ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් විසින් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදුන් සුවිශේෂී දායකත්වය අගය කරමු.
Posted on December 3rd, 2020

රොහාන් අබේගුනවර්ධන

පසුගිය දශක කිහිපය තුළ අපි ඉතා ආඩම්බරයෙන් දුටුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී සන්නාමයක් බිහිවීමයි. එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් දුර්වල කන්ඩායමක් ලෙස හෝ ප්‍රභල කණ්ඩායමිවලට අභියෝගයක් වියහැකි සුළු කණ්ඩායමක්  ලෙස නොසලකන අතර ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම ස්ථානයක් ලැබීමට සුදුසු ගෞරවනීය සාමාජිකයෙකු ලෙස සලකනු ලැබේ.

ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ඔවුන්ගේ ප්‍රසාදය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පමණක් සීමා කළ හොත් එය ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දායකවූ ශ්‍රීලංකා ක්‍රිකට්ලෝලීන්කිහිප දෙනෙකුට කරන අසාධාරණයකි.මෙම ක්‍රිකට් ලෝලීන් කවුරුන්දැයි අපි විමසා බලමු.

ක්‍රිකට් ක්‍රීඩාවේ තුන්වනවිනිසුරු සංකල්පය (Third Umpire Concept) පලමුව යෝජනාකළේ ශ්‍රීලංකා ක්‍රිකට් පදනමේ හිටපු ලේකම්වරයකු සහ දැන් ප්‍රමුඛ පෙළේක්‍රිකට් ලේඛකයෙකු වන මහින්දවිජේසිංහ මහතා විසිනි. ඔහුගේයෝජනාව වූයේ පිටියේ විනිසුරුවන්ට (Field Umpires) අමතරව තවත් විනිසුරුවන් දෙදෙනෙකු රූපවාහිනී මොනිටර සහ පුනරෑපණය කල හැකි වීඩියෝ උපකරණ සමග විශේෂ රූපවාහිනී කාමරයක සිටියයුතු බවයි. පිටියේ විනිසුරුවන් සහ තිරය නරඹන විනිසුරුවන් අතර සන්නිවේදනය කිරීම සඳහා වෝකි ටෝකි පද්ධතියක් භාවිතා කිරීම ඔහු නිර්දේශ කළේය. තිරය නරඹන විනිසුරුවන් සම්බන්ධකරගැනීමෙන් පිටියේ විනිසුරුවන්ට ඕනෑම සැකයක් දුරුකළහැකිය.

මහින්දගේ යෝජනාව1984 ජූලි මාසයේ පැවති අන්තර්ජාතික ක්‍රිකට්කවුන්සිලයේ (ICC) රැස්වීමට ඉදිරිපත් කරන ලදී.මෙම අදහස වාර්තා වූ නමුත් සහාය නොදක්වන ලද” බව විස්ඩන් ඇල්මානැක් (එක්සත් රාජධානියේ වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ක්‍රිකට් ආශ්‍රය ග්‍රන්ථය) ප්‍රකාශ කළේය. දකුණු අප්‍රිකානුවන් එහි වැදගත්කම වටහා ගත්හ.1991/92 දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් සහ ජාත්‍යන්තර තරඟ වලදී වීඩියෝ සාක්ෂි භාවිතා කළ පළමු රට ඔවුන්ය.මෙම ‘තුන්වන විනිසුරු’ සංකල්පයේ නියම හිමිකරු සැබවින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ලේඛක මහින්ද විජේසිංහ බව ක්‍රිකට් මාධ්‍යවේදී සහ ‘’ජාත්‍යන්තරක්‍රිකට්ක්‍රීඩක’’ කර්තෘ ක්‍රිස්ටෝපර් මාටින් ජෙන්කින්ස් කලකට පෙර වාර්තා කළේය.

පිටියේ විනිසුරුවන්ගේ දෝෂ අවම කිරීම සඳහා ක්‍රමවේදයක් ශ්‍රීලාංකික නීතිඥසේනක වීරරත්න විසින් යෝජනාකරන ලදී. ඔහුවිසින්‘තුන්වන විනිසුරු අභියාචනාධිකරණ විනිසුරුවරයාගේ භූමිකාව ඉටු කළ යුතුය’ යන මාතෘකාව යටතේ ලියනලද ලිපිය පළමුවෙන්ම 1997 මාර්තු 25 වන දින ‘ඕස්ට්‍රේලියාන්’ (The Australian ඕස්ට්‍රේලියාවේ ජාතික පුවත්පත) හි ප්‍රකාශයට පත් කරන ලද අතර ඉන් අනතුරුව ක්‍රිකට් ලෝකය පුරා පුවත්පත් සහ සඟරා කිහිපයකද පළ විය.

’විනිසුරුගේ තීරණය අවසාන තීරණය වේ’’ යන ක්‍රිකට් ආරම්භයේ සිටම පිළිගත් සම්ප්‍රදාය වේ. පිටියේවිනිසුරුවරයෙකුගේ තීරණයට එරෙහිව මායිමෙන් පිටත සිටිනතුන්වන විනිසුරුවරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ක්‍රීඩකයින්ට හැකි වන පරිදි මෙම රීතිය බැහැර කළ යුතු බව සේනක දැඩි ලෙස තර්ක කර තිබේ. මූලික රීතියක වලංගුභාවයට අභියෝගකරන බැවින් මෙමසංකල්පය නිසැකවම විප්ලවීය අදහසකි.

ඔහු යෝජනා කර ඇති යාන්ත්‍රණය, පහළ අධිකරණ තීන්දුවක්අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු විසින් සමාලෝචනය කිරීමට සමානය.

මෙම යෝජනාව අන්තර්ජාතික ක්‍රිකට්කවුන්සිලයේ (ICC) ජාත්‍යන්තරක්‍රිකට් කමිටුව විසින් 2006 දී සම්මතකරනලද අතර පසුව එය ක්‍රිකට්ලෝකයට හඳුන්වාදුන්නේ විනිසුරු තීරණ සමාලෝචන ක්‍රමය (Umpire Decision Review System – UDRS)යනුවෙනි. මෙයට ‘DRS’නමද භාවිතකරයි. මෙහි ආරම්භය සේනකවීරරත්නගේ ‘ක්‍රිඩකයොමුකිරීමේ’(Player referral) සංකල්පයයි.

දැනට පවතින සියලුම සාක්ෂි විමසා බැලීමෙන් පැහැදිලි වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ‘ක්‍රීඩක යොමු කිරීමේ’ ක්‍රමයක් යෝජනා කළ ප්‍රථමයා සේනක වීරරත්න බවය. මේ සම්බන්ධයෙන් වීරරත්නට අභියෝග කිරීමට මෙතෙක් කිසිවෙකුට නොහැකි වී තිබේ.

ඉංග්‍රීසි ක්‍රිකට් පුහුණුකරු වන ඩන්කන් ෆ්ලෙචර් පවා ‘ඈෂශ් රීගේන්ඩි – පුහුණුකරුගේ කතාව’ (2005) [‘Ashes Regained – the Coach’s story’ (2005)]නම් ග්‍රන්ථයේ ‘ක්‍රීඩක යොමුකිරීමේ’ සංකල්පයේ මුල්වරට  ඉදිරිපත්කලේ ඔහු බව ප්‍රකාශ කර ඇත. ඔහුමෙම විෂය පිළිබඳ පළමු ප්‍රකාශය 1999 දී ඉදිරිපත් කල අතර ඊට වසර දෙකකට පෙර වීරරත්න මෙම සංකල්පය ඉදිරිපත් කරඇති බව දැනගත් පසුව ඔහුගේ හිමිකම් ඉල්ලා අස්කරගන්නා ලදි.

වීරරත්නගේ කර්තෘත්වය පිළිබඳ ප්‍රකාශයට අභියෝග කිරීමට ලෝකයේ කිසිවෙකු නොමැති නිසා එය දැන් ‘’එක් අශ්ව තරඟයක්’’[a one horse race] බවට පත්ව ඇත. මෙය ශ්‍රීලංකාවටද,අන්තර්ජාතිකමට්ටමේ ජයග්‍රහණයකි.

තවද, වීරරත්නගේ  ‘ක්‍රීඩකයා – යොමුකිරීමේ සංකල්පය’ පාපන්දු, රග්බිපාපන්දු, ටෙනිස්වැනි තවත් ක්‍රීඩා කිහිපයකම යොදාගෙන ඇතිබව පෙනේ. වීරරත්න විසින් මෙම මාතෘකාව පිළිබඳ ලිපි ලොව ප්‍රමුඛ පුවත්පත් වලට පමණක් නොව, අයිසීසී සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළු සියලුම ටෙස්ට් ක්‍රීඩා කරන රටවල ක්‍රිකට් බලධාරීන් වෙත යවා තිබේ.

ක්‍රීඩා, විද්‍යාව හෝ තාක්‍ෂණයවේවා ඕනෑමක්‍ෂේත්‍රයක සාම්ප්‍රදායිකව ඕනෑම නවෝත්පාදනයක් හෝ සොයාගැනීමක් සඳහාආරම්භකයාගේ හෝකතුවරයාගේ නම නවනිපැයුමට යොදාගනු ලැබේ.

සීමිත ඕවර ක්‍රිකට් තරඟයකදී කාලගුණය හෝ වෙනත් තත්වයන් හේතුවෙන් බාධා පමුණුවන දෙවනුව පන්දුවට පහර දෙන කණ්ඩායමේ ඉලක්ක ලකුණු ගණනය කිරීම සඳහා ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනෙකු වන ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් ගණිතමය සූත්‍රයක් සකස් කළහ. එය 1997 දී හඳුන්වා දෙන ලද අතර 1999 දී අයිසීසී විසින් නිල වශයෙන් සම්මත කරන ලද අතර එය ඩක්වර්ත් ලුවිස් ක්‍රමය (D/L) ලෙස හැඳින්විය. කෙසේවෙතත්, ක්‍රීඩකයා – යොමුකිරීමේසන්කල්පය, දැන්ක්‍රීඩාවේ ආකෘතීන් තුනෙහිම, එනම්ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස තරඟාවලදී භාවිතාකරන අතර එහි නිර්මාතෘ වන සේනක වීරරත්නට නිසි පිළිගැනීමක් තවමත් ලබාදී නොමැත. ඔහුපසුගියඅවුරුදු 20 තුළම මේ පිළිගැනීම සඳහා හුදකලා සටනක යෙදීසිටී. කෙසේවෙතත්, මෑතකදී පැවති                                      විධායක කමිටු රැස්වීමකදී, ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය (SLC) ඔහුට නිසි පිළිගැනීමක් ලබාදීම සඳහා ප්‍රමුඛ පෙළේ ලාංකික නීතිඥයන් දෙදෙනෙකු වන ආචාර්‍ය හර්‍ෂ කබ්‍රාල් සහ කුෂාන් ඉලංගතිලක යන මහතුන් විසින් සකස්කරනල ද පරිපූර්ණ හා ඉතා සවිස්තරාත්මක සංදේශයක් ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත්කර තිබේ. එය ශ්‍රී ලංකික ක්‍රිකට්ලෝලීන්ට  සැනසිල්ලක් වේ. අන්තර්ජාතික ක්‍රිකට්කවුන්සිලයේ තීරණයබලාපොරොත්තුවෙන් සිටින අතර, ශ්‍රීලංකා රජය ඉන්දියාවේ සහායද ලබාගත යුතු බව බොහෝදෙනෙක්ගේ මතයයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ බලවත්ම සාමාජිකයා වන්නේ මේ දිනවල දැවැන්ත  ආර්ථික බලපෑමක් ඇති ඉන්දියාවයි. වීරරත්න කතුවරයාට පමණක් නොව සමස්තයක් වශයෙන් ශ්‍රීලංකාවට ද විශාල පිළිගැනීමක් ගෙනදෙන මෙම ක්‍රියාවට පාකිස්තානය, බංග්ලාදේශයවැනි දකුණු ආසියානු රටවල සහයෝගය ද ලබාගතයුතුය.

ඉන්දියානු මාධ්‍යවේදනියක්වන වර්‍ෂා තාකූර්  මෑතකදී ලියාඇත්තේ ‘‘ සේනක වීරරත්නගේ යූ.ඩී.ආර්.එස්. සන්කල්පය’’ ආගම, යුක්තිය සහ සත්‍ය යන සාරධර්ම සියල්ලම ඇතුලත්ව ඇති අතර එය ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරී  මුළු මිනිස් සංහතියටම බලපෑම් කළයුතු කාලය පැමිණ ඇති බවයි. ඇය තවදුරටත් පවසන්නේ ”මෝඩි” රජය ලොව පුරා ජාත්‍යන්තර යෝග දිනය ආරම්භකළ අතර එය අතිශයින්ම සාර්ථකබවය. තවද ක්‍රීඩාව ඉහළනැංවීම සහ ක්‍රීඩාවේ සුවිශේෂී ජයග්‍රහණ හා සම්බන්ධ පුද්ගලයින්ට ගෞරව කිරීමද සාර්ථක විදේශ ප්‍රතිපත්තියක්  බව ඇය තවදුරටත් පෙන්නාදී ඇත.

එබැවින් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛතම රටවන ඉන්දියාව විසින් ක්‍රිකට් නීතිරීති සංවර්ධනය සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් සේනක වීරරත්නට සුදුසු ගෞරවය ලබාදීම හරහා ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්දියාවේ නායකත්වය තවත් ශක්තිමත් වෙනවා පමණක් නොව ඉන්දියාව සමඟ ශ්‍රීලංකාවේ සබඳතා තවදුරටත් ගැඹුරුවනු ඇත. ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත්වී මේ පිළිබඳව වහාම පියවර ගෙන සුදුසු හා අවශ්‍ය ක්‍රියාවන් ප්‍රමාද නොවී ගන්නා ලෙස කොළඹ ඉන්දියානු මහ කොමසාරිස්වරයාට නියම කළ යුතුය.

වර්‍ෂාතාකූර්,  ක්‍රිකට්ක්‍රීඩාවේ ධර්මරාජා සහ ඩීආර්ස්  සංකල්පයේ පියා ලෙස සේනක වීරත්නව හඳුන්වයි.

මේ අනුව ශ්‍රීලංකියන් මිලියන 21 ක් පමණක් නොව බිලියන 1.2 ක් වන ඉන්දියානුවන්ද ඉදිරි කාලයේදි සේනක වීරත්නට නියම හිමිකම ලබාගැනීමට සහාය දක්වන බව නියතය.

හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු (පිතිකරු / කඩුලුරකින්නා) වූ රංජිත් ප්‍රනාන්දු පසුව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයෙකු බවට පත්විය. ඔහු ක්‍රීඩකයෙකුගේ හයේ පහරවල් විස්තර කිරීම සඳහා ගුවන්මාර්ගය”(batsman has taken Aerial route) යන යෙදුම පලමුවෙන්ම භාවිතා කල පුද්ගලයා විය.  අද ඔබට බොහෝ විචාරකයින් මෙම පදය භාවිතාකරනු ඇසිය හැක. මෙම පදය ප්‍රථම වරට විකාශය කළේ රංජිත් ප්‍රනාන්දු විසින්බව ඔවුන් බොහෝවිටදී  සඳහන් කරයි.

ලොවට දැනුම්දියයුතු වැදගත් පණිවුඩය නම්, ක්‍රීඩාපිටියේ ඉහළ ජයග්‍රහණ සම්බන්ධයෙන් පමණක් නොව, ක්‍රීඩාවේ නීති විප්ලවකාරී ලෙස පරිවර්තනයකිරීම සඳහාද අසීමිත දක්‍ෂතා ඇති ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩාලෝලීන්ද  ශ්‍රීලංකාවට සිටින බවය. සේනක වීරරත්නගේ ‘ක්‍රීඩකයොමුකිරීම’සහ මහින්ද විජේසිංහගේ ‘තුන්වනවිනිසුරු’ සංකල්ප මගින් මේ බව මනාව පැහැදිළිවේ.  අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයෙන් නිසි පිළිගැනීමක් ඔවුන්ට ලබාදීම සඳහා සියලුම ශ්‍රීලංකිකයන් එක්විය යුතු කාලය දැන් පැමිණ තිබේ.

රොහාන් අබේගුනවර්ධන

Ref: Recognise Sri Lankan cricket lovers unique contributions to world cricket

http://asiantribune.com/node/94247

Senaka Weeraratna is the Dharmaraja of cricket and the father of DRS

http://www.lankaweb.com/news/items/2020/06/06/senaka-weeraratna-is-the-dharmaraja-of-cricket-and-the-father-of-drs/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress