උපාධිධාරීන් රැකියාගත කිරීමේදී කණ්ඩායම් කිහිපයකට සිදුවන බරපතල අසාධාරණයන්ට දින කිහිපයක් තුළ විසඳුමක් ලබා ගැනීම සම්බන්ධවයි.
Posted on December 7th, 2020

ජනමාධ්‍ය නිවේදනයයි. උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය.

2020. 12. 07

ලේකම්,
ජේ.ජේ. රත්නසිරි මහත්මා,
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය,
නිදහස් චතුරශ‍්‍රය, කොළඹ 07.

ලේකම් තුමනි,

උපාධිධාරීන් රැකියාගත කිරීමේදී කණ්ඩායම් කිහිපයකට සිදුවන බරපතල අසාධාරණයන්ට දින කිහිපයක් තුළ විසඳුමක් ලබා ගැනීම සම්බන්ධවයි.


උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ තෝරාගැනීම සඳහා අදාළ කර ගන්නා නිර්නායක හේතුවෙන් උපාධිධාරීන් පිරිසකට දැඩි අසාධාරණයක් සිදුවෙමින් පවතින බව පළමුව සඳහන් කරමු.

උපධිධාරීන් රැකියාගත කිරීම 2020 පෙබරවාරි 07 සිට ආරම්භ වූ අතර 2019. 12. 31 දිනට උපාධි දිනය වලංගු උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීමේ සිට මේ වන විටත් විධිමත් හා නිවැරදි භාවයක් සහිතව රැකියාගත කිරීමේ වැඩපිලිවෙල කුමන හෝ හේතූන් මත සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බව පෙන්වා දෙන්නෙමු.

සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව යටතේ බඳවාගැනීමේ විෂයභාර අදාලත්වය දරන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙනුවට උපාධිධාරීන් බඳවා ගැනීම දේශපාලණීකරනය කර ගැනීමේ උවමනාව මත 2017 – 2019 පැවති රජය .. ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට .. පවරා ගත්තෙමු. එම අවිධිමත් හා ව්‍යාකූල ක‍්‍රියාදාමය ඉදිරියට ගෙන යමින් වත්මන් ආණ්ඩුවද 2020. 02. 07 සිට 2020. 08. 16 තෙක් ජනාධිපති ලේකම් කර්යාලය යටතේ උපධිධාරී බඳවාගැනීම් සිදු කරන ලදී. අදටත් මෙම බඳවාගැනීමට අදාල අයදුම්පත්, අභියාචනා ඇතුලූ ලේඛන කොටසක් රාජ්‍ය පරිපාලන ආමාත්‍යංශය යටතේ පවතින අතර කොටසක් තවදුරටත් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින බව වැඩි දුර විමසීමේදී පෙනී යයි.

උපාධිධාරීන් රැු
කියාගත කිරීමේදී සිදුවන අසාධාරණකම් පිලිබඳව සාධාරණයක් ඉටුකර දෙන ලෙස 2020. 09. 09 හා 2020. 11. 25 යන දිනයන් හී දී ගරු විෂය භාර අමාත්‍යතුමා හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව පිලිගත හැකි විසඳුමක් ලබා දීමට එකඟ වුවද එය ඉදිරි දින කිහිපය තුල ඉටුවේදැයි සැක සහිතය.

2. ඌන සේවා උපාධිධාරීන් 600 කට පමණ සිදුව ඇති අසාධාරණය 2020.09.15 වන විට ETF / JOB හා JOB කාණ්ඩය යටතේ 2020. 03. 02 සිට 2020. 08. 16 දක්වා ඉල්ලා අස් වූ පිරිසට අදාලව අභියාචනා භාරගත් අතර ඌන සේවා උපාධිධාරීන් පිලිබඳව අමාත්‍යාංශය අනුගමනය කල ස්ථාවරය හේතුවෙන් ඌන සේවා උපාධිධාරීන් ගැටලූ සහගත තත්වයකට මුහුණ පා සිටීම. මේ වන විට අමාත්‍යාංශය 2020. 09. 15 වන විට රැකියාවෙන් ඉල්ලා අස්වූ ඌන සේවා උපාධිධාරීන් සංවර්ධන නිලධාරී තනතුර සඳහා තෝරාගන්නා අතර 2020. 09. 09 දින ගරු විෂය භාර අමාත්‍යතුමාගේද උපදෙස් අනුව ඉල්ලා අස් නොවී අභියාචනා යොමුකල ඌන සේවා උපාධිධාරීන් මේ වන විට ප‍්‍රතික්ෂේප කරමින් පැවතීම.

3. 2020. 09. 15 වන දිනට ඉල්ලා අස්වී අභියාචනා යොමු කිරීමට ඌන සේවා උපාධිධාරීන් උත්සහ දරද්දී එවැනි අය සම්බන්ධයෙන් වගවීමක් රාජ්‍ය සේවා අමාත්‍යාංශය නොදරන බව දිගින් දිගටම ප‍්‍රකාශ කරමින් සිට 2020. 11. 23 දිනැති ප‍්‍රකාශයට පත් කල නාමලේඛනයෙන් අනතුරුව 2020. 09. 15 වන දින දක්වා ඉල්ලා අස්වී ඇති ඌන සේවා උපාධිධාරීන් පමණක් තෝරා ගැනීම ඌන සේවා උපාධිධාරීන් කොටසකට සිදු කරන බලවත් අසාධාරණයකි.

4. රාජ්‍ය සේවා පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශ ලේකම්ගේ අත්සනින් 2020. 08. 16 වන දින නිකුත් කල අමාත්‍යාංශ ලිපියේ තුන් වන ඡේදයේ සඳහන් .. එසේම අංක 19/2003/105/036-I හා 2019. 07. 23 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශයට ලද තීරණය ප‍්‍රකාරව, ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනුරුත්තාපන, උතුරු පලාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ 2019 වසරේ උපාධිධාරීන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ වලදී සිදු වූ තාක්ෂණික දෝෂ මත පත් වීම් ලබා දීමට නොහැකි වූ සහ අයදුම් පත් භාර ගන්න අවසන් දිනය වන විට වයස අවුරුදු 35 වැඩි නමුත් 45 සම්පූර්ණ නොවූ උපාධිධාරීන් සම්බන්ධයෙන් 2020. 02. 27 වන දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණයට අදාලව එම උපාධිධාරින්ගේ නාමලේඛනය ද මෙහි පහත පල කරනු ලැබේ .. යන්න උක්ත දිනැති අමාත්‍යාංශ ලිපියේ සඳහන්ව තිබුනද 2020. 12. 07 දින දක්වා මෙතෙක් එම නාමලේඛනය ප‍්‍රකාශයට පත් නොකිරීම හා එම කණ්ඩායමට අයත් 103 ක පමණ වන උපාධිධාරීන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටීම.

5. 2018 වර්ෂයේදී ගරු හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුලූ පැවති රජය විසින් උපාධිධාරින් බඳවාගැනීමේ පළමු අදියර යටතේ අභ්‍යන්තර උපාධිධාරීන් පමණක් බඳවාගැනීමට තීරණය කරන ලදී. ඒ අනුව 2012,2013 ඇතුලූ වසර කිහිපයක බාහිර උපාධිධාරීන් පලමු සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේදී අවුරුදු 35 ට වැඩි අවුරුදු 45 නොවැඩි උපාධිධාරීන් පිරිසකට අවස්ථාව හිමි නොවුනි. 2019. 07. 23 දින පැවති අමාත්‍යමණ්ඩල තීරණය අනුව අභ්‍යන්තර, බාහිර බේදයකින් තොරව බඳවාගැනීමට තීරණය කර ඉන් අනතුරුව සිදු කල සම්මුඛ පරීක්ෂණ දින වන විට උපාධිධාරීන් පිරිසකට වයස් සීමා හරස් වීමේ කොන්දේසිය මත දෙවන වරටත් අසාධාරණයක් සිදු වීම හා ඊට අදාල ලබා දී ඇති අභියාචනා සඳහා ආණ්ඩුව මෙතෙක් ප‍්‍රතිපත්තිමය තීරණයක් නොගැනීම.

6. දිස්ත‍්‍රික්ක 02 කින් අයදුම්පත‍්‍ර යොමු කිරීම, ග‍්‍රාම නිලධාරී නිර්දේශ පිලිබඳ ගැටලූ මත ප‍්‍රතික්ෂේප කර ඇති, ලිපි ලේඛන අඩුපාඩු සහිත ආදී විවිධ හේතුන් මත තවදුරටත් එම අවස්ථාව නිවැරදි කිරීමට අවස්ථාවක් නොමැතිව උපාධිධාරීන් පිරිසක් අසරණව සිටීම.

7. රජය මේ දක්වා බඳවාගැනීම් වලදී පිලිගත් සුදුසුකමක් ලෙස සලකා බඳවාගෙන ඇති නමුත් මෙවර උපධිධාරීන් බඳවාගැනීමේදී ප‍්‍රතික්ෂේප කර ඇති විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිලිගෙන ඇති විදෙස් විශ්ව විද්‍යාල වලින් උපාධි ලබා ගත් ශ‍්‍රී ලාංකීය පිරිසකට සිදුව ඇති අසාධාරණය.

ආණ්ඩුව උපාධිධාරීන් 60000 ක් බඳවාගත් බව ප‍්‍රකාශ කලද තවදුරටත් එම 60000 ඉලක්කම සම්පූර්ණ වීමට 11000 කට ආසන්න ප‍්‍රමාණයක් බඳවාගත යුතුය. ඉහතින් දක්වා ඇති විවිධ හේතූන් මත අසාධාරණයට ලක්ව ඇති පිරිසට එම 11000 ක ප‍්‍රමාණය ඇතුලත විසඳ්‍රමක් ලබා දිය හැකි බවද වැඩිදුරටත් පෙන්වා දෙන්නෙමු.

කෙසේ වෙතත් 2020.12.31 වන විට මේ හා අදාල සියලූ බඳවාගැනීම් අවසන් වීම සිදුවිය හැකි බැවින් ඉහත ගැටලූ සම්බන්ධයෙන් 2020.12.11 දින හෝ ඊට පෙර පිලිගත හැකි විසඳුමක් අපේක්ෂා කරන අතර 2020.12.11 දිනෙන් පසු අසාධාරණයට හා පීඩාවට ලක්වන උපාධිධාරීන් ක‍්‍රියාමාර්ග වෙත අවතීර්ණ වනු ඇති බවද මෙයින් දන්වා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
කැදවුම්කරු,
උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය.

සම්බන්ධීකරණය0718178268
Coordinating – +94 718178268


පිටපත්:
1.
ගරු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාරාජ්‍ය සේවා පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය (දැ.ගැ.පි. / ..)
2.
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් – (..)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress