අත්‍යවශ්‍යභාණ්ඩ සම්බන්ධයෙන් ගැසට් කළ මිල ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙනි
Posted on November 30th, 2020

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය 

2020 නොවැම්බර් 30

ගරු ජනාධිපතිතුමා  
ගෝඨාභය රාජපක්ෂ මහතා
ජනාධිපති මන්දිරය
කොළඹ

ගරු ජනාධිපති තුමනි

අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ගැසට් කළ මිල ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙනි

පවතින තත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල පාලන මිලක් ගැසට් කළද එම ගැසට් කර ඇති මිල සාමාන්‍ය වෙළඳ පළේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන තත්වයක් දක්නට ලැබේ.

සහල් , පරිප්පු, සීනි, පොල් ආදිය සම්බන්ධයෙන් රජය විසින් පාලන මිලක් අවස්ථා ගණනාවකදී ගැසට් කර තිබුනද සාමාන්‍ය වෙළඳ පලේ එම පාලන මිලට භාණ්ඩ අලෙවි කිරීමක් දක්නට නොලැබේ. ඇතැම් සුපිරි වෙලඳ සැල්වල පමණක් පාලන මිල ක්‍රියාත්මක වුව ද  එම භාණ්ඩ ඉතා හිඟ වීම  හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවයකට  පත්ව සිටිති.

මේ නිසා ගැසට් කරන පාලන මිල නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීම සඳහා විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාව පවතින බව  පැහැදිලි කරුණකි. මේ සම්බන්ධයෙන් සොයා බලා ජනතාව පත්ව ඇති අපහසුතාව සඳහා නිසි පිළියමක් යොදන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තුතියි

මීට

විශ්වාසී

සුරංගි ආරියවංශ

විධායක අධ්‍යක්ෂිකා

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress