සජිත්ගේ පක්‍ෂය සම්පූර්ණ නඩත්තුව බදියුදීන්ගේ කළු සල්ලිවලින්.. බැංකු ගිණුම් සහිත සාක්‍ෂි ලැබෙයි..
Posted on November 25th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

සමගි ජන බලවේගය පක්ෂය පවත්වාගෙන යන්නේ නිසා රිෂාඩ් බදියුදීන්ගේ කළු සල්ලිවලින් බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

එම පක්‍ෂයේ මැතිවරණ වියදම් ද සියලූ වියදම් සිදු කරන්නේ රිෂාඩ් බදුර්දීන් බවත් පැවැසූ ඇමැතිවරයා තමනට ඒ බව ඔප්පු කිරීමට සියලු සාක්ෂි ඇතැයිද කියා සිටියේය.

පසුගිය මහ මැතිවරණයේ දී සහ ජනාධිපති ජනාධිපතිවරණයේදී ලබාදුන් මුදල් සහ සියළු බැංකු ගිණුම්ද පිළිබඳව සාක්ෂි තමන් සතුව ඇති බවත් ඔහු පැවසදීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අයවැය කාරක අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress