වැටුප නියමිත දිනට නොගෙවීම.
Posted on November 30th, 2020

ජනමාධ්‍ය නිවේදනයයි.රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමය.

අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා,
අග්‍රාමාත්‍ය කාර්යාලය,
කොළඹ.

අගමැතිතුමණි

වැටුප නියමිත දිනට නොගෙවීම.

පසුගිය මාස කිහිපයේදීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයින්ට ලැබුණේ සම්පූර්ණ වැටුප නොව දීමණා, අතිකාල නොමැතිව මූලික වැටුප පමණක් බව ඔබතුමාද දැනුවත් ඇතැයි සිතමු. එයද දින කිහිපයක් ප්‍රමාදවී හෝ කොටස් වශයෙන් ලද අවස්ථා බහුල වූ අතර මෙම නොවැම්බර් මාසයේ වැටුප මේ වනතෙක් ලබාදී නැත.

දැනට සේවකයන් ගන්නා වැටුප මාසයක් නොව සතියක් ගත වන විට අවසන්වන තත්වයකදී දින කිහිපයක් වැටුප් නොලැබීම යනු කිසිසේත්ම දරාගත නොහැකි අතර ජීවිකාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුව අසීරුතාවයට පත්වී ඇත. තවද #කොරෝනා අවධානම නිසා සේවක සේවිකාවන්ගේ ජන ජීවිතයට යම් බලපෑමක් ඇතිවී ඇති අතර තවමත් ප‍්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇත. මෙනිසාම සේවකයන් අතර යම් නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව දැන ගැනීමට ඇත. මෙම තත්වය වර්ධනය උවහොත් ආරවුල් තත්වයක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩ ඇති අතර එවැනි තත්වයක් පාලනය කිරීමේ හෝ සමනය කිරීමේ හැකියාවක් අපට නැත.

එබැවින් මෙම තත්වයට හැකි ඉක්මනින් මැදිහත්වන ලෙසත්, මෙම මස වැටුප හැකි ඉක්මනින් ලබාදීමටද, ලබන මස සිට නියමිත දිනට සියළු දීමනා සහිතව වැටුප ගෙවීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසද ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමයේ විධායක සභාව වෙනුවෙන්,
වසන්ත සමරසිංහ,
සභාපති,
රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමය.

පිටපත් –
1. ගරු ඉන්දික අනුරුද්ධ මැතිතුමා – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් රාජ්‍ය ඇමති
2. සභාපතිතුමා – ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව
3. සාමාන්‍යාධිකාරීතුමා – ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress