තිබුණත්, ඒ සඳහා අවුරුදු 40 ක්ම බලා සිටින්නට සිදුවිය. ආනයන-අපනයන යටත් විජිත ආර්‌ථික පාලන ක්‍රමය රැක ගන්නට සැදූ මේ සංවිධානය, රට ස්වයංපෝෂිත කිරීම සඳහා ආනයන සීමා කිරීම නීති විරෝධී යයි උසාවියට යන බවට දැන් ලංකා රජයට තර්‍ජනය කරයි. මේ සංවිධානය හරහා පරණ යටත් විජිත හිමියන් බලකර සිටින්නේ 1977 සිට ලංකාව බිලිකල නිදහස්, වානිජ, ධනවාදී ලෝක ආර්ථික ක්‍රමයට යම් සාධාරණ තහංචිවත් නොදමන ලෙසටය!

කළු සුද්දන් විසින් මේ විජිත මිස්මැනේජ් කරණ විට ඔවුන් නැවත ගොඩබැස්සේ, පාත්‌වුනේ, මේ කළුසුදු ඒජන්‌තලා, සුළු ජනව‌ර්‌ග වල මානව හිමිකම් කඩකරණවා යන තර්‌කය මත, ආර්.ටූ.පී. ආයුධයද සමඟය. මේ මඟින් රටේ පාලක කළුසුද්දන් තුල ජනිත කරවන හීනමානය, දෙකට තුනට නැමීමේ දීන කම කෙතරම්ද යත්, බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිට, නිදහස් දින සැමරුම් උත්සවයට, නෝනාලා දෙන්නෙක් දෙපැත්තෙන් කැන්ඳාගෙන ඒමට පවා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන තරමට, රටේ සිංහල බෞද්‌ධ ශිෂ්ටාචාරයට අවමාන කලේය.

=======================

(ඉ) දෙවන යෝජනාව – දේශ(ය)පාලනය

*11. දෙවන යෝජනාව නම්, අළුතින් සීමා මායිම් කල ග්‍රාම සේවා වසම්, ජනතාව බලවත් කිරීම (එම්පවර්‌මන්ට් ඔෆ් පීපල් ඇට් ග්‍රාස් රූට් ලෙවල්) සඳහා ජන සභා වශයෙන් උපයෝගී කරගැනීම ව්‍යවස්ථාගත කිරීමය. මේ අනුව වසමක්, (හෝ ඒවා එකක් ප්‍රමාණයෙන් කුඩා නම් දෙකක්), ජන සභා (ජන මූල සභා) ඒකකයක් ලෙස හඳුනා ගැනීමය. මෙම ජන සභා පක්‍ෂ දේශපාලනයෙන් තොර (ඉතා සාර්‌ථකවූ එහෙත් මෑතකදී හදිසියේ නතර‌වූ ගැමි දිරිය වැඩසටහන හෝ සුද්දන් හා කළුසුද්දන් විසින් කඩාකප්පල්කල, 1930ස් 40 ස් ගණන් වල කළු කොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන් විසින් සාර්‌ථක ලෙස ගෙනගිය ග්‍රාම ප්‍රතිසංස්කරණ හා අපරාද මර්‌දන දීපව්‍යාප්ත ව්‍යාපාරය මෙන්), ඉන්දියාවේ (73 සංශොධනය, 1992), පංචයාත් රාජ්‍ය ආයතන වලදී මෙන් ව්‍යවස්ථාවෙන් බලය දෙනලද, මැස්ලෝගේ මිනිස් අවශ්‍යතා හා උවමනා ලැයිස්තුවට අනුව දිය හැකි උපරිම බලතල සහිත ආයතන විය යුතුය.

*12. මෙම ජනසභා භූමි ඒකක, 1977 ට පෙර රටේ පැවති පාර්ලිමේන්තු ආසන සීමා නිර්‌ණය කිරීමේදී හා චන්ද දමන ප්‍රදේශ (පොලින් ඒරියා) මායිම් කිරීමේදී, භාවිතා කල හැකිය. ඉදිරියේදී රටේ තිබිය යුතු මධ්‍යම රජය, පාර්ලිමේන්තුව, ජන සභා ජාතික උපදේශක සභාව හා බිම් මට්ටමේ ජන සභා පමණය. මේ අනුව පලාත් සභා හා ප්‍රාදේශීය සභා අනවශ්‍ය මුදල් නාස්තියකි. එහෙත් යම් හෙයකින් විකෘති ප්‍රාදේශීය සභා ක්‍රමය අතහැර දැමීමට පක්‍ෂ දේශපාලකයින්ට ශක්තියක් නැත්නම් තාවකාලිකව හෝ තවදුරටත් ඒවා පවත්‌වාගෙන යාමේදී ඒවායේ බල ප්‍රදේශය හා කොට්‌ඨාශවල මායිම්, ජන සභා ඒකක එකතුකර සදාගත යුතුය. දැනට වැළලී ඇති පලාත් සභා නමැති සුදු අලියා ගොඩට ගෙන පණ දෙන්නට, කමිටුවේ සාමාජිකයින් කෙසේ වෙතත් රටේ මහජනයා එකඟ නැති බව නම් පැහැදිලිය. ඒ වෙනුවෙන් කෑ ගහන්නේ කවුද කියා සිතා බලන්න. ඒ ප්‍රජාතන්ත්‍රවාදයක් බේරා ගැනීම උදෙසාද? (අභයවර්‌ධන පලාත් පාලන කොමිෂම, 1999).

(ඊ) දෙවන යෝජනාවේ පසුබිම

*13. ඉහත (ඇ) යටතේදී මෙන් ජන සභා (ජන මූල සභා) සංකල්පයේ වටිනාකම (වාසි) පෙන්‌වා දිය යුතු වන්නේ, මා වැනි භූගෝල විද්‍යාව හැදෑරූ අය යම් සංසිද්‌ධියක් දෙස <සමස්තයක් ලෙස> බලන නිසාය (හොලිස්ටික්/සිස්ටමැටික් ඇප්‍රෝච්; ගසුත්, කැලයත් යන දෙකම දැකීම). ලෝකයේ ප්‍රශ්ණ වලට විසඳුම් බුදුදහම අනුසාරයෙන් ලබාගත හැකි යයි, ඉන්දියා ජනාධිපතිලා (අබ්දුල් කලාම්, ප්‍රතිභා පටිල්), අගමැති මෝඩි කියන්නේත්, ලෝකයාට බෞද්‌ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති බෙදා හැරීම උදෙසා, ජනාධිපති සිරිසේන, ප්‍රංශයේ වැඩහිටිනා හාමුදුරුනමකට පොතක් ලිවීමට දිරි ගැන්‌වූයේත් කුමක් නිසාද යන්න ඔබලාගේ කමිටුව විසින් මෙවර නම් ඕනෑකමින් සළකා බැලිය යුතුමය.

බුදු දහම, නීති විද්‍යාව, හා භූගෝල විද්‍යාව යන දැණුම් සම්භාර තුන අතර පවතින අන්නෝන්‍ය සම්බන්‌ධතාවය (එකිනෙක හා බැඳීම) වටහා ගැනීම ඉහත සඳහන් කල අයගේ වචන ක්‍රියාවට නැඟීමේදී වැදගත් වන්නේය. ඉතා සරලව කියතොත්, බුදු දහමේ පදනම මධ්‍යම ප්‍රතිපදාවය. නීති විද්‍යාවේ ප්‍රාණ නාලිය වන්නේ රීසනබල් ඩොක්ට්‍රින් එකය. මේ දෙකම, පොලෝ තලය මත මිනිස් ක්‍රියාවලීන් ලෙස සිදු වන්නේ/හටගන්නේ, යම් භූමි ප්‍රදේශයක/රටක/සමාජයක භූගෝල විද්‍යා සාධකවල බලපෑමට යටත්‌වය. භෞතික පරිසරය හා මිනිසා අතර ඇතිවන සහජීවනය, ප්‍රජාතන්ත්‍රවාදයේ කියන <කොම්ප්‍රොමයිස්> එකය. මෙය රීජනල් ජෝග්‍රෆි යයි හැඳින්‌වේ. ලොවටම පොදු භූගෝල විද්‍යා සාධක (සිස්ටමැටික් ජෝග්‍රෆි), ප්‍රදේශ වශයෙන් සුවිශේෂ ලක්‍ෂණ විදහා පාන්නේය. ඉතිහාසය කියන්නේ අතීත භූගෝල විද්‍යාවට බව මෙහිදී අමතක නොකල යුතුය. ලන්දේසි කාලයේ කුරුඳු ගහක් කපා දැමීමට මරණ දඬුවම දුන්නේත්, සිංගප්පූරුවේ ගුවන් තොටුපලේදී මත්ද්‍රව්‍ය සමඟ අසුවන අයට මරණ දඬුවම දෙන්නේත්, කොරියාවේ බලු මස් කෑම, ලංකාවේ මෙන් සත්‌ව හිංසාවක් නොවන්නේත් කුමක් නිසාද යන්න තේරුම් ගැනීමට, ඉතිහාස-භූගෝලවිද්‍යා, ප්‍රොසෙසස්-පැටර්න්ස් ප්‍රවේශය උපකාරවේ.

ඉතිහාසය කියන්නේ කුමක්ද කියා හැම දෙනාම දැන සිටියත්, භූගෝල විද්‍යාව කියන්නේ කුමක්ද යන්න (වට් ඊස් ජෝග්‍රෆි) බොහෝ දෙනා හරිහැටි නොදන්නා කරුණකි. පසුගිය දිනක ට්‍ර‌ැත් විත් චමුදිත යන යූටිටුබ් වැඩසටහනේදී, චමුදිත මේ ප්‍රශ්ණය විශ්‍රාමලත් භූගෝල විද්‍යා මහාචාර්ය ජිනදාස කටුපොත මහතා ගෙන් විමසා සිටියේ, භූගෝල විද්‍යාඥයෙක් වශයෙන් කොරෝනා දේහ වැළලිය යුතු නැතැයි ඔහු කල ප්‍රකාශය නිසාය. දැනට තිබෙන හා නොතිබෙන, කරන හා නොකරන (ඇක්‍ෂන්ස් ඇන්ඩ් ඔමිෂන්ස්) සියළුම දේ විමසා බලන විට, ඒ සඳහා අනවශ්‍ය අවදානමක් ගත යුතු නැති බව ඔහු පෙන්‌වා දුන්නේය. අනිත් විශේෂඥයින් මෙවැනි අදහසක් තර්‌කාණුකූලව ඉදිරිපත් කිරීමට සමස්ථ දැණුමක් ඇති, <ජැක් ඔෆ් ඕල් ට්‍රේඩ්ස්> ලා නොවේ! ඔවුන් ලූලා නැති වලට කනයා පණ්ඩිතයා වනවා මෙන්, <මාස්ටර් ඔෆ් නන්> ලා ද නොවේ.

*14. උදාහරණයක් වශයෙන්, ලංකාවේ වෙනම දමිළ රටක් යන ව්‍යාපාරය ආරම්භ‌වූයේ 1949, 1956, 1976 හෝ 1983 දී සිට නොව, 1921/24 දී අරුණාචලම් පොන්නම්බලම් මහතාගෙන් බවත්, ඔහුත් රාමනාදන් මහතාත්, 1917 දී මැඩ්‍රාස් ප්‍රාන්තයේ ඇරඹුණ ද්‍රවිඩස්ථාන් ව්‍යාපරයට සම්බන්‌ධව සිටි බවත් දැන ගැනීම, නීති විද්‍යාවෙන් හෝ යම් උසාවියකින් හෝ නොව ඓතිහාසික භූගෝල විද්‍යාව (හිස්ටොරිකල් ජෝග්‍රෆි) මඟින් ලැබෙන දැණුමකි. මෙම විෂය තුනේ මිත්‍රත්‌වය පිළිඹඳ දීර්‌ග විග්‍රහයක් සඳහා මේ සමඟ අමුණා ඇති ලිපිය බලන්න (LLRC recommendations and path of devolution, Sri Lanaka Guardian, Feb. 2, 2012)..

ජන සභා සංකල්පය සිංහල බෞද්‌ධ ශිෂ්ටාචාරය හා කෙතරම් තදින් බද්‌ධවී තිබෙනවාද යන්න අවභොධ වන්නේ නීතියේ ආධිපත්‍යය හා නූතන ප්‍රජාතන්‌ත්‍රවාදී සංකල්ප, ඉන්දීය බෞද්‌ධ සමාජ කාලයේ සිට මුල්බැසගෙන තිබුණු බව දැනගත් විටය (The Legacy of India, 1937, Foreword by Lord Zetland, 1937). කොසොල් රජතුමා දුටු සිහින දෑසයට (මහා සුපින ජාතකය) බුදුරදුන් දුන් විවරණය, ලෝක ඉතිහාසයේ සුවිශේෂ හා සමහර විට එකම දේශපාලන විද්‍යා අනාවැකියය. අද ලංකා සමාජය වැටී ඉන්නා දුක්‌ඛිත තත්‌වය කොසොල් රජතුමාගේ සීන සැබෑවීමකි. කොරෝනා වසංගතය, මිනිසා පරිසරයේ අංගයක්, භාරකාරයෙක් මිස එහි අධිපතියා නොවේය යන මතය තහවුරු කරන්නේය. ලොව සෑම දෙයක්ම තාවකාලිකය, චක්‍රාකාරීය, සියළු සත්‌වයෝ (මිනිසා පමණක් නොව) නිදුක්, නිරෝගි, සුවපත් වෙත්‌වා යන්න සිංහල බෞද්‌ධ සමාජය විසින් ගම් සභා මට්ටමින්, ගොයම් කුඹුරේ සිටම (කුරුළු පංගුව) ක්‍රියාවට නැංවූයේය. කළුකොඳයාවේ හාමුදුරුවන් ගේ ව්‍යාපාරය සාර්‌ථකවූයේ ඒ නිසාය.

මේ නිසා රටට අවශ්‍යවන්නේ ජන සභා සංකල්පය මගින් මෙම මානසික විභවය ප්‍රතිශක්තීකරණය කර නැවත ඉස්මතු කර ගැනීමය. පීපල් පාටිසිපේෂන්, ස්මෝල් ඊස් බියුටිෆුල් (ෂුමාකර්, 1973), හියුමන් ස්කේල් (සේල්, 1980), පීපල්/සිටිෂන් පාටිසිපේෂන්, කොමියුනිටි නොලේජ් යන ප්‍රවාහ, හොරෝවිට්ස්ලාගේ හා ජෝසප් නයිලාගේ (සොෆ්ට් පවර්), රටවල් කැබලිකරණ නන්මැජෝරිටේරියන් ප්‍රවාහ පරදවා ඉදිරියට යායුතු බව කොරෝනාව ඉගැන්‌වූ අළුත්ම පාඩමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress