කොරෝනා නසන දේශීය ඔසුව පරීක්‍ෂණ දෙකකින් සමත්.. බටහිර වෙදුන්ද එය පිලිගත්තා… දැන් ඒ ගැන ප‍්‍රශ්ණ කල නොහැකියි..- හිටපු ආයුර්වේද කොමසාරිස්..
Posted on December 4th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

දේශීය වෙද මහතකු වන ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දෙනු ලැබූ කොරෝනා මර්දන ඖෂධය ගුණාත්මක භාවයෙන් ඉහළ බව පවසන ලද්දේ ඒ සම්බන්ධයෙන් උනන්දුව දැක් වූ බටහිර වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් බව හිටපු පලාත් ආයුර්වේද කොමසාරිස් නිමල් කරුණාසිරි මහතා සඳහන් කරයි.

එම ඖෂධය පලමු හා දෙවන අවස්ථාවලදී සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති නිසා ඒ ගැන යලිත් ප‍්‍රශ්ණ කල නොහැකි බවද ඔහු කියා සිටී.

ඖෂධය හදුන්වා දී ඇති ධම්මික බණ්ඩාර මහතා වෛද්‍යවරයෙක් නොව බොරුකාරයෙක් බවට ඇතැමුන් මතයක් සෑදීමට උත්සාහ කලද එවන් පුරෝකථනයන් නොදිය යුතු බවද ඔහුගේ අදහසයි.

අදටද ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කරන ඇතැම් සමාගම් වෛද්‍යවරුන් 70000ක් පමණ ඇති ඖෂධ වට්ටෝරු ඔ්නෑම අයෙකුට නිදපවිය හැකි බවත් එනිසා ඒවාට අවමන් නොකල යුතු බවද ඔහු කියා සිටියේය.

එවන් තැනැත්තන් ආරක්ෂා කළ යුතු බවත් පවසන හිටපු කොමසාරිස්වරයා අදාල පරීක්ෂණය වාර්තාව මාසයක් ඇතුලත මාසයක් ඇතුළත ලබා දෙන බවද පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress