නව ව්‍යාවස්තාවක තිබිය යුතු වැදගත් අන්තර්ගතයන් මොනවාද?
Posted on November 29th, 2020

න්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

වර්තමාන ව්‍යාවස්තාව නිර්මාණය කලේ ජේ.ආර්.ජයවර්ධන මහතාය. එතුමා මෙය හැදුන්වුයේ, විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් යටතේ නිර්මාණය කරන ලද ව්‍යාව්ස්තාවක් ලෙසය. එසේ හදුන්වන ගමන්ම එතුමා එවකට සිටි සියලුම එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්,දිනයක් රහිත ඉල්ලා අස්වීමේ ලිපියක් ලබාගෙන තමා සන්තකයේ තබාගන්නා ලදී.

පුර්ණ බලතල ඇති විධායක ජනාධිපතිවරයෙකුට, දිනයක් රහිත ඉල්ලා අස්වීමේ ලිපියක් මන්ත්‍රීවරුන්ගෙන් ලබාගැනීම තුලින් අපට පෙන්වා දෙන්නේ,සැබෑ ලෙසම විධායක ජනාධිපතිවරයාට ඔය කියන විධායක බලතල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයක් නොමැතිව ක්‍රියා කිරීම අපහසු බවය. මෙය සත්‍යකි.කවුරු කෙලෙසක කුමන ආකාරයෙන් තර්ක කලද, ජනාධිපතිට මේ ව්යාවස්තාවට අනුව තම විධායක බලතල පාවිච්චිකිරීමට පාර්ලිමේන්තුවේ බහුතරයක සහය අත්‍යවශ්‍යම අංගයක්ව පැවතිනි.

ඒ බව අපට 2002 බලයට පත් රනිල් වික්‍රමසිංහ මහතා රටටම පෙන්වා දෙන ලදී. විධායක ජනාධිපතිනිය සිටියදීම, ඇය සේනාධිනායිකාව වශයෙන් සිටියදීම, ඇයට නොදන්වා, ප්‍රභාකරන්ට උතුර හා නගෙනහිර පළාත් පවරන ලද්දේ පාර්ලිමේන්තුවටද නොදන්වාය.මෙය තුලින් අපට පෙන්වා දෙන්නේ, ව්‍යාව්ස්තාවට එරෙහිව කටයුතු කිරීමටද මෙරට අගමැතිවරුන්ට බලයක් ඇති බවයි.

මුළු රටේම ජනතා චන්දයෙන් බලයට පත්වෙන විධායක ජනාධිපතිවරයාව එක දිස්ත්‍රික්කයක ජනතා චන්දයෙන් පත්වෙන අගමැතිවරයාට අනුව ක්‍රියාකිරීමට සිදුවන තත්වයක් ඉතා පැහැදිලිවම මේ ව්යාවස්තාව තුල එදා මෙන්ම අදද ඇත.සත්‍ය එයයි.

මෙම තත්වය වෙනස් කරන, සැබෑ  විධායක ජනාධිපතිවරයෙක් රටට අවශ්‍යවේ. එය කල හැක්කේ කෙසේද යන්න සම්බන්ධව අපි පුළුල්ව සාකච්චා කරමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress